Dept Maco

Saturday, April 6, 2019

ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය


ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය



                   1658 දි ලංකාවේ බලය ලන්දේසින්ගේ යටතට ගැනීමත්සමග ඔවුන් විසින් ඔවුන්ගේ නිර්මාණයන් ද ලංකාවේ ස්ථාපිත කරන්නට විය. ලන්දේසින් විසින් බලකොටු අල්ල ගනිමින් ඒවා නවීකරණය කල අතර අලුතින් ගොඩ නංවනු ලැබු බලකොටු බොහෝ ප්‍රමාණයක් ද දක්නට ලැබේ. එම බලකොටු බොහෝ ප්‍රමාණයක් වෙරළ ආසන්නයේ මෙන්ම වෙරළ අභ්‍යන්තරයේ දැක ගත හැකිය. ඒ අනුව එම තාක්ෂණයන් යොදාගෙන ඔවුන් ඒවා නිර්මාණය කරන්නට විය. ලංකාවේ වැදගත්ම හා විශාලතම ලන්දේසි බලකොටුව පිහිටා ඇත්තේ ගාල්ල , කොළඹ, යාපනය, යන නගරයන් ආශ්‍රිතව ය එසේම ලංකාවේ කළුතර, මීගමුව, කල්පිටිය ,මාතර ,තංගල්ල, හම්බන්තොට,අලිමංකඩ,පුනරීන්,ත්‍රිකුණාමලය ආදී ස්ථානවල පිහිටි බලකොටු වැදගත්ය. දිවයින අභ්‍යන්තරයේ පිහිටි කටුවන,හක්මන , මල්වන,හංවැල්ල, අරන්දර, අට්ටාපිටිය,රුවන්වැල්ල, සීතාවක , රත්නපුර,මැණික්කඩවර, ස්ථානවල ද ලන්දේසි බලකොටු ඇත . ලන්දේසි බලකොටු බොහොමයක් ගොඩනගා ඇත්තේ අසන්න වශයෙන් ඍජුකෝණ ආකාරයේ හැඩයෙන් හෝ බහුඅශ්‍රකර හැඩයකට අනුව ය.ඉහළට යනවිට ඇතුලතට අනත වන ප්‍රකාර බිත්ති වලින් යුක්ත ය. බලකොටු සිව්කොන ආරක්‍ෂිත උපක්‍රමයක් වූ උල් හැඩයේ පිටතට නෙරාගිය අශ්‍රාකාර තුවක්කු බැස්ට්යන් පිහිටියේය. විවිධ භූමිවලට අනුව ඒවා8යේ හැඩයන්ගේ වෙනස් වීමක් ද දැකගත හැකිය. මුහුදට නෙර ගිය බිම්කොටස්වල ස්වාභාවික හැඩයට ගැලපෙන පරිදි බහු ආශ්‍රයක හැඩයට අනුකූලව ඉදි කර ඇත.එසේම සමතලා භුමිවල ඉදිකරන ලද මන්නාරම, මඩකලපුව, තංගල්ල,පුනරීන්,අලිමංකඩ,අරිප්පු,යන ස්ථානවල පිහටි බලකොටු සමචතුශ්‍රාකාර හැඩයේ බිම් සැලසුම් ය. යාපනයේ පැවති ලන්දේසි බලකොටුව පංචශ්‍රාකාර හැඩයක් ගනී.

