Dept Maco

Wednesday, May 29, 2019

නිහඩ නිර්ව්‍යාජ මිනිසෙකු වූ මහගම සේකර මහතා



මහගම සේකර මහතා
1929 වර්ෂයේ අපේ‍්‍රල් මස 7 වන දින සියනෑ කෝරලයේ රදාවාන ප‍්‍රදේශයේ උපත ලැබූ සේකර පසු කාලයේ සුවිශේෂි කලාකරුවකු විය . මොහුගේ පියා මහගමසේකරගේ ජෝන් සංඤො වන අතර මව රණවක ආරච්චිගේ රොසලින් විය පියා සැරසිලි චිත‍්‍ර සම්බන්ධයෙන් ඉතා ප‍්‍රකට පුද්ගලයෙකි . පියා තුළ තිබූ කලා ගුණය ක‍්‍රමයෙන් මහගමසේකරයන්ට ද බලපෑවේ ය .
මහගම සේකරයන්ගේ පියාගේ හැකියාවන් පිළිබදව ද මොහු විසින් රචිත ප‍්‍රබුද්ධ නම් සටහන් කර ඇත්තේ මෙලෙසින් ය .
විසල් සුදු ඩිමයි කඩදාසි මත
තබා මහ කවකටු දිග රූල
ඇද නෙක මෝස්තර මල් හා කොළ
කපා කැටයම් ඉදු බොකටු නියනින්
විශ්වයෙහි කලාවම රටාවට නගන හැටි
කුඩා කල සිටම මට කියා දුන් තාත්තා

මූලික අධ්‍යාපනය රජයේ පිරිමි විදුහලෙන් ලබා ගන්නා අතර පසුව කනිෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත් වන ඔහු කිරිදිවැල සිංහල පිරිමි විද්‍යාලයට ඇතුලත්ව ඉදිරි අධ්‍යපනය ලබන්නට විය . පසුව 1949 වර්ෂයේ දී කොළඹ ටෙක්නිකල් විදුහලේ චිත‍්‍ර කර්ම ශිල්පය හදාරන අතර 1950 වර්ෂයේ දී නිට්ටඹුව ගුරු විද්‍යාලයට ඇතුලත්ව වැඩි දුර අධ්‍යාපනය හදාරන්නට විය . ගුරු විද්‍යාලයෙන් ඉවත් වෟ පසුව රාජගිරිය හේවාවිතාරණ බෞද්ධ මිශ‍්‍ර පාසලක ගුරුවරයෙකු වශයෙන් සේවය කරන අතර රජයේ තරග විභාගයකින් සමත් ව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුචේ භාෂා පරිවර්තකයෙකු වශයෙන් කටයුතු කර ඇත . 1960 දී පමණ එම ආයතනයෙන් ඉවත්ව ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයෙකු වශයෙන් ද කටයුතු කර ඇත .

1963 වර්ෂයේ දී කුසුම්ලතා සුරවීර නම් උපාධිධාරී ගුරුවරිය සමග විවහපත් වී යුගදිවි ගත කරන අතර ගුවන්විදුලි සංස්ථාවෙන් ඉවත්ව මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර ඇත . 1969 වර්ෂයේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල උපාධිය ලබා ගන්නා අතර පසුව ලලිත කලා ආයතනයෙන් විදුහල්පති වශයෙන් පත් විය . 1974 වර්ෂයේ දී විද්‍යෝදය මණ්ඩපයේ පී . එච් . ඩි උපාධියද ගන්නා ලදී .








මෙලෙසින් බලන කල මහගම සේකර මහතා ක්ෂේ‍්‍රත‍්‍ර කිහිපයකම රැුකියවන්හි නිරතව ඇති අතර බොහෝ කරුණු පිළිබදව පුළුල් දැනුමක් ඇත්තෙකු වශයෙන් හදුනාගත හැකි ය .
මහගමසේකර මහතා ගීත රචකයෙකු , නව කතා කරුවෙකු , කෙටි කතා කරුවෙකු , නාට්‍ය පිටපත් රචකයෙකු , චිත‍්‍රපට අධ්‍යාක්ෂවරයෙකු භාෂා පරිවර්තකයෙකු වශයෙන් සාහිත්‍යට නොමද දායකත්වයක් ලබා දී ඇත .

සිංහල සාහිත්‍යට විශිෂ්ට සේවාවක් සැපයී්මට මහගමසේකර මහතාට හැකි වීම සතුටුදායක කරුණකි . ජීවත් වූ කාලය ඉතා කෙටි වුව ද එම කෙටි කාලය තුළ මෙවැනි පුළුල් සේ්වාවක් කරන්නට හැකි වීම අගය කළ යුතු කරුණකි . සිංහල නිසදැස් පද්‍ය කලාවේ ඔහු ප‍්‍රබලයෙකු වශයෙන් සදහන් කළ හැකි ය . මහගම සේකර මහතා කළ සාහිත්‍ය අතරින් ජනපි‍්‍රයත්වයට පත් වූ ඒවා හැටියට පහත සදහන් කෘති ආදිය හදුනාගත හැකි ය .
කාව්‍යයන්

x    ව්‍යාංගයx    සක්වා ලිහිණි
x    හෙට ඉරක් පායයි
x    මක්නිසාද යත්
x    රාජතිලක ලයනල් සහ පි‍්‍රයන්තච            
x    බෝඩිම
x    නොමියෙමි
x    ප‍්‍රබුද්ධ
නවකතා
x    තුංමං හන්දිය
x    ඹනොමන්දිර

ළමා සාහිත්‍ය

x    පුංචි අයට කයි කතන්දර
x    සරු පොළවක් අපට ඇතේ
x    කොටිවලිගය

චිත‍්‍ර
x    පෝෂ්ටර් නිර්මාණ
x    ප‍්‍රදර්ශනය සදහා චිත‍්‍ර
x    පුවත්පත් කාටූන්

මේ අයුරින් විවිධ සාහිත්‍ය නිර්මාණයන් මෙතුමා කර තිබේ . මේ අයුරින් රට සාහිත්‍යයෙන් හා සාරධර්ම ආදී ගුණයන්ගෙන් පෝෂණය කිරිමට දායක වූ මොහු 1976 වර්ෂයේ ජනවාරි 14 වන සන හදිසියේම හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෙලොවින් සමුගත්තේය . වර්තමානය දක්වා ද මොහුගේ සාහිත්‍ය නිර්මාණයන් මෙන්ම මොහුගේ නාමය ද සදා අමරණීය වේ .


සෙව්වන්දි රශ්මිලා අධිකාරි


බර්ලෝ ආකෘතියේ ඇති සංකීර්ණතාව



    ආකෘතියක් යනු සමාජ ශ‍්‍රාස්ත‍්‍රයෙහි දැක්වෙන කරුණු විවරත්මකව පැහැදිලි කර ගැනීමට යොදා ගනු ලබන ක‍්‍රමවේදයකි . ඒ අනුව සන්නිවේදන විෂය ක්ෂේ‍්‍රත‍්‍රය තුළ ද මෙම ආකෘතිය දැකගත හැකි ය . එනම් එම විෂය විද්‍යාත්මකව හැදෑරීමට විෂය ක්ෂේ‍්‍රත‍්‍රයක සංවිධානාත්මක බව පැවතීමට එසේම එම සන්නිවේදන ක‍්‍රමිකව වර්ධනය හා නවීකරණය වීමට ද සන්නිවේසන ආකෘතිය වැදගත් වේ . එසේම යම් උපන්‍යාසයක් ඉදිරිපත් කර ගැනීමට ද මෙම ආකෘතිය උපකාරී වන බව හදුනාගත හැකි ය .
සන්නිවේදනය යන විෂය ක්ෂේ‍්‍රත‍්‍රය සම්බන්ධ විවිධ පර්යේෂකයින් මේ සදහා නිර්වචන හා ආකෘති ඉදිරිපත් කර ඇත . ඒ අතරින් සංකීර්ණ ආකෘතියක් ඉදිරිපත් කළ පුද්ගලයෙකු ලෙස ඬේවිඞ් කේ බර්ලෝ හදුනාගත හැකි ය . නමුත් සන්නිවේදන ක්ෂේ‍්‍රත‍්‍රය බතා හොදින් අධ්‍යනය කරමින් ගැඹුරු ආකෘති ඉදිරිපත් කර තිබේ .
බර්ලෝ විසින් 1960 වර්ෂයේ දී
The process of communication an introduction theory and practical නැමැති ග‍්‍රන්ථයේ දක්වා තිබේ. ඔහු ඉදිරිපත් කරන ආකාරයට සන්නිවේදනය යනු කි‍්‍රයාවලියක් බවත් එම කි‍්‍රයාවලිය එක් තැනක රැුදී පවතින්නක් නොවන බවත් එය ඒ මේ අත ගමන් කරන බවත් එක් පුද්ගකයෙකුට එකම ස්වරූපයෙන් එකම ස්වරූපයකින් මෙම කි‍්‍රයාවලියට සම්බන්ධ විය නොහැකි බවත් පෙන්වා දෙයි . එසේම මොහුගේ ආකෘතිය නාමික වශයෙන් SMCR හදුන්වනු ලැබේ.


S- Source  මූලාශ‍්‍රය
M - Message  පණිවිඩය
C - Chanel  නාලිය
R  Receiver ග‍්‍රාහකය 
 
බර්ලෝ ආකෘතියේ දී ප‍්‍රධාන අංගය ලෙස ගැනෙන්නේ මූලාශ‍්‍රයයි . සන්දේශයක් සකස් කිරීම සදහා යොදා ගනු ලබන්නේ කිසියම් තොරතුරු මූලාශ‍්‍රයකි . එසේ තොරතුරු තෝරා ගැනීමේදී තමන්ගේ උත්තේජනය හා රුචි අරුචිකම් ආදිය හේතුකොට ගනිමින් ඒ පිළිබදව බලපෑම් ඇති කරනූ ලබයි . මූලාශ‍්‍රයක් තෝරා ගැනීමේ දි බලපෑම් සිදුකරනු ලබන කරුණු 5ක් පිළබදව බර්ලෝ විසින් ගැඹුරින් විග‍්‍රහ කර තිබේ . එම කරුණු ලෙස මෙහි දී පෙන්වා දී ඇත්තේ
 සන්නිවේදන හැකිය


Communication Skills

Attitudes ආකල්
Knowledgeදැනුම
Social system සමාජ පද්ධති
Culture සංස්කෘතිය


    සන්නිවේදන කි‍්‍රයාවලියක් සදහා සන්නිවේදන හැකියාව බලපාන බව පෙන්වා දෙමින් ඒ අනුව ලිවීමේ , කතා කිරීමේ , කියවීමේ , සවන්දීමේ , සිතීමේ ආදී හැකියාවන් ප‍්‍රගුණ කර ගැනීමෙන් සන්නිවේදන ශක්තිය ද ප‍්‍රගුණ කළ හැකි බව පෙන්වා දෙයි . මේ අනුව ඔහු අවධානය යොමු කරනු ලබන අනෙක් සාධකය වනනේ ආකල්ප යන්න ප‍්‍රධාන කොටස් 3ක් ලෙස හදුන්වා දී තිබේ . එනම්
x    තමා විසින් තමා කෙරෙහි දක්වනු ලබන ආකල්පය
x    වස්තු විෂය කෙරෙහි දක්වන ආකල්පය
x    සන්නිවේදකයා ග‍්‍රාහකයා කෙරෙහි දක්වන ආකල්පය

යම් කරුණක් අනෙක් පුද්ගලයාට ඉදිරිපත් කිරීමේ දි එය ඉදිරිපත් කිරිම සුදුසු හෝ නුසුදුසු ද යන බව සිතා ඉදිරිපත් කිරීම මෙහි පළමු කරුණ මගින් දක්වා ඇත . දෙවැන්න මගින් පෙන්වා දෙනු ලබන්නේ යම් කරුණක් හෝ වස්තුවිෂයක් කෙරෙහි දක්වනු ලබන ආකල්පය කුමක් ද යන වග පිළිබදවයි . මොහු ආකල්ප පිළිබදව දක්වන තෙවන කරුණ වන්නේ ග‍්‍රාහක කණ්ඩායම පිළිබදව විශ්ලේෂණය කරමින් කරුණු ඉදිරිපත් කිරීමට සුදුසු කණ්ඩායමක් පවතී ද වශයෙන් තමා තුළ ඇති ආකල්පයයි . මූලාශය සදහා මෙම ආකල්පයන්ගේ ඇති වැදගත්කම ඉතා ගැඹුරින් බර්ලෝ ආකෘතිය මගින් පෙන්වා දෙනු ලැබේ .

මූලාශ‍්‍රයන් සමග බලපානු ලබන තෙවන කරුණ ලෙස සලකනු ලබන්නේ දැනුම යන්නයි. සන්නිවේදන කාර්යේ දී සන්නිවේදකයෙකු විසින් සිදුකරනු ලබන්නේ ග‍්‍රාහකයා අරමුණු කර ගනිමින් යම් දැනුමක් ලබා දීමයි . තමා ප‍්‍රස්තුත කරගනු ලබන කරුණු පිළිබදව නිසි දැනුමක් පැවතීම ඉතා වැදගත් කරුණකි . මෙහි දී සන්නිවේදකයාගේ මෙන්ම ග‍්‍රාහකයා සතුව ද සමාන දැනුම් මට්ටමක් පැවතිය යුතු බව මෙම ආකෘතිය මගින් පෙන්වා දී තිබේ. මොහු දක්වන පරිදි මූලාශ‍්‍රය සදහා වැදගත් වන්නා වූ සිව්වන කරුණ ලෙස දක්වනු ලබන්නේ සමාජ පද්ධති යන්නයි . එනම් සමාජගතව සිටින්නා වූ පුද්ගලයා එම සමාජය පිළිබදව යම් අවබෝධයක් පැවතීම ඉතා වැදගත් කරුණක් ලෙස මෙහි දී පෙන්වා දෙනු ලැබේ . අර්ථයන් වටහා ගැනීම සදහා ද සමාජය පිළිබද යම් දැනුමක් පැවතීම අත්‍යවශ්‍ය බව මෙහි දී පෙන්වා සෙනු ලැබේ .

පස්වන ලක්ෂණය වන්නේ සංස්කෘතියයි . සෑම පුද්ගලයෙකුටම සංස්කෘතික අනන්‍යතාවයක් පවතී . ග්‍රෝති‍්‍රක , ග‍්‍රාමීය නාගරික යන  ඕනෑම සමාජ පසුබිමක මේවා ඒ ඒ සංස්කෘතීන් කෙරෙහි යම් අවබෝධයක් පැවතීම අවශ්‍ය වේ . මූලාශ‍්‍රය සම්බන්ධයෙන් ද මොහු වඩා වැදගත් කරුණු 5ක් ඉදිිරිපත් කරන අතර ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන එම ලක්ෂණයන් සන්නිවේදකයාට මෙන්ම ගා‍්‍රහකයාට ද සමානව අවශ්‍ය වන බව ඔහු මෙම ආකෘතිය මගින් පෙන්වා දෙනු ලැබේ. එම කි‍්‍රයාවලිය ඉතා සංකීර්ණ බවකින් යුතු බවත් එය අධ්‍යනය කිරීම මගින් හදුනාගත හැකි ය .

මෙම ආකෘතිය අනුව

 M අක්ෂරය මගින් දක්වනු ලබන්නේ පණිවිඩය යන්නයි . සන්නිවේදකයා හා ග‍්‍රාහකයා අතර යම් බැදීමක් ඇති වනු ලබන්නේ මෙම පණිවිඩය මගින් ය . පණිවිඩය ගැන අවධානය යොමු කිරීමේ දි එහිදී ද කරුණු කිහිපයක් වෙන වෙනම ඔහු මෙම ආකෘතිය තුළ විග‍්‍රහ කර දක්වා තිබේ. එනම්
    මූලිකාංගය
    අන්තර්ගතය
    කේතය
    ඉදිරිපත් කිරීම යනුවෙනි .

යම් සිද්ධියක් අනුසාරයෙන් පණිවිඩය ගොඩනැගෙන බවත් පණිවිඩයක් සැකසීමේ දී ව්‍යුහය වැදගත් සාධකයක් වන බවත් හදුන්වා දෙයි . එම ව්‍යුහය අනුව පණිවිඩය සකස් කිරීම , සංවිධානය කිරීම , ගොඩනැගීම යන්න වයහය මගින් අවධාරනය කරනු ලැබේ. දෙවැනි කරුණ වන්නේ අන්තර්ගතයයි . එනම් යම් පණිවිඩයක් සැකසිමේ දී ඒ තුළ අර්ථවත් බව පැවතිම වැදගත් සාධකයක් ලෙස බර්ලෝ ආකෘතිය මගින් පෙන්වා දෙයි . යම් පණිවිඩයක් ඉදිරිපත් කිරීමේ දි සංකේත භාවිත කරනු ලැබේ. පහත සදහන් කරුණු 4 උපයෝගී කර ගනිමින් ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි . මෙමගින් පණිවිඩය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබදව බර්ලෝ අවධානය යොමු කර ඇති අයුරු සංකීර්ණ බව වටහා ගත හැකි ය .
බර්ලො තුන්වන මූලිකාංගය ලෙස ගෙන ඇත්තේ නාලිය යන්නයි . මෙහි දී ඔහු පෙන්වා දෙන්නේ සන්නිවේදන කටයුත්තක් සිදු කිරීමේ දී නාලිය වශයෙන් පංචේන්ද්‍රිය උපයෝගී වන බවත් එය සන්නිවේදකයාට මෙන්ම ග‍්‍රාහකයාට ද සමානව පැවතීම ඉතා වැදගත් බවත් පෙන්වා දී තිබේ .
හතරවන මූලිකාංගය ලෙස පෙන්වා දෙනු ලබන්නේ ග‍්‍රාහකයා යන්නයි . මෙහි දී ද සන්නිවේදකයා සදහා බලපානු ලබන මූලික සාධක 5 ග‍්‍රාහකයා කෙරෙහි ද බලපානු ලබන බව පෙන්වා දී තිබේ . මේ අනුව පෙනී යන්නේ සන්නිවේදකයා හා ග‍්‍රාහකයා අතර වෙනසක් නොපවතින බවකි .
මෙම ආකෘතිය තුළ ප‍්‍රතිපෝෂණ කි‍්‍රයාවලිය පිළිබදවද සදහන් නොවුනද ඉතා සංකීර්ණ අයුරින් මෙම සන්නිවේදන ආකෘතිය ඉදිරිපත් කර තිබේ . ඒ අනුව සමාජ විද්‍යාත්මකව මනෝ විද්‍යාත්මකව ජිව විද්‍යාත්මක ආදී දෘෂ්ටිකෝණ මගින් මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇති බව හදුනාගත හැකි ය .





Monday, May 20, 2019

සන්නිවේදන කුසලතා වෘත්තීය සාර්ථකත්වය කෙරෙහි වැදගත් වන අයුරු



    යම් පුද්ගලයෙකු සමාජයේ ජීවත්වීමට හා යම්කිසි වෘත්තියක නියැලීම සිදු වේ . මේ අවස්ථාවන් වලදී මිනිසාට බොහෝ ප‍්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වෙයි . නමුත් ගැටලූවක් ඇති වීමට පෙර අප එයින් මග හැරීමට නොඑසේ නම් ගැටලූවක් ඇති නොවන පරිද්දෙන් කටයුතු කිරීමට එැකකි නම් එය ඉතා යහපත් වේ . මෙම ගැටලූවලින් ඉවත් වීමට නම් සන්නිවේදන කුසලතා අනුගමනය කිරීම වැදගත් වේ. සන්නිවේදන කුසලතා යනු බාධාවකින් තොරව පැහැදිලිව ක‍්‍රමවත්ව සිදු කිරීමට උපකාරී වන්නා වූ කි‍්‍රයා පිළිවෙතකි .  සන්නිවේදන කුසලතා ප‍්‍රධාන වශයෙන් පහත දැක්වෙන ඒවා හදුනාගත හැකි ය .
x    අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
x    පුද්ගලාන්තර සන්නිවේදන කුසලතා
x    කුඩා කණ්ඩායම් සන්නිවේදන කුසලතා
x    අන්තර් සංස්කෘතික සන්නිවේදන කුසලතා x    නිර්වාචික සන්නිවේදන කුසලතා
x    ප‍්‍රශ්න ඇසීමේ කුසලතා
x    සම්මුඛ සාකච්ජා පැවැත්වීමේ කුසලතා
x    සංවිධනාත්මක සන්නිවේදන කුසලතා

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය
අන්තර්වර්ථී පුද්ගල සන්නිවේදන කුසලතා ඉතා වැදගත් වන්නක් ලෙස හදුනාගත හැකි ය. අන්තර්වර්තී පුද්ගල සන්නිවේදන කුසලතා යනු තමා හා තම මනස හා සිදුවන්නා වූ සන්නිවේදන කුසලතාවයි . යම් කටයුත්තක් කිරීමට පෙර අන්තර්වර්තී පුද්ගල සන්නිවේදන කුසලතාව උපයෝගී කර ගැනීම මගින් තමා කරන්නට යන කාර්යය සාර්ථක කර ගත හැකි ය . ගැටලූකාරී තත්ත්වයන් අවම කිරීම හෝ නැති කිරීම හැකියාවක් පවතී . මෙමගින් අන් පුද්ගලයින් අතරින් තමා විශේෂ වන්නේ කෙසේ ද යන වග පිළිබදව අවබෝධයක් ඇති වේ . සන්නිවේදන කි‍්‍රයාවලියේ පදනම වන්නේ ද අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයයි . එනම් එහි ඇති කුසලතා අවබෝධ කර ගැනීම ඉතා වැදගත් වේ . සිතීමේ කි‍්‍රයාවලිය කි‍්‍රයාත්මක වන්නේ සිත උපයෝගී කරගෙනයි . එබැවින් සන්නිවේදන කි‍්‍රයාවලිය සාර්ථක වීමට නම් සිත හසුරුවා ගැනීම නිපුණ කර ගත යුතු ය . එසේ ම තාර්කික චින්තනය ද මෙහි දී වැදගත් වෙයි . යම් ගැටලූවක් ඇති විට ගැටලූවේ ස්වභාවය ආදිය  තාර්කිකත්වය සම්බන්ධයෙන් අන්තර්වර්තීව සිතා කටයුතු කිරීම වැදගත් වේ .



පුද්ගලාන්තර සන්නිවේදන කුසලතා

පුද්ගලාන්තර සන්නිවේදන කුසලතාව ද වෘත්තීය සාර්ථකත්වය කෙරෙහි වැදගත් වේ . පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවන සන්නිවේදනය මෙනමින් හැදින් වේ . මෙම සන්නිවේදන කුසලතාව සාර්ථක වීමට විවිධ කරුණු බලපායි .

    අදහස් එක හා සමාන වීම
    එක හා සමාන සමාජ පසුබිම
    දෙදෙනාම දන්නා භාෂාවක් පැවතීම
    දැනුම් මට්ටම එක සමාන වීම
එසේම පුද්ගලාන්තර සන්නිවේදනයේ දී ඉවසීමේ කුෂලතාව , සංජානනය ආදිය පැවතීම ද ඉතා වැදගත් වේ . අනෙක් පුද්ගලයන්ගේ මතයට ඉඩ දිය යුතු ය . ඉවසීමෙන් යුතුව කටයුතු කළ යුතු ය . ගැටුම් නිරාකරණය තුළ ඇති ඵලදායි සන්නිවේදනය ලෙස පුද්ගලාන්තර සන්නිවේදනය හදුනාගත හැකි ය . පුද්ගලයින් සමග ගනුදෙනු කිරීමේ දී අදහස් හුවමාරුවේ දී අනෙක් පුද්ගලයාගේ ගරුත්වයට හානි නොවන අයුරින් කටයුතු කළ යුතු ය . මෙම කුසලතා වර්ධනය කර ගැනීම මගින් ගැටලූකාරී තත්ත්වයන් ඇති නොවේ.

කුඩා කණ්ඩායම් සන්නිවේදන කුසලතා
    කුඩා කණ්ඩායම් සන්නිවේදන කි‍්‍රයාවලිය තුළ දී ද එයට අදාල කුසලතා වර්ධනය කර ගැනීම වැදගත් සාධකයකි . මෙහි දී කුඩා සමූහයක් සිටියි . වෘත්තීය ජීවිතය තුළ ද මෙවැනි කණ්ඩායම් හදුනාගත හැකි ය . මෙම කණ්ඩායම් තුළ සිටින්නා වූ පුද්ගලයින්ගේ අදහස් හුවමාරුව විවිධාකාර වේ . කුඩා කණ්ඩායම් සන්නිවේදනය තුළ දී මෙම පිරිස විසින් ඉදිරිපත් කරනු ලබන සියලූ මතයන් තුළින් යම්කිසි යහපත් යෝග්‍ය මතයක් පොදු මතයක් ගොඩනගා ගැනීම මගින් ගැටලූකාරී තත්ත්වයන් මගහරවා ගත හැකි ය . සමූහය අතර සමගිය ගෙඩනැගෙන හා බිද වැටෙන එකම සාධකය නම් සන්නිවේදනයයි . එම නිසා සියල්ලන් කෙරෙහිම අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වේ . මෙහි දී වගකීම හා වගවීම ද ඉතා වැදගත් කරුණු ද්විත්වයක් ලෙස සදහන් කළ හැකි ය . තව ද විසම්මුතිය , එකගත්වය , ආචාරශීලිත්වය ද ගැවතිය යුතු ය .
 එසේම යම් සන්නිවේදන කටයුත්තක් සාර්ථක කර ගැනීමට සවන්දීමේ කුසලතාව පැවතීම ඉතා වැදගත් වේ . හොදින් ශ‍්‍රවන තත්ත්වය පැවතීම මගින් සන්නිවේදන කාර්ය ඵලදායි කර ගත හැකි ය . සවන්දීම යනු අවධානයෙන් තොරතුරු ග‍්‍රහණය කර ගැනීම ලෙස සරලව හදුනාගත හැකි ය . ශ‍්‍රවනය  නිපුණතාවන් ලෙස තබා ගැනීම ඉතා වැදගත් වේ. එමගින් මතක ශක්තිය ද පුළුල් වේ . ශ‍්‍රවනයේ අවස්ථා හතරක් ලෙස ඇසීම , තේරුම් ගැනීම , ඇගයීම , ප‍්‍රතිකි‍්‍රයා දැක්වීම යන ඒවා හදුනාගත හැකි ය .

අන්තර් සංස්කෘතික සන්නිවේදන කුසලතා
    සමාජයක් තුළ සිටින්නා වූ සියලූම සාමාජිකයින්ගේ සංස්කෘතිය එක හා සමාන නොවේ . විවිධ සංස්කෘතීන් පවතී . නමුත් මෙහි දී සෑම සංස්කෘතියක්ම එක හා සමාන බවත් කිසියම් සංස්කෘතියක් කිසි විටෙක යටපත් නොවීම අවශ්‍ය වේ . තම සංස්කෘතිය පමණක් නොව අනෙක් සංස්කෘතින් පිළිබදවද අවබෝධයක් පැවතීම ඉතා වැදගත් වේ . අන් සංස්කෘතීන්ට ද ගෞරවය දැක්විය යුතු ය . මෙම සාධක නිසි අයුරින් දැන ගැනීම මගින් වෘත්තීමය ජීවිතය ද සාර්ථක කර ගත හැකි ය .

