ජායා රූප සහ ආචාර ධර්ම
ආචාර ධර්ම යනු
වර්තමාන සමාජය තුළ බොහෝ සේ කතාබහට ලක් වන මාතෘකාවක් වශයෙන් ආචාර ධර්ම හදුනාගත හැකි ය . සමාජය තුළ බොහෝ ගැටුම් ඇති වීමට හේතුවක් වශයෙන් මෙම ආචාර ධර්ම බිද දැමීම හදුනාගත හැකි ය . ජන මාධ්‍ය හේතුවෙන් වර්තමාන සමාජය තුළ ආචාර ධර්ම බිද හෙළීම නිසා බොහෝ ගැටලු ඇති වී තිබේ . සමාජය තුළ වෛරය , පුද්ගලයා හා සමාජය අතර පවතින ගෞරවනීය බව බිද වැටීම , ආර්ථිකය බිද වැටීම මේ සියලු කාරණාවන්ට හේතු වන්නේ වගකීමකින් තොරව මාධ්‍ය භාවිත කිරීමයි .
කායික මානසික මෙන්ම සමාජ චර්යාත්මක කාරණාවක් වශයෙන් අචාර ධර්ම යන්න හදුනාගත හැකි ය. ආචාර ධර්ම ආරක්ෂා කිරීම මගින් සමාජය තුළ ගැටුම් ඇති නොවන අතර ආචාර ධර්ම කඩවුව හොත් මුලු සමාජයම ව්‍යාකූල තත්ත්වයකට පත් වේ . මාධ්‍ය ආචාර ධර්ම පිළිබදව කතා කිරීමේ දී මේ පිළිබදව බටහිර පිරිස් මූල ධර්ම 4 ක් පිළිබදව සාකච්ඡුා කරයි .
කායික මානසික මෙන්ම සමාජ චර්යාත්මක කාරණාවක් වශයෙන් අචාර ධර්ම යන්න හදුනාගත හැකි ය. ආචාර ධර්ම ආරක්ෂා කිරීම මගින් සමාජය තුළ ගැටුම් ඇති නොවන අතර ආචාර ධර්ම කඩවුව හොත් මුලු සමාජයම ව්‍යාකූල තත්ත්වයකට පත් වේ . මාධ්‍ය ආචාර ධර්ම පිළිබදව කතා කිරීමේ දී මේ පිළිබදව බටහිර පිරිස් මූල ධර්ම 4 ක් පිළිබදව සාකච්ඡුා කරයි .
සත්‍යවාදී බව
නිදහස
හානිය අවම කිරීම
වගකිව යුතු බව
ජන මාධ්‍යයන්ගෙන් නිවැරදි තොරතුරු ලබා දීම මගින් එය විශ්වාසනීය මාධ්‍යක් බවට පත් චේ. මහජනතාව ගුණාත්මක මාධ්‍ය කි‍්‍රයාවලියක් බලාපොරොත්තු වේ . මෙම නිවැරදි බව හෙවත් සත්‍යවාදී බව නිසා මානව ගරුත්වය ආරක්ෂා වේ . මාධ්‍යකරුවාට ඇති ප්‍රධාන අභියෝගය වන්නේ මෙම ආචාර ධර්ම ආරක්ෂා කරමින් තම වෘත්තීය ගරුත්වයට හානි නොවන අයුරින් මාධ්‍ය වාර්තාකරණය කිරීමයි . ආචාර ධර්ම නිරන්තරව බද්ධ වන්නේ අපක්ෂපාති සාධාරණ නිවැරදි , වගකීමෙන් යුතුව කටයුතු කරන ක්‍රමවේදයක් ය . එම සම්ප්‍රධාය අනුගමනය කිරීම මගින් සමාජ හානිය අවම වේ .
ප‍්‍රජාතාන්ති‍්‍රක රටවල් බොහෝමයක මෙම මාධ්‍ය ආචාර ධර්මයන් භාවිත කරයි . නමුත් ඇතැම් පුද්ගලයින් මෙම ආචාර ධර්ම බිද දමමින් විවිධ තොරතුරු ඉදිරිපත් කරන බවද වර්තමානය තුළ ද දැකගත හැකි ය . වඩාත් හොද මාධ්‍ය සම්ප්‍රධායක් පවත්වාගෙන යාම සදහා මාධ්‍ය ආචාර ධර්ම අත්‍යවශ්‍ය වේ.
ආචාර ධර්ම වර්ග කිහිපයකි .
