Dept Maco

Friday, April 12, 2019

penerayen kullata ketikathawa

පෙනේරයෙන් කුල්ලට
       
                 දවස පුරාවටම කන්තොරුව තුළ ගෙවන ජීවිතය දිනකට නිමා වෙන්නේ සවස පහට පමණය . කන්තෝරුවෙන් පිට වුණ වහාම කඩි මුඩියේ කොටුව දුම්රිය ස්ථානයට දිව යන්නේ පහයි විස්සට වේයන්ගොඩ බලා පිටත්වන දුම්රිය අල්ලා ගැනීමට ය . එයට නැග ගැනීමට නොහැකි වුවහොත් නැවත හයයි පනහට පැමිණෙන දුම්රිය එනතුරු ස්ටේෂමට වී බලා සිටීමට තරම් අපහසු වෙනත් කටයුත්තක් නොමැති තරම් ය .එනිසාවෙන් කෙසේ හෝ පහයි විස්සේ දුම්රියට නැග ගැනීමට පොරකන මිනිසුන් සංඛ්‍යාව කෙතරම්දැයි කිව නොහැකි ය .පීඩාකාරී නිමාවකින් අනතුරුව රතී‍්‍ර හතට පමණ නිවසට පැමිණි පසුව දැනෙන නිදහස කියා නිම කළ නොහැකි ය .සතිය පුරාවට ඒකාකාරී ලෙස ගෙවන මෙම ජීවිතය විදිනවා නොව විදවීමක් බව සිතන වාර අනන්තය .

සැමදා මෙන් අද ද නිවසට පැමිණෙනවාත් සමඟම අසන්නට ලැබුණේ උපාලි මාමාගේ නිවසේ ගෝරනාඩුවයි .අප නිවසට යාබදව තිබෙන උපාලි මාමාගේ නිවසෙහි සෑම දිනකම රතී‍්‍රයෙහි ගෝරනාඩුවක් ඇසීමට අපට මෙන්ම සියලු ගම් වැසියන්ට ද සාමාන්‍ය සිදුවීමකි .මෙම නිවසෙහි උපාලි මාමාත් ඔහුගේ බිරිද වන ෆාතිමා නැන්දාත් දරුවන් දෙදෙනෙක් ද ජීවත් වෙති .මොවුන්ගේ මෙම ආරවුල් වලට මැදිව ගෙවන  දරුවන්ගේ ජීවිතය දෙස බැලීමේ දී ගමේ කාගේත් අනුකම්පාවට ලක් වෙයි . විවාහපත්ව සිටින මොවුන් දෙදෙනා නයින් පොලොගුන් මෙන් හැසිරෙති .මොවුන් දෙදෙනා මෙලෙස හැසිරෙන්නේ ජන්මාන්තර වෛරයක් හේතුවෙන් විය හැකි බව ගම් වැසියන් නිතරම පවසන්නේ කලකිරුණු ස්වභාවයකින් ය .

”මොකද යකෝ උඹල මෙහෙම මරා ගන්නෙ එක දවසක්වත් හොදින් ඉන්න බැරිද උඹලට ? ” ගම් වැසියෙකුගේ කෑ ගැසීමත් සමග උපාලි මාමාගේ හඩ අවධි විය . ”උඹේ වගේම මේක මගෙත් ගම උඹට  ඕන විදියට ඉන්න මේක උඹට ලියපු තැකක් නෙවෙයිනෙ . ”උපාලි මාමාගේ පිළිතුරත් සමග අසන්නට ලැබුණේ ගුටිබැට දෙන ශබ්දයකි . ඔන්න දැන් පටන් ගත්ත කරදරේග යකුනේ කට පියාගෙන හිටපියව්. අහළ පහළ මිනිස්සු නිදිය ගන්ඩ  ඕන . උඹ වගේ උන් කසාද බැදල මටයි මේ දරුවන්ටයි විදින්ඩ වෙලා තියෙන කරුමෙක හැටි . ගාලගෝට්ටිය අතරතුර දී ෆාතිමා නැන්දා පවසන වදන් අද ද එලෙස ම ඇසෙයි.