        ලන්දේසි විසින් ඉදි කරන ලද බලකොටුවල උමං මාර්ග මෙන්ම ජනතාව එක්රැස් කිරීමේ අරමුණින් සැකසූ සීනු කුළුණක්ද දැක ගත හැකිය. එසේම මුහුදු මට්ටමට වැඩ ඉහලින් ඇතිදිය  බලකොටුවල රැදෙන කොළ රොඩු ආදිය ඉවත් කිරීමට ඔවුන් විශේෂ ක්‍රමයක් භාවිතා කර ඇත . එවැනි වු ක්‍රමවේදයක් ගාල්ල බලකොටුවේ හා මන්නාරම කොටුවෙහිද දක්නට ලැබේ .එම ක්‍රමවේදය වන්නේ වඩදිය ඇති කාලයේ එම අඟල් දියෙන් පිරි නැවත බාදිය ඇති වන අවස්ථාවේදී එවා මුහුදට යන පරිද්දෙන් එය නිර්මාණය කර ඇත. එසේම මුහුද ආසන්නයේ හෝ ජල දුර්ගයක් ආසන්නයේ සවිකර ඇති ල්න්දෙස්හි බලකොටුවල විශේෂ අංගයක් වශයෙන් දිය දොර හදුනා ගත හැකිය .එම දියදොර සකසා ඇත්තේ ප්‍රදාන දොරටුව වැසු පසු ජනතාවට කොටුව තුලට පිවිසීමට හැකිවනු පිණිසය . මෙයින් වරකට එක් අයෙකුට පිවිසිය හැක.මේ අයුරින් පැවති ලන්දේසි බලකොටු යුද්දමය සාදක හා හුණුගල් කුට්ටි ප්‍රයෝජනය සදහා රැගෙන යාමත් නිසාවෙන් එම බලකොටු විනාස විය. නමුත් පසුව ගාල්ල බලකොටුව ක්‍රිස්තු වර්ෂ 20 වැනි සියවසේ දි ප්‍රතිසංස්කරනයෙන් පසුව අනෙකුත් බලකොටුවලට වඩා හොදින් ඉතිරිව පවතී .එසේම කුඩා ප්‍රමාණයේ බලකොටුවන කල්පිටිය, ත්‍රිකුණාමලය,තංගල්ල ,මාතර, වැනි බලකොටු කිහිපයක් වර්තමානයේ පැරණි ස්වරුපයෙන් දැක ගත හැකිය . ල්න්දෙස්හි බලකොටුවට අමතරව ගාල්ල ජාතික කෞතුකාගාරය,ගාල්ල පැරණි තැපැල් කාර්යාලය එසේම රැජිණ විදියේ ඉදිරිපිට ඇති කච්චේරිය ලන්දේසි ගෘහ නිර්මාණ ශිල්පය දැකගත හැකිය .ලන්දේසි බලකොටු අතරින් වඩාත් හොදින් ඉතිරිව පවත්නා බලකොටුවක් වශයෙන් කල්පිටියේ ලන්දේසි බලකොටුව හදුනාගත හැකිය. මෙය ඉදිකරන ලද්දේ ක්‍රි .ව 1667 වර්ෂයේය . මෙය මධ්‍යම ප්‍රමාණයේ බලකොටුවකි. මෙම කල්පිටියේ ලන්දේසි බලකොටුව යම් විශේෂතාවයකින් යුක්ත වේ . හතරැස් සහිත බිම් සැලසුමක් වූ අතර මේ සිව් කොන් තුවක්කු බැස්ටියන හතරක් හා මුහුද දෙසට වූ ස්ථානයේ තුවක්කු බැස්ටියන් තිබී ඇත.එසේ ම ආඩි 20 ක් පමණ උස් වූ බලකොටු ප්‍රකරයකට සමාන්තරව ඇතුලතින් කොටුව වටා ය්න්න්ඩ් වූ උස් තීරුවක් ඇත.එය ඉදිකර ඇත්තේ තුවක්කු ලරුවන්ගේ ගමනාගමනය සහාය.මෙම කල්පිටිය බලකොටුව තුල රහස් උමං මාර්ග දැකගත හැකිය. කල්පිටිය බලකොටුවෙහි සියලුම අනුබද්ද ගොඩනැගිලි ඉදිකොට ඇත්තේ එකිනෙකට මුහුණලා සමාන්තරව පිහිටි තිර දෙකක් ලෙසය.මෙම ගොඩනැගිලිවල බිත්ති චාම් ස්වරූපයක් ගෙන ඇති අතර වර්තමානයේ දක්නට අත්තේ කුරෙන්ති පමණකි.ලංකාවේ ඉදි වූ අවසාන බලකොටුව වශයෙන් සදහන් වන්නේ මාතර තාරක කොටුවයි .එය ක්‍රි.ව 1763-1765 කාලය අතර ඉදි විය. 


