Dept Maco

Saturday, April 27, 2019

ජනපි‍්‍රය සංස්කෘතියට නතු වූ වර්තමාන ආහාර සංස්කෘතිය හා එමගින් සෞඛ්‍යට ඇති අහිතකර තත්ත්වය


ජනපි‍්‍රය සංස්කෘතියට නතු වූ වර්තමාන ආහාර සංස්කෘතිය හා එමගින් සෞඛ්‍යට ඇති අහිතකර තත්ත්වය

වර්තමානයේ බොහෝ කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වශයෙන් ජනප‍්‍රිය සංස්කෘතිය යන්න හදුනගත හැකි ය .  ඇත්තටම ජනප‍්‍රිය සංස්කෘතිය යනු කුමක් ද ? ජනපි‍්‍රය සංස්කෘතිය සම්බන්ධයෙන් විද්වත් පිරිස් විවිධ වූ අර්ථකථනයන් ඉදිරිපත් කර ඇති බව හදුනාගත හැකි ය . සරලව හැදින්වුවහොත් ජනයා පි‍්‍රය කරන සංස්කෘතිය ජනප‍්‍රිය සංස්කෘතිය වශයෙන් සරලව හැදින්විය හැකි ය .

වර්තමානය වන විට තොරතුරු හුවමාරුව පුළුල් තත්ත්වයක පවතී . ජාත්‍යන්තර මට්ටමින් සන්නිවේදන කටයුතු කිරීම සදහා පුළුල් ලෙස සන්නිවේදන මාධ්‍යන් පවතී . එනිසාවෙන් ජනප‍්‍රිය සංස්කෘතිය ද  පුළුල් ලෙස හදුනාගත හැකි ය . ජනපි‍්‍රය සංස්කෘතිය කුමක් ද යන වග අවබෝධ කර ගැනීම සදහා එ් පිළිබදව ඇති නිර්වචන අධ්‍යනය කිරීම ඉතා වැදගත් වේ . ඒ අනුව පහත පරිදි ජනප‍්‍රිය සංස්කෘතිය පිළිබදව ඇති පහත දැක්වෙන නිර්වචන කිහිපයක් වෙත අවධානය යොමු කළ හැකි ය .

    ජනපි‍්‍රය සංස්කෘතිය යනු සමාජය තුළ ජීවත් වන සියලූ දෙනාගේම සංස්කෘතියයි .
     (බටහිර විචාරකයින් *


    ජනපි‍්‍රය සංස්කෘතිය යනු වඩා බහුතර ජනතාවගේ සංස්කෘතිය වේ .
    ( නූතන කලා විචාරකයින් *

    ජනපි‍්‍රය සංස්කෘතිය යනු ජන මාධ්‍ය මගින් සමාජගත කරන භාණ්ඩ , සේවා හා ඒ හා බැදුනු සමාජ සංස්කෘතික ස්වරූපයකි .

මේ අයුරින් ජනපි‍්‍රය සංස්කෘතිය යන්න තරමක් හෝ වටහාගත හැකි ය . ලෝකය පුරාම විවිධ ව්‍යාපාරික අරමුණු ජය ගැනීම සදහා ජනපි‍්‍රය සංස්කෘතිය යන්න ප‍්‍රමුඛ කර ගනී . බටහිර රටවල පවතින විවිධ වූ අනන්‍යතාවයන් අනෙක් රටවලට ගෙන ඒමටත් එම සංස්කෘතීන් තුළ පවතින අංගයන් බොහෝ පිරිස් වැලද ගැනීම ආදිය මගින් මගින් එම ව්‍යාපාරික අරමුණු ඉටු කර ගැනීම සිදු වේ.
ජනපි‍්‍රය සංස්කෘතිය මගින් පුද්ගලයින්ව ප‍්‍රබල වෙනසකට ලක් කිරීම සිදු වේ . එම බලපෑම චර්යාත්මක මෙන්ම මානසික වශයෙන් ද ඇති කිරීමට බලපායි . ජනතාව තුළ පවතින ප‍්‍රධාන අරමුණු යටපත් කර ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීම සදහා කටයුතු කරනු ලබයි .

ජනපි‍්‍රය සංස්කෘතිය යන්න ඉතාමත් ආකර්ෂණීය බවකින් යුක්ත වේ . එම ආකර්ෂණීය බව නිසා ජනතාව එහි පවතින සත්‍ය අසත්‍යතාවය පිළිබද විමසීමකින් තොරව එය වැලදගනු ලබයි .
වර්තමානය වන විට ජාත්‍යන්තර වශයෙන් පවතින ආහාර සංස්කෘතියට ශී‍්‍ර ලාංකිකයන් ද නතු වී තිබේ . එලෙසින් පවතින ආහාර සංස්කෘතිය වැලදගනු ලබන්නේ ද එහි පවතින ආකර්ෂණී බව නිසා ය . වර්තමානය වන විට ජාත්‍යන්තර වශයෙන් පවතින ආහාර වර්ග සදහා විවිධ වෙළද දැන්වීම් ආදිය මගින් තොරතුරු ප‍්‍රචාරය කරනු ලබයි . එමගින් ඉදිරිපත් කරන ජාත්‍යන්තර හා කෘතිම ආහාර සංස්කෘතීන් වර්තමානය වන විට වර්ධනය වී ඇති බව ද හදුනාගත හැකි ය . එම දැන්වීම් ද ඉතා ආකර්ෂණීය බවකින් යුක්ත වේ .
වර්තමානය වන විට තරුණ පිරිස් , කුඩා දරුවන් , වැඩිමහලූ පිරිස් ද මෙම කෘතිම ආහාර සංස්කෘතියට නතු වී ඇති බව හදුනාගත හැකි ය .

