Dept Maco

Wednesday, May 29, 2019

බර්ලෝ ආකෘතියේ ඇති සංකීර්ණතාව



    ආකෘතියක් යනු සමාජ ශ‍්‍රාස්ත‍්‍රයෙහි දැක්වෙන කරුණු විවරත්මකව පැහැදිලි කර ගැනීමට යොදා ගනු ලබන ක‍්‍රමවේදයකි . ඒ අනුව සන්නිවේදන විෂය ක්ෂේ‍්‍රත‍්‍රය තුළ ද මෙම ආකෘතිය දැකගත හැකි ය . එනම් එම විෂය විද්‍යාත්මකව හැදෑරීමට විෂය ක්ෂේ‍්‍රත‍්‍රයක සංවිධානාත්මක බව පැවතීමට එසේම එම සන්නිවේදන ක‍්‍රමිකව වර්ධනය හා නවීකරණය වීමට ද සන්නිවේසන ආකෘතිය වැදගත් වේ . එසේම යම් උපන්‍යාසයක් ඉදිරිපත් කර ගැනීමට ද මෙම ආකෘතිය උපකාරී වන බව හදුනාගත හැකි ය .
සන්නිවේදනය යන විෂය ක්ෂේ‍්‍රත‍්‍රය සම්බන්ධ විවිධ පර්යේෂකයින් මේ සදහා නිර්වචන හා ආකෘති ඉදිරිපත් කර ඇත . ඒ අතරින් සංකීර්ණ ආකෘතියක් ඉදිරිපත් කළ පුද්ගලයෙකු ලෙස ඬේවිඞ් කේ බර්ලෝ හදුනාගත හැකි ය . නමුත් සන්නිවේදන ක්ෂේ‍්‍රත‍්‍රය බතා හොදින් අධ්‍යනය කරමින් ගැඹුරු ආකෘති ඉදිරිපත් කර තිබේ .
බර්ලෝ විසින් 1960 වර්ෂයේ දී
The process of communication an introduction theory and practical නැමැති ග‍්‍රන්ථයේ දක්වා තිබේ. ඔහු ඉදිරිපත් කරන ආකාරයට සන්නිවේදනය යනු කි‍්‍රයාවලියක් බවත් එම කි‍්‍රයාවලිය එක් තැනක රැුදී පවතින්නක් නොවන බවත් එය ඒ මේ අත ගමන් කරන බවත් එක් පුද්ගකයෙකුට එකම ස්වරූපයෙන් එකම ස්වරූපයකින් මෙම කි‍්‍රයාවලියට සම්බන්ධ විය නොහැකි බවත් පෙන්වා දෙයි . එසේම මොහුගේ ආකෘතිය නාමික වශයෙන් SMCR හදුන්වනු ලැබේ.


S- Source  මූලාශ‍්‍රය
M - Message  පණිවිඩය
C - Chanel  නාලිය
R  Receiver ග‍්‍රාහකය 
 
බර්ලෝ ආකෘතියේ දී ප‍්‍රධාන අංගය ලෙස ගැනෙන්නේ මූලාශ‍්‍රයයි . සන්දේශයක් සකස් කිරීම සදහා යොදා ගනු ලබන්නේ කිසියම් තොරතුරු මූලාශ‍්‍රයකි . එසේ තොරතුරු තෝරා ගැනීමේදී තමන්ගේ උත්තේජනය හා රුචි අරුචිකම් ආදිය හේතුකොට ගනිමින් ඒ පිළිබදව බලපෑම් ඇති කරනූ ලබයි . මූලාශ‍්‍රයක් තෝරා ගැනීමේ දි බලපෑම් සිදුකරනු ලබන කරුණු 5ක් පිළබදව බර්ලෝ විසින් ගැඹුරින් විග‍්‍රහ කර තිබේ . එම කරුණු ලෙස මෙහි දී පෙන්වා දී ඇත්තේ
 සන්නිවේදන හැකිය


