Dept Maco

Thursday, May 2, 2019

සමාජයේ පැවැත්මට සන්නිවේදනයේ අවශ්‍යතාව


           සමාජයේ පැවැත්මට සන්නිවේදනයේ අවශ්‍යතාව

         සමාජයක් ලෙසින් හැදින්විය හැක්කේ මිනිසා ඇතුලූ සියලූ සතුන්  අන්තර් කි‍්‍රයාකාරිත්වයන් හා අනෝන්‍ය වශයෙන් සම්බන්ධතා පවත්වමින් ගොඩනැගෙන්නා වූ පද්ධතියයි .
සමාජයේ පැවැත්මට සන්නිවේදනය අත්‍යවශ්‍ය වන්නේ ද ? මේ  පිළිබදව තොරතුරු මෙහි දී සොයා බලමු  . සමාජයක් යනු පුද්ගලයින් විශාල ප‍්‍රමාණයක එකතුවකි . මේ සියලූ දෙනා හෝ කිහිපදෙනෙකු අතර හෝ තොරතුරු හෝ අදහස් හුවමාරු කර ගැනීමෙන් තොරව සමාජයක් පවත්වාගෙන යාමට හැකි නොවේ.
සමාජයක් බිහිවීම හා විකාශය ක‍්‍රමික හා අක‍්‍රමික ලෙසින් ද සිදු වේ . 



    ප‍්‍රාථමික සමාජය
    වහල් සමාජය
    වැඩවසම් සමාජය
    සමාජවාදී සමාජය

ආදී වශයෙන් මෙම සමාජ ක‍්‍රමය වෙනස් වෙමින් විකාශනය වීම සිදු වී තිබේ . ඉහත සදහන් කළ සමාජ යුගයන්ට මෙන්ම වර්තමානයේ පවතින සමාජ ක‍්‍රමයට ද අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සන්නිවේදන අවශ්‍යතාව හදුනාගත හැකි ය .
සන්නිවේදනය හා සමාජය අතර පවතින්නේ අවියෝජනීය වූ සම්බන්ධතාවයකි . එනම් එම සම්බන්ධතාව වෙන් කළ නොහැකි ය . එසේ ම මෙම සම්බන්ධතාවය ප‍්‍රබල වේ . සමාජයේ පැවැත්මට මෙන්ම බිද වැටීමට ද මෙය හේතු වේ . 

පුද්ගලයින් අතර පවතින සම්බන්ධතාව වර්ධනය වීමට හොද සන්නිවේදනයක් අවශ්‍ය වේ . එසේ ම එහි දී අනෙක් පුද්ගලයාට පි‍්‍රයතාවයක් ඇති වන ලෙස සන්නිවේදන කටයුතු සිදු කිරිමේ දී එම සම්බන්ධතාවය ශක්තිමත් වේ . නමුත් පුද්ගලයින් සමග සන්නිවේදනයේ යෙදීමේ දී අප‍්‍රිය වචන මගින් සන්නිවේදනය සිදු කරයි නම් එම සම්බන්ධතා බිද වැටේ . එබැවින් සම්බන්ධතා පැවැත්මට මෙන් ම බිද වැටීමට ද සන්නිවේදනය හේතු වන බව අවබෝධ කර ගත හැකි ය .සමාජයක් පැවැත්මට මෙන්ම එහි කි‍්‍රයාකාරිත්වයට සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ . 

මිනිසාට ඇති ප‍්‍රධාන අවශ්‍යතාවයන් ලෙුස ආහාර පාන , සනීපාරක්ෂණය , වාසස්ථාන ආදියට අමතරව අනෙකුත් සියලූ කටයුතු කර ගැනීම සදහා සන්නිවේදනය අවශ්‍ය වේ. වෙළදපොලට ගොස් භාණ්ඩ මිලදී ගැනීමට මුදල් පමණක් තිබීම ප‍්‍රමාණවත් නොවේ . නියමිතව සන්නිවේදන ක‍්‍රමවේදයන් ද පැවතීම අත්‍යවශ්‍ය වේ . එම භාණ්ඩයේ මිල , ගුණාත්මක බව , අවශ්‍යතාවය , ප‍්‍රමාණය ආදී සියලූ දේ දැන ගැනිමට හැකි වන්නේ සන්නිවේදන කි‍්‍රයාවලිය මගින් ය .




රෝගියෙකුට ප‍්‍රතිකාර කිරීම සදහා ද එම රෝගියාට පවතින අපහසුතා දැනගැනීමට මෙන්ම රෝගීයාට නිසි ප‍්‍රතිකර ලබා දීමට ද සන්නිවේදනය අවශ්‍ය වේ . මෙවැනි අවස්ථාවක රෝගීයා අධ්‍යනය කිරීමට පහසුවක් ලෙසින් හා එම රෝගයන් පිළිබදව සියලූ දේ දැන ගැනීමටත් නිසි ප‍්‍රතිකාර කිරීමටත් වෛද්‍යවරයාට හැකි වේ .