නිර්වාචික සන්නිවේදන කුසලතා
    නිර්වාචික සන්නිවේදනය යනු වචන භාවිතයෙන් තොරව සන්නිවේදන කාර්යයේ නියැලීමයි . එනම් මුහුණේ ප‍්‍රකාශන , ඇස් සම්බන්ධතාවය කටහඩ පාලනය , විවිධ අංගචලන ආදිය මගින් සන්නිවේදනය සිදු කිරීමයි . එසේ නොමැති වූ විට ගැටලූකාරී තත්ත්වයන් ඇති නොවේ . නිර්වාචික සන්නිවේදනය මගින් සුවිශේෂී සන්නිවේදන කාර්යයක් ඉටු කරයි . වචන වලට වඩා මෙමගින් ප‍්‍රකාශිත දේ ප‍්‍රබල විය හැකි ය .

ප‍්‍රශ්න ඇසීමේ කුසලතා
    සන්නිවේදන කටයුත්තක් සිදු කිරිමේ දී ප‍්‍රශ්න යොමු කරයි . ප‍්‍රශ්න විවිධ අයුරින් ඇසිය හැකි ය . අන් පුද්ගලයින්ගේ අවධානය තමා වෙතට ලබා ගත යුතු ය . මධ්‍යස්ථ අයුරින් ප‍්‍රශ්න ඇසිය යුතු ය . අධිපතිවාදීව ප‍්‍රශ්න නොනැගිය යුතු ය . අධිපතිවාදි ලෙස ප‍්‍රශ්න නැගුවිට යහපත් සන්නිවේදන කාර්යයක් සිදුකර ගත නොහැකි ය . මධ්‍යස්ථ අයුරින් ප‍්‍රශ්න නැගීම මෙහි දී යෝග්‍ය වේ . ප‍්‍රශ්න ඇසීමේ දී නිරවුල් බව , වේගය , පැහැදිලි බව , වේගය පාලනය කිරීම , ඉවසීම , සංයමය , ආවේගශීලි නොවීම යන කරුණු ද මේ හා සම්බන්ධ වේ .
සම්මුඛ සාකච්ජා පැවැත්වීමේ කුසලතා
    සම්මුඛ සාකච්ජා යනු සමූහයක් අතර කිසියම් කරුණක් කේන්ද්‍ර කර ගනිමින් සිදුවන කතාබහකි . මෙහි දී සමූහයේ සියලූම සාමාජිකයින් සම්මුඛව හෙවත් මුහුණට මුහුණලා සිටිය යුතු ය . එවිට අනෙක් සියලූම දෙනාට නිරීක්ෂණය කළ හැකි ය . නව අදහස් උත්පාදනය කර ගැනීමට , ගැටලූ විසදාගැනීමට හැකි වීම සැගවුණ අදහස් ප‍්‍රකාශකරවා ගත හැකි වීම බොහෝ එකගතාවන් ඇති කර ගැනීමට හැකි වීම මෙමගින් ඉටු කර ගත හැකි ය . සම්මුඛ සාකච්ජාවන් ද්විවිධ වේ .
x    කේවල සම්මුඛ සාකච්ජා
x    ඉලක්ක කණ්ඩායම් සම්මුඛ සාකච්ජා
ඉලක්ක පුද්ගකයෙකු සමග දිගු වේලාවක් කතාබහේ යෙදීම කේවල සම්මුඛ සාකච්ජා වන අතර ඉලක්ක කණ්ඩායම් සම්මුඛ සාකච්ජා යනු යම් පිරිසක් සමග සාකච්ජා කිරීමයි . මෙය ද වෘත්තීමය වශයෙන් වැදගත් වන බව හදුනාගත හැකි ය .
සංවිධනාත්මක සන්නිවේදන කුසලතා
    යම් ආයතනයක් මගින් සමස්ථ අරමුණු සියල්ල සාධනය කර ගැනීම සදහා බාහිර හා අභ්‍යන්තර වශයෙන් සැලසුම් සහගතව සිදු කරනු ලබන සන්නිවේදනය සංවිධානාත්මකව සන්නිවේදන කුසලතාව ලෙසින් හදුනාගත හැකි ය . ආයතනයක් තුළ මෙම සංවිධානත්මක බව පැවතීම එම ආයතනයේ දියුණුවට බොහෝ උපකාරී වේ .
යම් වෘත්තීමය කටයුත්තක් සාර්ථක කර ගැනීමට මෙම කුසලතාවයන් තමන් සතු කර ගැනීම ඉතා යහපත් වේ . තමන් ගැන පමණක් නොව අන් අය ගැන ද සිතා ඔවුන්ගේ අදහස් ද පිළිගනිමින් කි‍්‍රයා කිරීමට මෙම සන්නිවේදන කුසලතාව අනුගමනය කිරීම ඉතා වැදගත් වේ . මේ අනුව පෙනී යන්නේ සන්නිවේදන කුසලතා වෘත්තීය සාර්ථකත්වය කෙරෙහි වැදගත් වන ආකාරය කෙසේද යන බවයි .



සෙව්වන්දි රශ්මිලා අධිකාරී

ශී‍්‍ර ලංකාවේ වර්තමාන සෞඛ්‍ය ගැටලූ හා සෞඛ්‍ය සංවර්ධන සන්නිවේදන උපාය මාර්ග



            ශී‍්‍ර ලංකාවේ වර්තමානය වන විට මුහුණ දීමට බොහෝ සෞඛ්‍ය ගැටලු උද්ගතව පවතී . එම ගැටලු පිළිබදව දැනුවත් කිරීම හා එම ගැටලු විසදා ගැනීමට යෙදිය යුතු උපක‍්‍රම පිළිබදව දැනුවත් කිරීමක් ද සිදුකර තිබේ . එසේ ම සෞෟඛ්‍ය ගැටලු හදුනා ගනිමින් එම ගැටලු මග හරවා ගැනීමට කළ යුතු සෞඛ්‍ය සංවර්ධන සන්නිවේදන උපාය මාර්ගයන් පිළිබදවත් දැනුවත් කිරීම මෙම පැවරුම කිරීමේ අපේක්ෂාව වේ . එම උපාය මාර්ගයන් පිළිපදව දැනුවත් කිරීම මෙම පැවරුම කිරීමේ අපේක්ෂාව වේ . එම උපාය මාර්ග භාවිත කරමින් වර්තමානයේ සෞඛ්‍ය ගැටලු හදුනාගෙන එය ක‍්‍රමයෙන් මැඩ පැවැත්වීමට කටයුතු කිරීම මෙහි දී අපේක්ෂා කෙරේ . මෙලෙසින් මෙම පැවරුමෙහි ඇති අන්තර්ගත සැලැස්ම සංක්ෂිප්තව හදුනාගත හැකි ය .
සෞඛ්‍ය පිළිබදව හැදින්වීම

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දක්වා ඇත්තේ සෞඛ්‍ය යනු සම්පූර්ණ ශාරීරික මානසික හා සමාජීය නිරෝගීතාවයයි . ශාරීරික සෞඛ්‍ය යනු අඛන්ඩ ලෙස ව්‍යායාම නිවැරදි ආහාර වේලක් පෝෂණය සහ නිසි පරිදි විවේකයක් ලබා ගැනීම මගින් ශාරීරික වශයෙන් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමයි .

    මානසික සෞඛ්‍ය යනු පුද්ගල මානසික කි‍්‍රයාකාරිත්වයන් යහපත් මටිටමක පවත්වා ගැනීම පිළිබදව ගොඩනැගුනු සංකල්පයකි . එදිනෙදා ජීවත් වීමට හා සපුරා ගැනීමට සමාජයේ කි‍්‍රයාකාරී වීම සදහා පුද්ගලයෙකුගේ සංජානනය හා හැගීම් භාවිතයට ගන්නා හා මානසික නිරෝගීතාවය ගැන විග‍්‍රහ කෙරෙන තත්ත්වයකි .
-    මේරියම් වෙබ්ස්ටර් -

අප බොහෝ අවස්ථාවල කතාබහට ලක් කරන මාතෘකාවක් වන්නේ කායික සෞඛ්‍ය පිළිබදවයි . කායික සෞඛ්‍ය පිළිබදව වැඩි අවධානයක් යොමු වෙයි . නමුත් මානසික සෞඛ්‍ය පිළිබදව ද අවධානය යොමු කළ යුතු ය .
    තමාගේ හාකිය පිළිබද විශ්වාසයක් තිබීම
    සාමාන්‍ය මටිටමේ ආතතියක් විද දරා ගැනීමට හැකි වීම
    ප‍්‍රශස්ත මටිටමින් පුද්ගල අන්තර් සබදතා පැවැත්වීම
    නිදහස් හා ස්වාධින ජීවිතයක් ගත කිරීමට හැකි වීම
වැනි ප‍්‍රතිඵල යහපත් මානසික සෞඛ්‍යක් හිමිවීම මගින් ලැබේ .එසේම මිනිසා තුළ කායික රෝග නිදන්ගතව පැවතීම මගින් මිනිසාට මානසික රෝගී තත්ත්වයන් ඇති වේ . එවිට මානසික සෞඛ්‍ය අයහපත් වීම නිසා අධික රුධිර පීඩනය රුධිරයේ සීනි මටියම ඉහළ යාම මාංශපේශිවල වේදනාව හෘදයාබාධ ආදිය මෑත කාලීනව වැඩි වී ඇත .
වර්තමානය වන විට ආසියාතික රටවල මානසික සෞඛ්‍ය පිරිහෙමින් යන කාලයක් බව හදුනාගෙන තිබේ . ජීවන රටාව සංකීර්ණ වීම මානසික විවේකයක් නොමැති වීම මගින් මෙම තත්ත්වය බරපතල වේ . සෑම පුද්ගලයින් දෙදෙනෙකුගෙන් එක් අයෙකුටම මානසික කැළබීම නිසා ඉන්දීය ආබාධ පැන නගින බව හදුනාගෙන තිබේ . සමාජයේ සෑම මිනිසෙකුටම අවශ්‍ය මූලික අවශ්‍යතා ඉටු කර දෙමින් සමාජය තුළ ආදරය රැුකවරණය හා ගරුත්වය ආදිය ලබා දෙන්නේ නම් සැමටම අභිමානවත් ලෙස ජීවත් විය හැකි ය . එසේම එවැනි තත්ත්වයක් හිමි වීම මගින් උසස් මානසික සෞඛ්‍යයක් හිමි වෙයි .
සංවර්ධන සන්නිවේදනය යනු

    රටක සෑම ක්ෂේ‍්‍රත‍්‍රයක්ම පරිපූර්ණ ලෙස සංවර්ධනය වීම සදහා සංවර්ධන සන්නිවේදනය අත්‍යාවශ්‍ය සාධකයක් වේ . සංවර්ධනයන් කි‍්‍රයාත්මක කිරීමේදී අවශ්‍ය වන්නා වූ උපාය මාර්ගයක් වශයෙන් සංවර්ධන සන්නිවේදන උපාය මාර්ග වැදගත් වේ . සංවර්ධනය හා සන්නිවේදනය වෙන්ව ගත් විට ඒවා ස්ව්‍යත්න විචල්‍යන් දෙකක් බවට පත් වෙයි . සංවර්ධන සන්නිවේදනයේ දී මාධ්‍ය මිශ‍්‍රය බහුලව යොදා ගනී . ඒ අනුව පුද්ගලාන්තර සන්නිවේදනය මෙන්ම එම නියෝජිත ආයතන සමග අන්තර් ක‍්‍රියාවන් පවත්වමින් එම සංවර්ධන කටයුතු කරගනු ලැබේ .





එසේම සංවර්ධන සන්නිවේදනය මගින් ප‍්‍රජාව බලගන්වනු ලැබේ. පුද්ගලයින් එකිනෙකා අතර විශවාසයක් ගොඩනංවනු ලැබේ. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල් ජාතික සංවර්ධන ප‍්‍රයත්නයන්හි සංවර්ධන සන්නිවේදනය භාවිත කරනු ලබයි . එම රටවල් විසින් එම රටවල යෝග්‍ය වූ සංවර්ධන සන්නිවේදන ක‍්‍රමයන් උපයෝගී කර ගනී . එක් රටකට ගැලපෙන සංවර්ධන සන්නිවේදන ආකෘති අනෙක් රටට නොගැලපීමට හැකියාවක් ඇත .එනිසා ඒ ඒ රටවලට ගැලපෙන සංවර්ධන සන්නිවේදන ක‍්‍රමයන් භාවිත කළ යුතු ය .
ඒ අනුව රටක් මුළුමනින්ම සංවර්ධනය වීම මගින් එම රට දියුණු රටක් වශයෙන් නම් කළ හැකි ය . එනම් සංවර්ධන කාර්යේ දී
    දේශපාලන අංශය
    සෞඛ්‍ය අංශය
    අධ්‍යාපනික අංශය
    ආගම
    සංස්කෘතිය
    පරිසරය
ආදී වූ ක්ෂේ‍්‍රත‍්‍රයන් සංවර්ධනය වීම අත්‍යාවශ්‍ය වේ . 1980 දශකයේ දී මෙම සංවර්ධන සන්නිවේදනය යන මාතෘකාව කෙරෙහි වැඩි අවධානයක් යොමු විය . රටක ජාතික සංවර්ධන කි‍්‍රයාවලියේ කොටසක් ලෙස සංවර්ධන සන්නිවේදනය හැදින්විය හැකි ය . සම්ප‍්‍රධායික සමාජය නවීන සමාජයක් බවට පත් කිරීම සදහා සන්නිවේදනය යොදා ගැනීම සංවර්ධන සංකල්පයෙන් දැක්වෙයි .
මෙලෙසින් සංවර්ධන කාර්ය සදහා සන්නිවේදනය යන්න එකට බැදී පවතින්නකි . සංවර්ධන කි‍්‍රයාවලිය ක‍්‍රමවත්ව කි‍්‍රයාත්මක කිරීමට එම සංවර්ධන ව්‍යාපෘති පිළිබදව ජනතාව ඇතුළු සියලු දෙනා දැනුවත් කළ යුතු ය . එය සංවර්ධන සන්නිවේදන කි‍්‍රයාවලිය වශයෙන් හදුනාගත හැකි ය .