ජාත්‍යන්තර වශයෙන් ජනපි‍්‍රය බවක් ඇති ප්ජ ෘදබ්කා , චස‘‘් යමඑ , නජෙ ආදී වූ ස්ථානයන්ට ගොස් ආහාර ගැනීම කරනු ලැබේ. එවැනි ස්ථාන තුළ පවතින ජනපි‍්‍රය බව නිසාවෙන් සමාජයේ සිටින මධ්‍යම පාන්තික පිරිස් ද බහුල ලෙස මෙම ස්ථානයට යාමට මෙන්ම එම ස්ථානයන්ගෙන් ආහාර ඇණවුම් මගින් ලබා ගැනීම ද සිදු කරයි .
එසේම විවිධ කෝලා වර්ග ජාත්‍යන්තර වශයෙන් ජනපි‍්‍රය තත්ත්වයක් ඇති වී තිබේ. මෙවැනි ආහාර තුළ ද පවතින ජනපි‍්‍රයත්වය හා එම පුද්ගලයින්ගේ පවුල් තත්ත්වයන් උසස් තත්ත්වයක තිබෙන බව පෙන්වීම සදහා ද මෙම ජනපි‍්‍රය සංස්කෘතිය තුළ පවතින්ණෘ වූ ආහාර සංස්කෘතිය වැළදගන්නා බව අවබෝධ කර ගත හැකි ය .
කෙසේ නමුත් ජනප‍්‍රීය සංස්කෘතිය තුළ පවතින ඇතැම් ආහාර නිසාවෙන් ශරීරයට බොහෝ රෝගී තත්ත්වයන් ඇති වී තිබෙන බව හදුනාගත හැකි ය .
ගෝලීයකරණය සමග මෙරට තුළ ව්‍යාප්ත වූ ආහාර සංස්කෘතිය මගින්
    කොලොස්ටරෝ්ල්
    දියවැඩියාව
    හෘද රෝග
    රුධිර පීඩනය
    වකුගඩු රෝග


මෙවැනි වෟ බෝ නොවන රෝග රැුසකට හේතුකාරක වන්නේ මෙම ජනපි‍්‍රය සංස්කෘතිය තුළ පවතින ආහාර රටාවයි . එෙසේම වර්තමානයේ දී බොහෝ පිරිසක් ක්ෂණික ආහාර සදහා නැඹුරු වී සිටින බවක් දැකගත හැකි ය . ඒ අනුව පාරිභෝගික භාණ්ඩ අතර ඉතා ජනප‍්‍රිය තත්ත්වයේ ක්ෂණික නූඞ්ල්ස් ආදිය ප‍්‍රධාන තැනක පවතී . මෙලෙසින් පවතින ක්ෂණික ආහාරපාන මගින් ශරීරයට ඇති වන්නේ නොසිතූ විපාකයන් රැුසකි . ඉහත සදහන් කළ ආකාරයට බෝ නොවන රෝග රැුසක් ඇති වීමට මෙම ක්ෂණික ආහාර බලපානු ලැබේ .
සමාජය වානිජකරණය වීමත් සමග ඉතා සරල හා ක්ෂණික ආහාර ක‍්‍රමවේදයන් ඉදිරිපත් කර තිබේ . රෝල්ස් , පැටිස් , කට්ලට් , රොටි , පරාටා , කොත්තු වැනි ආහාරයන් ද පැකට් කර පාරිභෝගික මධ්‍යස්ථාන වල අලෙවි කරනු ලබයි . එම ආහාර කල්තබා ගැනීමට දමන රසායනික ද්‍රව්‍ය මගින් ශරීරයටය ප‍්‍රබල අහිතකර තත්ත්වයක් ඇති වේ.
එසේම අධික තෙල් සහිත ආහාර ගැනීම මගින් කොලෙස්ටරෝ්ල් , හෘද රෝග ආදි වූ රෝගී තත්ත්වයන් ද ඇති වේ . විවිධ කෘතිම බීම වර්ග මගින් ද ශරීරයට අහිතකර තත්ත්වයන් ද ඇති වේ.
වර්තමානය වන විට ආහාර රසවත් කර ගැනිමට බහුල ලෙස රසකාරක , අජිනමොටෝ ආදී දේ භාවිත කරයි . ෆයිඞ් රයිස් , කොත්තු , බිරියානි ආදි වු ආහාර සදහා මෙම රසකාරක ද්‍රව්‍ය යොදනු ලබයි . එවැනි ආහාර ගැනීම මගින් එම රසකාරක ද්‍රව්‍ය ශරීරගත වේ.  එමගින් අස්ථි දිරීම , හන්දි රෝග , දියවැඩියාව , පිලිකා වැනි තත්ත්වයන් ඇති වේ .