බ්‍රිතාන්‍ය රාජ්‍ය සමයේ දි මෙම තාරකා කොටුව රාජ්‍ය නිලදාරීන්ගේ ප්‍රයෝජනය සදහා වූ අතර ප්සුජ එය පුස්තකාලයක් ලෙස භාවිතා විය. පසු කාලීනව නෙදර්ලන්ත රජය අනුග්‍රහයෙන් පැරණි ස්වරූපයආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය කර ඇත.මෙම තාරකා කොටුව ඉදිකොට ඇත්තේ මුළු හයකින් යුක්ත වු තරුවක හැඩයටය. ඉතාම ශක්තිමත් ලෙස මෙම බලකොටුව සැකස ඇත.තරුවක හැඩය ගත් නිසා එහි තිබු කලතුවක්කුද ආරක්‍ෂිතව තිබුණි. තිරස් රේකා සහිත හතරැස් කුළුණු දෙකක් මත පිහිටි අර්ධකවාකාර කොටසකින් වෙළද සාම්ගමේ නමද සදහන් කර ඇත.
        ලන්දේසින් විසින් ගොඩනැගු ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පය විදහා දක්වන්න වු එක් එක් ශිල්පයන් ලෙස දේවස්ථාන ගොඩනැංවීම හදුනාගත හැකිය. ලන්දේසි පාලන සමයේ අවසාන භාගයේ ඉදි වු ගාල්ල කොටුව ලන්දේසි රෙපරමාදු දේවස්ථානය ඉහත දේවස්තනයන්ට වඩා විසිතුරු ස්වබාවයකින් පෙන්නුම් කරන්නේ ඒ සදහා බැරෝක හා රොකෝකෝ යන ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ අභාසය ලැබී තිබීම නිසි. නමුත් වර්තමානයේ ල්න්දෙස්හි රෙපරමාදු දේවස්ථානවල පැරණි ස්වරුපයක් මිගමුව,මඩකලපුව,මන්නාරම යන ස්ථානවල තිබු


දේවස්ථාන බ්‍රිතාන්‍ය ර්ද්ජ්‍ය සමයේ විනාශයට පත්වී අත.යම් යම් ලන්දේස්හි රෙපරමාදු දේවස්ථානවල කුරෙන්ති අදිය යෙදු ලන්දේසි ගෘහ නිර්මාණ ලක්ෂණ දැකගත හැකිය .ලන්දේසි රෙපරමාදු සම දෙවස්තනයකටම සීනු කුලුනක් පිහිට තිබීම විශේෂ වේ.ලන්දේසි විසින් ගොඩ නැගු දේවස්ථාන වශයෙන් මාතර කොටුව ලන්දේසි දෙවස්තානය ,කල්පිටිය ලන්දේසි දේවස්ථානය ,යාපනය කොටුව ලන්දේසි දේවස්ථානය යන දේවස්ථාන හදුනා ගතහැකිය .ලන්දේසි විසින් මාතර කොටුව දේවස්ථානය ඉදිකරන ලද්දේ 17  18 වැනි සියව්වස්වල මුල් භාගයේදීය .මෙම දේවස්ථානයේ ලන්දේසින් මුල් වරටම පැමිණි මොහොතේම ඉදි කරන්නට ඇතැයි සැලකේ .ඕලන්දයේ සම්ප්‍රදායික කැල් විනියානු නිකායික ආකෘතිය ගෙන ඇත .කල්පිටිය ලන්දේසි රෙපරමාදු දේවස්ථානය ඉදිකිරීමේ එයට කුරෙන්ති  වක්‍රාකාරව හා අනෙක් පස ඍජු ත්‍රිකෝණාකාර හැඩයන්ගෙන් සකස් වී ඇත .