වර්තමාන ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ගැටලු

    බෝවන රෝග ව්‍යාප්තිය

    ඒඩිස්
    වෛරස් උණ
    ක්ෂය රෝගය
    සෙම්ප‍්‍රතිශ්‍යාව
    කොළරාව
    මහාමාරිය
    කහඋණ
    පැපොල
    ඩෙංගු හා ඩෙංගු රක්තපාත
    මානව ජලභීතිකා රෝගය
    මැලේරියාව
    සරම්ප
    කම්මුල්ගාය

    බෝ නොවන රෝග ව්‍යාප්තිය
    ෙඖෂධ මිලෙන් අධික වීම
    ක‍්‍රමවත්ව සෞඛ්‍ය පහසුකම් නොමැති වීම
    පරිසර දුෂණය
    මන්දපෝෂණය


බෝවන රෝග ව්‍යාප්තිය

     බෝවන රෝග යනු ව්‍යාධිජනක ක්ෂුද ජීවීන් වන වෛරස බැක්ටිරියා ප්‍රොටොසෝමාවන් දිලීර හා බහු ෙසෙලික පරපෝෂිතයන්ගෙන් හා රෝගකාරක වූ ප්‍රෝටින අංශු මගින් ඇති කරන්නා වූ රෝගී තත්ත්වයක් වශයෙන් මෙය හදුනාගත හැකි ය . මෙම රෝග කාරක මගින් ඇතිවන රෝග බෝවන රෝග ලෙස හදුන්වන්නේ එම රෝග වැළදුන පුද්ගලයෙකු මගින් එම රෝගය තවත් පුද්ගලයෙකුට වැළදෙයි .
අපවිත‍්‍ර ජලය ආසාදිත දේහ තරල වාතය ආදිය ආසාධිත රෝග වාහකයන් වේ . යම් පුද්ගලයෙකු ආසාදිත තත්ත්වයට පත්වනවා යනු එම වෛරස ශරීරගත වීමේ කි‍්‍රයාවලිය මගින් සිදුවන්නා වූ ප‍්‍රතිඵලයන් ය . එවැනි රෝග කාරක ශරීරගත වීම මගින් දේහ කි‍්‍රයාකාරීත්වය අඩපන කරයි .
බෝවන රෝග ව්‍යාප්ත වන්නේ යම් කිසි මාධ්‍යයක් හරහා ය . රෝගය බෝ වීම විවිධ ක‍්‍රම මගින් සිදු වේ . ස්වසන රෝග වැනි රෝග බහුලව ව්‍යාප්ත වන්නේ කිවිසීම සිප ගැනීම කථනය කැස්ස වැනි අවස්ථාවන් මගින් ය .
ලිංගික රෝග බෝවනු ලැබෙන්නේ ලිංගික කි‍්‍රයාවලියේ දී ශ‍්‍රාවය වන තරලයන් මගින් ය .
ඔසේ ම මෙම බෝවන රෝග ජීවීන් නිසා ඇති වේ . වෛරස උණ වැනි දේ එම පරපෝෂිතයින් දෂ්ටකිරීම මගින් එම රෝග කාරකයන් ශරීරයට ඇතුල් වේ . ඒ අනුව මැලේරියාව මොලේ උණ ඩෙංගු වැනි බොහෝ රෝගයන් බෝවෙයි .

    ක්ෂය රෝගය
         ක්ෂය රෝගය ඇති කරන්නේ මයික්‍රො බැක්ටිරියම් ටියුබකියුලොලිස් නම් බැක්ටිරියාව මගින් ය . සාමාන්‍යයෙන් ක්ෂය රෝගය ඇති වන්නේ පෙනහළු වල නමුත් ශරීරයේ වෙනත්  ඕනෑම කොටසක් මෙයට ලක් විය හැකි ය . ලෝ්කයේ ජනගහනයෙන් 3න්1 කොටසකට ක්ෂය රෝග ආසාදනය වී තිබේ . මෙය මරණය ඇති කරන විෂබීජ වර්ගයකි . නමුත් මෙම ක්ෂය රෝගී තත්ත්වයට නිසි ප‍්‍රතිකාර ලබා ගැනීම මගින් සුවකර ගත හැකි ය .
    අපිරිසිදු ජලය භාවිත කිරීම නිසා රෝග බෝවෙයි
           වර්ෂාව හේතුවෙන් ඇතැම් ප‍්‍රදේශවල පවතින ගංවතුර ආදී වූ තත්ත්වයන් නිසා බෝවන රෝග ව්‍යාප්ත වෙයි . ජල මටිටම ඉහල යන විට වැසිකිලි වලවල් ඉතිරීමෙන් හා පසෙහි ඇති කුණු කසල සේදී යාමෙන් පානිය ජල මූලාශ අපවිත‍්‍ර වෙයි . එනිසාවෙන් පාචනය මී උණ රක්ත අතීසාරය වැනි බෝ වන රෝග පැතිරීයාම බහුල වෙයි . එනිසාවෙන් එම ජලය පානය කිරීමේ දී ආහාර පිසීමේ දී ජලය පිරිසිදු කර උණු කර පානයට ගැනීම වැදගත් වෙයි .

    ඒඩිස්
          ්‍යෂඪ  යනු වෛරසයකි . එය මානව ප‍්‍රතිශක්තිකරණ ඌනතා වෛරසයකි . මෙවැනි වෛරස තනිවම වර්ධනය වීමට හෝ ප‍්‍රතිනිර්මාණය වීමට නොහැකි ය . ජීවී ෙසෙල ආසාදනය වීම මගින් මෙම රෝගී තත්ත්වය ඇති වේ . සාමාන්‍යයෙන් වෛරස මර්ධනය කළ හැකි නමුත් ්‍යෂඪ  වෛරසය මගින් ප‍්‍රතිශක්තිකරණ පද්දතියටම පහර දෙන බැවින් එය මර්ධනය කිරීමට හැකියාවක් නැත . ්‍යෂඪ ඇති බව විනිශ්චය කළ හැකි වන්නේ එම පුදගලයාගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය රෝග වලට ඔරොත්තු දීමට නුසුදුසු මටිටමකට දුර්වල වූ විට ය . ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් තම ශරීරය බාහිර විෂබීජ හා රෝගී තත්ත්වයන්ගෙන් ආරක්ෂා කිරීම සිදු කරයි . ්‍යෂඪ වෛරසය මගින් ඒඩිස් තත්ත්වය ඇති වේ . එම වෛරසය ක‍්‍රමයෙන් ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ෙසෙල ආසාදනය කරයි . මෙම වෛරසය ශරීර ගත වූ පසුව ප‍්‍රතිශක්තිකරණය සිදු නොවේ . දෙසැම්බර් 1 වන දා ලෝක ඒඩිස් දිනයයි . මෙම රෝගී තත්ත්වය ඇති වන්නේ මානව ප‍්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය මගින් මෙම බයානක රෝගී තත්ත්වය ඇති කරයි . මෙම වෛරසය රෝගී සිරුරකින් නිරෝගී සිරුරකට ලිංගික ඇසුරක් වැනි අවස්ථාවක දී ද සියුම් පටකවලට හානි සිදු වූ අවස්ථාවක දී ද වෛරස ශරීරගත වීමට හේතු වේ . විශේෂයෙන්ම ආසාදිත පුද්ගලයා හර්පිස් වැනි රෝගී තත්ත්වයකින් පෙලෙන්නේ නම් ඔවුන්ගේ ශරීවලට දැනටමත් තුවාල වී තිබේ නම් ඉතා පහසුවෙන් ආසාධනය වීම සිදු වේ . එසේම මත් දව්‍යවලට ඇබ්බැහි ්‍යෂඪ වෛරසය ආසාධිතයින් භාවිත කරන එන්නත් කටු මගින් සිරුරට මත් දුව්‍ය විද ගැනීම මගින් හෝ වෙනත් ෙඖෂධ නික්ෂේපණය කිරීම මගින් බෝ විය හැකි ය . එසේ ම එක් අයෙකුගේ රුධිරය අනෙක් පුද්ගලයාට ඇතුල් වීමේ දී එම  ඕනෑම ආකාරයකට ලිංගික හෝ එසේ නොවන හැසිරීමෙන්ු ්‍යෂඪ වෛරසය බෝ විය හැකි ය . මීට අමතරව රෝගීයා භාවිත කළ රේසර් බ්ලේඩි දත් බුරුසු මගින් ද බෝ වීමට පුළුවන .

    වෛරස උණ
          බෝ වන රෝග අතර පවතින තවත් එක් රෝගී තත්ත්වයක් වශයෙන් වෛරස උණ හදුනාගත හැකි ය . වර්තමානය තුළ ශී‍්‍ර ලංකාවේ බහුල වශයෙන් දැකගත හැකි රෝගී තත්ත්වයක් වශයෙන් ඩෙංගු රෝගය සදහන් කළ හැකි ය . ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයන් වන අතර අසාැත මදුරුවෙකු වාහකයෙතු ලෙස ක‍්‍රියා කරයි . මෙහිදී සමාන ව්‍යුහයන් පෙන්වුවද රෝගය බෝ කිරීමේ දී වෙනස් වෛරස කි‍්‍රයා කරයි .ඩෙංගු ආසාසනය නිසා ඇති වන රෝග තත්ත්වයන් ඉතා විශාල පරාසයක් පුරා විහිදෙන අතර සමහර පුදුගලයින් තුළ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර තවත් පිරිසකට රෝග ලක්ෂණ ඇති වේ . එම පිරිසට වෛරස උණ ඩෙංගු උණ අසාන්‍ය රෝග ලක්ෂණ සහිත රක්තපාත උණ තත්ත්වයන් ඇති වේ.
ඩෙංගු උණ රෝගයේ ලක්ෂණ
    එකවර ඇති වත තද උණ
    අධික හිසරදය
    ඇස පිටුපස වේදනාව
    හන්දිවල හා පේෂිවල වේදනාව
    සමහර අවස්ථාවලදී විදුරුමසෙන් නාසයෙන් ශ්ලේම පටල හා සමෙන් ලේ ගැලීම සිදු වේ .

ඩෙංගු රෝගය ව්‍යාප්ත වී පිළිබදව ගණනය කිරීම් වලදී බහුල වශයෙන් ව්‍යාප්ත වූ පලාත වශයෙන් හදුනාගත හැකි වන්නේ බස්නාහිර පාලාතයි . එ අනුව කොළඹ දිස්ති‍්‍රක්කය ගම්පහ දිස්තික්කය තුළ ඩෙංගු රෝගය බහුල ලෙස ව්‍යාප්ත වී තිබේ .









බෝ නොවන රෝග           
    වකුගඩු රෝගය
    දියවැඩියාව
    කොලෙස්ටරෝල්
    පිළිකා
    හදවත් රෝග
    අධික රුධිර පීඩනය

    වකුගඩු රෝගය
             වකුගඩු රෝගය පිළිබදව සදහන් කිරීමේ දී මෙම රෝගී තත්ත්වය බහුල වශයෙන් ව්‍යාප්ත වී ඇති ප‍්‍රදේශ වශයෙන් උතුරු මැද ප‍්‍රදේශය හදුනාගත හැකි ය . අනුරාධපුරය ,මැදවච්චිය , පදවිය , ගිරාදුරුකෝට්ටේ , පොළාන්නරුව , මැදිරිගිරිය , නිකවැව , ඇළහැර වැනි ප‍්‍රදේශ බොහෝමයක මෙම වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් තිබේ . වකුගඩු මගින් සිදු කරන්නේ රුධිරයේ අපද්‍රව්‍ය ඉවත් කිරීම වැනි කාර්යන් ය . වකුගඩු අකර්මන්‍ය වූ විට රුධිරයේ ඇති අපද්‍රව්‍ය වැඩි වී රෝගී තත්ත්වයන් ඇති වේ.
වකුගඩු මගින් සිදුවන කාර්ය
    1 රුධිරයේ ඇති අපද්‍රව්‍ය හා ග්ලූකොස් හා ජලය පෙරා ඉවත් කිරීම
    2 පෙරූ ද්‍රාවණයේ අඩංගු වන පෝෂණ ද්‍රව්‍ය නැවත රුධිරයට උරා ගැනීම
    3 ස‍්‍රාවය කිරීම
වකුගඩු රෝගය විසින් කර ඇති විනාශය අවුරුදු 30 ක් තිස්සේ පැවති කුරිරු යුද්ධයට දෙවැනි නැත . විශල පිරිසක් මෙම රෝගයෙන් පීඩා විදියි . වෛද්‍ය විද්‍යාවට අනුව වකුගඩු රෝගයේ රෝග ලක්ෂණ මතු වන්නේ වකුගඩු වලට 80‍්‍ර ක පමණ හානි වූ පසුවයි . නමුත් ඇතැම් අවස්ථාවල ඊට පෙර හදුනාගත එැකකි අවස්ථා තිබේ . මෙම රෝගය මුලින්ම මතු වූයේ උතුරු මැද පලාතෙහි ය . එහි දී වාර්තා වූ පරිදි රෝගීන් බොහෝමයක් කෘෂි කර්මාන්තය තුළ නියැලුනු මැදි වියේ සිටි ගොවීන් ය . නමුත් වර්තමානය තුළ මෙම රෝගය කුඩා දරුවන්ට ද විශාල ප‍්‍රමාණයක් ගොදුරු වී ඇති බව හදුනාගත හැකි ය .
වකුගඩු රෝගයේ ලක්ෂණ
    අධික ලෙස හිස කැක්කුම
    කෑම අරුචිය
    ඔක්කාරය හා වමනෙ ගතිය
    කොන්දෙ කැක්කුම
    ඇග සුදුමැලි වීම
    ඇග ඉදිමීම
    නින්ද නොයෑම
    තෙහෙට්ටුව
    එක් දෙයක් කෙරෙහි අවධානය රදවා ගත නොහැකි වීම
    හුස්ම ගැනීමට අපහසුව
ඉහත සදහන් වූ රෝග ලක්ෂණ පැවතීම මගින් වකුගඩු රෝගය පවතිනවාය යන්න නිශ්චිතව නිගමනය කළ නොහැකි ය . එවිට වෛද්‍යවරයෙකු හමු වී එම පරීක්ෂණ මගින් එ් බව තහවුරු කරගත යුතු ය . මිනිසාගේ පැවැත්ම සදහා අත්‍යාවශ්‍ය අවයවයක් වශයෙන් හදුනාගත හැකි ය . මිනිස් බහිශ‍්‍රාවීය පද්ධතියේ වැදගත් අංගයකි .