මෙලෙසින් බලන කල ජනපි‍්‍රය සංස්කෘතිය තුළ පවතින අහාර සංස්කෘතිය මගින් ප‍්‍රබල අහිත්කර බලපෑමක් ඇති වී තිබෙන බව අවබෝධ කර ගත හැකි ය . මෙවැනි අහිතකර ආහාර රටා ඉවත් කර රසකාරක හෝ කෘතිම දේ ආහාරයට එකතු නොකොට තම සෞඛ්‍ය තත්ත්වය යහපත් කර ගැනීම යෝග්‍ය වේ.





සෙව්වන්දි රශ්මිලා අධිකාරි


Thursday, April 25, 2019

අතීත ශී‍්‍ර ලාංකික සමාජයේ යහගුණ පිරි ආහාර සංස්කෘතිය


    අතීත ශී‍්‍ර ලාංකික සමාජයේ යහගුණ පිරි ආහාර සංස්කෘතිය
ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ආහාරපාන හදුනාගත හැකිය . අප පැවැත්ම යහපත් කර ගැනීම සදහා අප එදිනෙදා ගන්නා ආහාර ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් පැවතීම ඉතා වැදගත් සාධකයකි .  ඕනෑම ජීවියෙකුට තම ජීවිතය පවත්වා ගැනීම ගැනීමට ආහාර අවශ්‍ය වේ . කුසගින්නේ සිටිමින් නිවන පවා අවබෝධ කර ගත නොහැකි බව පෙන්වා දී තිබේ. එනිසා පුද්ගලයාගේ පැවැත්මට මෙන්ම නිරෝගීකමට ද ආහාර බලපානු ලබයි .
ආහාර සංස්කෘතිය පිළිබදව අපට අවබෝධයක් ඇති නමුත් ගුණදායි ආහාර සංස්කෘතියක් පිළිබදව නිසි අවබෝධයක් නැති බව වර්තමානය වන විට පෙනී යන්නකි. එනම් වර්තමානයේ පවතින ආහාර සංස්කෘතිය මගින් බොහෝ ගැටලූකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වී ඇති බව අවබෝධ කර ගත හැකි ය . එනිසාවෙන් අතීතය දෙස නැවතත් හැරී බලා එම ආහාර සංස්කෘතිය නැවතත් භාවිතයට ගැනීම ඉතා වැදගත් වන්නක් ලෙස හදුනාගත හැකිය .
අතීත ආහාර සංස්කෘතිය තුළ දී බොහෝ විද්‍යාත්මක වූ ක‍්‍රමවේදයන් අනුගමනය කර ඇති බව ද හදුතාගත හැකිය . ඒ බව සාක්ෂි මගින් ඔප්පු වී තිබේ . කුසගින්න සියලූම දෙනාට පොදු වු සාධකයකි . එම කුසගින්න නිවා ගැනීමට ගුණදායි ආහාර ගැනීම මගින් නිරෝගීමත් ජීවිතයක් ලබා ගැනීමට  හැකියාවක් පැවතීම නොඅනුමානය .

ශී‍්‍ර ලාංකිකයන් ගත් කළ අපගේ ප‍්‍රධාන ආහාරය බත් ලෙස අතීතයේ සිට වර්තමානය දක්වාම දැකගත හැකි ය. අතීත ගැමි ජනයා වී ගොවිතැන ඉතා සරුසාරවත් ලෙස කරගෙන ගොස් ඇති අතර කිසිවෙකුට අඩුපාඩුවකින් තොරව මෙරටින් ම අවශ්‍ය සහල් ආදිය ලබා ගැනීමට ද හැකියාවක් පැවතී ඇත . වර්තමානයේ දී මෙන් නොව අත’ීතයේ දී වෙනත් රට වලින් සහල් ගෙන්වා ගැනීමට අවශ්‍යතායක් ඇති වී නොතිබේ. ඉතා ස්වයං පෝෂිත තත්ත්වයෙන් තිබී ඇත .
එසේම ගමේ ඇති විවිධ එළවළු , පලා වර්ග , ධාන්‍ය , පලතුරු ආදි දේ මිනිසා ආහාරයට ගෙන ඇත . කෘෂි රසායනික ද්‍රව්‍ය එම වගාවන්ට නොදැමීම මගින් එම ආහාරයන් තුළ විෂ ඇතුලත් නොවී ඇත . නමුත් වර්තමානය වන විට රසායනික ද්‍රව්‍ය නිසාවෙන් ශරීරයේ බොහෝ රෝග හට ගැනීම සිදු වී තිබේ .
ශී‍්‍ර ලාංකික ජනතාව ප‍්‍රධාන ආහාරය බත් ලෙස ගන්නා අතර එමගින් කිරිබත් ආදී වූ ආහාර සකස්කර ගනී . අතීත ගැමියා බත් වලට අමතරව විවිධ ආහාර වර්ග සකසා ගනී් . කැද වර්ග ඉන් එක් දෙයකි . මෙය පානයක් වුව ද එය ප‍්‍රධාන ආහාරයක් වශයෙන් ගත් අවස්ථා තිබේ. ගැමි ජනයා පෙනෙල කොළ , හාතවාරිය , ඉගුරු කොළ , ඉරමුසු , පොල්පලා , ගොටු කොළ , කොහිළ , එළබටු , මුකුණුවැන්න ආදි වු නොයෙකුත් ඵලා වර්ග මගින් කැද වර්ග යොදා ගෙන තිබේ.
පලා වර්ග පමණක් නොව විවිධ පිටි වර්ග මගින් හා ධාන්‍ය වර්ග යොදා ගනිමින් ද කැද වර්ග සකසා ආහාරයක් වශයෙන් ගෙන තිබේ. ඒ අනුව කිතුල් පිටි කැද , කුරක්කන් කැද , විවිධ අල වර්ග වලින් ලබා ගන්නා පිටි මගින් සාදන කැද මුං ඇට කැද ආදී වූ කැද වර්ග ඔවුන් ප‍්‍රධාන ආහාරයක් වශයෙන් ගෙන ඇත . මෙම ආහාර රසවත් බවින් පමණක් නොව ඉහළ ගුණාත්මක බවකින් ද යුතු වේ . අතීතයේ මිනිසාගේ පවතින නිරෝගී ශරීරයකට හිමිකම් පැමට හේතුවක් ලෙස මෙවැනි


ගුණවත් වූ ආහාර සංස්කෘතියක් අනුගමනය කර ඇති බව හදුනාගත හැකි ය . එම කැද වර්ග මගින් ශරීරයට අවශ්‍ය වන්නා වූ පෝෂණ කොටස් සියල්ලම පාහේ ලබා ගැනීමට හැකියාව ලැබී ඇත . එසේම නොයෙකුත් රෝගාබාධ දුරු කර ගැනීමට ද එම කැද වර්ග ප‍්‍රයෝජනවත් වන්නට විය.
ස්වභාවික පරිසරයේ අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා අල වර්ග , ගෙඩි වර්ග , පලා වර්ග , ධාන්‍ය වර්ග ආදි වූ සියලූ දේ ලබා ගැනීමට හැකියාවක් අතීතයේ දී හැකි වී තිබේ. අතීත ජන සමාජය සමස්ථයක් වශයෙන් ගත් කල එහි ආහාර සංස්කෘතිය ගොඩනැගී ඇත්තේු ස්වභාවින පරිසරය පාදක කර ගනිමින් ය . ප‍්‍රාග් ඓතිහාසික යුගයන් ගත් කල්හි ද එහි හමු වූ කැනීම් ආදිය මගින් සොයාගෙන ඇත්තේ ද ස්වභාවික පරිසරයේ ඇති අල වර්ග , කොළ වර්ග , ධාන්‍ය වර්ග ගෙන ඇති බවයි . (කටු අල , කිතුල් , දෝතලූ , වීර , වල් දෙල් , වල් කෙසෙල් *.
අතීතයේ ගැමි ජනයා බත් හා සමානව ප‍්‍රධාන ආහාරයක් ලෙස ගන්නා ලද්දක් වශයෙන් කොස් හෙවත් හෙරලි හදුනාගත හැකි ය . ඉතා රසවත් බවින් හා ගුණවත් බවින් යුක්තක් වශයෙන් කොස් හදුනාගත හැකි ය . කොස් ආහාරයට ගැනීම මගින් කාන්තාවන්ට මව් කිරි පවා එරීමේ ප‍්‍රවනතාවයක් ඇති බව හදුනාගෙන තිබේ.
ප‍්‍රදේශයන් අනුව ද මෙම ආහාර සංස්කෘතිය විවිධත්වයකින් යුක්ත විය . නමුත් එම  ඕනෑම ප‍්‍රදේශයක ස්වභාවික පරිසරයේ ඇති ගුණාත්මක ආහාර භාවිත කර ඇති බව විද්‍යාත්මකව තහවුරු කරගෙන ඇත .
ඌව පලාතේ කෝමාරිකා ව්‍යාංජනය හා මඩු පිට්ටු යන ආහාරයන් අතීතයේ දී ප‍්‍රධන තැනක් ගෙන ඇති බව හදුනාගත හැකි ය  .





එසේ ම කාලගුණ තත්ත්වයන් දේශගුණ තත්ත්වයන්ට ගැලපෙන අයුරින් අතීතයේ ආහාර පාන සකසාගෙන ඇති බව හදුනාගත හැකි ය . දෙල් වැනි ආහාර ඉතා උෂ්ණ අධික නිසා එයට පොල් එකතු කර ආහාරයට ගැනී්මට පැරැුණ්නන් කටයුතු කර තිබේ.
එසේ ම අතීතයේ දී ශරීරයට අහිතකර වූ විවිධ රෝගයන් මැඩ පැවැත් වීමට සුදුසු වූ තුනපහ ආදිය ආහාරපානයන්ට නිසි ලෙස එක් කර ගැනීම මගින් හැකි විය . ආහාර ඉතා හොදින් ජීර්ණය පහසු කර ගැනීමට අහිතකර මේදය තැන්පත් නොවීමට ද මෙමගින් හැකියාවක් පවතී . අතීතයේ දී වෘංජන ආදිය පිළිසකර කර ගැනීම සදහා ක‍්‍රමවත් වූ පිළිවෙකත් අනුගමනය කර ඇති බව මැනවින් හදුනාගත හැකි ය .
පිපාසය සදහා අතීත ජනයා පිරිසිදු ජලය ලබා ගත් අතර ඊට අමතරව විවිධ ෙඖෂධ තම්බා පානයක් ලෙස සකසාගෙන තිබේ. කොත්තමල්ලි , රණවරා , වෙනිවැල්ගැට , බෙලි මල් , ඉරමුසු ආදී වූ දේ පානයන් ලෙස ගෙන තිබේ . ඇගේ පවතින උෂ්ණ අධික බව සමනය කර ඇගට සිසිලක් ලබා දීමට මෙන් ම බෝහෝ රෝග සදහා ද මෙම පාන වර්ග අතීතයේ දී භාවිත කර ඇත .  හිසරදය , ඇගපත වේදනාව ආදී දේ සදහා ඉහත සදහන් කළ පාන වර්ග ප‍්‍රමුඛ විය .
අතීතයේ දී බෙරලිය නම් ශාකයේ ගෙඩි ආහාරයක් වශයෙන් ලබාගෙන ඇත . මෙම ගෙඩි ආහාරයට ගැනීම මගින් හෘද රෝග , දියවැඩියාව ආදී රෝග පාලනය කර ගැනීමට හැකියාවක් ඇති බව හදුනාගෙන තිබේ .


අතිතයේ දී අවුරුදු කෑම මේසය සදහා ගැමියන් අතර ඉතා ප‍්‍රසිද්ධ කැවිලි වර්ගයක් ලෙස අග්ගලා හදුනාගත හැකි ය . මෙය ඉතා රසවත් වන අතරම ශරීරයේ ඇති වන බඬේ අජීර්ණ ආදිය සමනය කර ගැනීමට ද මෙමගින් හැකියාවක් පවතී .
එසේ ම ඇතැම් ප‍්‍රදේශවල වර්තමානයේ භාවිත කරන අතීතයේ බොහෝ ප‍්‍රදේශවල බහුල ලෙස භාවිත කර ඇති ආහාරයක් වශයෙන් හත් මාළුව හදුනාගත හැකි ය . හත් මාළුව සදහා වට්ටක්කා දළු යොදා ගැනීම අනිවාර්ය වේ . එමගින් ශරීරයේ පරිවහන් කෘත්‍යන් නිසි ලෙස කර ගැනීමට හැකියාවක් පවතී . එසේම ගුණාත්මක බවද ඉතා ඉහළ ය .
එසේ ම කළවම් මැල්ලූම අතීතයේ සිට පැවත එන්නකි . මේ සදහා ෙඖෂධීය වටිනාකම් ඇති රණවරා , ගොටු කොළ , තම්පලා , කැබැල්ල , මුකුණුවැන්න , මඤ්ඤොක්කා , ආදි වූ කොළ වර්ග එක් කර කළවම් මැල්ලූම් සකසා ගනී .
කොහිල වැනි ආහාර ගැනීම ද අතීත ජනයා පුරුදු වී තිබේ . මලබද්්ධය වැනි රෝග සදහා මෙය ප‍්‍රතිකර්මයක් විය . එසේම ආහාර ඉතා ඉක්මනින් ජීර්ණය කර ගැනීමට ඇඹුල් සහිත ආහාරයන් ද ආහාර වේල සදහා ගෙන ඇත . අඹ මාළුව , ලූණු දෙහි , වැනි දේ මගින් ආහාර ඉතා ඉක්මනින් ජීර්ණය වීම සිදු වන බව තහවුරු වී තිබේ.
මේ අනුව බලන කල අතීතයේ ශී‍්‍ර ලාංකික සම්ප‍්‍රධායික ආහාර සංස්කෘතිය ගත් කල පෝෂණ ගුණයෙන් අනූන වස විසෙන් තොර ෙඖෂධීය වටිනාකම් රැුසක් ඇති ආහාර භාවිතයට ගෙන ඇති බව හදුනාගත හැකිය . එමගින් තම පැවැත්ම තහවුරු කර ගත හැකි මෙන්ම නිරෝගීමත් ජීවිතයක් ලබා ගැනීමට ද  හැකි වන බව අවබෝධ කර ගත හැකි ය . එම අතීත ආහාර සංස්කෘතියට නැවත ජීවය ලබාදිය හැකි නම් එය අගනා පියවරකි .

ආශි‍්‍රත ග‍්‍රන්ථ
කෘති – ආරච්චිගේ පාලිත ශී‍්‍ර ගීගන , ජන යහ ගුණ දිවි පැවතුම , ජන මිහිිර නිර්මාණ ප‍්‍රකාශන , අංක 08 උද්‍යාන මාවත කොළඹ 05



                 සෙව්වන්දි රශ්මිලා අධිකාරි
              




Tuesday, April 16, 2019

ගීතයෙන් සමාජය පෝෂණය කළ රඹුක්කන සිද්ධාර්ථ හිමි


         

ගීතයෙන් සමාජය පෝෂණය කළ රඹුක්කන සිද්ධාර්ථ හිමි
               



1950 මැයි මාසයේ 22 වන දින මාතර දිස්ති‍්‍රක්කයේ දෙනියාය ආසන්නයේ පිහිටි රඹුකන නම් ග‍්‍රාමයේ ඉපිද පසුව පැවිදි බිමට ඇතුලත් වූ හිමි නමක් වශයෙන් රඹුක්කන සිද්ධාර්ථ හිමියන් හැදින්විය හැක . පැවිදි බිමට පිවිසෙමින් විවේකි රසය ක‍්‍රමවත් අයුරින් යොදා ගත් හිමි නමකි . රස වින්දනය බුදු දහම ප‍්‍රතික්ෂේප නොකරයි . බුදු දහම ප‍්‍රතික්ෂේප කරනු ලබන්නේ එම රසය තුළ ඇලී ගැලී සිටීමයි . මෙහිමියන් ඉතා සංයමයෙන් යුතුව ගීත ලියා තිබීම සුවිශේෂී ය . අනුරාධපුර , පොළොන්නරු යුග වල දී බෞද්ධ සාහිත්‍ය යම් තරමකට පෝෂණය විය .
ජාතක කතා , අටුවා ග‍්‍රන්ථ , බෝධි වංශය වැනි අර්ථාන්විත කෘති ලියවෙන්නට එම යුගයන් සමත් විය . එසේම කෝට්ටේ යුගයද සාහිත්‍යයෙන් සුපෝෂිතම යුගයක් වශයෙන් හදුනාගත හැකි ය . ශී‍්‍ර රාහුල හිමි , වෑත්තෑවේ හිමි , වීදිගම හිමි ආදී හිමියන් සාහිත්‍ය පෝෂණය කර තිබේ . ඒ අනුව යමින් වර්තමානය තුළ ඉතා ඉහළ මට්ටමින් කැපී පෙනෙන හිමි නමක් වශයෙන් සිද්ධාර්ථ හිමි හැදින්විය හැක . ගැමි සමාජය තුළ ඉපිද හැදී වැඞී පැවිදි බිමට පත් සිද්ධාර්ථ හිමියන් එදා මෙන්ම වර්තමානය තුළ ද ඉතා සරල ලෙසින් ජීවත් වෙයි . එම සරලත්වයත් සමගින් සමාජගත පුද්ගලයා ද අර්ථාන්විත මිනිසෙකු කිරීමට එ හිමියන් කැපවෙයි . කුඩා දරුවාගේ සිට වැඞීමහල් පුද්ගලයා දක්වා දුසිරිතෙන් තොර මිනිසෙකු කිරීමට ගීතය යොදා ගනී .
පැවිදි බිමට පත් සිද්ධාර්ථ හිමියන් බෞද්ධ කතා පුවත් අනුසාරයෙන් ගීත බොහෝමයක් රචනා විය . පැවිදි හිමි නමක් වුව ද ගිහි ජීවිතයේ ඇතැම් සිදු වීම් ද අලලා ගීත නිර්මාණය කර තිබේ .
”සද තරු මල් ” ගීතය එලෙසින් රචනා වන්නක් ය . ජීවිතයේ ඇති නිසරු දේ මගින් සරු දෙයක් සෙවීමට කටයුතු කර ඇත . සමාජයේ පවත්නා යථා ස්වභාවය පෙන්වා දීමට මේ හිමියන් උත්සහ දරා තිබේ . ප‍්‍රතිභා පූර්ණ ගීත රචක හිමි නමක් වශයෙන් හැදින්වීම සාවද්‍ය නොවේ .
කලා නිර්මාණයක් වූ කලී එය හුදු වින්දනයක් පමණක් ලබා දෙන්නක් නොවිය යුතු ය . යම් අර්ථයක් සමාජගත පණිවිඩයක් ඇත්නම් එය හරවත් නිර්මාණයක් වශයෙන් හැදින්විය හැකි ය . රඹුක්කන හිමියන්ගේ ගීත තුළ එම අර්ථාන්විත බව පවතී .
රඹුක්කන හිමියන් බොහෝ ගීත රචනා කර ඇත . එනම්
1 සද තරු මල්
2 නුඹට හිතැති නුඹ හිත නැති
3 ළා දළු බෝපත්
4 මේ ඉර හද යට හමු වී
5 සරසවි කදුලු පාය
වැනි ගීත ද මීට අමතරව තව බොහෝ ගීත රචනා කර තිබේ .


අව්වට වැස්සට හුරු                    මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල්                    නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම                   වෙනුවෙන්
මොන රජ මැදුරෙ ද සුදුකොඩි            නැගුනේ

දා ගැබ් මහ වැව් කලා                 නිකේතන
නුඹලා දෑතිනි මිහිමත                   මැවූනේ
ඒ නුඹලාටයි ¥                        දරුවන්ටයි
මොන රජ මැදුරෙ ද දොරටුව           හැරුනේ

රජ සැප විදිනට රජ දරුවන්                 හට
නුඹලා දෑතිනි මන්දිර                   තැනුනේ
ඒ නුඹලාගේ දුක දැක                    ගන්නට
මොන රජ දරුවද පැලකට               වැඩියේ


  ”අව්වට වැස්සට හුරු මිනිසුන්නේ ” යන ගීතය ඇසෙත්ම  ඕනෑම පුද්ගලයෙකුට මතකයට එනු ලැබෙන්නේ පීඩිත පංතියයි . සමාජය ගත් කල ඒ තුළ උඩු පෙලක් මෙන්ම යටි පෙලක් පවතී . ගීතයක් ද එසේම ය . සමාජයේ උඩු පෙල රදා පවතින්නේ යටි පෙල නිසාවෙන් ය . එනම් රටේ ආර්ථිකය නිසා උඩු පෙල ඇති කලාව , දේශපාලනය ආදී සියලුම සාධක රදා පවතී . පීඩිත පංතිය නොහොත් නිර්ධන පංතිය නිසා ධනපති පංතිය රදා පවතී . කම්කරුවන්ගේ ඇති උදාරතර බව මෙම කවිය මගින් මැනවින් නිරූපණය කර තිබේ . හිමි නමක් විසින් මෙම ගීතය රචනා වුව ද කම්කරු පංතියේ ඇති මෙම අගයන් මැනවින් සියල්ලන්ටම පෙන්වා දෙන්නට ගීතය උපයෝගී කරගෙන තිබේ . කුමන හෝ අංශයක් සංවර්ධනය වේ නම් මෙම කම්කරු පංතියේ ද දායකත්වය අනිවාර්යෙන් ලැබේ . රටේ ප‍්‍රධාන වගාව වී ගොවි තැනයි . මෙමගින් රටේ සියල්ලන්ටම බත සපයා දෙයි . මෙම බත සපයන්නේ රජ මැදුරු තුළ සිටින ධනවත් පිරිස නොව රටේ සිටින සාමාන්‍ය ජනයා ය . බත පමණක් නොව එළවළු , පලතුරු , ධාන්‍ය ආදී සියලු දේ ලබා දෙන්නේ රටේ සිටින්නා වූ සාමාන්‍ය ජනතාව යි . එසේ ම ඔවුනට ජීවත් වීමට ඇති එකම මාර්ගය ගොවිතැන යි . අව්ව වැස්ස ආදිය මොවුන්ට නුහුරු දේවල් නොව . නුහුරු පුද්ගලයින්ට ද ඒවාට හුරු වීමට සිදුව තිබේ . එනම් ආර්ථිකය සපයා ගැනීමට සෘතු විපර්යාස බල බලා සිටීමට ඔවුනට නොහැකි ය . එලෙස වන්නේ ඔවුන්ගේ දරිද්‍රතාවය නිසා ය . මුළු දවසම මුළු ජීවිත කාලයම ඔවුන් සමාජ කර්තව්‍යන් සදහා කැප වෙයි . ඒ අයුරිඅන් ගොවිතැන් කරමින් සිටින්නා වු ජනයාගේ දෑත් සිනිදු නොවේ . ගොරෝසු බවින් යුක්ත ය . දෑත් දෙපා කරගැට මුත් සිත ඉතා සංවේදී බවින් යුක්ත ය . ඒ  බව රඹුක්කන හිමියන් සංවේදී හා යථාර්ථවත් ලෙස පෙන්වා දෙයි . අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් ඔවුන්ගේ දෑත්වල ශක්තියෙන් රටවල් නංවනු ලැබේ . අව්ව වැස්ස ආදියෙන් පීඩා විදිමින් පාලක පංතිය සැපවත් කිරීමට නිර්ධන පංතියට සිදුව තිබේ . ධනපති පංතියේ ම’දිර මාලිගා තැනීමට නිර්ධන පිරිස නැතහොත් රටේ සාමාන්‍ය පුද්ගලයින්ට හිමිව තිබේ . මුළු ජීවිත කාලයම පාලක පංතිය වෙනුවෙන් කැප කල ද අවසානයේ මළගම වෙනුවෙන් ද ධනපති පිරිස හැරී නොබලයි . සමාජ යථාර්ථය මැනවින් නිරූපනය කරනු ලැබීමට පළමු කවි පද හතරෙන්ම උත්සහ දරා තිබේ .