        යාපනය කොටුව ලන්දේසි රෙපරමාදු දේවස්ථානය මෙහිදී පවතී මුල්ම ගොඩනැගිල්ල 1660 දි ඉදි වන්නට ඇතායි සැලකෙන අතර එය 1706 දි එම ගොඩනැගිල්ල බිද දමා ලන්දේසි  නව දේවස්ථානයක් සැකසයි .එය යප පටුන ක්‍රිස්තියානි දේවස්ථානය නමින් හදුන්වයි . 90 දශකයේ තිබු එම ගොඩනැගිල්ල යුද්දයෙන් විනාශ වී යයි.එම ගොඩනැගිල්ල ආරුක්කු හතරකින් සම්බන්ධකර ඇත.මෙය කෙරල් ගලින් බැද සිමෙන්තියෙන් කපරාරු කරන ලද බිත්ති වලින් යුක්තවන අතර එය ආදී 5 ක් පමණ ගනත්වයෙන් යුක්තය.පැන්නුම් කුළුණු අරක්කු හා පෙට්මන්ට් යන කොටස්වලින් ආනයනය කරන ලද කහ පැහැති ගඩොල් විශේෂයකින් සකස් වී ඇත.මෙහි සම්ප්‍රධායික විනයනුගත ගෘහ නිර්මාණ ක්‍රමයයි.මෙහි ගෙබිම ආඩි දෙකක පමණ වර්ගපලයෙන් යුක්ත වේ.එහි හතරැස් ගල් පලකයක්ද එල්ලා තිබේ.ඇතුල්වන දොරටුවට ඉහලින් ජනේල සවිකර තිබීම මෙහි විශේෂ වේ.කොළඹ වුල්ෆෙන්දාල් දෙවස්ථානය ලන්දේසි අභාෂය ලැබුවකි .එය ජනප්‍රියව පැවතී සම්භාව්‍ය පුනරුද ගෘහනිර්මාණ ශිල්පයයි.අඩි 5 ක් පමණ ගණ බිත්ති කබොක් ගලින් බැද ඇති අතර ආරුක්කු හා පිලිස්සු රතු ගල් යොදාගෙන ඇත.යුරෝපිය සම්භාව්‍ය ශෛලින්ගේ ලක්ෂණයන් වූ ඍජු තිරස් හා සිරස් හැඩවලින් යුක්තය.එහි සරල ගම්භිර බවක් දක්නට ලැබේ .ප්‍රතිසංස්කරණවලින් පසුව උසින් අඩු පිරමිඩ හති රතු පැහැති ලෝහ තහඩු සෙවිලි කල වහලයක් එයට එක්කර ඇත.ගෝලාකාර වූ පියස්සක්ද එ මත රන් ආලේපිත කුකුල් රුවක් දැකගත හැක .තවද වර්ණවත් වු විදුරු යොදා අලංකාර කර ඇති උස්  ජනෙල ,විශ්ල පාපිසි කැටයම් ද දැකගත හැකිය. මෙහිද සීනු කුළුනක්  ඇති අතර විශාල අලංකාර කටය්මකින් යුක්තවේ .ගාල්ල කොටුව ලන්දේසි රෙපරමාදු දේවස්ථානය ඒබ්‍රහම් අන්තෝනි නම් වු ගෘහ නිර්මාණ ශිල්පියගේ සැලැස්මකට අනුව ක්‍රි .ව.1751 දි අරම්භ කර ඇත. තමානගේ බිරිදට දියණියක් ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් ලන්දේසි සේනාදපතියෙකු උ ජෝන් නමත විසින් ඉදිකළ බව කියවේ .මෙහි බැරෝක හා රෙකෝක ගෘහනිර්මාණ ලක්ෂණ ප්‍රකට කරයි.මෙහි විශේෂත්වය වන්නේ පොලවයට විශාල ප්‍රමාණයේ රහස් සොහොන් ගැබ් පිහිට තිබීමයි. මෙහි සීනු කුළුණු ගෝල අර්ද පියස්සක් සහිතව ඉදිකර ඇත.1680 කොළඹ කොටුවේ මුල් වරට ලන්දේසි විසින් රෝහලක් ඉදි කරන ලද්දේය .මෙම රෝහලේ එකවර  රෝගී තුන්සීයක් පමණ නැවැත්විය හැකිය .අතිතයෙ මෙම රෝහල Nieuwe Colombes Hospital යනුවෙන්ද වර්තමයේ  කොලඹ නගරයේ  මුල් ස්වරුපයෙන් ඉතිරිව ඇති පැරණිතම හා අකම ලන්දේසි පොදු ගොඩ නැගිල්ලයි.හෙක්ටයාර් භාගයක  පමණ බුමියක් පුර පැතිර ති කොලබ කොටුව ලන්දේසි රෝහල් සංකීර්ණය ක්‍රි.ව .16 17 සියවස්වල් යුරපයේ ඉදිවුන කුරුසයක හැඩය ගත් බිම් සැලසුම් සහිතව රෝහල් විශ්සයක වැඩ වෙනස් ගෘහනිර්මාණ ලක්ෂණ ප්‍රකට කරයි.බාහිර අලන්කරන් වලින් යුක්තවේ.යුරෝපිය සමභාව්‍ය ගෘහනිර්මාණ ශිල්පයේ අභාසය ලැබී ඇත.රෝහල් සංකීර්ණය නිර්මාණය වී ඇත්තේ ප්‍රදාන වශයෙන් මැද මිදුලක් සහිතවය .එහි කුළුණු සහිත බරාදයන් ද දැකගත හැකිය .මෙහි දොර ජනෙල සියල්ලම චාම් බැවින් යුක්තය.