Thursday, April 25, 2019
අතීත ශී‍්‍ර ලාංකික සමාජයේ යහගුණ පිරි ආහාර සංස්කෘතිය
අතීත ශී‍්‍ර ලාංකික සමාජයේ යහගුණ පිරි ආහාර සංස්කෘතිය
ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ආහාරපාන හදුනාගත හැකිය . අප පැවැත්ම යහපත් කර ගැනීම සදහා අප එදිනෙදා ගන්නා ආහාර ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් පැවතීම ඉතා වැදගත් සාධකයකි . ඕනෑම ජීවියෙකුට තම ජීවිතය පවත්වා ගැනීම ගැනීමට ආහාර අවශ්‍ය වේ . කුසගින්නේ සිටිමින් නිවන පවා අවබෝධ කර ගත නොහැකි බව පෙන්වා දී තිබේ. එනිසා පුද්ගලයාගේ පැවැත්මට මෙන්ම නිරෝගීකමට ද ආහාර බලපානු ලබයි .
ආහාර සංස්කෘතිය පිළිබදව අපට අවබෝධයක් ඇති නමුත් ගුණදායි ආහාර සංස්කෘතියක් පිළිබදව නිසි අවබෝධයක් නැති බව වර්තමානය වන විට පෙනී යන්නකි. එනම් වර්තමානයේ පවතින ආහාර සංස්කෘතිය මගින් බොහෝ ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වී ඇති බව අවබෝධ කර ගත හැකි ය . එනිසාවෙන් අතීතය දෙස නැවතත් හැරී බලා එම ආහාර සංස්කෘතිය නැවතත් භාවිතයට ගැනීම ඉතා වැදගත් වන්නක් ලෙස හදුනාගත හැකිය .
අතීත ආහාර සංස්කෘතිය තුළ දී බොහෝ විද්‍යාත්මක වූ ක්‍රමවේදයන් අනුගමනය කර ඇති බව ද හදුතාගත හැකිය . ඒ බව සාක්ෂි මගින් ඔප්පු වී තිබේ . කුසගින්න සියලූම දෙනාට පොදු වු සාධකයකි . එම කුසගින්න නිවා ගැනීමට ගුණදායි ආහාර ගැනීම මගින් නිරෝගීමත් ජීවිතයක් ලබා ගැනීමට හැකියාවක් පැවතීම නොඅනුමානය .
ශී‍්‍ර ලාංකිකයන් ගත් කළ අපගේ ප්‍රධාන ආහාරය බත් ලෙස අතීතයේ සිට වර්තමානය දක්වාම දැකගත හැකි ය. අතීත ගැමි ජනයා වී ගොවිතැන ඉතා සරුසාරවත් ලෙස කරගෙන ගොස් ඇති අතර කිසිවෙකුට අඩුපාඩුවකින් තොරව මෙරටින් ම අවශ්‍ය සහල් ආදිය ලබා ගැනීමට ද හැකියාවක් පැවතී ඇත . වර්තමානයේ දී මෙන් නොව අත’ීතයේ දී වෙනත් රට වලින් සහල් ගෙන්වා ගැනීමට අවශ්‍යතායක් ඇති වී නොතිබේ. ඉතා ස්වයං පෝෂිත තත්ත්වයෙන් තිබී ඇත .
එසේම ගමේ ඇති විවිධ එළවළු , පලා වර්ග , ධාන්‍ය , පලතුරු ආදි දේ මිනිසා ආහාරයට ගෙන ඇත . කෘෂි රසායනික ද්‍රව්‍ය එම වගාවන්ට නොදැමීම මගින් එම ආහාරයන් තුළ විෂ ඇතුලත් නොවී ඇත . නමුත් වර්තමානය වන විට රසායනික ද්‍රව්‍ය නිසාවෙන් ශරීරයේ බොහෝ රෝග හට ගැනීම සිදු වී තිබේ .
ශී‍්‍ර ලාංකික ජනතාව ප්‍රධාන ආහාරය බත් ලෙස ගන්නා අතර එමගින් කිරිබත් ආදී වූ ආහාර සකස්කර ගනී . අතීත ගැමියා බත් වලට අමතරව විවිධ ආහාර වර්ග සකසා ගනී් . කැද වර්ග ඉන් එක් දෙයකි . මෙය පානයක් වුව ද එය ප්‍රධාන ආහාරයක් වශයෙන් ගත් අවස්ථා තිබේ. ගැමි ජනයා පෙනෙල කොළ , හාතවාරිය , ඉගුරු කොළ , ඉරමුසු , පොල්පලා , ගොටු කොළ , කොහිළ , එළබටු , මුකුණුවැන්න ආදි වු නොයෙකුත් ඵලා වර්ග මගින් කැද වර්ග යොදා ගෙන තිබේ.
පලා වර්ග පමණක් නොව විවිධ පිටි වර්ග මගින් හා ධාන්‍ය වර්ග යොදා ගනිමින් ද කැද වර්ග සකසා ආහාරයක් වශයෙන් ගෙන තිබේ. ඒ අනුව කිතුල් පිටි කැද , කුරක්කන් කැද , විවිධ අල වර්ග වලින් ලබා ගන්නා පිටි මගින් සාදන කැද මුං ඇට කැද ආදී වූ කැද වර්ග ඔවුන් ප්‍රධාන ආහාරයක් වශයෙන් ගෙන ඇත . මෙම ආහාර රසවත් බවින් පමණක් නොව ඉහළ ගුණාත්මක බවකින් ද යුතු වේ . අතීතයේ මිනිසාගේ පවතින නිරෝගී ශරීරයකට හිමිකම් පැමට හේතුවක් ලෙස මෙවැනි
ගුණවත් වූ ආහාර සංස්කෘතියක් අනුගමනය කර ඇති බව හදුනාගත හැකි ය . එම කැද වර්ග මගින් ශරීරයට අවශ්‍ය වන්නා වූ පෝෂණ කොටස් සියල්ලම පාහේ ලබා ගැනීමට හැකියාව ලැබී ඇත . එසේම නොයෙකුත් රෝගාබාධ දුරු කර ගැනීමට ද එම කැද වර්ග ප්‍රයෝජනවත් වන්නට විය.
ස්වභාවික පරිසරයේ අවශ්‍ය ප්‍රමාණයටත් වඩා අල වර්ග , ගෙඩි වර්ග , පලා වර්ග , ධාන්‍ය වර්ග ආදි වූ සියලූ දේ ලබා ගැනීමට හැකියාවක් අතීතයේ දී හැකි වී තිබේ. අතීත ජන සමාජය සමස්ථයක් වශයෙන් ගත් කල එහි ආහාර සංස්කෘතිය ගොඩනැගී ඇත්තේු ස්වභාවින පරිසරය පාදක කර ගනිමින් ය . ප්රාග් ඓතිහාසික යුගයන් ගත් කල්හි ද එහි හමු වූ කැනීම් ආදිය මගින් සොයාගෙන ඇත්තේ ද ස්වභාවික පරිසරයේ ඇති අල වර්ග , කොළ වර්ග , ධාන්‍ය වර්ග ගෙන ඇති බවයි . (කටු අල , කිතුල් , දෝතලූ , වීර , වල් දෙල් , වල් කෙසෙල් *.
අතීතයේ ගැමි ජනයා බත් හා සමානව ප්‍රධාන ආහාරයක් ලෙස ගන්නා ලද්දක් වශයෙන් කොස් හෙවත් හෙරලි හදුනාගත හැකි ය . ඉතා රසවත් බවින් හා ගුණවත් බවින් යුක්තක් වශයෙන් කොස් හදුනාගත හැකි ය . කොස් ආහාරයට ගැනීම මගින් කාන්තාවන්ට මව් කිරි පවා එරීමේ ප්රවනතාවයක් ඇති බව හදුනාගෙන තිබේ.
ප්‍රදේශයන් අනුව ද මෙම ආහාර සංස්කෘතිය විවිධත්වයකින් යුක්ත විය . නමුත් එම ඕනෑම ප්‍රදේශයක ස්වභාවික පරිසරයේ ඇති ගුණාත්මක ආහාර භාවිත කර ඇති බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත .
ඌව පලාතේ කෝමාරිකා ව්‍යාංජනය හා මඩු පිට්ටු යන ආහාරයන් අතීතයේ දී ප්‍රධන තැනක් ගෙන ඇති බව හදුනාගත හැකි ය .
එසේ ම කාලගුණ තත්ත්වයන් දේශගුණ තත්ත්වයන්ට ගැලපෙන අයුරින් අතීතයේ ආහාර පාන සකසාගෙන ඇති බව හදුනාගත හැකි ය . දෙල් වැනි ආහාර ඉතා උෂ්ණ අධික නිසා එයට පොල් එකතු කර ආහාරයට ගැනී්මට පැරැුණ්නන් කටයුතු කර තිබේ.
එසේ ම අතීතයේ දී ශරීරයට අහිතකර වූ විවිධ රෝගයන් මැඩ පැවැත් වීමට සුදුසු වූ තුනපහ ආදිය ආහාරපානයන්ට නිසි ලෙස එක් කර ගැනීම මගින් හැකි විය . ආහාර ඉතා හොදින් ජීර්ණය පහසු කර ගැනීමට අහිතකර මේදය තැන්පත් නොවීමට ද මෙමගින් හැකියාවක් පවතී . අතීතයේ දී වෘංජන ආදිය පිළිසකර කර ගැනීම සදහා ක්‍රමවත් වූ පිළිවෙකත් අනුගමනය කර ඇති බව මැනවින් හදුනාගත හැකි ය .
පිපාසය සදහා අතීත ජනයා පිරිසිදු ජලය ලබා ගත් අතර ඊට අමතරව විවිධ ෙඖෂධ තම්බා පානයක් ලෙස සකසාගෙන තිබේ. කොත්තමල්ලි , රණවරා , වෙනිවැල්ගැට , බෙලි මල් , ඉරමුසු ආදී වූ දේ පානයන් ලෙස ගෙන තිබේ . ඇගේ පවතින උෂ්ණ අධික බව සමනය කර ඇගට සිසිලක් ලබා දීමට මෙන් ම බෝහෝ රෝග සදහා ද මෙම පාන වර්ග අතීතයේ දී භාවිත කර ඇත . හිසරදය , ඇගපත වේදනාව ආදී දේ සදහා ඉහත සදහන් කළ පාන වර්ග ප්රමුඛ විය .
අතීතයේ දී බෙරලිය නම් ශාකයේ ගෙඩි ආහාරයක් වශයෙන් ලබාගෙන ඇත . මෙම ගෙඩි ආහාරයට ගැනීම මගින් හෘද රෝග , දියවැඩියාව ආදී රෝග පාලනය කර ගැනීමට හැකියාවක් ඇති බව හදුනාගෙන තිබේ .
අතිතයේ දී අවුරුදු කෑම මේසය සදහා ගැමියන් අතර ඉතා ප්‍රසිද්ධ කැවිලි වර්ගයක් ලෙස අග්ගලා හදුනාගත හැකි ය . මෙය ඉතා රසවත් වන අතරම ශරීරයේ ඇති වන බඬේ අජීර්ණ ආදිය සමනය කර ගැනීමට ද මෙමගින් හැකියාවක් පවතී .
එසේ ම ඇතැම් ප්‍රදේශවල වර්තමානයේ භාවිත කරන අතීතයේ බොහෝ ප්‍රදේශවල බහුල ලෙස භාවිත කර ඇති ආහාරයක් වශයෙන් හත් මාළුව හදුනාගත හැකි ය . හත් මාළුව සදහා වට්ටක්කා දළු යොදා ගැනීම අනිවාර්ය වේ . එමගින් ශරීරයේ පරිවහන් කෘත්‍යන් නිසි ලෙස කර ගැනීමට හැකියාවක් පවතී . එසේම ගුණාත්මක බවද ඉතා ඉහළ ය .
එසේ ම කළවම් මැල්ලූම අතීතයේ සිට පැවත එන්නකි . මේ සදහා ෙඖෂධීය වටිනාකම් ඇති රණවරා , ගොටු කොළ , තම්පලා , කැබැල්ල , මුකුණුවැන්න , මඤ්ඤොක්කා , ආදි වූ කොළ වර්ග එක් කර කළවම් මැල්ලූම් සකසා ගනී .
කොහිල වැනි ආහාර ගැනීම ද අතීත ජනයා පුරුදු වී තිබේ . මලබද්්ධය වැනි රෝග සදහා මෙය ප්‍රතිකර්මයක් විය . එසේම ආහාර ඉතා ඉක්මනින් ජීර්ණය කර ගැනීමට ඇඹුල් සහිත ආහාරයන් ද ආහාර වේල සදහා ගෙන ඇත . අඹ මාළුව , ලූණු දෙහි , වැනි දේ මගින් ආහාර ඉතා ඉක්මනින් ජීර්ණය වීම සිදු වන බව තහවුරු වී තිබේ.
මේ අනුව බලන කල අතීතයේ ශී‍්‍ර ලාංකික සම්ප්‍රධායික ආහාර සංස්කෘතිය ගත් කල පෝෂණ ගුණයෙන් අනූන වස විසෙන් තොර ෙඖෂධීය වටිනාකම් රැුසක් ඇති ආහාර භාවිතයට ගෙන ඇති බව හදුනාගත හැකිය . එමගින් තම පැවැත්ම තහවුරු කර ගත හැකි මෙන්ම නිරෝගීමත් ජීවිතයක් ලබා ගැනීමට ද හැකි වන බව අවබෝධ කර ගත හැකි ය . එම අතීත ආහාර සංස්කෘතියට නැවත ජීවය ලබාදිය හැකි නම් එය අගනා පියවරකි .
ආශි‍්‍රත ග්රන්ථ
කෘති – ආරච්චිගේ පාලිත ශී‍්‍ර ගීගන , ජන යහ ගුණ දිවි පැවතුම , ජන මිහිිර නිර්මාණ ප්‍රකාශන , අංක 08 උද්‍යාන මාවත කොළඹ 05
සෙව්වන්දි රශ්මිලා අධිකාරි
Subscribe to:
Post Comments (Atom)
godak wadagath lipiyak.mewage lipi thawa dannaa.
ReplyDeletegodak wadagath lipiyak
ReplyDeleteniyamai
ReplyDelete