ජන මාධ්‍ය ප්‍රතිපත්ති ගොඩනැංවීමට මුල් වූ අණපනත් හා ඒවායේ අන්තර්ගත විය යුතු කරුණු වල වැදගත්කම
ප්‍රතිපත්ති යනු ලිඛිත ව්‍යස්ථාපිත ලේඛනයකි . ඒ අනුව මාධ්‍ය ප්‍රතිපත්ති යනු වඩාත් යහපත් සදාචාරවත් නිවැරදි මාධ්‍ය භාවිතයක් ගොඩනැගීම සදහා හදුන්වා දෙන ලද නිශ්චිත ව්‍යස්ථාපිත ලේඛනයකි . ජන මාධ්‍යන්හි සන්නිවේදන හා ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වඩාත් සාධනීය ප්‍රතිඵල අත්පත් කර ගැනීම සදහා තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ලෙස ලිඛිතව සකස් කර තිබෙන කි‍්‍රයා පටිපාටියක් හෝ මූල්‍ය ලේඛනයක් ලෙස නිර්වචනය කළ හැකි ය .
රටක මහජනතාවගේ මූලික ආචාර විද්‍යත්මක , සදාචාරාත්මක , සංස්කෘතික , දේශපාලන සීමාවන්ට පටහැනි නොවන ආකාරයට මාධ්‍ය නියාමනය කිරීම සදහා හදුන්වා දී ඇති නිර්නායක මාධ්‍ය ප්‍රතිපත්ති බව හදුනාගත හැකි ය .
මාධ්‍ය කි‍්‍රයාකාරීත්වය ප්‍රතිපත්තිවලට අනුව මාධ්‍යයේ පාර්ශවකරුවන් සැමටම සාධාරණය වන පරිදි ප්රශස්ත අන්දමින් පවත්වාගෙන යන කි‍්‍රයාවලියකි . මාධ්‍ය ප්‍රතිපත්ති ආචාර ධර්ම මාලාවක් වශයෙන් ද හදුනාගත හැකි ය .
ආචාර ධර්ම පිළිබදව විද්වතුන් විවිධ අදහස් දක්වා තිබෙන අතර එවැනි කරුණු කිහිපයක් මෙලෙස හදුනාගත හැකි ය .
මිනිසුන් ජීවත්වන කුඩා වූත් විශාල වූත් සමාජයන්ගේ හැසීරීම් පද්ධතියේ නිගමනය කරන විද්‍යව ආචාර ධර්ම වේ . එමගින් හොද හෝ නරක නිරවද්‍යතාවය හෝ සාවධ්යතාවය යන මූලික සාධකවලට විනිශ්චයක් ලබා දේ .
( විලියම් ලයිලි *
නිවැරදි හා කළ යුතු දේ කුමක් ද යනුවෙන් දක්වන විද්‍යාව හෝ අධ්‍යනය
(හෙන්රි ස්මිත් *
මේ අනුව පැහැදිලි වන්නේ නිරවද්‍යතාවය , සත්‍යතාවය වගකීම පවත්වාගෙන යාම සදහා ගෙඩනැගෙන දේ ආචාර ධර්ම බවයි . එය එක්තරා ආකාරයක මාධ්‍ය ප්රතිපැඅත්ති වේ .
මේ අනුව ජන මාධ්‍ය යහ පැවැත්ම මෙන්ම මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය විවිධ සමාජ සංස්ථාවන් හා ආයතන කෙරෙහි නිශේධනීය තත්ත්වයක් බලනොපාන ලෙස පවත්වා ගැනීමට මෙය හේතුවක් වේ .