වකුගඩු රෝගය සදහා බලපාන හේතු
    අධික රුධිර පීඩනය
    දියවැඩියාව
    පටකවල සිදුවන අසාමාන්‍ය වර්ධනය
    මුත‍්‍රා ආසාදන
    පානිය ජලය තුළ ඇති කිවුල ගතිය
    අව් රශ්මියට දිගු වේලාවක් නිරාවරණය වීම
    ඇලුමිනියම් භාජනවල ආහාර පිසීම
    නෙළුම් අල ආහාරයට ගැනීම
     බැර ලෝ‘හ හා කෘෂි රසායනික ද්‍රව්‍ය අධික මාත‍්‍රාවනගෙන් ශරීරගත වීම
බැරලෝහ මිනිසාට හා පරිසරයට ඉතාමත් අහිතකර රසායනික සංයෝගයන් ය . ඒවා ශරීරගත වීම අවයව විනාශ වීමට මෙන්ම ශෛල විකෘති වීමට ද පිළිකා ඇති වීමට ද හේතු වේ . එම විෂ සහිත දේ ශරීරයෙන් බැහැර නොවෙයි . එනම් වකුගඩු හරහා මෙම අපද්‍රව්‍ය බැහැර නොකරයි .මෙම බැර ලෝහ වකුගඩු තුළ තැන්පත් වීම මගින් සිදුවන්නේ වකුගඩු සිදුරු වැසී යාමයි . බැර ලෝහ ශරීරගත වන්නේ අප කනබොන ආහාරවලින් වාතයෙන් කර්මාන්තශාලා මගින් පිට කරන කාර්මික අපද්‍රව්‍ය හා කෘෂිකර්මාන්තයේ යොදා ගන්නා ලද ප‍්‍රමිතියෙන් තොර කෘෂි රසායනික ද්‍රව්‍ය නිසාවෙන් පරිසරයට බැරලෝහ එකුතු වේ . එය ආහාරයට ගැනීමෙන් වකුගඩු රෝගය වැනි රෝග සෑදෙයි . වකුගඩු රෝගයේ දී සිදුකළ හැක්කේ අපහසුතා මගහරවා ගැනීම සදහා ප‍්‍රතිකාර කිරීම පමණි . මරණය ටික කාලයකට දීර්ග කර ගත හැකි ය .

    දියවැඩියාව
      වර්තමාන සමාජය තුළ බහුලව දැකගත හැකි රෝගී තත්ත්වයක් වශයෙන් දියවැඩියාව රෝගය හදුනාගත හැකි ය . දියවැඩියාව යනු රුධිරගත සීනි ප‍්‍රමාණය වැඩි වීමයි . මෙම රෝගය බහුලව දැකගත හැකි ය . දියවැඩියාව රෝගය බහුලව දැකගත හැකි පිරිස වන්නේ වැඩිහිටි පිරිසයි . මෑත කාලයේ වැඩිහිටි පිරිස හා සමානව තුකුඩා ළමුන්ට ද මෙම දියවැඩියා රෝගය දැකගත හැකි ය . දියවැඩියා රෝගය වැළදීමට බලපාන ප‍්‍රධාන හේතුවක් වන්නේ වැරදි ජීවන රටාවයි . එනම් අප බොහෝ ක්ෂණික ආහාරයට වර්තමානය තුළ හුරු වී පවති යි . එම ක්ෂණික ආහාර නිසා වර්තමානය තුළ දියවැඩියා රෝගය සාමාන්‍යකරණය වී තිබේ .
දියවැඩියා රෝගය ඇති වීමට බලපාන කරුණු
    ජානමය බලපෑම්
    කෘතිම ආහාර පරිබෝජනය
    ෙඖෂධ පමණ ඉක්මවා භාවිතය
    අධික තරබාරු බව
    මානසික ආතතිය හා කම්පනය
මෙවැනි හේතු නිසාවෙන් දියවැඩියා රෝගය වැළදෙයි .

දියවැඩියා රෝගයේ පවතින ලක්ෂණ
    මුත‍්‍රා කිරීමේ අවශ්‍යතාවය තිතර ඇතිවීම
    අත් පා හිරි වැටීම
    නිතරම පිපාසය දැනීම
    නිතර කුසගිනි දැනීම
    ලිංගික දුබලතා
දියවැඩියාව සෑදුණු විට රුධිරය මගින් ශරීරයේ ඇති ශෛලවලට සීනි ගෙනයාමේ කි‍්‍රයාවලිය අක‍්‍රමවත් තත්ත්වයකට පත් වේ . එමගින් ශරීර ඉන්ද්‍රියන්ට හානි ඇති වේ . රුධිර සංසරණය ඇණ හිටියි
මෙම රෝගයේ අනිසි ප‍්‍රතිඵල
    හදවත් රෝග ඇති වේ
    ස්නායු දුබලතා ඇති වේ
    ඇස් පෙනීමේ දුර්වලතා ඇති වේ
    වකුගඩු නරක් වේ
    අංශභාගය ඇති වේ
    අත් පා වල ඇති වන තුවාලවල වර්ධනය නිසා කපා ඉවත් කිරීමට සිදු වේ .
මෙම දියවැඩියා රෝගයෙන් මිදීමට කළ යුතු වන්නේ දැනට පවතින සීනි මට්ටම දැනගෙන ඊලග පියවර අනුගමනය කළ යුතු ය . එනම්
x    අහිතකර ආහාර ගැනීමෙන් වැළකිය යුතු ය .
x    බර පාලනය කළ යුතු ය
x    මධ්‍යසාර හා දුම් පානයෙන් වැළකිය යුතු ය .
x    ප‍්‍රමාණවත් නින්දක් ලබා ගත යුතු ය
x    ආතතිය අඩු කර ගත යුතු ය
x    ව්‍යායාම කිරීම
x    සුදුසු ආහාර තෝරා ගැනීම
x    ඉන්සියුලින් ලබා ගැනීම
මේ අනුව බෝ නොවන රෝග අතර ශී‍්‍ර ලංකාවේ බහුල ලෙස කතාබහට ලක් වන රෝගී තත්ත්වයක් වශයෙන් දියවැඩියාව හදුනාගත හැකිය .
පිළිකා
  ලෝකයේ වැඩිම ප‍්‍රමාණයක් මිය යන හා ලංකාවේ වැඩිම රෝගීන් ගණනක් වාර්තාවන මාරාන්තික රෝගී තත්ත්වයක් වශයෙන් පිළිකා රෝගය හදුනාගත හැකි ය . බොහෝ අවස්ථා වල දී පිළිකා සුව කළ නොහැකි ය . නමුත් ශරීරය පුරා පළිකා ෙසෙල ව්‍යාප්ත නොවී තිබේ නම් ඇතැම් අවස්ථාවල මෙම රෝගය සුව කළ හැකි ය .ප මිනිස් සිරුර සෑදී ඇත්තේ ඇසට නොපෙනෙන ෙසෙල විශාල ප‍්‍රමාණයකින් ය . මෙම ෙසෙල යම් අක‍්‍රමවත් ව්‍යකූල තත්ත්වයකට පත් වෙයි . අසාමාන්‍ය ෙසෙල වර්ධනය වෙමින් නිරෝගී පටකවල පෝෂණය ලබමින් ශරීරයේ ඇති අනෙක් කොටස් ආක‍්‍රමණය කරයි . එවැනි ආක‍්‍රමණශීලි ශෛල හදුන්වනු ලබන්නේ පිළිකා නමින් ය . පිළිකා පාරම්පරිකව ඇති  නොවෙයි . නමුත් ඇතැම් ඒවා එලෙසින් සෑදෙයි .

ලංකාවේ බහුලව දැකගත හැකි පිළිකා නම්
    මුඛ පිළිකා
    ගර්භාෂ පිළිකා
    ඵියයුරු පිළිකා

වර්තමානයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන පිළිකා වර්ගයක් ලෙස ගැබ්ගෙල පිළිකා සදහන් කළය .  මෙම පිළිකා වර්ගයේ රෝග ලක්ෂණ වන්නේ
    යෝන් මාර්ගයේ අක‍්‍රමවත් රුධිර වහනය
    මාස් ශූද්ධිය නැවතී කාන්තාවන්ගේ යෝනිමාර්ගයෙන් රුධිරය වහනය
    යෝනි මාර්ගයෙන් අධික දුර්ගන්ධයෙන් යුක්ත ශ‍්‍රාවයන් පිටවීම
    ලිංගික සංසර්ගයට පසු රුධිරය වහනය වීම
මෙලෙසින් මෙම රෝග ලක්ෂණ හදුනාගැනීම මගින් නිසි ප‍්‍රතිකාර ගැනීමෙන් සුවකර ගත හැකි ය . ග

ගැබ්ගෙල පිළිකා සෑදෙන්නේ
ද    හියුමන් පැපිලෝමා : ්‍යඡුඪ * නැමැති වෛරසය ආසාදිත වූ කාන්තාවන්ට ය .
ද    අඩු වයසින් ලිංගික ජීවිතයට ඇතුල් වූවන්ට
ද    බහු පුරුෂ සේවනයේ යෙදීමෙන්
ද    බහු ස්ත‍්‍රී සේවනයේ යෙදුන පුරුෂයින් සේවනය කිරීමෙන්
ද    අකී‍්‍රයව සකී‍්‍රයව දුම්පානයේ යෙදුන පිරිස
ද    විවිධ රෝග සදහා ප‍්‍රතිශක්තිකණය හීන කරන බෙහෙත් ලබා ගන්නා පිරිස
ද    ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග සෑදී ඇති කාන්තාවන්
මෙලෙසින් පිළිකා රෝගය පිළිබදව හදුනාගත හැකි ය .

කොලෙස්ටරෝල්
                කොලෙස්ටරෝල් යන මාතෘකාව මීට වසර 40 කට පැමිණි මාතෘකාවකි . ශරීරයේ සංතෘප්ත මේද හා අසම්තෘප්ත මේද වශයෙන් කොටස් දෙකක් හදුනාගත හැකි ය . සංතෘප්ත මේද අපගේ ශරීරයට අහිතකර ඒවා නොවේ . කොලෙස්ටරෝල් අඩංගු ආහාර බොැහෝමයක්ම සම්තෘප්ත මේද අම්ල වලින් තොර ඒවා ය . මෙම අසම්තෘප්ත මේද මගින් ශරීරයේ කොසේටරෝල සෑදෙයි . අපගේ ශරීරයට අවශ්‍ය වන්නා වූ මේද මට්ටමෙන් 65 ‍්‍ර අක්මාව මගින් නිපදවයි . ඉතිරිය සම්පූර්ණ කිරිම සදහා මේදය සහිත ආහාර ලබා ගනී . මේද ප‍්‍රමාණය වැඩි වූ විට එම මේද අතිරික්ත ප‍්‍රමාණය රුධිරයට මුදා හරියි . එම රුධිරයේ දී මේද කොටස් දිය නොවෙයි . එමගින් රුධිර නාළ අවහිර වී රුධිර සංසරණය අඩාල වීම මත එම පුද්ගලයා තුළ කොලෙස්ටරෝල් පවතිය යන්න නීර්නය කරයි . මෙවැනි අවස්ථාවකදී කළ යුතු වන්නේ අහිතකර ආහාර ගැනීම වැලකීම හා ඒ සදහා නිසි ප‍්‍රතිකාර ගැනීමයි .







 හදවත් රෝග
                    ජීවත් වීමට ඔක්සිජන් අවශ්‍ය වේ . ඔක්සිජන් ශරීරයේ අවයව වෙත ගෙනයනු ලැබෙන්නේ රුධිරය හරහා ය . හෘදය නැමැති අවයවය මගින් රුධිරය පොම්ප කරයි . මෙම හෘදයට යම් රෝගයන් සෑදීමෙන් එම කෘත්‍ය නිවැරදි ලෙස  සිදු කිරීමට නොහැකි වූ විට හෘද රෝග ඇති වේ. මෙම හෘද රෝග ප‍්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය
1 සංජානනීය හෘද රෝග2 නතු කරගත් හෘද රෝග
සංජානනනීය හෘද රෝග යනු උප්පත්තියෙන්ම සෑදී ඇති හෘද රෝග වන අතර නතු කරගත් හෘද රෝග පසු කාලයේ විවිධ හේතු නිසා සෑදෙයි .
හෘද රෝග ඇති වීමට බලපාන හේතු
    දුම් පානය
    ශරීරය උවමනා ප‍්‍රමාණයට වඩා මහත් වීම
    ව්‍යායාම නොකිරීම
    පෝෂණයෙන් තොර ආහාර ගැනීම
    මත්පැන් භාවිතය
    අසහනය
මෙලෙසින් හෘද රෝග ඇති වන හේතු හදුනාගත හැකි ය . මෙය වලක්වා පැනීමට කළ යුතු වන්නේ ඉහත සදහන් කළ හේතු ජීවිතයෙන් ඈත් කිරීමයි . එසෙම හෘද රෝග සෑදුනු පුද්ගලයෙකු නිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ.

    අධික රුධිර පීඩනය
                 මෙම රෝගයද වර්තමානයේ බහුලව හදුනාගත හැකි රෝගයකි . ලෝකයේ හදුනාගෙන ඇති පරිදි මෙම රෝගය ජනගනයෙන් ¼  එකකට සෑදී ඇති අතර 2015 වන විට මේ තත්ත්වය තවත් වර්ධනය වන බව හදුනාගෙන තිබේ. ශී‍්‍ර ලංකාවේ ජනගහනයෙන් 15‍්‍ර හෘද රෝග නිසා මිය යන අතර එම ප‍්‍රමාණයෙන් සියයට 79- 80 ක පිරිසක් මිය යන්නේ අධික රුධිර පීඩනය නිසාවෙන් ය . වර්තමානයේ මෙම රෝගයට බොරෝ ලෙස ගොදුරු වන්නේ පිරිමින් ය . රුධිර පීඩනය ලෙස අදහස් වන්නේ හෘදය වස්තුව සංකෝචනය වීමේදී හා ලිහිල් වීමේ දී ප‍්‍රධාන ධමනි බිත්ති මත රුධිරය මගින් කරන පීඩනයයි . යම් පුද්ගලයෙකු හට අධික රුධිර පීඩනය පවති නම් එම පරම්පරාවේ අනෙක් අයට ද සදීමට හැකි ය . මෙම රෝගය හට ගන්නේ









x    අධික ලෙස ලුණු ආහාරයට ගත්විටs
x    අජීරණය හා අජීරණය පවත්වාගෙන යෑම
x    තේ කෝපි වැඩිපුර පානය
x    බුලත්විට , දුම්වැටි භාවිතය
x    කෘතිම ආහාර ගැනීම
x    විවේකයක් නොමැති වීම හා ව්‍යායාම නොකිරීම වැනි හේතු නිසාය . මෙලෙසින් ලංකාවේ පවතින බෝ නොවන රෝග නිසා ඇති වී තිබෙන ගැටලු බොහෝමයක් හදුනාගත හැකි ය .

    ෙඖෂධ මිලෙන් අධික වීම හා ක‍්‍රමවත් සෞඛ්‍ය පහසුකම් නොමැති වීම
                 
                  1 නිසි දැනුමක් ඇති වෛද්‍යවරුන් සීමිත වීම
                  2 ෙඖෂධ මිල අධික වීම හා ඇතැම් ෙඖෂධ හිග බව
                  3 තාක්ෂණික දැනුම නොමැති වීම හා තාක්ෂණික උපකරණ හිග බව
                  4 ප‍්‍රවාහන පහසුකම් නොමැති වීම

1 නිසි දැනුමක් ඇති වෛද්‍යවරුන් සීමිත වීම
     රට තුළ කොපමණ වෛද්‍යවරුන් සිටිය ද බොහෝ රෝග සුව කර ගැනීම සදහා රෝගීන් වෙන රටකට ගෙන ගොස් ප‍්‍රතිකාර ගනී . මෙයට එක් හේතුවක් වන්නේ බොහෝ වෛද්‍යවරුන් එකම ක්ෂේ‍්‍රත‍්‍රයක දැනුමක් ඇති පිරිසක් වීමය . එනිසාවෙන් ඇතැම් රෝග සදහා ඇති වෛද්‍යවරු පිරීස සීමිත මට්ටමක සිටියි . එනිසා සෞඛ්‍ය ක්ෂේ‍්‍රත‍්‍රයට එම හේතු සාධකය නිසා සෞඛ්‍ය ගැටලු මතු වෙයි . ශී‍්‍ර ලංකාව තුළ සිටින ජනගහනයට සාපේක්ෂව විශේසඥ දැනුමලත් වෛද්‍ය පිරිසගේ ප‍්‍රමාණය අඩු ය . නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ශී‍්‍ර ලංකාව වෛද්‍යවරුන් හිගයක් නොමැති රටක් වශයෙන් හදුනාගෙන තිබේ . එනම් වෛද්‍යවරුන් අක‍්‍රමවත් ලෙස ව්‍යාප්ත වීම මෙයට බලපා ඇති හේතුවයි .

2 ෙඖෂධ මිලෙන් අධික වීම
          ශී‍්‍ර ලංකාව යනු තුන්වන ලෝකයට අයත් රටකි . එනම් ආර්ථික අපහසුතාවන්ගෙන් පීඩා විදිනු ලබන රටකි . විවිධ වූ රෝග සෑදුණු විට එය සුව කර ගැනීමට ෙඖෂධ අවශ්‍ය වන අතර ඒ සදහා අධික මුදලක් අවශ්‍ය වූ විට එම රෝග සුව කර ගැනීමට මිනිසුන්ට හැකියාවක් නොමැති වන අවස්ථා පැමිණෙයි . ෙඖධෂවල මිල අධික වීම නිසා බොහෝ රෝගී පිරිසක් රට තුළ එකතු වේ . එමගින් සංවර්ධන කාර්ය ද ඇනහිටියි . මෙලෙසින් ෙඖෂධ වල මිල අධික වීම විශාල ගැටලුවකි .
3 තාක්ෂණික දැනුම නොමැති වීම හා තාක්ෂණික උපකරණ හිග බව
       ලංකාවේ වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඇති උග‍්‍ර ගැටපුවක් වශයෙන් මෙය හැදින්විය හැකි ය . තාක්ෂණික දැනුම නොමැති වීම මගින් තාක්ෂණික උපකරණ භාවිත කිරීමට හැකියාවක් නොමැති අතර තාක්ෂණික උපකරණ නොමැති හිග වීම නිසා මෙවැනි ගැටලු සෞඛ්‍ය ක්ෂේ‍්‍රත‍්‍රයේ උද්ගත වී තිබේ. මෙලෙසින් තාක්ෂණික පහසුකම් නොමැති බව නිසාවෙන් එම තාක්ෂණික පහසුකම් හා තාක්ෂණික දැනුම ඇති රටකට ගොස් එම රෝගයට ප‍්‍රතිකාර කළ යුතු ය . මෙය කළ හැකි වන්නේ ද ආර්ථික මට්වම සාධනීය පිරිස් ය . අනෙක් රෝගී පිරිස පීඩාවට පත් වෙයි .
4 ප‍්‍රවාහන පහසුකම් නොමැති වීම
  බරපතල රෝගියෙකු සිටින විට එම රෝගියා රැුගෙන යාම සදහා ප‍්‍රවාහන පහසුකම් අත්‍යාවශ්‍ය සාධකයකි . නමුත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේ‍්‍රතයේ ගැටලු දැකගත හැකි ය . මෙවැනි ගැටලු පැවතීම නිසා මුළු සෞඛ්‍ය ක්ෂේ‍්‍රත‍්‍රයටම එම ගැටලු බලපායි .
පරිසර දූෂණය
               පරිසර දූෂණය යනු පරිසරයේ ඇති ස්වභාවික හා ගුණාත්මක දේ අයහපත් තත්ත්වයට පත් වීමයි. ඒ අනුව වායු දූෂණය , ජල ෂණය , හා අනෙකුත් වූ පාරිසරික අයහපත් තත්ත්වයන් හදුනාගත හැකි ය . පරිසරය සුරැුකීම අපගේ වගකීමක් වුව ද එය දශක ගණනාවක් තිස්සේ දූෂණය කර ඇත . සෞණ්‍ය සම්පන්න වන ලෙසින් එය පවත්වාගත යුතු ය . පරසර දූෂණය නිසා සියලු හානිකර දූෂක අපගේ ශරීරයට අහිතකර බලපෑමක් ඇති කරයි . ප‍්‍රධාන වශයෙන් ජල දූෂණය , වායු දූෂණය , පස දූෂණය , ශබ්ද දූෂණය , වැනි අහිතකර තත්ත්වයන් ඇති වේ . මහා පරිමාණ කර්මාන්තශාලා , විෂ රසායනික ද්‍රව්‍ය , වැනි සේ මානව සෞඛ්‍යට අහිතකර වේ.
වර්තමානය වන විට පරිසරය ඉහත ආකාරයන්ට අමතරව දූෂණය වන අවස්ථාවක් වශයෙන් අක‍්‍රමවත් කුණු නසළ බැහැර කිරීම සදහන් කළ හැකි ය . මෙම කුණු කසළ තුළ ඇති නොදිරන ද්‍රව්‍ය නිසාවෙන් පසට බොහෝ හානි ඇති වේ. ඉන් පසුව එම පස තුළ වගා කටයුතු කළ විට එම ආහාර පවා විෂ සහිත වේ.පතල් කර්මාන්තය නිසා ද පස දූෂණය වීම සිදු වේ . අම්ල වැසි ඇති වීමේදී ද පස දූෂණය වේ .  එසේම කුණු කසල ජලයට එකතු වීම නිසා ජලය අපවිත‍්‍ර වේ . එමගින් විවිධ රෝගයන් හටගනී . එම රෝගයන් නිසාවෙන් ප‍්‍රතිකාර කළ යුතු අතර එයට මුදල් ආදිය ද වියදම් වෙයි. මෙලෙසින් ජල  දූෂණය වීම නිසා සෞඛ්‍ය ගැටලු මතු වී තිබේ .
වර්තමානයේ අප බොහෝ කර්මාන්ත සංවර්ධනය කර තිබේ . කාර්මික සංවර්ධනය වන නමුත් පරිසර සංවර්ධනයක් සිදු නොවේ . රටක එක් අංශයක් පමණක් සංවර්ධනය කිරීම හා අනෙක් අංශයන් සංවර්ධනය නොවීම සෞඛ්‍ය ක්ෂේ‍්‍රත‍්‍රයට බලපාන්නා වූ ගැටලුවකි . කර්මාන්තශාලා මගින් පිටවන අපද්‍රව්‍ය හා අහිතකර වායු නිසා වාතය දූෂණය වන අතර එම වාතය ස්වසනය කිරීම මගින් පෙනහළු හා ශ්වසන රෝග ඇති වේ .
එසේම ශබ්ධ දූෂණය මගින් මානසික ආතතිය ඇති වේ . මානසික ආතතිය ද සෞඛ්‍ය ගැටලුවකි .
පරිසර දූෂණය අවම කිරීම
     1 කුණු කසල ප‍්‍රතිචක‍්‍රීකරණය සිදු කිරීම
     2 ගල් අගුරු හා ඛනිජ තෙල් භාවිතය අඩු කිරීම
     3 සූර්යතාපය වැනි විකල්ප බල ශක්ති භාවිතය
     4 පස දුෂණය වීම වැලැක්වීම සදහා කෘතිම පොහොර භාවිත නොකිරිම , විෂ රසායනික            ද්‍රව්‍ය පසට එක් නොකිරීම
     5 නිසි ලෙස නගර සැලසුම් කිරීම
     6 භාවිත කරන යන්ත‍්‍ර විශාල ශබ්ධ නොනැගෙන ලෙස නඩත්තු කිරීම
     7 ගස් රෝපණය කිරිම
     ආදී ක‍්‍රම අනුගමනය කළ යුතු ය  සෞඛ්‍ය සංවර්ධන සන්නිවේදන උපාය මාර්ග

