වර්තමාන සමාජ ක‍්‍රමයට අත්‍යවශ්‍ය අංශයක් ලෙස මහජන සම්බන්ධතාව යන්න හදුනාගත හැකි ය . මහජන සම්බන්ධතා යන්නෙහි වචනාර්ථය වන්නේ ජනතාව සමග සම්බන්ධතා පැවැත්වීමයි . මිනිසා හුදෙකලාව වාසය නොකරයි . නොයෙකුත් පුද්ගලයින් සමග සම්බන්ධතා පවත්වයි . වර්තමානය වන විට මහජන සම්බන්ධතාව යන්න විද්‍යාත්මක ලෙසත් විෂයක් ලෙස වර්ධනය වීම දැකගත හැකි ය . මහජන සම්බන්ධතාව පිලිබදව විද්වත් පිරිස් බොහෝ නිර්වචන ඉදිරිපත් කර තිබේ . එවැනි නිර්වචන කිහිපයක් ලෙස පහත ඒවා හදුනාගත හැකි ය .
” අන්‍යෙන්‍ය වශයෙන් සතුටුදායක වන ද්වි පාර්ශ්වික සන්නිවේදනය පදනම් කරගෙන හොද චරිතයක් හා වගකීම් සහගත කාර්ය සාධනයෙන් ජනමතය කෙරෙහි බලපෑමට යොදා ගන්නා සැලසුම් සහගත ප‍්‍රයත්නය මහජන සම්බන්ධතාව යනුවෙන් හැදින්විය හැකි ය . ”
— Public relations is the planned
effort to influence public opinion through good character and responsible
performance ˜
^Scott M . Cutlip and Allen Center " Effective Public Relations " 6 th Ed ' &
”මහජන සම්බන්ධතාවය යනු ඒකකයක , ජන කොට්ඨාශයක හෝ විශාල ජන සමූහයක සබදතා පිළිබදව කි‍්‍රයාත්මක වන වෘත්තියයි . මෙම වෘත්තියේ පැවැත්ම රැුදී ඇත්තේ ජනතාවගේ හෝ ජන සමූහයන්ගේ හොද හිත මත අවධාරනය කර ඇත . ”
— Public
Relations is a profession that deals with the relation of a unit and public or
publics on which its viability depends ' ˜
^ Edwad l ' Bernays &
මහජන සම්බන්ධතාව යන්න ඓතිහාසිකව ප‍්‍රබවය වූවකි . මෙය මානව ශිෂ්ඨාචාරයේ ආරම්භය දක්වාම ඈත ඉතිහාසයක් පවතී . මිනිසා අතීතයේ දී දඩයම් කළ යුගයේ දී තරුණ පිරිස් දඩයමේ යාමට පෙර වැඩිහිටි පිරිස් වෙත පැමිණ ආශිර්වාදය ලබා ගනී . එලෙසින් වැඩිහිටි පිරිස අතර හා තරුණ පිරිස අතර සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත.
පැරණි සමාජයේ එහි ප‍්‍රධානියාගේ අදහස් හා යෝජනා ආදිය මහජනයා වෙත යැවීම සදහාත් ජ නතාවගේ අදහස් ප‍්‍රධානියා වෙත යැවීම සදහාත් පිරිසක් පත් කර සිටි බව මේ පිළිබදන අධ්‍යනය කිරීමේ දී සනාථ වේ . ඒ අනුව එම පිරිස ඒකනසබට ජයසැෙ හෙවත් තෝල්ක යන නමින් හදුන්වයි . මානව ශිෂ්ඨාචාරය ක‍්‍රමයෙන් දියුණුවෙත්ම මෙම තෝල්ක පිරිසෙන් වන කාර්යන් ප‍්‍රමාණය අවම විය එනිසාවෙන් තෝල්ක පිරිසට වඩා දැනුමක් ඇති පුද්ගලයින් අවශ්‍ය විය . ඉන් පසුව සරීබ් නමින් ( ිමරසඉ * මිසර පිරිසක් එම කාර්ය සදහා පත් විය . ඔවුන් ද රාජ්‍ය අණපනත් දැනුම් දෙමින් ඒවා පිටපත් කරමින් නියෝග දීම වැනි කාර්යන් සිදුකරන්නට විය .
මොවුන්ගෙන් පසුව තවත් පිරිසක් මහජන සම්බන්ධතා කාර්ය සදහා පැමිණ ඇත . ඔවුන් ප්‍රොපට්ස් නමින් හදුන්වයි . මොවුන්ගෙන් පසුව සිටි පිරිස සිමොනිඩිස් නමින් හදුන්වයි . පසුව 18 වන සියවස වන කාලයේ දී ඡුමඉකසජසිඑ නමින් පිරිසක් පත් කරයි . මේ අයුරින් අතීතයේ සිටම මෙම මහජන සම්බන්ධතාවය සම්බන්ධයෙන් ඒ පිළිබදව දැනුමක් ඇති පිරිස පත් කර ඇත .
