1950 මැයි මාසයේ 22 වන දින මාතර දිස්ති‍්‍රක්කයේ දෙනියාය ආසන්නයේ පිහිටි රඹුකන නම් ග‍්‍රාමයේ ඉපිද පසුව පැවිදි බිමට ඇතුලත් වූ හිමි නමක් වශයෙන් රඹුක්කන සිද්ධාර්ථ හිමියන් හැදින්විය හැක . පැවිදි බිමට පිවිසෙමින් විවේකි රසය ක‍්‍රමවත් අයුරින් යොදා ගත් හිමි නමකි . රස වින්දනය බුදු දහම ප‍්‍රතික්ෂේප නොකරයි . බුදු දහම ප‍්‍රතික්ෂේප කරනු ලබන්නේ එම රසය තුළ ඇලී ගැලී සිටීමයි . මෙහිමියන් ඉතා සංයමයෙන් යුතුව ගීත ලියා තිබීම සුවිශේෂී ය . අනුරාධපුර , පොළොන්නරු යුග වල දී බෞද්ධ සාහිත්‍ය යම් තරමකට පෝෂණය විය .
ජාතක කතා , අටුවා ග‍්‍රන්ථ , බෝධි වංශය වැනි අර්ථාන්විත කෘති ලියවෙන්නට එම යුගයන් සමත් විය . එසේම කෝට්ටේ යුගයද සාහිත්‍යයෙන් සුපෝෂිතම යුගයක් වශයෙන් හදුනාගත හැකි ය . ශී‍්‍ර රාහුල හිමි , වෑත්තෑවේ හිමි , වීදිගම හිමි ආදී හිමියන් සාහිත්‍ය පෝෂණය කර තිබේ . ඒ අනුව යමින් වර්තමානය තුළ ඉතා ඉහළ මට්ටමින් කැපී පෙනෙන හිමි නමක් වශයෙන් සිද්ධාර්ථ හිමි හැදින්විය හැක . ගැමි සමාජය තුළ ඉපිද හැදී වැඞී පැවිදි බිමට පත් සිද්ධාර්ථ හිමියන් එදා මෙන්ම වර්තමානය තුළ ද ඉතා සරල ලෙසින් ජීවත් වෙයි . එම සරලත්වයත් සමගින් සමාජගත පුද්ගලයා ද අර්ථාන්විත මිනිසෙකු කිරීමට එ හිමියන් කැපවෙයි . කුඩා දරුවාගේ සිට වැඞීමහල් පුද්ගලයා දක්වා දුසිරිතෙන් තොර මිනිසෙකු කිරීමට ගීතය යොදා ගනී .
පැවිදි බිමට පත් සිද්ධාර්ථ හිමියන් බෞද්ධ කතා පුවත් අනුසාරයෙන් ගීත බොහෝමයක් රචනා විය . පැවිදි හිමි නමක් වුව ද ගිහි ජීවිතයේ ඇතැම් සිදු වීම් ද අලලා ගීත නිර්මාණය කර තිබේ .
”සද තරු මල් ” ගීතය එලෙසින් රචනා වන්නක් ය . ජීවිතයේ ඇති නිසරු දේ මගින් සරු දෙයක් සෙවීමට කටයුතු කර ඇත . සමාජයේ පවත්නා යථා ස්වභාවය පෙන්වා දීමට මේ හිමියන් උත්සහ දරා තිබේ . ප‍්‍රතිභා පූර්ණ ගීත රචක හිමි නමක් වශයෙන් හැදින්වීම සාවද්‍ය නොවේ .
කලා නිර්මාණයක් වූ කලී එය හුදු වින්දනයක් පමණක් ලබා දෙන්නක් නොවිය යුතු ය . යම් අර්ථයක් සමාජගත පණිවිඩයක් ඇත්නම් එය හරවත් නිර්මාණයක් වශයෙන් හැදින්විය හැකි ය . රඹුක්කන හිමියන්ගේ ගීත තුළ එම අර්ථාන්විත බව පවතී .
රඹුක්කන හිමියන් බොහෝ ගීත රචනා කර ඇත . එනම්
1 සද තරු මල්
2 නුඹට හිතැති නුඹ හිත නැති
3 ළා දළු බෝපත්
4 මේ ඉර හද යට හමු වී
5 සරසවි කදුලු පාය
වැනි ගීත ද මීට අමතරව තව බොහෝ ගීත රචනා කර තිබේ .
අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙ ද සුදුකොඩි නැගුනේ
දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහිමත මැවූනේ
ඒ නුඹලාටයි ¥ දරුවන්ටයි
මොන රජ මැදුරෙ ද දොරටුව හැරුනේ
රජ සැප විදිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර තැනුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ
”අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ” යන ගීතය ඇසෙත්ම ඕනෑම පුද්ගලයෙකුට මතකයට එනු ලැබෙන්නේ පීඩිත පංතියයි . සමාජය ගත් කල ඒ තුළ උඩු පෙලක් මෙන්ම යටි පෙලක් පවතී . ගීතයක් ද එසේම ය . සමාජයේ උඩු පෙල රදා පවතින්නේ යටි පෙල නිසාවෙන් ය . එනම් රටේ ආර්ථිකය නිසා උඩු පෙල ඇති කලාව , දේශපාලනය ආදී සියලුම සාධක රදා පවතී . පීඩිත පංතිය නොහොත් නිර්ධන පංතිය නිසා ධනපති පංතිය රදා පවතී . කම්කරුවන්ගේ ඇති උදාරතර බව මෙම කවිය මගින් මැනවින් නිරූපණය කර තිබේ . හිමි නමක් විසින් මෙම ගීතය රචනා වුව ද කම්කරු පංතියේ ඇති මෙම අගයන් මැනවින් සියල්ලන්ටම පෙන්වා දෙන්නට ගීතය උපයෝගී කරගෙන තිබේ . කුමන හෝ අංශයක් සංවර්ධනය වේ නම් මෙම කම්කරු පංතියේ ද දායකත්වය අනිවාර්යෙන් ලැබේ . රටේ ප‍්‍රධාන වගාව වී ගොවි තැනයි . මෙමගින් රටේ සියල්ලන්ටම බත සපයා දෙයි . මෙම බත සපයන්නේ රජ මැදුරු තුළ සිටින ධනවත් පිරිස නොව රටේ සිටින සාමාන්‍ය ජනයා ය . බත පමණක් නොව එළවළු , පලතුරු , ධාන්‍ය ආදී සියලු දේ ලබා දෙන්නේ රටේ සිටින්නා වූ සාමාන්‍ය ජනතාව යි . එසේ ම ඔවුනට ජීවත් වීමට ඇති එකම මාර්ගය ගොවිතැන යි . අව්ව වැස්ස ආදිය මොවුන්ට නුහුරු දේවල් නොව . නුහුරු පුද්ගලයින්ට ද ඒවාට හුරු වීමට සිදුව තිබේ . එනම් ආර්ථිකය සපයා ගැනීමට සෘතු විපර්යාස බල බලා සිටීමට ඔවුනට නොහැකි ය . එලෙස වන්නේ ඔවුන්ගේ දරිද්‍රතාවය නිසා ය . මුළු දවසම මුළු ජීවිත කාලයම ඔවුන් සමාජ කර්තව්‍යන් සදහා කැප වෙයි . ඒ අයුරිඅන් ගොවිතැන් කරමින් සිටින්නා වු ජනයාගේ දෑත් සිනිදු නොවේ . ගොරෝසු බවින් යුක්ත ය . දෑත් දෙපා කරගැට මුත් සිත ඉතා සංවේදී බවින් යුක්ත ය . ඒ බව රඹුක්කන හිමියන් සංවේදී හා යථාර්ථවත් ලෙස පෙන්වා දෙයි . අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ඔවුන්ගේ දෑත්වල ශක්තියෙන් රටවල් නංවනු ලැබේ . අව්ව වැස්ස ආදියෙන් පීඩා විදිමින් පාලක පංතිය සැපවත් කිරීමට නිර්ධන පංතියට සිදුව තිබේ . ධනපති පංතියේ ම’දිර මාලිගා තැනීමට නිර්ධන පිරිස නැතහොත් රටේ සාමාන්‍ය පුද්ගලයින්ට හිමිව තිබේ . මුළු ජීවිත කාලයම පාලක පංතිය වෙනුවෙන් කැප කල ද අවසානයේ මළගම වෙනුවෙන් ද ධනපති පිරිස හැරී නොබලයි . සමාජ යථාර්ථය මැනවින් නිරූපනය කරනු ලැබීමට පළමු කවි පද හතරෙන්ම උත්සහ දරා තිබේ .