           සංවර්ධනය කරා යන ගමනේ දී සංවර්ධනය විය යුතු අත්‍යවශ්‍ය අංශයක් ලෙස සෞඛ්‍ය අංශය හැදින්විය හැකි ය . අනෙක් අංශයන් ද සංවර්ධනය කිරීම සදහා යහපත් සෞඛ්‍යකින් හෙබි පුරවැසියන් අවශ්‍ය වේ. එනිසාවෙන් සෞඛ්‍ය සංවර්ධනය ඉතා වැදගත් අංශයක් වශයෙන් හදුනාගත හැකි ය . වර්තමානය වනවිට බොහෝ සෞඛ්‍ය ගැයලු උද්ගතව පවතී . බෝවන රෝග , බෝ නොවන රෝග , විවිධ දූෂිත තත්ත්වයන් නිසා ඇති වන රෝග ව්‍යාප්ත වෙමින් පවතී . එමගින් බොහෝ ජීවිත ප‍්‍රමාණයක් රටට අහිමි වෙමින් පවතී . එසේ ම විවිධ වූ රෝගයන්ට ප‍්‍රතිකාර කිරීම සදහා එයට සුදුසු තාක්ෂණයන්ගේ මද බවක් පවතී . රටක් සංවර්ධනය වීමට සෞඛ්‍ය පළිබදව මුළු රටේම සිටින ජනතාව තුළම සිටින ජනතාව තුළ පුළුල් අවබෝධයක් පැවතීම ඉතා වැදගත් වේ . සෞඛ්‍ය සංවර්ධනය යනු එයයි . එනම් පවතින සෞඛ්‍ය ගැටලු ඇති නොවන ලෙස  කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබදව ජනතාව දැනුවත් කිරීමයි . රටක පවතින සෞඛ්‍ය ගැටලු පෙන්වා දී රටේ සිටින ලොකු කුඩා සියලු දෙනා ආරක්ෂ කර ගැනීම මෙවැනි කි‍්‍රයා මාර්ග වල අරමුණයි . නිරෝගිමත් සෞඛ්‍යක් ඇති පුරවැසියෙකු රටට අවශ්‍ය වේ . රටට ලෙඩෙකුගෙන් ඵලක් නැත . විවිධ පර්යේෂණ පවත්වමින් එම ගැටලු මැඩපවත්වා ගන්නේ කෙසේ ද එයට කළ යුතු පිළියම් මොනවාද ආදී වශයෙන් සළකා බැලීම වටී .
වර්තමානය වන විට ශී‍්‍ර ලංකාවේ බොහෝ සෞඛ්‍ය ගැටලු මතු වී තිබෙන අතර එයට විසදුමක් සෙවීම යෝග්‍ය කරුණකි . එවැනි ගැටලු මැඩපවත්වා ගැනීමට මෙන්ම එවැනි සෞඛ්‍ය ගැටලු මතු නොවීමට කටයුතු කිරීම වැදගත් වේ . ඉහත මාතෘතා මගින් සදහන් පරිදි බොහෝ සෞඛ්‍ය ගැටලු වලින් ජනතාව පීඩනයට පත්වෙයි .එම පීඩනය තුරන් කළ යුතු වන්නේ
    විවිධ වැඩමුලු හා සම්මන්ත‍්‍රණ පවත්වත්වමින් එම ගැටලු පිළිබදව හා නිවාරණ කි‍්‍රයා මාර්ග පිළිබදව ජනතාව දැනුවත් කිරීම
    පාසල් ළමුන් සදහා ක‍්‍රමවත්ව සෞඛ්‍ය විෂය ඉගැන්වීම හා ඉන් පසුව ඇති උසස් අධ්‍යාපනයට එම විෂට ඇතුල් කිරීම
    පවතින සියලුම මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කිරීම
    සෞඛ්‍ය සායන පැවැත්වීම
    යම් සෞඛ්‍ය ගැටලුවක් මතු වූ විට එය අනෙකාට දැනුම් දෙමින් තුරන් කිරීමට සැවොම කටයුතු කිරීම
    සෞඛ්‍ය ගැටපු හා ඒවා නිරාකරණය කරන පිළිවෙත් සමගින් ටෙලි නාට්‍ය කෙටි චිත‍්‍රපටි පෙන්වීම
සෞඛ්‍ය සංවර්ධන සන්නිවේදන උපාය මාර්ගයක් ලෙෂ සෞඛ්‍ය සම්බන්ධ සම්මුඛ වැඩමුළු පැවැත්වීම හදුනාගත හැකි ය . මෙම සම්මන්ත‍්‍රණ හා වැඩමුළු එක් දිනක් හෝ ඊට වැඩි වීමට පුළුවන් ය . සෞඛ්‍ය පිළිබදව පුළුල් අවබෝධයක් නොමැති ජනතාව එම සම්මන්ත‍්‍රණ ආදිය මගින් ඒ පිළිබදව දැනුමක් ලබා ගත හැකිය . එම අවස්ථාවේම ඔවුන්ට ඇති ගැටලු ආදිය ද සාකව්ඡුා කිරීමට අවස්ථාවක් ලැබේ . එම ක‍්‍රමය උපයෝගී කර ගැනීම මගින් දෟඛ්‍ය සංවර්ධනය කර ගත හැකි ය .
එමෙන්ම මේ සදහා කළ යුතු එක් කි‍්‍රයා මාර්ගයක් වන්නේ පාසල් ළමුන්ගේ විෂය නිර්දේශය සදහා ඇති සෞඛ්‍ය විෂය ක‍්‍රමවත් ලෙස ඉගැන්වීම හා උසස් අධ්‍යාපනය සදහා ද සෞඛ්‍ය විෂය ඇතුලත් කිරීම ඉතා වැදගත් කරුණක් වශයෙන් හදුනාගත හැකි ය . ළමා පරපුර යනු රටේ ඉදිරි පරම්පරාවයි . එසේ ම අධ්‍යාපනය ඔස්සේ එම සෞඛ්‍ය සන්නිවේදනය කිරීම මගින් එම ළමා පිරිස දැනුවත් බවට පත් වේ .
වර්තමානය වන විට විශාල වශයෙන් මාධ්‍යයන් භාවිත කරයි . නව මාධ්‍ය විදු්‍යුත් මාධ්‍ය මගින් සෞඛ්‍ය සංවර්ධනය පිළිබදව දැනුවත් කිරීම් කිරිම මෙහිදී සිදු වේ . ඒ අනුව නව මාධ්‍ය ලෙස ත්‍්ක්‍ෑ ඊධධණ ල ශධඹ ඔඹඊෑ ල ඨදදටකැ ල  වැනි මාධ්‍ය උපයෝගී කරගනිමින් සෞඛ්‍ය ගැටලු පිළිබදව හා එයට ගත යුතු කි‍්‍රයා මාර්ග පිළිබදව දැනුවත් කිරීම් කළ යුතු ය . ගංවතුර වැනි අවස්ථා වලදී ව්‍යාප්ත වන රෝග හා සෞඛ්‍ය ගැටලු පිළිබදව සමාජ ජාල මගින් පුළුලි ලෙස දැනුවත් කිරීම් කළ යුතු ය . නමුත් මෙම සමාජ ජාල භාවිත කරනු ලබන්නේ බොහෝමයක් තාක්ෂණික දැනුම ඇති පිරිස් ය .  එනිසාවෙන් එම දැනුම ඇති පිරිසට මෙන්ම නැති පිරිස දැනුම් දීම කළ යුතු ය . එනිසාවෙන් අනෙක් මාධ්‍යයන් හෝ භාවිත කළ යුතු ය . විදු්‍යුත් මාධ්‍ය ලෙස ඇති වර්තමානයේ ජනප‍්‍රිය මාධ්‍ය වන රූපවාහිනිය , ගුවන් විදුලිය වැනි මාධ්‍ය හරහා මෙම සෞඛ්‍ය සංවර්ධනය සදහා දැනුවත් කිරීම් හා ඉදිරිපත් කළ යුතු ය . වර්තමානයේ ඇතැම් මාධ්‍ය තාලිකා මගින් මෙම වැඩසටහන් දැනටමත් විකාශනය වේ . මෙම තත්ත්වය තවත් වර්ධනය කළ යුතු ය . එමගින් සමාජය සෞඛ්‍ය පිළබදව මෙන්ම එම සෞඛ්‍ය ගැටලු මග හරවා ගනිමින් සංවර්ධනය කර ගැනීමට එය උපකාරී වේ . එමෙන්ම පුවත්පත් හරහා ද මෙම දැනුවත් කිරීම් සදහා පුවත්පත් හරහා ද එම තොරතුරු ඉදිරිපත් කර පාඨක පිරිසට දැක බලා ගැනීමට හැකි ය .
එසේම අත් පති‍්‍රකා අදිය බෙදා දීම මගින් ද සෞඛ්‍ය සංවර්ධන සන්නිවේදනය සිදු කළ හැකි ය . මේ අයුරින් පවතින සියලුම මාධ්‍ය ඔස්සේ මේ පිළිබදව තොරතුරු ලබා දීම මගින් පොහෝ පිරිසක් දැනුම්වත් වීම සිදු වේ . එසේම එම ගැටලු මිදී සෞඛ්‍ය සම්පන්න වූ ජීවිතයක් ගත කළ හැකි වේ .
සෞඛ්‍ය සායන පැවැත්වීම ද සෞඛ්‍ය සංවර්ධන සන්නිවේදන ක‍්‍රමොපායක් වශයෙන් හදුනාගත හැකි ය. ඒ අනුව පවුල් සේවිකාව ද වර්තමානයේ පුළුල් සේවාවක් ඉටු කරයි . නිවෙස්වලට ගොස් විවිධ සෞඛ්‍ය ගැටලු පිළිබදව දැනුවත් කරන අතර එම ගැටලු විසදා ගැනීමට ද ක‍්‍රමයක් පෙන්වා දෙයි . එසේම එම පවුල්වල සිටින පිරිසට ඇති සෞඛ්‍ය ගැටලු හදුනාගෙන එයට විසදුම් ද ලබා දෙයි . ඒ අනුව සෞඛ්‍ය සංවර්ධනය කිරීම සදහා සන්නිවේදන කටයුතු තරනු ලබන ඉතා ක‍්‍රමවත් කි‍්‍රයාවක් ලෙස හදුනාගත හැකි ය .
එසේම සෞඛ්‍ය ගැටලු හා එය මග හරවා සෞඛ්‍ය සංවර්ධනය කිරීම සදහා තවත් එක් සන්නිවේදන ක‍්‍රමයක් වශයෙන් සෞඛ්‍ය සම්බන්ධ කරුණු ඇතුලත් කර ටෙලි නාට්‍ය හා කෙටි චිත‍්‍රපට ආදිය මගින් දැනුවත් කිරීම වැදගත් වේ . ටෙලි නාට්‍ය හා චිත‍්‍රපට මගින් එය දැනුවත් කිරීම නිසා ජනතාවට හොදින් තේරුම් ගත හැකි ය . මේ අනුව සෞණ්‍ය සංවර්ධන සන්නිවේදනය කිරීම සදහා ඉහත සදහන් කළ අයුරින් කි‍්‍රයා මාර්ග අනුගමනය කිරීම සාර්ථක කි‍්‍රයාවක් බව හදුනාගත හැකි ය .


     මේ අනුව හදුනාගත හැකි එක් කරුණක් වන්නේ වර්තමානය වන විට ශී‍්‍ර ලංකාවේ බොහෝ සෞඛ්‍ය ගැටලු පවතින බවයි . එසේම ශී‍්‍ර ලංකාව යනු තුන්වන ලෝකයේ රටකි . එනම් සංවර්ධන සංවර්ධන කි‍්‍රයාවලිය සදහා ජනතාවට සෘජුවම දායකත්වය සැපයිය යුතු ය . එලෙසින් දායනත්වය සැපයීම සදහා ජනතාව යහපත් සෞඛ්‍යකින් යුක්ත වීම . ඉතා වැදගත් කරුණකි . එසේම පවතින මෙම රෝගී තත්ත්වය නිසාවෙන් කුඩා ළමුන් තරුණ පරම්පරාව ආදී වශයෙන් ශ‍්‍රම බලකාය මරණයට පත් වේ . එය සංවර්ධනය අඩාල වීමට ඇති ගැටලු සහගත තත්ත්වයන්  ය . එම ගැටලු මග හරවා ගැනීමට පුළුල් ලෙස දැනුවත් කිරීම සදහා සියලම මාධ්‍ය ආදිය උපයෝගී කර ගැනීමට වැදගත් වේ . මේ අනුව රටේ දක්නට පවතින බෝවන රෝග , බෝ නොවන රෝග හා අනෙකුත් කි‍්‍රයාකාරකම් මගින් රෝගයක් සෑදෙයි . බොහෝ විට මෙලෙසින් රෝගයක් සෑදෙන්නේ ජනතාව තුළ පවතින්නා වූ නොසැලකිලිමත් බව නිසා ය .
තම ශරීර සෞඛ්‍ය ගැන පමණක් හිතමින් අනෙක් පිරිස ගැන නොසලකමින් ජනතාව කටයුතු කරයි . ඒ නිසාවෙන් බොහෝ ලෙස  රෝග ව්‍යාප්ත වෙයි . මෙය සෞඛ්‍ය සංවර්ධනය කිරීමට බාධාවකි . මිනිසුන් ගංගා ජලාශ , මහාමාර්ග ආදී ස්ථානයන්ට කුණු බැහැර කරයි . එම අපද්‍රව්‍ය ක‍්‍රමවත් ලෙස ප‍්‍රතිචක‍්‍රීයකරණය නොකිරීම නිසාවෙන්  ඕනෑකමින් සෞඛ්‍ය ගැටලු වර්ධනය කර ගනී . මෙනිසා මෙවැනි ගැටලු විසදා ගැනීම සදහා සෟඛ්‍ය සංවර්ධන සන්නිවේදන ක‍්‍රමයන් වැදගත් වේ . එම සෟඛ්‍ය සංවර්ධන සන්නිවේදන ක‍්‍රමෝපායන් උපයෝගී කර ගැනීම මගින් ජනතාව දැනුවත් වේ . එනිසාවෙන් යම් පිරිසක් හෝ යහපත් සෞඛ්‍යයක් ගොඩනගා ගැනීම සදහා ගටයුතු කරනු ලබයි . නමුත් සෞඛ්‍ය සංවර්ධනය කර ගැනීමට එක් පාර්ශවයකට පමණක් වගකීමක් නොවන අතර ඒ සදහා සියලුම ජනතාව සහයෝගය දැක්විය යුතු ය . එය වගකීමක් හා යුතුකමකි .