ෆාතිමා නැන්දා මුස්ලිම් කාන්තාවකි . උපාලි මාමාට ෆාතිමා නැන්දාව මුණ ගැසී ඇත්තේ රැුකියා ස්ථානයේ දී ය . මොවුන් දැන හැදින ගැනීමෙන් පසුව එම සබදකම් විවාහපත් වන තෙන් ගමන් ගන්නේ ය . ජාතීන් අතර පරස්පරතා තිබුණ ද ඔවුන් විවාහ වන්නේ සැමදා සතුටින් සිටීමේ අරමුණින් ය . මොවුන්ගේ එක් දරුවකු පිරිමි දරුවෙකු වන වන අතර ඔහු පාසල් වියේ පසු වෙයි .දරුවන් ලැබීමෙන් පසුව ඔවුන් සතුටින් ජීවත් වූ අතර එක් දිනක සිදු වූයේ ඉතා ඛේදනීය තත්ත්වයකි . ෆාතිමා නැන්දාගේ සහෝදරයෙකු පෙර තිබූ වෛරයක් නිසාවෙන් උපාලි මාමාත් සමග රණ්ඩු සරුවල් වෙයි . එක් දිනක ෆාතිමා නැන්දාගේ සහෝදරයා උපාලි මාමාට දරුණු පහරක් එල්ල කරයි . පසුව උපාලි මාමාට වසර කිහිපයක් එක් තැනව සිටින්නට විය . උපාලි මාමා කරමින් සිටි රැුකියාව ද අහිමි වී යයි . ටික කලක් ගිය පසු ඔහු කුලී වැඩවල නිරත වී ජීවත් වෙයි .


පසු දිනෙක කුුලී වැඩක් සොයා උදෙන් ම පිට වී යන උපාලි මාමා නැවත නිවසට පැමිණෙන්නේ හතරගාතයෙන් ය .පැමිණි මොහොතේ පටන් ඔවුන් ඇනකොටා ගැනීම දැන් සාමාන්‍ය සිදුවීමක් බවට පත් වී හමාර ය .එනිසාවෙන් ඔවුන්ගේ දරුවන් ? වන විට ජීවත් වෙන්නේ බියෙන් ය . වෙනදා මෙන් ගම් වැසියන් එම නිවසට පැමිණ ඇත්තේ එම දබරය නැවැත් වීම සදහා අප මාමා ද කැටුව ය .හැමදාම වෙරි මතින් රණ්ඩු වෙන බේබද්දන්ගේ රණ්ඩු බේරීමට මාමා මැදිහත් වෙනවාට අපේ ගෙදර කිසිදු අයෙකුගේ කැමැත්තක් නැත. රණ්ඩු බේරීමට ගොස් මාමාට තුවාල සිදුවීම එයට හේතුවයි .නමුත් ෆාතිමා නැන්දා කෑ ගසා මාමාගේ නිවසට යන සෑම අවස්ථාවක දී ම යමු ෆාතිමා නංගි කියා ඇය සමග නිවසින් පිටව යයි . වෙනදා මෙන් නොව අද රණ්ඩු අවසන් වෙන බවක් නොපෙනෙයි .මාමා ගොස් පැය කිහිපයක් ගත වුව ද නැවත නොපැමිණි නිසා නැන්දාත් මමත් මිදුලට බැස බලා සිටින්නේ මාමා එනතුරු ය .මාමා රණ්ඩු බේරීමට නිවසින් පිටව යන සෑම දිනයකම නැවත ගෙදර එනතුරු අප සියලු දෙනා බලා සිටින්නේ මහත් භීතියකිනි  . අවට ගෙවල් කිහිපයක් තිබුණ ද සෑම ගෙදරකම දොරවල් වසා ඔවුන් නිවස තුළට වී සිටින්නේ මෙය සැමදාමත් සිදුවන සාමාන්‍ය සිදුවීමක් නිසාවෙනි .