Communication Skills

Attitudes ආකල්
Knowledgeදැනුම
Social system සමාජ පද්ධති
Culture සංස්කෘතිය


    සන්නිවේදන කි‍්‍රයාවලියක් සදහා සන්නිවේදන හැකියාව බලපාන බව පෙන්වා දෙමින් ඒ අනුව ලිවීමේ , කතා කිරීමේ , කියවීමේ , සවන්දීමේ , සිතීමේ ආදී හැකියාවන් ප‍්‍රගුණ කර ගැනීමෙන් සන්නිවේදන ශක්තිය ද ප‍්‍රගුණ කළ හැකි බව පෙන්වා දෙයි . මේ අනුව ඔහු අවධානය යොමු කරනු ලබන අනෙක් සාධකය වනනේ ආකල්ප යන්න ප‍්‍රධාන කොටස් 3ක් ලෙස හදුන්වා දී තිබේ . එනම්
x    තමා විසින් තමා කෙරෙහි දක්වනු ලබන ආකල්පය
x    වස්තු විෂය කෙරෙහි දක්වන ආකල්පය
x    සන්නිවේදකයා ග‍්‍රාහකයා කෙරෙහි දක්වන ආකල්පය

යම් කරුණක් අනෙක් පුද්ගලයාට ඉදිරිපත් කිරීමේ දි එය ඉදිරිපත් කිරිම සුදුසු හෝ නුසුදුසු ද යන බව සිතා ඉදිරිපත් කිරීම මෙහි පළමු කරුණ මගින් දක්වා ඇත . දෙවැන්න මගින් පෙන්වා දෙනු ලබන්නේ යම් කරුණක් හෝ වස්තුවිෂයක් කෙරෙහි දක්වනු ලබන ආකල්පය කුමක් ද යන වග පිළිබදවයි . මොහු ආකල්ප පිළිබදව දක්වන තෙවන කරුණ වන්නේ ග‍්‍රාහක කණ්ඩායම පිළිබදව විශ්ලේෂණය කරමින් කරුණු ඉදිරිපත් කිරීමට සුදුසු කණ්ඩායමක් පවතී ද වශයෙන් තමා තුළ ඇති ආකල්පයයි . මූලාශය සදහා මෙම ආකල්පයන්ගේ ඇති වැදගත්කම ඉතා ගැඹුරින් බර්ලෝ ආකෘතිය මගින් පෙන්වා දෙනු ලැබේ .

මූලාශ‍්‍රයන් සමග බලපානු ලබන තෙවන කරුණ ලෙස සලකනු ලබන්නේ දැනුම යන්නයි. සන්නිවේදන කාර්යේ දී සන්නිවේදකයෙකු විසින් සිදුකරනු ලබන්නේ ග‍්‍රාහකයා අරමුණු කර ගනිමින් යම් දැනුමක් ලබා දීමයි . තමා ප‍්‍රස්තුත කරගනු ලබන කරුණු පිළිබදව නිසි දැනුමක් පැවතීම ඉතා වැදගත් කරුණකි . මෙහි දී සන්නිවේදකයාගේ මෙන්ම ග‍්‍රාහකයා සතුව ද සමාන දැනුම් මට්ටමක් පැවතිය යුතු බව මෙම ආකෘතිය මගින් පෙන්වා දී තිබේ. මොහු දක්වන පරිදි මූලාශ‍්‍රය සදහා වැදගත් වන්නා වූ සිව්වන කරුණ ලෙස දක්වනු ලබන්නේ සමාජ පද්ධති යන්නයි . එනම් සමාජගතව සිටින්නා වූ පුද්ගලයා එම සමාජය පිළිබදව යම් අවබෝධයක් පැවතීම ඉතා වැදගත් කරුණක් ලෙස මෙහි දී පෙන්වා දෙනු ලැබේ . අර්ථයන් වටහා ගැනීම සදහා ද සමාජය පිළිබද යම් දැනුමක් පැවතීම අත්‍යවශ්‍ය බව මෙහි දී පෙන්වා සෙනු ලැබේ .

පස්වන ලක්ෂණය වන්නේ සංස්කෘතියයි . සෑම පුද්ගලයෙකුටම සංස්කෘතික අනන්‍යතාවයක් පවතී . ග්‍රෝති‍්‍රක , ග‍්‍රාමීය නාගරික යන  ඕනෑම සමාජ පසුබිමක මේවා ඒ ඒ සංස්කෘතීන් කෙරෙහි යම් අවබෝධයක් පැවතීම අවශ්‍ය වේ . මූලාශ‍්‍රය සම්බන්ධයෙන් ද මොහු වඩා වැදගත් කරුණු 5ක් ඉදිිරිපත් කරන අතර ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන එම ලක්ෂණයන් සන්නිවේදකයාට මෙන්ම ගා‍්‍රහකයාට ද සමානව අවශ්‍ය වන බව ඔහු මෙම ආකෘතිය මගින් පෙන්වා දෙනු ලැබේ. එම කි‍්‍රයාවලිය ඉතා සංකීර්ණ බවකින් යුතු බවත් එය අධ්‍යනය කිරීම මගින් හදුනාගත හැකි ය .

