ජනපි‍්‍රය සංස්කෘතියට නතු වූ වර්තමාන ආහාර සංස්කෘතිය හා එමගින් සෞඛ්‍යට ඇති අහිතකර තත්ත්වය
වර්තමානයේ බොහෝ කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වශයෙන් ජනප්‍රිය සංස්කෘතිය යන්න හදුනගත හැකි ය . ඇත්තටම ජනප්‍රිය සංස්කෘතිය යනු කුමක් ද ? ජනපි‍්‍රය සංස්කෘතිය සම්බන්ධයෙන් විද්වත් පිරිස් විවිධ වූ අර්ථකථනයන් ඉදිරිපත් කර ඇති බව හදුනාගත හැකි ය . සරලව හැදින්වුවහොත් ජනයා පි‍්‍රය කරන සංස්කෘතිය ජනප්‍රිය සංස්කෘතිය වශයෙන් සරලව හැදින්විය හැකි ය .
වර්තමානය වන විට තොරතුරු හුවමාරුව පුළුල් තත්ත්වයක පවතී . ජාත්‍යන්තර මට්ටමින් සන්නිවේදන කටයුතු කිරීම සදහා පුළුල් ලෙස සන්නිවේදන මාධ්‍යන් පවතී . එනිසාවෙන් ජනප්‍රිය සංස්කෘතිය ද පුළුල් ලෙස හදුනාගත හැකි ය . ජනපි‍්‍රය සංස්කෘතිය කුමක් ද යන වග අවබෝධ කර ගැනීම සදහා එ් පිළිබදව ඇති නිර්වචන අධ්‍යනය කිරීම ඉතා වැදගත් වේ . ඒ අනුව පහත පරිදි ජනප්‍රිය සංස්කෘතිය පිළිබදව ඇති පහත දැක්වෙන නිර්වචන කිහිපයක් වෙත අවධානය යොමු කළ හැකි ය .
ජනපි‍්‍රය සංස්කෘතිය යනු සමාජය තුළ ජීවත් වන සියලූ දෙනාගේම සංස්කෘතියයි .
(බටහිර විචාරකයින් *
ජනපි‍්‍රය සංස්කෘතිය යනු වඩා බහුතර ජනතාවගේ සංස්කෘතිය වේ .
( නූතන කලා විචාරකයින් *
ජනපි‍්‍රය සංස්කෘතිය යනු ජන මාධ්‍ය මගින් සමාජගත කරන භාණ්ඩ , සේවා හා ඒ හා බැදුනු සමාජ සංස්කෘතික ස්වරූපයකි .
මේ අයුරින් ජනපි‍්‍රය සංස්කෘතිය යන්න තරමක් හෝ වටහාගත හැකි ය . ලෝකය පුරාම විවිධ ව්‍යාපාරික අරමුණු ජය ගැනීම සදහා ජනපි‍්‍රය සංස්කෘතිය යන්න ප්රමුඛ කර ගනී . බටහිර රටවල පවතින විවිධ වූ අනන්‍යතාවයන් අනෙක් රටවලට ගෙන ඒමටත් එම සංස්කෘතීන් තුළ පවතින අංගයන් බොහෝ පිරිස් වැලද ගැනීම ආදිය මගින් මගින් එම ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම සිදු වේ.
ජනපි‍්‍රය සංස්කෘතිය මගින් පුද්ගලයින්ව ප්‍රබල වෙනසකට ලක් කිරීම සිදු වේ . එම බලපෑම චර්යාත්මක මෙන්ම මානසික වශයෙන් ද ඇති කිරීමට බලපායි . ජනතාව තුළ පවතින ප්‍රධාන අරමුණු යටපත් කර ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීම සදහා කටයුතු කරනු ලබයි .
ජනපි‍්‍රය සංස්කෘතිය යන්න ඉතාමත් ආකර්ෂණීය බවකින් යුක්ත වේ . එම ආකර්ෂණීය බව නිසා ජනතාව එහි පවතින සත්‍ය අසත්‍යතාවය පිළිබද විමසීමකින් තොරව එය වැලදගනු ලබයි .
වර්තමානය වන විට ජාත්‍යන්තර වශයෙන් පවතින ආහාර සංස්කෘතියට ශී‍්‍ර ලාංකිකයන් ද නතු වී තිබේ . එලෙසින් පවතින ආහාර සංස්කෘතිය වැලදගනු ලබන්නේ ද එහි පවතින ආකර්ෂණී බව නිසා ය . වර්තමානය වන විට ජාත්‍යන්තර වශයෙන් පවතින ආහාර වර්ග සදහා විවිධ වෙළද දැන්වීම් ආදිය මගින් තොරතුරු ප්‍රචාරය කරනු ලබයි . එමගින් ඉදිරිපත් කරන ජාත්‍යන්තර හා කෘතිම ආහාර සංස්කෘතීන් වර්තමානය වන විට වර්ධනය වී ඇති බව ද හදුනාගත හැකි ය . එම දැන්වීම් ද ඉතා ආකර්ෂණීය බවකින් යුක්ත වේ .
වර්තමානය වන විට තරුණ පිරිස් , කුඩා දරුවන් , වැඩිමහලූ පිරිස් ද මෙම කෘතිම ආහාර සංස්කෘතියට නතු වී ඇති බව හදුනාගත හැකි ය .
ජාත්‍යන්තර වශයෙන් ජනපි‍්‍රය බවක් ඇති ප්ජ ෘදබ්කා , චස‘‘් යමඑ , නජෙ ආදී වූ ස්ථානයන්ට ගොස් ආහාර ගැනීම කරනු ලැබේ. එවැනි ස්ථාන තුළ පවතින ජනපි‍්‍රය බව නිසාවෙන් සමාජයේ සිටින මධ්‍යම පාන්තික පිරිස් ද බහුල ලෙස මෙම ස්ථානයට යාමට මෙන්ම එම ස්ථානයන්ගෙන් ආහාර ඇණවුම් මගින් ලබා ගැනීම ද සිදු කරයි .
එසේම විවිධ කෝලා වර්ග ජාත්‍යන්තර වශයෙන් ජනපි‍්‍රය තත්ත්වයක් ඇති වී තිබේ. මෙවැනි ආහාර තුළ ද පවතින ජනපි‍්‍රයත්වය හා එම පුද්ගලයින්ගේ පවුල් තත්ත්වයන් උසස් තත්ත්වයක තිබෙන බව පෙන්වීම සදහා ද මෙම ජනපි‍්‍රය සංස්කෘතිය තුළ පවතින්ණෘ වූ ආහාර සංස්කෘතිය වැළදගන්නා බව අවබෝධ කර ගත හැකි ය .
කෙසේ නමුත් ජනප්රීය සංස්කෘතිය තුළ පවතින ඇතැම් ආහාර නිසාවෙන් ශරීරයට බොහෝ රෝගී තත්ත්වයන් ඇති වී තිබෙන බව හදුනාගත හැකි ය .
ගෝලීයකරණය සමග මෙරට තුළ ව්‍යාප්ත වූ ආහාර සංස්කෘතිය මගින්
කොලොස්ටරෝ්ල්
දියවැඩියාව
හෘද රෝග
රුධිර පීඩනය
වකුගඩු රෝග
මෙවැනි වෟ බෝ නොවන රෝග රැුසකට හේතුකාරක වන්නේ මෙම ජනපි‍්‍රය සංස්කෘතිය තුළ පවතින ආහාර රටාවයි . එෙසේම වර්තමානයේ දී බොහෝ පිරිසක් ක්ෂණික ආහාර සදහා නැඹුරු වී සිටින බවක් දැකගත හැකි ය . ඒ අනුව පාරිභෝගික භාණ්ඩ අතර ඉතා ජනප්‍රිය තත්ත්වයේ ක්ෂණික නූඞ්ල්ස් ආදිය ප්‍රධාන තැනක පවතී . මෙලෙසින් පවතින ක්ෂණික ආහාරපාන මගින් ශරීරයට ඇති වන්නේ නොසිතූ විපාකයන් රැුසකි . ඉහත සදහන් කළ ආකාරයට බෝ නොවන රෝග රැුසක් ඇති වීමට මෙම ක්ෂණික ආහාර බලපානු ලැබේ .
සමාජය වානිජකරණය වීමත් සමග ඉතා සරල හා ක්ෂණික ආහාර ක්‍රමවේදයන් ඉදිරිපත් කර තිබේ . රෝල්ස් , පැටිස් , කට්ලට් , රොටි , පරාටා , කොත්තු වැනි ආහාරයන් ද පැකට් කර පාරිභෝගික මධ්‍යස්ථාන වල අලෙවි කරනු ලබයි . එම ආහාර කල්තබා ගැනීමට දමන රසායනික ද්‍රව්‍ය මගින් ශරීරයටය ප්‍රබල අහිතකර තත්ත්වයක් ඇති වේ.
එසේම අධික තෙල් සහිත ආහාර ගැනීම මගින් කොලෙස්ටරෝ්ල් , හෘද රෝග ආදි වූ රෝගී තත්ත්වයන් ද ඇති වේ . විවිධ කෘතිම බීම වර්ග මගින් ද ශරීරයට අහිතකර තත්ත්වයන් ද ඇති වේ.
වර්තමානය වන විට ආහාර රසවත් කර ගැනිමට බහුල ලෙස රසකාරක , අජිනමොටෝ ආදී දේ භාවිත කරයි . ෆයිඞ් රයිස් , කොත්තු , බිරියානි ආදි වු ආහාර සදහා මෙම රසකාරක ද්‍රව්‍ය යොදනු ලබයි . එවැනි ආහාර ගැනීම මගින් එම රසකාරක ද්‍රව්‍ය ශරීරගත වේ. එමගින් අස්ථි දිරීම , හන්දි රෝග , දියවැඩියාව , පිලිකා වැනි තත්ත්වයන් ඇති වේ .
මෙලෙසින් බලන කල ජනපි‍්‍රය සංස්කෘතිය තුළ පවතින අහාර සංස්කෘතිය මගින් ප්‍රබල අහිත්කර බලපෑමක් ඇති වී තිබෙන බව අවබෝධ කර ගත හැකි ය . මෙවැනි අහිතකර ආහාර රටා ඉවත් කර රසකාරක හෝ කෘතිම දේ ආහාරයට එකතු නොකොට තම සෞඛ්‍ය තත්ත්වය යහපත් කර ගැනීම යෝග්‍ය වේ.
සෙව්වන්දි රශ්මිලා අධිකාරි
සුපිරි
ReplyDeleteniyamaii
ReplyDeleteThank you🙏
Deleteelaa
ReplyDeletesupirii
ReplyDeleteThank you
DeleteThank you
ReplyDelete