Dept Maco

Saturday, May 18, 2019

සන්නිවේදන කාර්යේදී සන්නිවේදන මූලිකාංග පිලිබද අවබෝධයේ ඇති වැදගත්කම

සන්නිවේදන කාර්යේදී සන්නිවේදන මූලිකාංග පිලිබද අවබෝධයේ ඇති වැදගත්කම

සන්නිවේදන මූලිකාංග හදුනාගැනීමට පෙර සන්නිවේදනය යන්න හදුනාගැනීම වටී . සන්නිවේදනය යන්නෙහි වචනාර්ථ තේරුම වන්නේ තොරතුරු , අදහස් , දැනුම යනාදිය හුවමාරු කර ගැනීම ලෙස සරලව හැදින්විය හැකිය . එනම් සන්නිවේදනය යනු මනාකොට දැනවීම හෙවත් හැගවීම යි . සන්නිවේදනය පිළිබදව හැරල්ඞ් ඞී ලැස්වෙල් නම් දේශපාලඥයා මෙසේ නිර්වචනය කර ඇත .

”කිසියම් පුද්ගලයෙකු යම් කිසිවක් කිසියම් මාධ්‍යයකින් යමෙකුට කිසියම් අර්ථයක් සදහා කියනු ලබන දෙය සන්නිවේදනයයි ”
  




 මේ අනුව සන්නිවේදනය යනු කුමක් ද කියා යම් මට්ටමක අර්ථ නිරූපණයක් කළ හැකි ය .
සමාජය තුළ සිදුවන්නා වූ නොනවතින කි‍්‍රයාදාමයක් ලෙස සන්නිවේදනය හදුනාගත හැකි ය . සන්නිවේදනය කිරීමේ දී සන්නිවේදන මූලිකාංග පිළිබදව දැනගැනීම අවබෝධය ඉතා වැදගත් වේ . සන්නිවේදන මූලිකාංග ලෙස පහත ඒවා හදුනාගත හැකි ය .

x    සන්දේශ මූලාශය
x    සන්නිවේදකයා
x    නාලිකාව
x    ග‍්‍රාහකයා
x    ප‍්‍රතිකි‍්‍රයා
x    සන්නිවේදන බාධා

සන්නිවේදන කි‍්‍රයාදාමය තුළ අපට ප‍්‍රථමයෙන් හමුවන්නේ සන්දේශ මූලාශ‍්‍රයයි . සන්දේශය ගලා යාම සදහා තොරතුරු ලැබෙන්නේ මෙතුලින් ය . කිසියම් සංදේශයක් සකස් කර ගැනීම සදහා තොරතුරු මූලාශයක් ඇසුරු කළ යුතු ය . උදාහරණයක් ලෙස රිය අනතුරක් සිදු වූ විට එය ඇසුරු කරමින් සංදේශය ගොඩනැගිය හැකිය . පරීක්ෂණය පවත්වනු ලබන පොලිස් නිලධාරීන් තොරතුරු මූලාශය සදහා උදාහරණ ලෙස දැක්විය හැකි ය . පෙර දී සදහන් කරනු ලැබූ එනම් රිය අනතුර වූ ස්ථානය ප‍්‍රාථමික මූලාශ‍්‍ර ලෙසත් දෙවන උදාහරණයට අනුව එය ද්විතික මූලාශය ලෙසත් හදුනාගත හැකි ය . වේගවත් තොරතුරු සම්පාදනයක් සිදුවේ නම් එය සංවර්ධනයේ ද මූලික ලක්ෂණයකි . නිදසුනක් ලෙද සුනාමි උවදුරක් එන බව පෙර දැනුවත් කිරීම නිසා ජීවිත බේරා ගැනීමට කි‍්‍රයා පිලිවෙත් ැනුගමනය කළ හැකි ය . එවිට රටතුළ පවතින විනාශකාරි බව යම් මට්ටමකට ලිහිල් කර ගත  හැකි ය .
සන්නිවේදන මූලිකාංගයන්ගේ දෙවැනි මූලිකාංගය වන්නේ සන්නිවේදකයාය . එනම් තොරතුරු මූලාශයකින් තොරතුරු ලබා ගෙන ග‍්‍රාහක ගත කරනු ලබන්නා ය . කිසියම් තොරතුරු මූලාශයක් මගින් තොරතුරු එක් රැුස් කරන වාර්තාකරුවා මාධ්‍ය ආයතනයක් තුළ එකී තොරතුරු සංදේශයක් ලෙස සකස්කරනු ලබන සංස්කාරකවරයා හා තොරතුරු ග‍්‍රාහකගත කරන සන්නිවේදකයින් ලෙස හදුනාගත හැකි ය . සන්නිවේදන කි‍්‍රයාවලිය ආරම්භ කර එයට ජීවය සපයන්නේ සන්නිවේදකයන් ය . සන්නිවේදන කි‍්‍රයාදාම තුළ දී සන්නිවේදකයා යන මූලිකාංගය හදුනාගැනීම හා සන්නිවේදනය මනා ලෙස සිදු කරනු ලබන්නේ කෙසේ ද සන්නිවේදකයාගේ කාර්යභාරය මොනවාද කියා දැන සිටිය යුතු ය .
එනම්
    නිවැරදි තොරතුරු ඉදිරිපත් කිරීම
    නිරවුල් බව
    සරල බව
    සන්දේශය ග‍්‍රාහක ආකර්ශනය ඇති වන ලෙස ඉදිරිපත් කිරීම
    භාෂාව පිළිබදව සැලකිලිමත් වීම

ආදි කරුණු සන්නිවේදකයා විසින් දැන සිටීම සන්නිවේදකයාට මෙන්ම ග5ාහකයාට ද වැදගත් වේ.
සන්දේශය නැතහොත් පණිවිඩය ලෙසින් සන්නිවේදන කි‍්‍රයාදාමය තුළ ඇති තෙවැනි මූලිකාංගය හදුනාගත හැකි ය . මෙය සන්නිවේදකයා විසින් ලබා ගෙන ග‍්‍රාහක ගත කරනු ලබයි . මෙ තොරතුරක් හෝ දැනුම , විනෝදය ගෙන දෙන්නක් විය හැකි ය . කථිකයෙකු විසින් පවත්වනු ලබන කතාව ද සන්දේශයකි . ග‍්‍රාහක ගත කිරීමේ දී එම සංදේශයේ නිවැරදි බව පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් බැලිය යුතු ය . යම් සාවද්‍ය තොරතුරක් බොහෝ විට ජන මාධ්‍ය මගින් ග‍්‍රාහකගත වූවහොත් එමගින් බොහෝ ගැටලූ රාශියකට මුහුණ පෑමට සිදු වේ . මාධ්‍යන්ගේ විශ්වාසනීය බව ද අඩු වෙයි . එම නිසා ග‍්‍රාහකගත කිරීමට පෙර එම සංදේශය පරීක්ෂා කිරීමට මාධ්‍ය තුළ සංස්කාරකවරු මගින් සංස්කරණ කටයුතු ද වාරණය සිදු කිරිම් ආදිය ද සිදු කරයි . මෙය ඉතා වැදගත් කරුණකි .
සන්දේශය ග‍්‍රාහකගත කරනු ලබන්නේ මාධ්‍ය නැතහොත් නාලිකාව මගින් ය . මෙම සන්නිවේදන කි‍්‍රයාදාමයේ සිව්වන මූලිකාංගයයි . වර්තමානය තුළ සන්නිවේදනය සදහා විද්‍යුත් මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය ද බොහෝ සේ උපයෝගී කර ගනු ලබයි . මෙම සියල්ලටම මාධ්‍ය කියන අතර රූපවාහිනිය ගුවන්විදුලිය ආදි දේ නාලිය මගින් හදුනාගත හැකි ය . මාධ්‍ය භාවිතය සන්නිවේදන වර්ගයට අනුව විවිධ මාධ්‍ය ස්වරුප ගත හැකි ය . සන්නිවේදකයා විසින් මාධ්‍ය හසුරුවන ස්වරූපය පිළිබදව අවධාවය යොමු කිරීම වැදගත් වේ . සන්නිවේදකයා හා ග‍්‍රාහකයා අතර සම්බන්ධතාවය ඇති වන්නේ සංදේශය මගින් ය. නමුත් සංදේශය යොමු කිරීමට අවශ්‍යම සාධකය ලෙස මාධ්‍ය හදුනාගත හැකි ය . සන්නිවේදනයේ දී මාධ්‍ය කෙරෙහි ද අවධානය යොම් කිරීම ප‍්‍රයෝජනවත් ය .




සන්නිවේදන කි‍්‍රයාදාමය තුළ තිබෙන්නා වූ තවත් වැදගත් අංගයක් ලෙස ග‍්‍රාහකයින් හදුනාගත හැකි ය . සන්දේශ මූලාශ‍්‍රයකින් ලබා ගන්නා සන්දේශය සන්නිවේදකයා මගින් කුමන හෝ යෝග්‍ය මාධ්‍යක් උපයෝගී කරගෙන එම සන්දේශය ලබා ගන්නා පුද්ගලයා ග‍්‍රාහකයා ලෙස හදුනාගත හැකි ය . සන්නිවේදකයා ලබා දුන් සන්දේශය විකේතීකරණයකට භාජනය කර ග‍්‍රහණය කර ගැනීම ග‍්‍රාහකයා සතු කාර්යයි . සන්නිවේදකයාට මෙන්ම ග‍්‍රාහකයාට ද වැටහෙන භාෂාවක් භාවිත කිරීම ද අවහ්‍ය වේ. සන්නිවේදකයා භාවිත කරන භාෂාව ග‍්‍රාහකයා නොදන්නේ නම් එහි දී සන්නිවේදන ක‍්‍රියාදාමය සාර්ථක නොවේ . එය අර්ථ බාධකයකි .

ප‍්‍රතිකි‍්‍රයා හා ප‍්‍රතිපෝෂණය සන්නිවේදන කි‍්‍රයාදාමයේ අනෙක් මූලිකාංගයයි . සන්නිවේදකයා විසින් ඉදිරිපත් කරනු ලබන සන්දේශවලට ග‍්‍රාහකයා විසින් යමක් එකතු කරන අවස්ථා තිබේ . තමා වෙතට ලැබුණු සන්දේශවලට ග‍්‍රාහකයින් බොහෝ අවස්ථාවල ප‍්‍රතිචාර දක්වනු ලබයි . ඇතැම් අවස්ථාවල මෙම සන්නිවේදන කාර්යය සාර්ථක වීමටත් තවත් අවස්ථාවක් සන්නිවේසන කි‍්‍රයාවලිය අඩපණ කිරීමටත් බලපානු ලබයි .  සන්නිවේදන කි‍්‍රයාවලියේ දී ග‍්‍රාහකයා විසින් සකි‍්‍රයව දායක වෙමින් සන්නිවේදකයා පෝෂණය කරනු ලබන අවස්ථා ද තිබේ .
අවසාන මූලිකාංගය ලෙස සන්නිවේදන බධා හදුනාගත හැකි ය . යම් සන්නිවේදන කටයුත්තක් සිදු කිරීමේ දි බාධකයන්ට ද මුහුණ පෑමට සිදු වේ . එනම් සන්නිවේදන බාධක යනු සන්නිවේදන කි‍්‍රයාවලිය අඩපන කිරීමට හේතු වන සාධකයක් ය . සන්නිවේදන බාධකයන් විවිධ විශේසඥයින් විසින් විවිධ අයුරින් විග‍්‍රහ කර ඇති නමුත් මූලික වශයෙන් සන්නිවේදන බාධක
    අර්ථ බාධක
    මාධ්‍ය බාධක ලෙසත් කොටස් කළ හැක .

 අර්ථ බාධක ලෙස භාෂාව නොතේරීම හදුනාගත හැක
මාධ්‍ය බාධක තාක්ෂණික බාධක හා පාරිසරික බාධක ලෙසද  වර්ග කළ හැකි වන අතර තාක්ෂණික බාධක ලෙස ඇන්ටනාව කි‍්‍රයා විරහිත වීම ලෙසත් පාරිසරික බාධක අකුණු ගැසීම ලෙසත් හදුනාගත හැකි ය .

සන්නිවේදන කි‍්‍රයාවලියේ දී එය නියම ආකාරයෙන් සිදු කර ගැනීමට සන්නිවේදන මූලිකාංග අධ්‍යනය කිරීම වඩාත් යෝග්‍ය වේ . සාර්ථක සන්නිවේදනයක් සිදු කිරීමට එක් මූලිකාංගයක් පමණක් ගෙන කටයුතු නොකරයි . මෙම මූලිකාංග සියල්ලම එයට බලපානු ලබයි .



සෙව්වන්දි රශ්මිලා අධිකාරි

4 comments:

  1. ඉතා හොඳයි.....මමත් මෙම පාඩමෙන් ගොඩක් දේවල් ගත්තා....

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි.

    ReplyDelete