1 භූගෝලීය සීමා ආවරණය වන පරිදි පනවා ගත් ආචාර ධර්ම
2 ආයතනික වශයෙන් පනවාගත් ආචාර ධර්ම
3 එක් විෂය ක්ෂේ්රත්රයක් හෝ සිදුවීමක් පදනම් කරගත් ආචාර ධර්ම
ආචාර ධර්මයන් පනවනු ලබන්නේ අදාල වෘත්තීය කණ්ඩායම්වල නියෝජිතයන්ගේ එකතුවකිනි . මෙලෙසින් ආචාර ධර්ම යන්න හදුනාගත හැකි ය .
නව මධ්‍ය හා ආචාර ධර්ම
ආචාර ධර්ම යනු ඕනෑම සමාජයක එහි සංස්කෘතිය හා නීතිය මගින් පනවා ඇති රීති සමුදායකි . ආචාර ධර්ම මගින් වැරදි දේ කුමක් ද නිවැරදි දේ කුමක් ද යන්න පිළිබදව පෙන්වා දෙයි . මෙම ආචාර ධර්මයන් පනවන්නේ එම සමාංයේ හෝ සංවිධානයේ යහ පැවැත්ම උදෙසා එම ආචාර ධර්මයන් ආරක්ෂා කර ගැනීම සෑම පුද්ගලයෙකුටම ඇති වගකීමකි .
වර්තමානය වන විට සමාජය නවීකරණය වී පවතී . බොහෝ කි්රයාකරකම් තාක්ෂණයත් සමග මුසු වෙමින් තිබේ. ඒ අනුව වර්තමානය වන විට නව මාධ්‍යයන් මගින් තොරතුරු ව්‍යාප්ත කිරීම මෙන්ම බොහෝ පිරිසක් නව මාධ්‍ය ඇසුරු කරමින් තොරතුරු දැනගනී . නව මාධ්‍ය අනිසි ලෙස භාවිත කිරීම නිසා බොහෝ ගැටලු ඇති වේ . එම ැනිසි කි‍්‍රයාකාරීත්වය නිසා ආචාර ධර්ම බිද වැටීමට ලක් වෙයි . සමාජයේ නිවැරදි , විශ්වාසනීය සදාචාර සම්පන්න හැසුිරීම් ආචාර ධර්මයන් මගින් බලාපොරොත්තු වේ.
නව මාධ්‍ය භාවිත කිරීමේදී ආචිර ධර්ම පිළිබදව වගකීම පැවරෙන කාණ්ඩායම් කිහිපයක් හදුනාගත හැකි ය . මෙම කණ්ඩායම් නිසි ලෙස වගකීම් ඉටු කිරීම මගින් ගැටලුකාරී තත්ත්වයන් අවම වෙයි .
01 නව මාධ්‍ය හරහා සමාජ ජාල වෙබ් අඩවි පාලනය කරන ඇඞ්මින්වරුන්
02 නව මාධ්‍ය හරහා ප්රවෘත්ති සේවා වෙබ් අඩවි පවත්වාගෙන යන වෙබ් කතෘවරුන්
03 අන්තර්ජාල ප්රවෘත්ති වෙබ් අඩවි සදහා පුවත් වාර්තා කරන වාර්තාකරුවන්
04 අන්තර්ජාලය හරහා නව මාධ්‍ය භාවිත කරන පාඨකයින්
ආචාර ධර්ම මත කි‍්‍රයා කරනු ලබන ජන මාධ්‍යවේදීයා යනු සාමාන්‍ය ජන මාධ්‍යවේදියෙකු නොවන අතර ඔහු හෝ ඇය වෘත්තීය ජන මාධ්‍යවේදිනියකි . නව මාධ්‍ය තුළ බොහෝ ගැටලු වර්තමානය තුළ උද්ගත වන්නට විය . ඒ අනුව මුලින්ම මෙය උද්ගත වූයේ 21 වන සියවස තුළ ය . එනම් මෙම තාක්ෂණය බොහෝ පිරිසක් භාවිත කරන්නට වූයේ මෙම කාල පරිච්ජේදයේ දී ය . නව මාධය භාවිතය බොහෝ පිරිසකට නව අත්දැකීමක් විය . නව මාධ්‍ය තම සිතැගි පරිදි භාවිතය සාවද්‍ය වන අතර අනෙක් පුරවැසියන් ගැන ද සිතීම වැදගත් වේ.
වෙබ් මාධ්‍ය ආචාර ධර්ම හා එම ආචාර ධර්ම කඩ වූ අවස්ථාවක්
වෙබ් මාධ්‍ය ආචාර ධර්ම හා එම ආචාර ධර්ම කඩ වූ අවස්ථාවක්
අන්තර්ජාල ලෝක ව්‍යාප්ත ජාලය මගින් පාඨ , ජායා රූප , ශබ්ද ගොණු සහ වීඩියෝ යනාදිය මහජනතාව වෙත සම්පේ‍්‍රෂණය කිරීම අරමුණු කර ගනිමින් තනි පුද්ගල හෝ සාමූහික පිරිසකගේ භාවිතය හරහා සිදු කරන සන්නිවේදන කි‍්‍රයාවලියක් වශයෙන් වෙබ් ජන මාධ්‍ය හදුනාගත හැකි ය . ගුණාත්මක පැවැත්ම සදහා සැබෑ තොරතුරු දැන ගැනීම පිණිස මහජනතාවට අවකාශය සැලසීම ඕනෑම ජන මාධ්‍යක කාර්ය වන අතර වෙබ් මාධ්‍යහි ද කාර්ය වන්නේ එයයි
1900 මැද භාගයේ දී පමණ වෙබ් මාධ්‍ය ආරම්භ වේ . ඇතැම් වෙබ් අඩවි රජය විසින් ලියා පදිංචි කර ඇති අතර අතැම් වෙබ් අඩවි ලියාපදිංචි කර නැත . ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ ආචාර ධර්ම සංග්‍රහයක් පනවන ලදී . ඒ අනුව ඕනෑම අවස්ථාවක කතෘවරුන් හෝ එවැනි වෙබ් අඩවි පරිපාලක කාර්යය සිදු කරන්නන් , සංස්කාරකවරු , ප්‍රකාශකවරු , හිමිකරු මෙහි වගකීම දැරිය යුතු ය .
වර්තමානය වන විට අන්තර්ජාලය භාවිතය තරගකාරී බවකින් යුක්ත වේ . තමන්ගේ අභිමතය පරිදි කටයුතු කිරීම හා වෙබ් ජනමාධ්‍යවේදීන් හා වේදිනියන් විසින් දැරිය යුතු වගකීම අඩු වීම නිසා එහි ඇති විශ්වාසනීයත්වය අඩු වී ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ . ඒ අනුව මෑත කාලයේ සිදු වූ සිදුවීමක් ඵල වන්නට විය . එනම් 2017 ජුනි මස 4 වන දින දුම්රිය පීලි මත ජීවිතය අවසන් වූ සරසවි සිසුවියගේ සංවේදී කතාව නම් විය .
මෙම පුවත එම වෙබ් අඩවිය තුළ වාර්තා කර ඇත්තේ මාධ්‍ය ආචාර ධර්ම පිළිබදව ඇති වගකීම ඉවතලමින් ය . එම පුවත ඵල කර ඇති ආැකාරයේ ඇති සාවද්‍ය තත්්ත්වයන් ලෙස
එම සියදිවි නසාගත් තරුණියගේ මළ සිරුර දුම්රිය පීලි මත තිබූ ආකාරය දිස්වෙන ජායාරූප ඵල කිරීම
ඊට අමතරව මෙම තරුණිය සමග විශ්ව විද්‍යාල සිසුන් සිටින ජායාරූප මෙම පුවත්පතට එක් කර තිබේ .
මෙම දිවිනසා ගැනීම වාර්තා කර ඇත්තේ කතාන්දරයක ස්වරූපයකින් ය . ප්රවෘත්ති වාර්තාකරණයේ දී සිදුවන අනෙක් වැරැුද්ද ලෙස කතාන්දරයක් ආකාරයෙන් ප්රවෘත්ති වාර්තාකරණය හදුනාගත හැකි ය .
මෙම දිවි නසා ගැනීම පේරාදෙණිය දුම්රිය ස්ථානය අසලදී සිදු විය . මෙම පුවතේ එක් අවස්තෘවක් මෙලෙස දක්වා තිබේ.
”කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරමින් තිබූ පොඩි මැණිකේ දුම්රියට ඇය පැන ඇත්තේ ඊයේ පෙරවරු 9.30 ට පමණ ය . දුම්රියට පැණිම නිසා ඇගේ හිස කදින් වෙන් වී අත්වල කොටස් ද කැපී අවාසනාවන්ත ලෙස මරු වැළදගත්තා ” මේ අනුව මරණය සිදු වී ඇති අයුරු සියල්ලන්ටම චිත්තරූප මැවෙන ලෙස එහි දී දක්වා තිබේ . මෙය ද එක් දෝෂයක් ලෙස හදුනාගත හැකි ය . වෙබ් මාධ්‍ය ආචාර ධර්ම සංග්‍රහයේ වාර්තාකරණයේ සමාජ වගවීම තුළ එක් ආචාර ධර්මයක් මෙසේ දක්වා ඇත .
” වෙබ් සංස්කාරවරයෙකු ප්‍රකාශකවරයෙකු පරිපාලකවරයෙකු හෝ ඕනෑම ආකාරයක වෙබ් මාධ්‍ය සේවයෙහි යෙදෙන ජනමාධ්‍ය වේදීන් / වේදිනියන් යන සියල්ලන්ම හදිසි අනතුරු , රිය අනතුරු , පැහැරගෙන යාම් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේ දී යොදා ගන්නා ජායා රූප හා වීඩියෝ පට මහජන භීතියට හා පිළිකුලට භාජනය නොවන සහ සංස්කරණයකින් තොරව පල කිරීමෙන් වැළකිය යුතු අතර භාෂා භාවිතය සම්බන්ධයෙන් ද විශේෂයෙන් ම සැලකිලිමත් විය යුතු ය ”
.
ඉහත අයුරින් වෙබ් මාධ්‍යවේදීන්ගේ සංග්‍රහයේ ඇති ඉහත ආචාර ධර්ම කඩකරමින් වෙබ් අඩවි තුළ පුවත පල කර ඇති ආකාරය දෝෂ සහිත වේ .
එය දකින පිරිසට පිලිකුලක් හා බියක් ඇති වන ආකාරයෙන් ය .එයට එක් කර ඇති ජායා රූප මගින් ඒ බව හොදින් දැක ගත හැකි ය . දුම්රියේ ගැටී සිටින එම තරුණිය මෙන්ම ඒ අසල ඇති ඇගේ සිරුරෙන් ඉවත් වූ රුධිරය සමගින් ඇති ජායා රූප මෙම පුවතට එක් කර ඇත . එවැනි සංවේදී රූප දෑකීම මගින් එම පරිශීලක පිරිස කම්පනයකට පත් වේ . එසේම එම ජායා රූප දැකීම මගින් ඇතැම් පුද්ගලයින් ද එය අනුකරණය කරන්නට පෙළඹෙයි .
ඉහත අයුරින් වෙබ් මාධ්‍යවේදීන්ගේ සංග්‍රහයේ ඇති ඉහත ආචාර ධර්ම කඩකරමින් වෙබ් අඩවි තුළ පුවත පල කර ඇති ආකාරය දෝෂ සහිත වේ .
එය දකින පිරිසට පිලිකුලක් හා බියක් ඇති වන ආකාරයෙන් ය .එයට එක් කර ඇති ජායා රූප මගින් ඒ බව හොදින් දැක ගත හැකි ය . දුම්රියේ ගැටී සිටින එම තරුණිය මෙන්ම ඒ අසල ඇති ඇගේ සිරුරෙන් ඉවත් වූ රුධිරය සමගින් ඇති ජායා රූප මෙම පුවතට එක් කර ඇත . එවැනි සංවේදී රූප දෑකීම මගින් එම පරිශීලක පිරිස කම්පනයකට පත් වේ . එසේම එම ජායා රූප දැකීම මගින් ඇතැම් පුද්ගලයින් ද එය අනුකරණය කරන්නට පෙළඹෙයි .
මේ අනුව වෙබ් අඩවි තුළ පරිශීලකයින් කම්පනයට පත් වන අයුරින් රූප රාමු එකතු කර ඇති අයුරු හදුනාගත හැකිය . මෙම වෙබ් අඩවිය මගින් සිදු වූ එවැනිම වැරදි වර්තමානය තුළ බොහෝ සේ දැකගත හැකි ය . මේ අනුව මෙහි පල කර ඇති ජායාරූප දෝෂ සහිත වන අතර එය වෙබ් මාධ්‍යකරුවන්ගේ ආචාර ධර්ම සමග ගැටීමක් ඇති වේ . එනම් එම ආචාර ධර්ම සංග්‍රයේ ඇති ඉහත දී සදහන් කරන්නට වූ ආචාර ධර්මයන්ට එකග නොවී ඇති බවක් දැක ගත හැකි ය .
පුවත් වාර්තා කිරීමේදී ආචාර ධර්මයන්යටද එකගවෙමින්පුවත් වාර්තා කිරීම සියලු වාර්තා කරුවන්ගේ වගකීමක් හා යුතුකමකි ...
No comments:
Post a Comment