  ඔය පොල්ල පැත්තකට විසිකරපන් උඹ වරෙන් අපේ ගෙදර යන්ඩ රණ්ඩුවට මැදිව සිටින මාමා කිහිපවරක් ම උපාලි මාමාට පවසන හඩ ඇසෙයි . මොවුන්ගේ රන්ඩුව සමතයකට පත් කිරීමට හැමදාමත් මාමා කටයුතු කරයි .
මේ මිනිහව ගෙදරට වද්දගන්න හොද එකෙක් නෙවෙයි . ෆාතිමා නැන්දා පවසයි . මේ සියල්ලට ම මැදිව සිටින දරුවන් දිනෙක මොවුන්ගෙ පහරකට ලක් වී මිය යාවි යන සිතුවිල්ල රණ්ඩුව ඇසෙන සෑම අවස්ථාවකදී ම මට සිතෙයි . අරක්කු ටිකක් කට ගෑවට පසුව උපාලි මාමාව කිසිවෙකුට පාලනය කළ නොහැකි ය . ටික වේලාවකට පසුව වෙනදා මෙන්ම උපාලි මාමාව රැුගෙන අපේ මාමාගේ නිවස ඉදිරිපිට ඇති ගල් බැම්මේ වාඩි විය . නිවසේ දී පමණක් සිදුවන මොවුන්ගේ රණ්ඩුව ගෙදර දෝෂයක් නිසාවෙන් සිදුවන බව ඇතැමුන් නිතරම පවසති . ෆාතිමා නැන්දා හා දරුවන් දෙදෙනා නිවසට ගිය පසු උපාලි මාමා නිවසට යයි . එතෙක් ගල් බැම්ම මත වාඩි වී ෆාතිමා නැන්දාට හා ඇයගේ දෙමව්පියන්ටත් සහෝදරයාටත් බැන වැදීම ඔහුගේ සිරිත විය .
”ෆාතිමා නැන්දා උපාලි මාමාගේ බිරිද උනාට එකි මගේ දැන් ජන්මාන්තර හතුරියක් වගේ . මම මොනව කළත් ඒකිට වැරදි යි . මගේ රස්සාව නැති කළේ ඒකිගෙ සහෝදරය . ඌට විරුද්ධව පැමිණිලි කරණවට ෆාතිමා කැමති නෑ . දවසක ඒ මිනිහගෙ පවුලෙ හැමෝම මැරෙන්නෙ මගෙ අතින් . ” උපාලි මාමා පවසන්නේ සෑබෑවකි . ෆාතිමා නැන්දාගේ සහෝදරයා උපාලි මාමාට අමානුෂික ලෙස ගසා පාරේ ඇද දමා තිබූ සිදුවීම මතක් වන විට එලෙසින් සිතෙයි . උපාලි මාමාට එනිසාවෙන් ස්ථිරව තිබූ රැුකියාව ද අහිමි වී ගොස් තිබේ .
”මම එහෙනම් යන්නම් අයියෙ ගෙදර .”
උපාලි මාමා පිටවීමෙන් පසුව අපේ මාමා නිවස තුළට විත් දොර වසා ගන්නේ නිදා ගැනීමේ අපේක්ෂාවෙන් ය . වෙනදා මෙන් අද ද නැන්දා කියා සිටින්නේ ඔවුන්ගේ රණ්ඩුවට මැදිහත් නොවන ලෙස ය . රාතී‍්‍ර 10 පසු වී ඇති නිසාවෙන් අප සියලු දෙනා නිදා ගැනීමට සූදානම් වනවාත් සමගම ෆාතිමා නැන්දා කෑ ගසමින් අපේ දොරට ගසන හඩක් ඇසෙයි .
”අනේ අයියෙ ආයෙත් අපේ එකා රණ්ඩු වෙන්න පටන් ගත්ත .දැන් අපේ මහ ගෙදර ගියා අපේ මල්ලිව මරන්න කියල අනේ ’ අයියෙ ටිකක් ඇවිත් බලන්නකො ”. ඒ සමගම මාමා ෆාතිමා නැන්දා සමග නිවසින් පිටව ගියේ ය . වෙව්ලන වදන් වලින් දිස් වූයේ ඇගේ ඇති අසරණකමයි . ෆාතිමා නැන්දාගේ නිවසෙ වටේම සිටින්නේ ඇගේ සහෝදර සහෝදරියන් ය. අපේ ගෙදර කිසිදු අයෙකු ඔවුන්ගේ නෑදෑයින් නොවේ . මාමාට ද ඔවුන් සමග ඇත්තේ හිතවත්කමක් පමණි . නමුත් මොවුන්ගේ කිසිදු ඥාතියෙකු බීමත්ව මරා ගන්නා පවුලේ රණ්ඩු බේරීමට කිසිදු දිනක මැදිහත් නොවන්නේ මොවුන් කෙරෙහි තරහකින් නොවේ . වසර ගණනාවක් සිට පැවත එන මොවුන්ගේ රණ්ඩුව සැමටම සාමාන්‍ය සිදුවීමක් වන නිසා ය . එනිසාවෙන් ෆාතිමා නැන්දා මාමාව සොයා හැමදාමත් එ් නිවසට පැමිණෙනවා විය හැක.

මෙලෙසින් රණ්ඩු වෙද්දී දුක් මහන්සි වී ගෙදර වැඩ මෙන්ම දරුවන්ගේ වැඩ ද කරන ෆාතිමා නැන්දා ට නිදහසේ සිටීමට නොහැකිව හැමදාම රාතී‍්‍රයෙහි නින්දක් නැතිව එහාට මෙහාට දුවමින් ගෙවන ජීවිතය පිළිබදව ඇත්තේ අනුකම්පාවකි . නමුත් එය අපට වෙනස් කළ නොහැකි ය .

මාමා ගොස් ටික වේලාවක් ගත වුව ද ගෝරනඩුව එසේ ම ඇසෙයි මමත් නැන්දාත් මිදුලට බැස බලා සිටින්නේ මාමා නැවත නිවසට පැමිණෙන තුරු ය .උපාලි මාමා පොල්ලක් අතැතිව ෆාතිමා නැන්දාගේ සහෝදරයා වන මොහොමඞ් මාමා පසුපස පන්නාගෙන යන බව අප නිවස ඉදිරිපිට ඇති මාර්ගයෙන් දිස් වෙයි . මාමාත් ෆාතිමා නැන්දාත් ඔවුන් දෙදෙනාගේ පසුපසින් දිව යති .උපාලි මාමා මෙහොමඞ් මාමාව පන්නාගෙන යාමෙන් පසුව උපාලි මාමා මොහොමඞ් මාමාට පොලු පහරක් එල්ල කල ද එය දරුණු පහරක් නොවන බව දිස් විය . කෙළින් සිට ගැනීමටත් පණක් නැති කෙට්ටු ශරීරයක් ඇති උපාලි මාමාගේ පොලු පහර හයි හත්තියක් ඇති මොහොමඞ් මාමාට එතරම් දරුණු පහරක් නොවේ . පොලු පහරක් එල්ල කරනවාත් සමගම ඔහුව තල්ලු කර දමා පොල්ල උදුරා ගත් මොහොමඞ් මාමා එකපිට එක උපාලි මාමාට පහර දුනි .මාමාත් ෆාකිමා නැන්දාත් ඔහුව නැවැත්වීමට උත්සහ කළ ද එය නිෂ්ඵල විය . හිසට හා බඩට පොලු පහරවල් කිහිපයක් වැදීම නිසාවෙන් උපාලි මාමා එතනම මිය යයි.  මහ හඩින් බෙරිහන්දෙන ෆාතිමා නැන්දාගේ අදෝනාව නිසා අවට සිටින සියල්ලන්ම එතනට පැමිණ උපාලි මාමාව රෝහලට රැුගෙන යාමට කටයුතු සූදානම් කරයි .