”අව්වට වැස්සට හුරු මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල් නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම වෙනුවෙන්
මොන රජ මැදුරෙ ද සුදු කොඩි නැගුනේ ”
රටෙහි රදා පැවැත්ම මැනවින් නිරූපණය කරනු ලබන අතර ධනපති පංතියේ යකඩ සපත්තුවලට පෑගෙමින් සිටින්නා වූ මිනිසුන්ට සිදුව පවතින්නා වූ අසාධාරණය මැනවින් මතු කරන්නේ අවසාන පදයෙහි ය . සමාජයේ සිටින ධනපති පංතිය උපහාසයට ලක් කරමින් කියා සිටින්නේ
”මොන රජ මැදුරෙ ද සුදු කොඩි නැගුනේ ” එසේම එය ප‍්‍රශ්නවාචී අයුරින් ඉදිරිපත් කරයි . ධනපති පිරිස්ගේ කවරෙකු හෝ මන්දිරයක සදු කොඩියක් එසවුනා ද යන්න ප‍්‍රශ්න කරයි . අතීතයේ රජ මැදුරු ද වර්තමානයේ මහා මන්දිර ද ඇත . එනම් නිර්ධන පංතියේ සම්පත් සූරා කමින් වස්තුව ගොඩ ගසමින් සිටින්නා පිරිසට දිළින්දන්ගේ ගැටලු නොපෙනේ . රටේ සිටින්නා වූ දේශපාලක පිරිස් ද ඒ හා සමාන ය . රඹුක්කන හිමියන් මෙම කවිය අතීත , වර්තමාන , අනාගත යන තෛ කාලයටම ගැලපෙන සේ රචනා කර තිබීම විශේෂිත වේ . රජ මැදුරු අතීතයේ තිබූ අතර වර්තමානය තුළ රජ මැදුරු නැත . නමුත් ධනය බලය එක් රැුස් කරමින් යුධ වදින්නා වූ එවැනිම පිරිසක් වර්තමානයේ සිටියි . එසේ ම එවැනි පිරිසක් අනාගතයේ දැක ගත හැකි ය . එවැනි වූ පිරිසක් කිසිදාකවත් ඊට පහත් යැයි සම්මත පිරිසගේ දුක් දොම්නස් දෙස නොබලනු ඇත . ”මොන රජ මැදුරෙ ද සුදු කොඩි නැගුනේ ” එම පැදි පෙළ මගින් ඒ බව මැනවින් අර්ථවත් වේ . මන්දිරවල සැප විදින්නා වූ පිරිස කම්කරුවන්ගේ ලේ දහඩිය සුවද නොහදුනන අයයි . කම්කරුවන් ධනපතියන් වෙනුවෙන් කොතෙකුත් දේ කල ද ධනපතියන්ගෙන් කිසිදු ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නැත . වර්තමානයේ දේශපාලනඥයින් ද දුප්පත් මිනිසුන් විසින් ලබා දෙන ජන්දයෙන් පත් වී සිටිය ද එම ස්ථානයට පත් වීමට ජන්ද ලබා දුන් ජනතාව දෙස හැරී නොබලයි . ධනපති පිරිසගේ පවත්නා ගුණමකු බව මෙමගින් නිරූපණය වේ . ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ මඩිය තර කර ගැනීමයි .
වෙහෙස මහන්සි වී ආර්ථික සංවර්ධනයට මෙන් ම ආගම පවත්වාගෙන යාමට ද දිළිදු පිරිස් නැතහොත් නිර්ධන පංතිය කටයුතු කරනු ලබයි .
”දා ගැබ් මහ වැව් කලා නිකේතන
නුඹලා දෑතිනි මිහිමත මැවූනේ
ඒ නුඹලාටයි ¥ දරුවන්ටයි
මොන රජ මැදුරෙ ද දොරටුව හැරුනේ”
අතීතයේ ද රට ඉතා ස්වයං පෝෂිත බවින් යුක්තව තිබී ඇත . එනම්
වැවයි ‐ දාගැබයි
ගමයි ‐ පන්සලයි
යන සංකල්පය මූලිකව තිබේ . ඉහත සංකල්පය ගොඩ නැගෙන්නේ ගම මූලික කර ගනිමින් ය .