ක්ලොඅබ කොටුව ලන්දේසි සේමනේරියෙහි විශේෂත්වය වන්නේ ඉදිරිපස බරාදයේ උස් ඩොරික් කුළුණු පෙලකින් යුක්තවිම්යි.මේ සදහා ගඩොල් හා බදාම යොදා සකසා  ඇත.කාමර දෙකක මැදින් පැසෙජය හරහා සාලයට පිවිසිය හැකිය. මද මිදුල දෙපසින් නිදන කාමර මුළුතැන්ගෙය හා ගබඩා කාමර විය .ඉදිරිපස කොටසේ මහල් දෙකෙහිම දක්නට ලැබෙන විදුරු දැමු ජනේල සහ දොරවල් ගොඩනැගිල්ලට සාපේක්ෂව ඉතා විශාල මෙන්ම අලංකරාද වේ. මේ සියලුම දේ සදහා දව බොහෝ සෙ යොදාගෙන ඇත.එමගින් ශක්තිමත් බව ප්‍රකට කරයි.ලන්දේසි ගෘහනිර්මාණ ලක්ෂණ ප්‍රකට කරන්නක් ලෙස කොළඹ කොටුව ලන්දේසි ආණ්ඩුකාර මන්දිරය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශෛලියට අනුව නවීකරණය කර ඇත.විශාල රැස්වීම ශාලාවක් යුදබටයින්ගේ ප්‍රයෝජනය සදහා වෙන් වූ කතෝලික දේවස්ථානයක් වශයෙන්ද හදුනා ගතහැකිය.ගොඩනැගිල්ලේ පිටුපස කොටසෙහි ඇති විශාල කුළුණු පෙළකින් යුක්ත බරාදයේ සිට උද්‍යානය තෙක් දිවෙන තරප්පු පෙළකි. විදුරු යොදා ජනෙල ඇත.ජනෙල පියන් ලියෙන් සදා ඇත.කොළඹ කොටුව ෆන් ඇන්ගල්බික් ලන්දේසි ආණ්ඩුකාර මන්දිරයද ලන්දේසි ඉංජිනේරුවෙකු වූ කපිතාන් පීටර් ෆොනැන්ඩර් විසින් ක්‍රි.ව 1785 දි සම්පාදනය කර ඇත.කොලබ ග්‍රෑන්ඩ්පාස්හි ලන්දේසි ආණ්ඩුකාර මන්දිරය වැලන්ට්න්ගේ උත්තිරණවල සහ අක්ඤත චිත ශිල්පියාගේ සිතුවමට අනුව මෙම මන්දිරය ඇමැස්ට්‍රදෑම් ආකෘතිය අනුව ඉදි කෙරුණු කුරෙන්ති හා ප්‍රසාද අභිමුකයකින් යුත දෙමහල් ගොඩනැගිල්ලක් බව පෙනේ. මෙහි පියස්සේ කුකුළු රුව සහිත සුලන් කෙතුවක්ද සවිකර ඇත.වර්තමානය තුල ගෘහ නිර්මාණ ලක්ෂණන් අවබෝධ කරගත හැකි කිසිවක් සොයාගත නොහැක.
        කොළඹ කොටුව ලන්දේසි කපිතාන් ස්ල්යිස්ක්න්ගේ මන්දිරය තුල මෑත කාලයේ ගෘහ නිර්මාණ ශිල්පය දැකගත නොහැකිය.නමුත් 1924 අදිනු ලැබූ සිතුවමක් අනුසාරයෙන් බලන කලහි එය තනි  මහලින් යුක්ත වුවකි .යකඩ වැටක් හා කුළුණු පෙළක් සහිත බරදියකින් වට වුනු ගොදන්ගිල්ලකි. එසේම ලන්දේසීන්ගේ විවිධ වු ශිල්ප ක්‍රමයන් පසුව නිවස සදහාද ඇතුලත් කර තිබේ.ලන්දේසි ආභාෂය ලබමින් ලංකාවේ පහත රට ප්‍රදේසවල පාසල්,නිවස ,කතෝලික දේවස්ථාන ,විහාර ආදී බොහෝ ස්තයන්ට මෙම ලන්දේසි ආභාෂය ලැබෙන්නට විය .ක්‍රි.ව.18 වන සියවැසේ ඉදි වු ගාල්ල තලපිටිය ඉස්ලාමික මස්ජිදය ද ලන්දේසි ආභාසය අනුව ඉදි කර ඇත .මෙහි ලන්දේසි බැරෝක ශෛලිය ප්‍රකට කරන අතර වක්‍ර රේඛා හැඩවලින් යුක්තවූ කුරෙන්ති ඇත .
ආශ්‍රිත ග්‍රන්ථ
කෘති    -  ගමගේ ගුණසේන තාක්ෂණ වේදය හා ශිල්ප ක්‍රම,ඇස් ගොඩගේ සහ සහෝදරයෝ , 675                                       ගොඩගේ පොත් මැදුර පී ද එස් කුලරත්න මාවත මරදාන කොළඹ 10
                 මදුරංග ප්‍රගීත් ශ්‍රී ලංකාවේ ගෘහ නිර්මාණේ ගෘහ නිර්මාණ ශිල්පය , තරංග ප්‍රකාශකයෝ

  
                                                                                       


                                                                        

                                                                                                                  

No comments:

Post a Comment