”මෙහෙ වරෙන් දැන්වත් ගෙදර යන්ඩ” ඇඩූ කදුලින් සිටි මොහොමඞ් මාමාගේ මව මොහොමඞ් මාමාව රැුගෙන යන්නට ඇතතේ කුමක් නිසාවෙන් ද යන්න මට සිතා ගත නොහැකි ය .  ගමේ සියලු දෙනාම මෙම ඝාතනට පිළිබදවත් පසුගිය දිනවල තොර තෝංචියක් නැතිව රණ්ඩු වූ ආකාරය පිළිබදවත් කතාබහේ යෙදී සිටිති. මාගේ දෙඇස් ඉදිරිපිට අමානුෂික ලෙස උපාලි මාමාව මැරා දැමීම නිසාවෙන් මට ඇති වූයේ කම්පාවක් මුසු බියකි . කිසිදු දිනක එවැනි ත‍්‍රාසජනක මෙන්ම බියජනක අත්දැකීමකට මා මුහුණ දී නොතිබීම එයට හේතු විය .
”ඔයාල ගෙදර යන්ඩ .මම තව ටිකකින් එන්නම් දැන් මෙතනට පොලිසිය එන්නත් පුලුවන් ”මාමා අප ළගට පැමිණ කියා සිටින්නේ දුක්මුසු ස්වරූපයකිනි . කොතරම් උත්සහ කළ ද උපාලි මාමාව බේරා ගැනීමට නොහැකි විය .එනිසාවෙන් වූ සෝචනීය බව මුහුණෙන් දිස් විය .උපාලි මාමාත් අපේ මාමාත් කුඩා කල සිට දන්නා හදුනන දෙදෙනෙකි . ක්ෂණයෙන් සිදු වුණ විපත මාමාට ද ගෙන එන්නේ කම්පනයකි .අප සිටින ස්ථානයට තරමක් නුදුරින් පිහිටි ඇති ෆාතිමා නැන්දාගේ නිවස ඉදිරිපිට ගිනි මැලයක් දක්නට ලැබේ .මෙතරම් අපරාධයක් සිදු වූ මොහොතක ගිනි මැලයක් කුමක් නිසා ද යන්න මට සිතාගත නොහැකි ය .මමත් මාමාත් නැන්දාත් නිවසට පැමිණි අතර මාමා ගිනි මැලය දෙසට දිව ගියේ ය . අප නිවසට පැමිණිය ද නින්දට නොගොස් බලා සිටින්නේ මාමා එනතුරු ය . ටික වේලාවකට පසුව මාමා නිවසට පැමිණෙන්නේ මහ බරක් හිසේ දරාගෙන සිටින්නෙකු ලෙස ය . ”ෆාතිමා නංගී මහ පුදුම ගෑනියෙක් තමා .කාටවත් නැති මොලයක් එයාට තියෙන්නේ .මේ ජරමර අස්සෙ උනත් මොහොමඞ්ව බේරන්න දගලන හැටි ”