ඕනෑම රටක මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය වනනේ එම රටෙහි පවතින ආර්ථික , දේශපාලන , සංස්කෘතික , සමාජ සාමාජිකයින්ට අනුරූපව ය . එසේ ම පුවත්පත් ජන මාධ්‍ය ප්‍රතිපත්ති හා නියාමනය මූලික වශයෙන් අංශ ගණනාවක් ඔස්සේ ගොඩනැගී කි‍්‍රයාත්මක වේ.
x සමාජ ආචාර ධර්ම වටිනාකම් හා ධර්මතා
x දේශපාලන හා සමාජ කි‍්‍රයාවලිය
x ජාත්‍යන්තර නෛතික හා මානව අයිතිවාසිකම්
x එක් එක්් ජනමාධ්‍ය ගොඩනැගෙන තිබෙන මාධ්‍ය අචාර ධර්ම හා නෛතික සීමා
ඒ අනුව පොදුවේ මාධ්‍ය ප්රතිපත්තිවල අන්තර්ගතය ප්‍රධාන පත්‍ර දෙකකින් සකස් වී තිබේ .
ආචාර ධර්ම
ව්‍යවස්ථාමය නෛතික ප්‍රතිපාදන
මේ අනුව ව්‍යවස්ථාමය නෛතික ප්‍රතිපාදන අණපනත් මාධ්‍ය ප්‍රතිපත්ති ගොඩනැංවීම සදහා බලපා ඇති ආකාරය මෙරට නීති මූලාශ ඇසුරින් පැහැදිලි කළ හැකි ය . නිදසුනක් ලෙස මෙරට ප්‍රතිපත්ති වලින් ආරක්ෂා කරන එක් අරමුණක් වන්නේ රටක ප්‍රකාශන නිදහස තහවුරු කිරීමයි . 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ජේදයේ 14 වගන්තියේ 1 අ කොටස යටතේ පුරවැසියන්ට තාක්ෂණයට , ලේඛනයට පොදුවේ ප්‍රකාශන නිදහසට ඇති අයිතිය තහවුරු කර තිබේ .
මාධ්‍ය ප්රතිපත්තිවල තවත් අරමුණක් වන්නේ ප්‍රකාශන නිදහස සීමාව ඉක්මවා භාවිත කිරීමෙන් වලක්වා ගැනීමයි . 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයේ 14 වගන්තියේ 1 අ යටතේ පෙන්වා දි ඇති ප්‍රකාශන නිදහස එම ව්‍යවස්ථාවේ 15 වේ 2කේ හා 15 වේ 7 යන වගන්ති මගින් නැවතත් සීමා කර ඇත .
මෙයට අමතරව ජන මාධ්‍ය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන නීතිමය අණපනත් 33 න් පමණ මෙරට දැකගත හැකි ය .
1833 අංක ප5 දරන ප්රවෘත්ති පත්‍ර ආඥා පණත
1885 අංක 1 දරන මුද්‍රණකරුවන් හා ප්රකාශනයන් සම්බන්ධ ආඥාපනත
1921 අංක 4 දරන අසත්‍ය ප්‍රකාශන පනත
1951 අංක 23 දරන ප්‍රසිද්ධ රැුගුම්පාලක මණ්ඩල පනත
1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත
1955 අංක 32 දරන නිළ රහස් ආඥා පනත
1958 අංක 41 දරන දේව අපහාස අඥා පනත
1966 අංක 37 දරන ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්තා පනත
1971 අංක 41 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනත
1973 අංක 5 දරන ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල පනත
1980 අංක 30 දරන බුද්ධිමය දේපල පනත
1982 අංක 6 දරන ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථා පනත
පෙර සදහන් කළ ප්රවෘත්ති පත්‍ර අඥා පනතේ හා මුද්‍රණකරුවන් හා ප්‍රකාශකයන් සම්බන්ධ ආඥා පනත මගින් අපේක්ෂා කරන්නේ මුද්‍රිත ප්රකාශනවල අන්තර්ගත විය යුතු කරුණු විධිමත් කිරීම හා නීති විරෝධී මුද්‍රණ කටයුතු වැලැක්වීමට අදාල නෛතික ප්‍රතිපාදන හදුන්වා දීමයි .
ප්‍රසිද්ධ රැුගුම්පාලක මණ්ඩල පනත මගින් අපේක්ෂා කරන්නේ සමාජයට සදාචාරයට අහිතකර අසභ්‍ය ප්‍රකාශන සමාජගත කිරීම වැලැක්වීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලැස්වීමකි .
අසත්‍ය ප්‍රකාශන පනත මගින් සමාජයට අහිතකර අසත්‍ය ප්‍රකාශන සමාජගත කිරීම වැලැක්වීමට අවශ්‍ය නීතිය දක්වා ඇත .
පුවත්පත් මණ්ඩල පනත තුලින් පුවත්පත් යහපත් මට්ටමින් පවත්වාගෙන යාම පුවත්පත් වැරදි වැලැක්වීම පුවත්පත් ආචාර ධර්ම පවත්වාගෙන යාම සදහා ප්‍රමිති ඇති කර ගැනිම
බුද්ධිමය දේපල පනත මගින් සිදුකොට ඇත්තේ නිර්මාණකරුවන්ගේ නිර්මාණාත්මක බුද්ධිය දේපලක් ලෙස ආරක්ෂා කර දීමයි .
මෙයට අමතරව නිති මූලාශ්‍ර ද මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදනයේ දි ප්‍රයෝජනයට ගනි .
මානව හිමිකම් පිලිබද ප්රඥප්ති
යුනෙස්කෝ මාධ්‍ය ප්‍රතිපත්ති
මැක්බ්රයිට් වාර්තාව
ජාත්‍යන්තර විදුලි සංදේශ ප්‍රතිපත්ති
යුරොපා සන්නිවේදන ප්‍රතිපත්ති
ෆෙඩරල් සන්නිවේදන ප්‍රතිපත්ති
මේ අනුව පැහැදිලි වන්නේ රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුළු මෙම අණපනත් පවතින නෛතික ප්‍රතිපාදනයන්හි අවසාන ඉලක්කය වී ඇත්තේ ජන මාධ්‍යයේ මූල ධර්ම සංස්කෘතික හා සාරධර්ම අගයකින් වටිනාකම් වගකිම් යුතුකම් හා ගෞරවයන් ඇතුළු ජන මාධ්‍ය ආචාර ධර්ම සුරක්ෂිත කිරීම බවයි .
මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී අවධානය යොමු කළ යුතු හා අන්තර්ගත කරුණු ගණනාවක් පවතින බව
මාධ්‍ය පාලනය
මාධ්‍ය ප්රමිතීන්
පුද්ගලිකත්වය
මාධ්‍ය නිදහස
බුද්ධිමය දේපල හිමිකම
සාපරාධි අපරාධ
තොරතුරු දැන ගැනිමේ අයිතිය
මාධ්‍ය කර්මාන්ත හා මාධ්‍ය ආර්ථිකය
මාධ්‍ය කොමිසම් හා සිමා
දුරස්ථ සන්නිවේදන ප්රතිපත්තීන්
මාධ්‍යයේ සමාජ බලපෑම්
මෙම ප්‍රතිපත්ති අන්තර්ගත විය යුත්තේ මොනවාදැයි විවිධ මාධ්‍ය ප්‍රතිපත්ති මාලාවන් මගින් පෙන්වා දිය හැකි ය .
යුනෙස්කෝව මැදිහත් වීමෙන් 1983 දී පැරිස් නුවරට රැුස් වූ මාධ්‍ය ආදි සංවිධාන පහත සදහන් ප්‍රතිපත්ති කෙරෙහි ද අවධානය යොමු කර තිබේ .
x ජනතාවගේ ෂත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය
x විෂය මූලික යථාරූපී වාර්තාකරණය
x ජනමාධ්‍යවේදියාගේ වෘත්තිය
x මහජන කැමැත්තට ගරු කිරිම
x විශ්වීය වැදගත්කම් හා සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම
මෑත කාලිනව ලංකාවේ ජනමාධය හා තොරතුරු අමාත්‍යංශය විසින් හදුන්වා දුන් ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති කලාව තූළ අවදානය යොමු කළ කරුණු ගණනාවක් පවති .
මාධ්‍ය නිදහස හා තොරතුරු වලට ප්රවේශවීමේ අයිතිය
ජාතික හා සමාජ වගකීම්
මාධ්‍ය සංවර්ධනය
පුද්ගලභාවය ආරක්ෂා කිරිම
පිළිතුරු දීමේ අයිතිය ආරක්ෂා කිරිම
කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය
මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්
අපරාධ හිංසනය පිටු දැකීම
මෙහි දි රාජ්‍ය මධ්‍ය ප්රතිපත්තිවල ඇති වැදගත්කම පිලිබදව අවධානම යොමු කළ යුතු ය . මාද්‍ය ප්‍රතිපත්ති අත්‍යවහ්‍ය වන්නේ යහපත් ජන මාධ්‍යවේදයක් හෙවත් සදාචරවත් මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යාම සදහා ය .
යහපත් ජනමාද්යවේදය තුළ පිලිගැනෙන සාරධර්ම ගණනාවකි .
නිරවද්‍යතාවය
මධ්‍යස්ථ බව
සංවර බව
ස්වාධීන බව
සත්‍ය ප්රකාශනය
වැරදි නිවැරදි කිරීම්
සත් භාවයෙන් කටයුතු කිරිම
සමාජ ප්‍රශ්නවලට විසදුම් සෙවීම
ත්‍යාග ශා අල්ලස් නොපිළිගැනීම
පෙර සදහන් කළ සාරධර්ම සුැක්ෂිත කර ගැනීමට නම් රටකට මාධ්‍ය ප්‍රතිපත්ති මාලාවක් අත්‍යවශ්‍ය වේ .
නමුත් නූතනයේ ජන මාධය තුල අහිතකර ප්රවනතා රැුසක් දැකගත හැකි ය .
ලිංගිකත්වය , කාමුකත්වය , ප්රචණ්ඩත්වය හුවා දැක්වීම
වෙළද අරමුණු වෙනුවෙන් පෙනී සිටීම
පක්ෂපාතී ජන මත නිර්මානය කිරීම
අයහපත් සමාජානුයෝජනය
රසවින්දනයකින් තොර වැඩසටහන් බහුල වීම
මෙවැනි අහිතකර ප්රවනතාවලට විසදුම් සෙවිය හැකි වන්නේ මාධ්‍ය ප්‍රතිපත්ති තුළිනි .
එසේම තව දුරටත් මාධ්‍ය ප්‍රතිපත්ති
x රටක සංවර්ධනය අරමුණු සාක්ෂාත් කිරීම සදහා
x යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැංවීම සදහා
x රටක අධ්‍යාපනය හා සාක්ෂරතාවය වර්ධනය කර ගැනිම සදහා
x මාධ්‍ය නිදහස, තොරතුරු දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම සදහා
x සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත කිරීම සදහා
x වෘත්තිය අචාර ධර්ම අනුව කටයුතු කිරීම සදහා
x මාධ්‍යවේදියාගේ සමාජ වගිකීම් ආරක්ෂා කිරිම සදහා අවශ්‍ය මගපෙන්වීම් සිදු කරයි
මේ අනුව බලන කල ජන මාධ්‍ය ප්‍රතිපත්ති ගොඩනැංවීමට මුල් වූ අණපනත් හා එමගින් ඉටුවන්නා වූ කාර්භාරය හා වැදගත්කම මෙලෙසින් හදුනාගත හැකි ය .
සෙව්වන්දි රශ්මිලා අධිකාරි
niyamaii
ReplyDeleteගොඩක් හොද ලිපියක්
ReplyDelete