ආශ‍්‍රිත ග‍්‍රන්ථ


1 අසීමිත සුවතාව , සොයිසා ද ප‍්‍රියංග , ප‍්‍රථම මුද්‍රණය 2000 , 699රැු 1 ඇල්හේන පාර , ගොතටුවේ පී ඇන්ඞ් පී ඇසෝසියේට්හි මුද්‍රණය කරන ලදී .
2 රජෙක් උනත් ලෙඩෙක් උණොත් , ගමගේ . යූ ආරියසේන , ප‍්‍රථම මුද්‍රණය 1997 , එස් . ඇන්ඞ් . එස් පි‍්‍රන්ටස් 33 පාසල් පටුමග , කොළඹ 09
3 නිරෝගී සම්පත , ජයවර්ධන කේ . ඩබ්ලිව් ඒ , ප‍්‍රථම මුද්‍රණය සැප්තැම්බර්  1969 , මුද්‍රණාලය , 89 , මාලිගාවත්ත පාර , කොළඹ 10
4 නිරෝගී සැපවත් දිවියකට ආයුර්වේදීය ආචාර ධර්ම , ගලමංගොඩ සුමනපාල , නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යන  ආයතනය මානෙල්වත්ත කැලණිය
5 සෞඛ්‍ය හා ජන සමාජය , මුණසිංහ නිහාල් , ප‍්‍රථම මුද්‍රණය 1978 , සීමාසහිත ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට් සමාගම  ග‍්‍රන්ථ ප‍්‍රකාශකයෝ 41 ඩබ්ලියු ඒ . ඞී රාමනායක මාවත කොළඹ 02


සෙව්වන්දි රශ්මිලා අධිකාරි




මාධ්‍ය සාක්ෂරතාව හා එහි වැදගත්කම

                      

සමාජය තුළ ජීවත්වීමේ දී මිනිසාට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සාක්ෂරතායව හදුනාගත හැකි ය .
සාක්ෂරතාවය ලෙස හදුන්වනු ලබන්නේ අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාවයි . මෙම සාක්ෂරතාවය විවිධ ක්ෂේ‍්‍රත‍්‍ර සදහා උපයෝගී වේ. ඒ අනුව මාධ්‍ය සදහා ද මෙම සාක්ෂරතාවය බලපානු ලැබේ. මාධ්‍ය සාක්ෂරතාව වර්තමාන සමාජයට අතිශය වැදගත් වන්නක් ලෙසින් හදුනාගත හැකි ය . මාධ්‍ය සාක්ෂරතාවය යනු මාධ්‍ය මගින් ඉදිරිපත් කරන සංදේශ විචාරශීලිව අවබෝධ කර ගනිමින් භාවිතයට ගැනීමේ හැකියාවයි .  ඕනෑම මිනිසෙකුට වර්තමානයේ මෙම මාධ්‍යන් පිළිබදව අධ්‍යනය කිරීම වැදගත් වේ . වර්තමාන සමාජය තුළ ප‍්‍රබල ලෙස මාධ්‍ය කටයුතු කරයි.  මුල් කාලීනව මුද්‍රීත මාධ්‍ය ප‍්‍රබල වුවද වර්තමානය වන විට විදු්‍යුත් මාධ්‍ය මගින් ඉතා ප‍්‍රබල බලපෑමක් එල්ල කර ඇත .

මේ අනුව බලන කල වර්තමානයට උචිත වන අයුරින් මාධ්‍ය සාක්ෂරතාවය කුමක් ද යන වග විවිධ විශේසඥ පිරිස් විසින් පහත පරිදි අර්ථ ගන්වා තිබේ.
x    සන්නිවේදනයේ දී මුද්‍රිත මෙන්ම මුද්‍රිත නොවන විවිධාකාර මාධ්‍යයන් මගින් තොරතුරු ලබා ගැනීමට ඒවා විග‍්‍රහ කිරීමට විනිශ්චය කිරීමට සහ සන්නිවේදනය කිරීමට ඇති හැකියාව මාධ්‍ය සාක්ෂරතාවයයි .
    (ඬේවිඞ් කොන්සිඩින් *

x    මාධ්‍ය සාක්ෂරතාවය යනු අපට දිනපතා අලෙවිකරනු ලබන දැනුම් දෙන සහ පිනවනු ලබන සන්දේශ විග‍්‍රහ කිරීම සහ පෙරා ගැනීම සදහා ඇති හැකියාවයි . එය සියලූ මාධ්‍ය සම්බන්ධයෙන් විවේචනාත්මක චින්තනයෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාවයි . මාධ්‍ය හිමිකාරීත්වය තුළ සැගවී ඇති උත්තේජනයන් මුදල් සහ හර පද්ධතීන් ඇතුළු නිෂ්පාදනයන් යට සැගවුණ දෑ ප‍්‍රශ්න කිරීමට පෙළඹවීමකි . යන ඉහත කරුණු සියල්ල කෙරෙහි බලපාන්නේ කෙසේ ද යන වග විමසා බැලීමකි .
    (ජේන් ටාලිම්*

ඇමරිකාවේ පරිසර සංස්කාතින සංසදය මගින් ඉදිරිපත් කර ඇති මහජන සන්නිවේදන ප‍්‍රඥප්තියේ පෙන්වා දී ඇති පරිදි විචාරාත්මක මාධ්‍ය අවබෝධය පරිගණක සාක්ෂරතාව මෙන්ම සමාජයේ සන්නිවේදන කාර්යභාරය පිළිබද අධ්‍යාපනය ද මාධ්‍ය සාක්ෂරතාවය මෙන්ම සමාජයේ සන්නිවේදන කාර්යභාරය පිළිබදව ඇති අධ්‍යාපනය මාධ්‍ය සාක්ෂරතාවය බවයි .




භටහිර රටවල තිබූ මෙම මාධ්‍ය අධ්‍යාපනය යන්න විෂයක් වශයෙන් වර්මානය තුළ මෙරට ද අධ්‍යාපනයට ඇතුලත් කර ඇති බව හදුනාගත හැක .මාධ්‍ය මගින් ග‍්‍රාහක ගත කරනු ලබන තොරතුරු සියල්ලම නිවැරදි ඒවා නොවේ . ඔවුන්ගේ විවිධ අභිප‍්‍රෘයන් හා විවිධ පුද්ගලයින්ගේ අරමුණු ද ඉටුවන අයුරින් වර්තමානය වන විට මාධ්‍ය ආයතන කටයුතු කරනු ලැබේ. එනිසා මාධය මගින් කුමන් දේ ප‍්‍රකාශ කල ද කුමන නොරනුරු සමාජගත කල ද ඒවායෙහි ඇති සාවද්‍ය බව නිරවද්‍ය බව විචාරශීලීව අවබෝධ කර ගැනීම අවශ්‍ය වේ . මාධ්‍ය සාක්ෂරතාවයෙහි අරමුණ වන්නේ ද එයයි .






මාධ්‍ය සාක්ෂරතාවය සදමා කුසලතා කිහිපයක් බලපානු ලැබේ. එනම්

    පරිහරණය කිරීමේ කුසලතාව
    විශ්ලේෂණය කිරීමේ කුෂලතාව
    ඇගයීමේ කුසලතාව
    නිර්මාණය කිරීමේ කුසලතාව
යන්නයි . මෙම කුෂලතාවන්ගෙන් යුක්ත වූවෙකුට මාධ්‍ය පිළිබදව නිසි අවබෝධයක් ඇති අයෙකු වශයෙන් හදුනාගත හැකි ය . වර්තමානය වන විට ජන මාධ්‍යන් ද අභිබවමින් නව මාධ්‍ය පෙරළියක් ඇති වී තිබේ. සමාජ ජාලා මාධ්‍ය මගින් විවිධ තොරතුරු හුවමාරු වන අතර එවැනි මාධ්‍යන් මගින් බොහෝ ප‍්‍රමාණයක් අසත්‍ය තොරතුරු ද හුවමාරු වේ. මෙමගින් තොරතුරු හුවමාරු කිරීමේ දී සෑම අවස්තාවකදීම වාරනයන් කි‍්‍රයාත්මක කිරිම අසීරු වන අතර විචාරශීලි ලෙෂ මාධ්‍ය පරිහරණය කිරිම වැදගත් කොට සලකනු ලැබේ.
විචාරශීලි නොවීම මගින් සමාජය තුළ වර්තමානය වන විට බොහෝ ගැටුම් ඇති වී තිබේ. ජාතිවාදී ගැටුම් මෙහි දී ප‍්‍රබල ස්ථානයක රැුදී තිබේ . විචරශීලි මාධ්‍ය පරිහරනයක් පැවතීමෙන් සමාජය නිරවුල් තත්ත්වයකට පත් වේ.
මාධ්‍යන් පරිහරණය කිරීමේ දී මාධ්‍ය සාක්ෂරතාවය ඉතා වැදගත් වන අතර මෙම මාධ්‍ය සාක්ෂරතාවය තුළ ඇති අන්තර්ගත ලක්ෂණයන් පිළිබදවද දැනුමක් පැවතීම ඉතා වැදගත් වේ . ඒ අනුව ආර්ටි සිල්වර් බ්ලැට් නැමැති විසේසඥ පුද්ගලයා මාධ්‍ය සාක්්ෂරතාව පිළිබද මූලිකාංග කිහිපයක් ඉදිරිපත් කර තිබේ. එනම්
    මාධය බලපෑම පිළිබදව අවබෝධයක් තිබිම
    ජන සන්නිවේදන කි‍්‍රයාවලිය පිළිබදව අවබෝධයක් තිබීම
    මාධ්‍ය සන්දේශවල විවිධ උපක‍්‍රම විශ්ලේෂණය කිරීමේ හා සාකච්ජා කිරීමේ ඇති හැකියාව
    ජීවිතවල හා අපගේ සංස්කෘතියේ දැක්මක් ලෙස මාධ්‍ය අන්තර්ගතය අවබෝධ කර ගැනීම
    මාධ්‍ය අන්තර්ගතය ඇගයීම අවබෝධය හා එයින් තෘප්තිමත් වීමට ඇති හැකියාව
    මාදය කි‍්‍රයාකාරීත්වයේ දී ඒවා බැදී ඇති සමාජ සදාචාරාත්මක හා ආචාර ධර්ම පිළිබද අවබෝධය
    ඵලදායක නිෂ්පාදන හැකියාව හා යෝග්‍යතා වර්ධනය

වර්තමානය වන විට මාධය සාක්ෂතාවය යන්න අවශ්‍යතාවයක් බවට පත් වී තිබේ. මාධ්‍ය පිලිබදව පුද්ගලයා තුළ දැනුමක් නොපැවතී නම් එම පුද්ගලයාට මාධ්‍ය නිසි පරිදි භාවිත කිරීමට ද හැකියාවක් නොති බේ. මාධ්‍ය පිලිිබදව නිසිසි අවබෝධයක් පවතී නම් රටතුළ පවතින අසංවර්ධිත තත්ත්වයන් ද මගහරවා ගනිමින් කටයුතු කළ හැකි ය .


වර්තමානය වන විට ජනතාව මාධ්‍ය සමග නිරතුරුවම බැදී පවතී . මිනිසුන්ට අවශ්‍ය වන අත්‍යවශ්‍ය අංගයන්ට අමතරව මෙය ද සුවිශේෂී වී තිබේ. එනිසා මාධ්‍ය මගින් නිකුත් කරනු ලබන සියලූම කරුණු වගකීමකින් යුතුව ඉදිරිපත් කිරීම මගින් රට ස්ථායි තත්ත්වයකට පත් වනු නොඅනුමානය . මාධ්‍ය සාක්ෂරතාවය ජනතාව වෙත ලබාදීම අත්‍යවශ්‍ය වන අතර එම කි‍්‍රයාවලිය ජන මාධ්‍ය මගින් සිදුකිරීම ද ප‍්‍රබල කි‍්‍රයාවලියක් වශයෙන් හදුනාගත හැකි ය . මාධය අධ්‍යාපනය ලබා දීම මගින් මාධ්‍යන් පරිහරනය කළ යුතු ආකාරය පිළිබදව නිසි අවබෝධයක් ලබා දෙනු ලැබේ. මාධ්‍ය පිළිබදව තාර්කිකව විචාරශීලී ලෙස කරුණු ග‍්‍රහණය කර ගැනීමට ද හැකියාවක් ලැබේ.


මාධ්‍යන් බොහෝ විට කටයුතු කරනු ලබන්නේ විවිධ ව්‍යාපාරික අරමුණු දේශපාලනික අරමුණු සදහා ය . ඇතැම් අවස්ථාවල එසේ නොවන තත්ත්වයන් ද පවති. මාද්‍යන්හි පැවැත්මට මුදල් අවශ්‍ය වන අතර ඒ සදහා මුදල් ලැබෙනුයේ ද ව්‍යාපාරික හා දේශපාලනික පිරිස්ගෙන් ය . මාධ්‍යයේ පැවැත්මට එම පිරිසට සේවා සැපයීමට අවහය වේ. යම් සාවද්‍ය සිදුවීම් පවා නිවැරදි ලෙස මවා පෙන්වමින් ප‍්‍රචාරය කිරීම සිදුකරනු ලබයි . එවැනි මාධ්‍ය නාළිකා මගින් සිදුකරනු ලබන්නේ ද සමාජය අඝාදයකට ඇද දැමීමකි . එවිට රට සංවර්ධනය කළ නොහැකි ය .
රටක පැවැත්ම පිළිබදව තීරණය කිරීමට මාධ්‍යට ඉඩ දිය යුතු නැත . මාධ්‍ය මගින් ලබා දෙනු ලබන සංදේශවල නිවැරදි ද වැරදිද ආදිය නිසි ලෙස තේරුම් ගැනීම මගින් රට යහපත් තත්ත්වයකට පත්වනු ඇත .

කෙසේ නමුත් රටතුළ සාමකාමී බවක් ගොඩනැගීමට මෙන්ම පුද්ගලයාට සමාජය පිළිබද නිසි අවබෝධයක් ලබා ගැනීමට ද මාධ්‍ය සාක්ෂරතාවය ඉතා වැදගත් අංගයක් වශයෙන් සැලකිය හැකි ය . මාධ්‍ය නිවැරදිව පරිහරණය කිරීමට මාධ්‍ය සාක්සරතාව වැදගත් වේ.

    සෙව්වන්දි රශ්මිලා අධිකාරි