රැුකියා අවස්ථාවක දී පවා ගොලූවන් මෙන් එම රැුකියා ස්ථානයේ සිටිය නොහැකි ය . එම රැුකියා කරගෙන යාමට සියලූ දෙනා සමග සමග සම්බන්ධතා පවත්වමින් අදාල සන්නිවේදනයන් කිරගැනීමෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ .
එසේම අධ්‍යාපනය ලැබීමේ දී ද සන්නිවේදන අවශ්‍ය වේ . අවශ්‍ය කරුණු දැන ගැනීමට ද මෙය උපකාරි වේ . 
පුද්ගලයා හා සමාජය සමග ගණුදෙනු කිරීමේ දී ඒ හා සම්බන්ධ වීමට සන්නිවේදන ක‍්‍රමවේදයන් කිහිපයක් පවතී .
කෙසේ නමුත් සන්නිවේදන කටයුතු කිරීමේ දී එයට යෝග්‍ය සන්නිවේදන ක‍්‍රමය භාවිත කිරීම ඉතා යෝග්‍ය වේ .
අතීතයේ දී භාවිත කළ සන්නිවේදන ක‍්‍රමවේදයන් අභිබවා වර්තමානය වන විට පුළුල් මට්ටමකින් එම සන්නිවේදන කටයුතු සිදුවන බව හදුනාගත හැකි ය . අතීතයේ තිබූ සීමිත සන්නිවේදන ක‍්‍රමයන්ට වඩා වර්තමානයේ විශ්ව ගම්මාන සංකල්පය නැතහොත් ගෝලීයකරණ සංකල්පය තෙක් මෙම සන්නිවේදන රටා දියුණු වී පවතී .
මුල් යුගයේ තිබූ දුරකථන සන්නිවේදන ක‍්‍රමයන් ද නවීන ලෙසින් සැකසී ක‍්‍රමවත් අයුරින් මුළු ලෝකය හා සමග ගණු දෙනු කිරීමට සම්බන්ධතා පැවැත්වීමට මග විවර වී අරුති බව හදුනාගත හැකි ය .
සමාජයක් පැවතීමට තොරතුරු අවශ්‍ය වේ . තොරතුරු දැනගැනීමට ද සන්නිවේදනය අවශ්‍ය වේ . වර්තමානය වන විට සමාජය තුළ මෙම තොරතුරු සම්පාදනය බොහෝ සන්නිවේදන මාධ්‍යයන් මගින් සිදුකරනු ලබයි . ඒ අනුව
x    පුවත්පත
x    ගුවන් විදුලිය
x    රූපවාහිනිය
x    සිනමාව
x    සමාජ මාධ්‍ය
ආදී වූ ක‍්‍රමයන් තාක්ෂණික අතින් දියුණු වෙමින් පවතින්නක් වශයෙන් හදුනාගත හැකි ය . මෙමගින් ලැබෙන ඇතැම් තොරතුරු සාවද්‍ය බවකින් ද යුතු වේ. එනිසා මෙවැනි දේ පරිශීලනය කිරීමේදී කල්පනාකාරී වීම ඉතා වැදගත් වේ .
වෙළද ව්‍යාපාරයන් ගත් ද ඔවුන්ගේ නිෂ්පාදනයන් වෙළදපොල වෙත ගෙන එ්මෙන් පසුව ඒ පිළිබදව පාරිභෝගිකයන් දැනුවත් කිරීම විවිධ වූ සන්නිවේදන ක‍්‍රමයන් උපයෝගී කර ගනී . ඔවුන්ගේ පැවැත්ම තහවුරු වන්නේ නිවැරදි සන්නිවේදන ක‍්‍රමයන් මගින් පාරිභෝගිකයන් දැනුවත් වීම මගින් ය . එසේම පාරිභෝගික අවශ්‍යතාවයන් මොනවා ද ආදි දේ දැන ගැනීමටද සන්නිවේදනය උපකාරී වන බව හදුනාගත හැකි ය .
සමාජයක් සංවර්ධනය කර ගැනීමට ද සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ . ජනතාවගේ සිට පාලකයන් දක්වා තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි දී කළ යුතු ය . අදාල ස්ථාන පිලිසකර කර ගැනීම ආදියේ දී පවා නිසි බලධාරීන් දැනුවත් කිරීමට ද සන්නිවේදනය අවශ්‍ය වේ .
සංවර්ධන කි‍්‍රයාවලිය හා සන්නිවේදනය පිළිබදව කතා කිරීමේ දී චීනය තුළ සංවර්ධනය පිළිබදව ප‍්‍රබල ආකෘතියක් ගෙඩනැගී පවතී . 


x    රජය
x    විවිධ සේවා ශ්‍රේණි නිළධාරින්
x    ජනතාව

ආදී පිරිස් අතර ප‍්‍රබල සන්නිවේදන කි‍්‍රයාවලියක් ඇති වේ .
මේ අනුව බලන කල චීනය තුළ ප‍්‍රජාව හා රජය අතර ප‍්‍රබල ගණුදෙනුවක් , සන්නිවේදන කි‍්‍රයාවලියක් පැවති බව අවබෝධ කර ගත හැකි ය .

මේ අනුව බලන කල සමාජයේ පැවැත්මට සන්නිවේදනය පැවතීම නැතිවම බැරි අංගයක් ලෙස හදුනාගත හැකි ය .
සන්නිවේදනය නොමැතිව සාජයේ පැවැත්ම තහවුරු කර ගත නොහැකි මෙන්ම සන්නිවේදනයේ පැවැත්මට ද සමාජයක් අවශ්‍ය වේ . අවශ්‍යතාව අනුව යෝග්‍යම සන්නිවේදන ක‍්‍රමය උපයෝගී කර ගැනීම මගින් නිවැරදි ප‍්‍රතිඵල ලගා කර ගත හැකි බව ද හදුනාගත හැකි ය .


සෙව්වන්දි රශ්මිලා අධිකාරි

3 comments: