Dept Maco

Saturday, May 18, 2019

සාහිත්‍යයට නොමද සේවයක් කළ කේ ජයතිලක ගාන්ධර්වයන්



  


            මොහු කුඩා කාලයේ රදාවානේ ආණ්ඩුවේ පිරිමි  විද්‍යාලයෙන් මූලික අධ්‍යපනය හදාරා තිබේ. පසුව රදාවාන මහා විද්‍යාලයට ඇතුලත්ව අධ්‍යාපනය ලබන්නට විය . පාසල් අවධියේ සිටම මොහු විවිධ සාහිත්‍ය නිර්මාණයන් කර තිබේ. පාසල් දිවියෙන් සමුගත් පසුව විවිධ පෞද්ගලික ආයතනයන්හි රැුකියාවල නිරතව ඇත . කෙසේ නමුත් මොහු සාහිත්‍යයට පැවති ඇල්ම ඉවත් වූයේ නැත . රැුකියාවන්හි නිරත වෙමින් ද විවිධ සාහිත්‍ය වැඩසටහන් හා සම්බන්ධ වෙමින් සාහිත්‍ය නිර්මාණයන් සිදු කරන්නට විය . පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දී සිංහල පිළිබදව ගෞරව උපාධියක් ලබා ගනී .
සාහිත්‍ය නම් මාණික්‍ය ඔපවත් කිරීමට ඇප කැප වූ විශිෂ්ඨ උත්තමයෙකු ලෙස කේ ජයතිලක ශූරීන් හැදින්විය හැකිය . 1926 ජුනි මාසයේ 27 දින සියනෑකෝරලයේ  රදාවාන , කන්නිමහර ග‍්‍රාමයේ උපත ලබා තිබේ . කළු ආරච්චිගේ අර්නේාලිස් අප්පුහාමි හා මද්දුමාගේ පොඩිනෝනා නම් යුවලට උපන් පවුලේ පළමු පිරිමි දරුවා කේ ජයතිලක ශූරීන් විය . එම පවුලේ සොයුරු සොයුරියන් 9 දෙනෙකුගෙන් යුතු විය .



එසේම කේ ජයතිලක මහතා සාහිත්‍ය පිළිබදව විශ්ව විද්‍යාලයන්හි දේශන පැවැත්වීමෙහි ද නිරතව ඇත . එසේම මොහු ේකකතා රචකයෙකු , නවකතාකරුවෙකු , විචාරකයෙකු ලෙසින් ප‍්‍රසිද්ධියට පත්ව ඇත .
කේ ජයතිලකයන් මුල් කාලයේ පුවත්පත් සදහා ද ේකකතා ලියන්නට විය . සාහිත්‍ය ලෝකය සමග අත්‍යන්තයෙන් බැදී සිටි මෙතුමා විසින් සාහිත්‍යයට නොමද දායකත්වයක් ලබා දී ඇත. සමාජයේ ඇති විවිධ මාතෘකා හා විෂය ක්ෂේ‍්‍රත‍්‍ර පිළිබදව පෘථුල අවබෝධයක් පැවති මොහු ඒ සම්බන්ධයෙන් නවකතා ේකකතා ලියන්නට විය .

අතීතයේ ලියූ එම නව කතා , කෙටිකතා ආදිය අතීතය තුළින් මිය යාමට නොදි වර්තමාන සමාජය තුළ ද එය සුපුෂ්පිත වන්නට ඔහුගේ හැකියාව අනභිභවනීය වේ .
විවිධ සාහිත්‍ය කෘති රචනා කරමින් සමාජයේ සිටින පුරවැසියන් දැනුමින් සන්නද්ධ කරන්නට ආකල්පමය වෙනසක් ඇති කරන්නටත් හාස්‍යයට ලක් විය යුතු කරුණු හාස්‍යයටද තක් කිරීමට ද එමගින් හැකි විය . මොහු සාහිත්‍ය සමග මුළු ජීවිත කාලයම බැදී සිටි බව හදුනාගත හැකි ය .





කෙටිකතාකරුවෙකු ලෙසින් මොහු ළමා , තරුණ , මහලූ ආදී සියලූම පිරිස් අතර ජනපි‍්‍රයත්වයකට පත් විය . ඔහු අතින් ලියා ප‍්‍රසිද්ධියට පත් වූ කෙටි කතා කිහිපයක් ලෙස
x    එකගෙයි අවුරුද්ද
x    නොනිමි සිත්තම
x    අතීරණය
x    වජිර පබ්බත
x    පුනරුප්පත්තිය
x    කටු සහ මල්
x    දියණිය ආපසු යයි
වැනි කෙටි කතා හදුනාගත හැකි ය . 





එසේම මොහු නවකතා රචකයෙකු වශයෙන් ද ජනපි‍්‍රයත්වයට පත් විය .  ඔහුගේ අතින් ලියැවුණ ප‍්‍රබලතම නවකතාවක් ලෙස චරිත තුනක් හදුනාගත හැකි ය . මීට අමතරව ඔහු විසින් තවත් නවකතා ලියවිණි . ඒවා නම්
x    පරාජිතයෝ
x    පුංචි රාළගේ මරණය
x    රාජපක්ෂ වලව්ව
x    මතු සම්බන්ධයි x    මායා මාලිගා
x    කාලෝ අයංතේ
x    දෙලොවටම නැති අය
x    අප‍්‍රසන්න කතාවක්
x    පිතා මහ
x    අර්ධ නවකතාවක්
x    අධිෂ්ඨාන
x    පියා සහ පුත්තු
x    මහල්ලෙකුගේ පේම කතාවක්
x    පුංචි රාළ
වැනි නවකතාවන් ය . 


මින් නොනැවතී කුඩා ළමුන් සදහා කෘතීන් ලියන්නට විය එනම්
x    අමුතු කතා
x    රුවන් කුමාරි
x    ඩුං ඩුං ඩුඩු ඩුං
x    ඉරුණු බළලා
x    පුංචි වළාකළ සහ පුංචි පුතා
x    ඉස්සරහ බලන්නකො
x    අයියයි නංගියි
x    ඔරලෝසුව සහ ලස්සන ළමයි
x    කතන්දර පොත

එසේම විවිධ පැරණි පොත් පිළිබදව විචාරයන් ඉදිරිපත් කර තිබේ. ඒ අතර දෛවයෝගය විචාරය , සාහිත්‍ය විචාර සටහන් , නවකතා කලාවේ විකාශනය වැනි සාහිත්‍ය විචාරයන් හදුනාගත හැකි ය .

මෙලෙසින් සාහිත්‍යට නොමද දායකත්වයක් ගෙනෙන්නට කේ ජයතිලක ශූරීන් සමත්ව ඇත . උපන් ගමට මෙන්ම මුළු රටම සුවදවත් කරමින් පර නොවී එම සුවද වර්තමානය දක්වාම පැතිරෙන්නට ඔහුගේ සාහිත්‍ය කෘති ප‍්‍රබල විය . ඔහුගේ කෘති රසවත් නොවූයේ නම් අතීතයේ ලියැ වී අතීතයේම මියදෙනු නිසැකය . නමුත් මෙතුමා විසින් ලියූ කෘති එදත් අදත් මතුවටත් පවතිනු ඇත .
කුඩා කල සිට මව් සෙවනේ සිටිමින් කතාන්දර ඇසූ එතුමා පසුව බොහෝ පිරිසකට සාහිත්‍ය ප‍්‍රබෝධයක් ඇති කිරීමට මොහුගේ කෘති ඉවහල් වී ඇත .

2011 සැප්තැම්බර් මස 14 වන දා වසර 85 ආයුෂ විද මෙලොවින් සමු ගන්නට විය . මෙවැනි වූ සාහිත්‍යධරයන් මතුවටත් වැජඹේවා මේ ලක් මව් තුරුලේ .

 සෙව්වන්දි රශ්මිලා අධිකාරි


3 comments: