Dept Maco

Tuesday, April 16, 2019

ආදරණිය අම්මා..........


මෑණියනි



ළදරු වියේ සිටම
මලක් මෙන් ඇති දැඩි කල
අතොරක් නොමැති
මහ සයුරේ කිමිදෙන්නට
වරම් ලබා දුන්
මා ජීවිතය බදු මව්නි ......

කටුක දුක් විද
කදුළු බිදු මැද
පොලොව තෙත් කල
භූමියට දුක කියූ ආදරණිය අම්මා ඔබය....

සෙනෙහස් දහරේ උල්පත වී
මං මුලා නොවන්නට
මග විවර කර දුන්
සාගරයේ කැලඹුණු
තරංගයක් බදු වූ
මගේ ආදරණිය මව්නි...

ලෙඩක් ඇති වූ විගස
තුරුල් කරගෙන සනසා
අවැසි සියලු දේ දුන් නිවසේ දෙවඟන වූ
 මගේ ආදරණිය මව්නි ....

ජීවිතයේ කටුකත්වය තුලින්
                                                                         අභිතව නැගී සිටිමට
                                                                         මට ගුරුහරුකම් කල
                                                                         මගේ ආදරණිය මව්නි උපදින හැම ආත්මයේම 
                                                                         මගේම මව් සැමදා රැදෙවා
                                                                            නිතැතින්ම පතමි හඳ පුරාවට.............


                                                                                                                  සෙව්වන්දි රශ්මිලා අධිකාරී

No comments:

Post a Comment