මෙම ආකෘතිය අනුව

 M අක්ෂරය මගින් දක්වනු ලබන්නේ පණිවිඩය යන්නයි . සන්නිවේදකයා හා ග‍්‍රාහකයා අතර යම් බැදීමක් ඇති වනු ලබන්නේ මෙම පණිවිඩය මගින් ය . පණිවිඩය ගැන අවධානය යොමු කිරීමේ දි එහිදී ද කරුණු කිහිපයක් වෙන වෙනම ඔහු මෙම ආකෘතිය තුළ විග‍්‍රහ කර දක්වා තිබේ. එනම්
    මූලිකාංගය
    අන්තර්ගතය
    කේතය
    ඉදිරිපත් කිරීම යනුවෙනි .

යම් සිද්ධියක් අනුසාරයෙන් පණිවිඩය ගොඩනැගෙන බවත් පණිවිඩයක් සැකසීමේ දී ව්‍යුහය වැදගත් සාධකයක් වන බවත් හදුන්වා දෙයි . එම ව්‍යුහය අනුව පණිවිඩය සකස් කිරීම , සංවිධානය කිරීම , ගොඩනැගීම යන්න වයහය මගින් අවධාරනය කරනු ලැබේ. දෙවැනි කරුණ වන්නේ අන්තර්ගතයයි . එනම් යම් පණිවිඩයක් සැකසිමේ දී ඒ තුළ අර්ථවත් බව පැවතිම වැදගත් සාධකයක් ලෙස බර්ලෝ ආකෘතිය මගින් පෙන්වා දෙයි . යම් පණිවිඩයක් ඉදිරිපත් කිරීමේ දි සංකේත භාවිත කරනු ලැබේ. පහත සදහන් කරුණු 4 උපයෝගී කර ගනිමින් ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි . මෙමගින් පණිවිඩය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබදව බර්ලෝ අවධානය යොමු කර ඇති අයුරු සංකීර්ණ බව වටහා ගත හැකි ය .
බර්ලො තුන්වන මූලිකාංගය ලෙස ගෙන ඇත්තේ නාලිය යන්නයි . මෙහි දී ඔහු පෙන්වා දෙන්නේ සන්නිවේදන කටයුත්තක් සිදු කිරීමේ දී නාලිය වශයෙන් පංචේන්ද්‍රිය උපයෝගී වන බවත් එය සන්නිවේදකයාට මෙන්ම ග‍්‍රාහකයාට ද සමානව පැවතීම ඉතා වැදගත් බවත් පෙන්වා දී තිබේ .
හතරවන මූලිකාංගය ලෙස පෙන්වා දෙනු ලබන්නේ ග‍්‍රාහකයා යන්නයි . මෙහි දී ද සන්නිවේදකයා සදහා බලපානු ලබන මූලික සාධක 5 ග‍්‍රාහකයා කෙරෙහි ද බලපානු ලබන බව පෙන්වා දී තිබේ . මේ අනුව පෙනී යන්නේ සන්නිවේදකයා හා ග‍්‍රාහකයා අතර වෙනසක් නොපවතින බවකි .
මෙම ආකෘතිය තුළ ප‍්‍රතිපෝෂණ කි‍්‍රයාවලිය පිළිබදවද සදහන් නොවුනද ඉතා සංකීර්ණ අයුරින් මෙම සන්නිවේදන ආකෘතිය ඉදිරිපත් කර තිබේ . ඒ අනුව සමාජ විද්‍යාත්මකව මනෝ විද්‍යාත්මකව ජිව විද්‍යාත්මක ආදී දෘෂ්ටිකෝණ මගින් මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇති බව හදුනාගත හැකි ය .





7 comments:

  1. nodanna dewal mama godak igena gaththaa

    ReplyDelete
  2. නොදන්න කරුණු ගොඩක් දැනගත්තා ස්තූතියි...

    ReplyDelete
  3. කොවිඩ් නිසා ගෙදර ඉන්න නිසා මේ වගේ දෙයකින් විශය දැනුම වැඩි කරගන්න ලැබුණු එක ලොකු උදව්වක්

    ReplyDelete