වැවෙන් ආර්ථිකය දාගැබෙන් කලාව ගමෙන් සුන්දරත්වය පන්සලෙන් ආගම සංස්කෘතිය ඉදි වෙයි . වෙහෙර විහාර දාගැබ් කලා නිකේතන ආදී මේ සියල්ල ගොඩ නැගෙන්නේ සාමාන්‍ය ජනයාගේ දහඩිය කදුළු වගුරවා ඔවුන්ගේ දෑතින් ය . සිද්ධාර්ථ හිමි ආගමික පිළිවෙත් නිරූපණය කිරීමට මෙහිදී ප‍්‍රමුඛ වී තිබේ . ආගම හා සමාජය අතර සාමාන්‍ය ජනතාව තුළ පවතින්නා වූ සම්බන්ධය පෙන්වාදෙනු ලැබේ . වෙහෙස මහන්සි වී රට ගොඩ නගන්නට දෑත දෙපය වෙහෙසන එම මිනිසුන්ගේ දරුවන්ට ද රජ මැදුරු තුළ ධනපති නිවෙස්වල දොරටු විවෘත නොවේ .
අධ්‍යාපනයක් නිසි අයුරින් නොලැබීම නිසා ඔවුන් ගොවිතැන් කරමින් සිටිනු ඇත . නමුත් ඔවුන්ගේ දරුවන් ඉගෙන ගත්ත ද එම දරුවන්ට ද තැනක් නොලැබීම මින් අදහස් කළ හැකි ය . දේශපාලන බල අධිකාරිය නිසාවෙන් වර්තමාන සමාජය තුළ ද සුදුස්සාට සුදුසු තැනක් නොලැබීමේ තත්ත්වය ඇතිව තිබේ . වර්තමානය මෙන්ම අනාගත තත්ත්වය ද එසේ විය හැකි ය . රජවරුන්ට පමණක් නොව රජ දරුවරුන්ට ද රජ සැප විදින්නට මං විවර කරනු ලබන්නේ ද සමාජයේ සාමාන්‍ය ජනතාවය . අතීතයේ සිටි රජවරුන් මෙන්ම වර්තමානයේ සිටින ධනපතියන් ද කරනු ලබන්නේ ධනය බලය ගොඩගසා ගැනීමකි . ඔවුනට ජීවත් වීමට සියලු සැප සම්පත් හිමිය තිබේ . නමුත් සාමාන්‍ය ජනයාට එදා වේල සරිකර ගැනීමට ද නිතිපතා වෙහෙසීමට සිදුව තිබේ .
”රජ සැප විදිනට රජ දරුවන් හට
නුඹලා දෑතිනි මන්දිර තැනුනේ
ඒ නුඹලාගේ දුක දැක ගන්නට
මොන රජ දරුවද පැලකට වැඩියේ ”
ධනවතුන්ගේ ඕනෑ එපාකම් සියල්ල ඉටු කල ද එම සාමාන්‍ය ජනතාවට දුකක් කරදරයක් ඇති වූ විට කිසිදු ධනවතෙකු තමන් බැලීමට පැමිනෙන්නේ නැත .
මෙ අයුරින් සමාජය ඉදිරියේ තැබුවා වූ කැඩපතක් මෙන් සමාජය මැනවින් නිරූපණය වී ඇති බව ඉහත ගීතය මගින් හදුනාගත හදුනාගත හැකි ය .
සෙව්වන්දි රශ්මිලා අධිකාරි

Honda vigrahayak suwwandi
ReplyDeleteme lipiya hodai sewwandi
ReplyDeleteකඳුළුහෙලා නෑඹිලියට සහල් ගරන අම්මා
ReplyDeleteසුසුම් හෙලා ගිනි දලුගෙන ළිප මොළවන අම්මා’
සහල් ගරන්නේ නෑඹිලියට එක්වන කඳුළු වතුරෙනි. ළිප ගිනි දලු මොළවන්නට ඈ පිඹින්නේ හෙළන සුසුම්ය. සිද්ධාර්ථ හාමුදුරුවන්ට මේ උපමා හමුවන්නේ කෙසේද? මව් ගුණ සේම මවකගේ දුකින් පිරුණු අඳුරු ජීවිතය ද නොවේද උන්වහන්සේ අපට චිත්‍රණය කොට දක්වන්නේ. හඬා වැටීම්, වැලපීම්, චෝදනා, ගැරහීම් තොර යසෝදරාවගේ චරිතය සේම, දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා බුදුවෙන පුතුන් හට ඉණිමං තැනූ මව ද අපගේ ජීවිතය වසා පැතිරී සිටිති. ආදරය සේම සෙනෙහස ද මේ චරිත වටා අපට දැනේ. සිද්ධාර්ථ හාමුදුරුවන්ගේ වචනවල මහිමයෙන් ඒ ආදරය සෙනෙහස අපට දැෙනන්නේ.
බුද්ධදාස ගලප්පත්ති
lassanai bn
ReplyDelete