මෙලෙසින් ආරම්භ වී විකාශනය වු මහජන සම්බන්ධතා කාර්ය වර්තමානය තුළ බොහෝ ක්ෂේ‍්‍රත‍්‍රයන්ගේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී තිබේ . ඒ අනුව වර්තමානයේ දී
අලෙවිකරණය
දැන්වීම්කරණය
දේශපාලන
මාධ්‍ය ක්ෂේ‍්‍රත‍්‍රය
ආදී වූ බොහෝ ක්ෂේ‍්‍රත‍්‍ර ගණනාවක මහජන සම්බන්ධතාව ප‍්‍රායෝගීකව භාවිත කරයි . ඒ ක්ෂේ‍්‍රත‍්‍ර සදහා සුදුසු පුද්ගලයින් තෝරා ගනු ලබයි .
අලෙවිකරණය තුළ දී මෙම මහජන සම්බන්ධතාවය පුළුල් ලෙස භාවිතයට ගනී . යම් භාණ්ඩයක් නිෂ්පාදනය කර එය පාරිභෝගිකයාට අලෙවි කර ගැනීම මගින් එම ව්‍යාපාරය දියුණු කර ගත හැකි වේ . ව්‍යාපාරය හිමිකරුගේ හා අනෙකුත් කොටස්කරුවන්ගේ අරමුණ වන්නේ තම ආයතනය දියුණු කර යෙදවුමට වඩා වැඩි ලාභයක් අත්පත් කර ගැනීමට ය . මෙම ලාභය අත්පත් කර ගැනීමට අදාල නිෂ්පාදනය වෙත පාරිභෝගිකයාව ගෙන්වා ගැනීමට මෙම මහජන සම්බන්ධතාවය උපයෝගී කර ගනු ලැබේ . පාරිභෝගිකයාට නව අවශ්‍යතා ඇති කරමින් ඒවා මහජන සම්බන්ධතාවය උපයෝගී කර ගනිමින් අලෙවි කර ගනු ලබයි .
එසේම දැන්වීම්කරණයේ දී නිෂ්පාදනයන් පිළිබදව පුළුල් ලෙස දැනුවත් කිරිම් සිදු කරයි . දැන්වීමක් ඉතා ආකර්ෂණීය බවකින් යුක්ත වේ . එසේ ම ඒ සදහා ද මහජන සම්බන්ධතාවය උපයෝගී කරගනු ලැබේ . එමගින් මහජනයා එම නිෂ්පාදනය ගැනීම සදහා පෙළබවීමක් ඇති කරනු ලැබේ .
එසේ් ම දේශපාලනික ක්ෂේ‍්‍රත‍්‍රයේ දී ද මහජන සම්බන්ධතාව උපයෝගී කර ගනු ලැබේ . මුළු ලෝකයේම දේශපාලනික වහයෙන් මෙය උපයෝගී කර ගනු ලැබේ . මහජනතාවගේ කැමැත්ත දේශපාලනික පිරිසට අත්‍යවශ්‍ය වේ . මහජනතාව හා සම්බන්ධවීමට හා එම මහජන සම්බන්ධතාව බිද නොවැටී පවත්වාගෙන යාමට දේශපාලකයින් හා දේශපාලන උපදේශක පිරිස කටයුතු කරනු ලබයි .
වර්තමානය වන විට ඔබාමා වැනි දේශපාලකයින් ජායා රූප මගින් මහජන සම්බන්ධතාව පනවත්වාගෙන යන බව දැකගත හැකිය . ඔහු මහජනතාව සමග, දරුවන් සමග , සතුටින් සිටින ජායා රුප සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍ය්ප්ත වීම මගින් හදුනාගත හැකි ය .
එසේ ම වර්තමානයේ මෙරටේ ද ජනපති ඇතුළු අනෙකුත් දේශපාලනික පිරිස් ද මහජන සම්බන්ධතාවය පවත්වාගෙන යාම සදහා විවිධ උපක‍්‍රම භාවිත කරනු ලබයි . සාම්ප‍්‍රධායික බව , සරල බව පෙන්වීම , කුඩා දරුවන්ට ආදරය දක්වන බව පෙන්වීම රටට ආදරය ඇති අයෙකු බව පෙන්වීම වැනි ඒ හා සම්බන්ධ ජාරූප මගින් මහජන සම්බන්ධතාව පවත්වාගෙන යාමට කටයුතු කරනු ලබයි .
වර්තමානයේ මාධ්‍ය ආයතනයන් දෙස අවධානය යොමු කර බැලූව ද පෙනී යන්නේ එම මාධ්‍ය ආයතනයන් ඉතා තරගකාරී අයුරින් පේ‍්‍රක්ෂකයන් තම නාලිකාවන් නැරඹීමට යොමු කරවා ගන්නා තත්ත්වයකි . ඒ නාලිකා තුළ ජනප‍්‍රිය වැඩසටහන් බොහෝ ඉදිරිපත් කරනු ලබයි . ලෝකයේ ප‍්‍රචාරනය කරනු ලබන විවිධ ආකෘති උපයෝගී කරගනිමින් ජනතා ආකර්ෂණය දිනා ගැනීමට එම ආකෘති ලංකාවේ නාලිකාවල භාවිත කරන අයුරු දැකගත හැකි ය . එසේ ම සංගීතමය වැඩසටහන් විවිධ පලාත්වල සංවිධනය කරමින් ඒවා මගින් ද මහජන සම්බන්ධතාවය ගොඩනංවන බව හදුනාගත හැකි ය .
එසේ ම විවිධ ආපදා අවස්ථාවන්හි දී ද එම නාලිකා ආපදා වූ ස්ථානයට ගොස් අසරණ මිනිසුන්ට උපකාර කරමින් සුහදශීලි බව පෙන්වමින් මාධ්‍ය නාලිකා මගින් ඒ සම්බන්ධව ප‍්‍රචාරය කරමින් ග‍්‍රාහක ආකර්ෂණය ලබා ගැනීමට කටයුතු කරනු ලබයි . එසේ ම විවිධ සංදර්ශන , කි‍්‍රඩා ආදිය සංවිධනය කරමින් එම වැඩසටහන් ඔස්සේ මහජන සම්බන්ධතාවය පවත්වාගෙන යනු ලැබේ . මෙලෙසින් නොයෙකුත් කටයුතු කරමින් ජනතාව තම නාලිකාව වෙත පොළඹවා ගැනීමට කටයුතු කරන බව මැනවින් හදුනාගත හැකි ය . ඒ සදහා ඔවුන් සැලසුම් සහගතව ඉහත දැක් වූ සැලසුම් කි‍්‍රයාත්මක කරනු ලබයි .
එසේ ම ලංකාවේ රක්ෂණ සමාගම් හා බැංකු ආදිය මගින් ද මහජන සම්බන්ධතාවය පවත්වා ගැනීමට කටයුතු කරනු ලබයි . ඔවුන්ගේ ආයතනවල තේමා පාඨයන් මානූෂීය බවකින් යුක්තව දක්වා ඇත . එනම්
සුහද හදක් ඇති දේශීය බැංකුව
ජාතියේ මහා පහන් ටැඹ
ජනහද හදුනන මහජන බැංකුව එන්න අපේ පියාපත් සෙවනට
මෙවැනි වූ සුහදත්වයක් ගොඩනංවන්නට සමත් වචන උපයෝගී කරගනු ලැබේ . ටමවැනි ආයතනයන් ද කුඩා ළමුන් ආදි ය සම්බන්ධ කර ගනිමින් උත්සව සංවිධනය කරනු ලබයි . එසේ ම දිළදු ජනතාවට උපකාර කරනු ලබයි . පාසල් උපකරණ ආදිය බෙදා දීම් සිදුකරනු ලබයි .
වර්තමානය වන විට බොහෝ මහජන සම්බන්ධතා විධික‍්‍රම භාවිත කරනු ලබයි . ඒ අනුව පහත විධික‍්‍රම හදුනාගත හැකි ය .
ප‍්‍රදර්ශන
අනුග‍්‍රාහකත්ව
දායකත්වය
සම්මන්ත‍්‍රන
චිත‍්‍ර ප‍්‍රදර්ශන
නිවේදන
ශ‍්‍රමදාන
වෙළද කුටි
වාර්ෂික චාරිකා
ලාජංන
වෙළද ලකුණ
උත්සව සංවිධනය කිරීම
මේ අනුව මුළු ලෝකය පුරාම ඒ ඒ විවිධ ක්ෂේත‍්‍රවල පැවැත්ම සදහා මෙවැනි වූ මහජන සම්බන්ධතා කි‍්‍රයාත්මක වන බව හදුනාගත හැකි ය . වර්තමානයේ දී මහජන සම්බන්ධතා කි‍්‍රයාවලිය සමග පුළුල් සම්බන්ධතාවක් ඇති බව හදුනාගත හැකි ය .
ආශි‍්‍රත ග‍්‍රන්ථ
කෘති – කරුණානායක නන්දන , මහජන සම්බන්ධතා , මාධ්‍ය ප‍්‍රකාශකයෝ
තැ . පෙ 98 නුගේගොඩ
සෙව්වන්දි රශ්මිලා අධිකාරි
ow
ReplyDelete