Dept Maco

Friday, April 12, 2019

ඖෂධීය ගුණයෙන් අනූන මී ගසෙහි තතු

                           ඖෂධීය ගුණයෙන් අනූන මී ගසෙහි තතු

          
           


                     ඖෂධීය වටිනාකම් රැුසකින් යුක්ත වූ මී ගස හෙවත් පොහොර ගසෙහි උපන් බිම වන්නේ ශී‍්‍ර ලංකාවයි . මෙම ශාකය ඝර්ම කලාපවල පුළුල් ලෙස වර්ධනය වීම දැකගත හැක ය . ශී‍්‍ර ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද ඇතැම් ප‍්‍රදේශවල මෙම ශාකය ව්‍යාප්ත වී තිබේ. මෙම ශාකය ඉතා වේගයෙන් වර්ධනය වන අතර වර්ධනය වූ ශාකයක් මීටර් 20 ක් පමණ වේ .

අතීතයේ ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නීතිය අනුව මෙම ශාකය කැපීම පවා තහනම් කර තීබී ඇත . යමෙකු මී ගසක් කපා දැමීම හෝ විනාශ කිරීම සිදු කළේ නම් එම පුද්ගලයාට මරණ දණ්ඩනය පවා නියම කෙරූ බව අතීත කතා පුවත් මගින් අසන්නට ලැබේ. මී ශාකය ෙඖෂධීය  ගුණයෙන් ඉහත දී ද සදහන් කරන්නට විය . මෙම ශාකයේ ඇති බීජ මිරිකා එහි ඇති තෙල් මගින් නොයෙකුත් ඔෂධ ප‍්‍රතිකාර සදහා යොදා ගනී . මෙහි විවිධ තෛල සංඝටක ඇති බව විද්‍යාත්දකව තහවුරු වී තිබේ. 

අතීතයේ වී ගොවිතැන සදහා ද අනෙකුත් වගාවන් සදහා ද පොහොරක් ලෙද මෙම ශාකය භාවිත කර ඇත. මෙම ගසෙහි හට ගන්නා මී ඵල වවුලන් හා අනෙකුත් සත්ත්වයින් ආහාර ලෙස ගෙන අනතුරුව එම ෂතුන්ගේ වසුරු වලින් වගාවන්ට සරු බවක් ගෙනෙන්නට විය . වර්තමානයේ මෙන් නොව අතීතයේ දී කෘතිම පොහොර හෝ විෂ රසායනික දේ කෘමීන් විනාශ කිරීමට අවශ්‍ය ෙඖෂධ වගාවන් සදහා භාවිත කර නොමැත . වගාවන්ට හානිකර වූ කෘමීන්ව මී ගස් වෙත පැමිණෙන පක්ෂීන් අහාරයට ගනී. එනිසා වගාවන්ට හානිකර ෂතුන් විනාශ කිරීමට  කෘතිම දේ භාවිතයට ගෙන නැත. එසේම පොහොරක් ලෙස ෙඖෂධයක් ලෙස මෙහි ප‍්‍රයෝජනයන් රැුසකි . අප රට තුළ ඇති පරිසර හිතකාමි බවින් සුපෝෂිත වූ ඉතා වටිනාකමින් අනූන ශාකයක් ලෙසින් මී ශාකය හදුනාගත හැකි ය . 

අතීතයේ ගම් වල ඇති සෑම කුඞුරකම මෙම ශාකය තිබී ඇත . මී ගසේ ඵල සතුන් ආහාරයට ගන්නා අතර එම වසුරු මගින් කුඹුරු යායවල් සරුසාර වන්නා සේම එහි පත‍්‍ර ආදිය මගින් ද එහි පත‍්‍ර ආදිය කුඹුරට වැටීමෙන් ද කුඹුරු සාරවත් වේ. කෘතිම ලෙස පොහොර යොදා නොගන්නා බැවින් එම ආහාර අප ශරීරයට අහිතකර නොවේ. නමුත් වර්තමානයේ ගොවිතැන් කටයුතු සදහා අනිවාර්ය දෙයක් ලෙස මෙම රසායනික පොහොර ආදිය භාවිත කරනු දක්නට ලැබේ. පොලොවේ සිටින බැක්ටීරියා ආදීන් මෙම රසායනික පොහොර ආදිය පොළොවට ඉසීම නිසා විනාශ වී යයි . එම විනාශය නිසා බැක්ටීරියා නොමැති වීම මගින් බැර ලෝහ ආදිය ඉවත් නොවේ . එම අහිතකර දේ ශරීරගත වීම මගින් බොහෝ සෞඛ්‍ය ගැටලූ වර්තමානයේ මුහුණ දීමට සිදු වී තිබේ. මී ගෙඩි මගින් තෙල් සිදීමෙන් අනතුරුව ඉවතලන කොටස් පොහොරක් වශයෙන් භාවිත කරනු ලැබේ. අතීතයේ දී මෙය පොහොරක් ලෙෂ බහුලව භාවිත කළ ද වර්තමානයේ මෙම ශාකයේ විනාශයත් සමග මෙම තත්ත්වය අඩු වී තිබේ. 
 

      අතීතයේ නිවෙස්වල විෂබීජ විනාශයට මෙන් ම දරුවකු ලැබුණු පසු එම නිවසට දුම් ඇල්ලීම සදහා ද මී තෙල් ලබා ගත් පසු ඉතිරි වන කොටස ප‍්‍රයෝජනයට ගනී . හෙළ වෙදකම සදහා මෙම ශාකයේ බොහෝ කොටස් ඖෂධ වශයෙන් ලබා ගෙන ඇති බව වාර්තා වේ. සර්ප විෂ නැසීමට , සෙම් ආබාධ , වාත රෝග , මුත‍්‍රා අසාදන , චර්ම රෝග , රක්තපාතය ආදී වූ රෝගයන් බොහෝමයකට ප‍්‍රතිකාරයක් ලෙස මී ශාකය භාවිත කරයි .
මී තෙල් ගෙන පහන් දැල්වීමට ද සිදු කර ඇති බව කියවේ . අතීතයේ රජවරුන් විසින් මෙම මී ගස ආරක්ෂා කළ ද කෝල්බෲක් ආදී ප‍්‍රතිසංස්කරණ මගින් මෙම මී ගස විනාශ කිරීම සිදු කර තිබේ . ස්වභාවික පරිසරයේ ඉපිද සත්ත්ව ප‍්‍රජාවට මෙන්ම ශාකයන්ට ද සිසිලත් වූ මෙවැනි මී ගසෙහි වර්තමාන තත්ත්වය ඛේදනීය වේ. වටිනාකම් රැුසක් පැවතිය ද ඒ පිළිබදව නොදත් බව හෝ  නොසැලකිලිමත් බව නිසාවෙන් මෙම මී ශාකය වර්තමානයේ වදවෙමින් පවතින ශාකයක් ලෙස හදුනාගත හැකි ය . 

කෘතිම පොහොර හෝ වෙනත් කෘෂි රසායනික ද්‍රව්‍ය ආහාර වලට එක් කිරීමෙන් ඇති වන්නේ තම සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් පිරිහෙන තත්ත්වයකි . මෙවැනි වටිනාකමින් යුක්ත වූ මී ශාකය වද වීමට ඉඩ නොදී අතීත රජවරු කි‍්‍රයාත්මක කළ ප‍්‍රතිපත්තිය නැවතත් කි‍්‍රයාත්මක කළ යුතු බව අවධාරණය කරන්නෙමි .

     
මෙවැනි වෟක්ෂයන් විනාශයට යාමට ඉඩ නොදී රැුකගනිමු . එමගින් යහපත් සෞඛයක් සැමටම ලැබෙනු නොඅනුමානය .

                                                 

                                                                                                               
                                                                                                     සෙව්වන්දි රශ්මිලා අධිකාරි

1 comment:

  1. danagena hitiye na me gana deyak. digatama blog ekata liyanna

    ReplyDelete