”ඇයි මොකද කරල තියෙන්නෙ” නැන්දා ඇසූ ප‍්‍රශ්නයට මාමා පිළිතුරු ලබා දෙන්නේ දිග හුස්මක් ඇදීමෙන් පසුව ය . මොහොමඞ් ඇදන් හිටිය ලේ ගෑවුණ ඇදුමයි උපාලිට ගහපු පොල්ලයි පිච්චුව. රණ්ඩුව නිසා හැඩිවෙලා තිබුණ ගේ සේරම සුද්ද කරල .පොලිසියට උනත් හොයන්න බෑ ඒ ගෙදර රණ්ඩුවක් වෙලා කියල .” ඕව පුච්චල දැම්ම කියල වැඩක් තියෙනව යැ .අහල පහල මිනිස්සු අපූරුවට සාක්ෂි දෙයි .අනික  ඕව හංගන්ඩ පුළුවන් දේවල් යැ ”. නැන්දා එලෙස පවසන්නේ මොහොමඞ් මාමාට බේරීමට නොහැකි යන අදහසිනි .
”ෆාතිමා නංගි හැමෝටම කිව්ව මොකුත් දැක්කෙ නෑ කියන්ඩ කියලා අනික කවුරුත් දැක්කෙ නැහැනෙ උපාලිට ගහනව .හැමෝම ආවෙ උපාලි මැරිල වැටිල ඉන්නකොටනෙ ”.
”ගහනව දැක්කෙ නැති උනාට හැමෝම දන්නව මොහොමඞ් ගැහුවෙ කියල .ඉතිං මිනිස්සු  ඕව නොකිය ඉදීවි ද ?”. නැන්ද එලෙස කියන්නේ මොහොමඞ් මාමාට බේරීමට නොහැකිය යන අදහසින් ය .

”කවුරුත්  ඕව කියන්ඩ යන එකක් නෑ .වටේම ඉන්නෙ ෆාතිමා නංගීගෙ නෑදෑයො .අනික කවුද කැමති උසාවි ගානෙ රස්තියාදු වෙන්න” . ස්වාමියා මියගිය පසු සහෝදරයාව බේරා ගැනීමට ෆාතිමා නැන්දා දරණ ප‍්‍රයත්නය පුදුමාකාර ය .එය ඇයගේ අසරණකම නිසා සිදුවන්නකි . යම් දිනක මෙවන් දෙයක් සිදුවේ ය ’ යන්න ඇය දැන සිටියා විය හැකි ය . ෆාතිමා නැන්දාගේ හා උපාලි මාමාගේ සංස්කෘතීන්හි ඇති පරස්පරතාවය නිසාවෙන් ෆාතිමාගේ සහෝදරයා මෙම විවාහය සිදු වීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය . නමුත් මොවුන්ගේ විවාහයෙන් අනතුරුව මොහොමඞ් උපාලි මාමා සමග සිටියේ පුදුමාකාර වෛරයකින්ය . උපාලි මාමාගේ මරණය වෙනත් අයෙක් අතින් සිදු වූවා නම් මීට වඩා වෙනස් විය හැකි ය . යන්න මට සිතේ . මාමා පවසන පරිදි කිසිවෙකු සාක්ෂි නොදී සිටියහොත් මොහොමඞ් මාමාට නීතියෙන් බේරිය හැකි ය . නමුත් කිසි දිනක හෘද සාක්ෂියෙන් බේරිය නොහැකි ය .

ටික වේලාවකට පසුව රෙදි පොටින් කªලු පිස දමමින් ෆාතිමා නැන්දා අප නිවසට පැමිණ බිම වාඩි වී දිග සුසුමක් හෙලුවා ය . ටික වේලාවකට පසුව ඇය පැවසූ දෙය පුදුම සහගත ය .
”මැරුණු එකා දැන් ඉවරයි .දැන් ඉතින් ඉන්න එකාවත් බේරගන්ඩ එපැයි .සමහර විට පොලිසිය මොහොමඞ් මල්ලිව අල්ලගෙන යයි . දැන් තියාම නීතිඥ මහත්තයෙකුට කියල තියන්ඩ  ඕන.අයිය දන්න හොද නීතිඥ මහත්තයෙක් එහෙම නැද්ද ?
සිදු වූ මරණයේ උණුසුම යන්නත් පෙර ෆාතිමා නැන්දා මෙලෙස හැසිරීම මට සිතාගත නොහැකි ය . අවසානයේ කාලයට ඉඩ දී බලා සිටීම හැර සිදු කළ හැකි කිසිවක් නොමැත .




                                                                                                      සෙව්වන්දි රශ්මිලා අධිකාරි


No comments:

Post a Comment