”අව්වට වැස්සට හුරු                    මිනිසුන්නේ
දෑතේ විරියෙනි රටවල්                    නැගුනේ
ඒ මිනිසුන්ගේ මළගම                   වෙනුවෙන්
මොන රජ මැදුරෙ ද සුදු කොඩි          නැගුනේ ”
    රටෙහි රදා පැවැත්ම මැනවින් නිරූපණය කරනු ලබන අතර ධනපති පංතියේ යකඩ සපත්තුවලට පෑගෙමින් සිටින්නා වූ මිනිසුන්ට සිදුව පවතින්නා වූ අසාධාරණය මැනවින් මතු කරන්නේ අවසාන පදයෙහි ය . සමාජයේ සිටින ධනපති පංතිය උපහාසයට ලක් කරමින් කියා සිටින්නේ
”මොන රජ මැදුරෙ ද සුදු කොඩි          නැගුනේ ” එසේම එය ප‍්‍රශ්නවාචී අයුරින් ඉදිරිපත් කරයි . ධනපති පිරිස්ගේ කවරෙකු හෝ මන්දිරයක සදු කොඩියක් එසවුනා ද යන්න ප‍්‍රශ්න කරයි . අතීතයේ රජ මැදුරු ද වර්තමානයේ මහා මන්දිර ද ඇත . එනම් නිර්ධන පංතියේ සම්පත් සූරා කමින් වස්තුව ගොඩ ගසමින් සිටින්නා පිරිසට දිළින්දන්ගේ ගැටලු නොපෙනේ . රටේ සිටින්නා වූ දේශපාලක පිරිස් ද ඒ හා සමාන ය . රඹුක්කන හිමියන් මෙම කවිය අතීත , වර්තමාන , අනාගත යන තෛ කාලයටම ගැලපෙන සේ රචනා කර තිබීම විශේෂිත වේ . රජ මැදුරු අතීතයේ තිබූ අතර වර්තමානය තුළ රජ මැදුරු නැත . නමුත් ධනය බලය එක් රැුස් කරමින් යුධ වදින්නා වූ එවැනිම පිරිසක් වර්තමානයේ සිටියි . එසේ ම එවැනි පිරිසක් අනාගතයේ දැක ගත හැකි ය . එවැනි වූ පිරිසක් කිසිදාකවත් ඊට පහත් යැයි සම්මත පිරිසගේ දුක් දොම්නස් දෙස නොබලනු ඇත . ”මොන රජ මැදුරෙ ද සුදු කොඩි          නැගුනේ ” එම පැදි පෙළ මගින් ඒ බව මැනවින් අර්ථවත් වේ . මන්දිරවල සැප විදින්නා වූ පිරිස කම්කරුවන්ගේ ලේ දහඩිය සුවද නොහදුනන අයයි . කම්කරුවන් ධනපතියන් වෙනුවෙන් කොතෙකුත් දේ කල ද ධනපතියන්ගෙන් කිසිදු ප‍්‍රතිලාභයක් ලැබෙන්නේ නැත . වර්තමානයේ දේශපාලනඥයින් ද දුප්පත් මිනිසුන් විසින් ලබා දෙන ජන්දයෙන් පත් වී සිටිය ද එම ස්ථානයට පත් වීමට ජන්ද ලබා දුන් ජනතාව දෙස හැරී නොබලයි . ධනපති පිරිසගේ පවත්නා ගුණමකු බව මෙමගින් නිරූපණය වේ . ඔවුන්ගේ මූලික අරමුණ වන්නේ මඩිය තර කර ගැනීමයි .
වෙහෙස මහන්සි වී ආර්ථික සංවර්ධනයට මෙන් ම ආගම පවත්වාගෙන යාමට ද දිළිදු පිරිස් නැතහොත් නිර්ධන පංතිය කටයුතු කරනු ලබයි .
”දා ගැබ් මහ වැව් කලා                 නිකේතන
නුඹලා දෑතිනි මිහිමත                   මැවූනේ
ඒ නුඹලාටයි ¥                        දරුවන්ටයි
මොන රජ මැදුරෙ ද දොරටුව           හැරුනේ”

අතීතයේ ද රට ඉතා ස්වයං පෝෂිත බවින් යුක්තව තිබී ඇත . එනම්
වැවයි    ‐    දාගැබයි
ගමයි    ‐   පන්සලයි
යන සංකල්පය මූලිකව තිබේ . ඉහත සංකල්පය ගොඩ නැගෙන්නේ ගම මූලික කර ගනිමින් ය .
වැවෙන් ආර්ථිකය දාගැබෙන් කලාව ගමෙන් සුන්දරත්වය පන්සලෙන් ආගම සංස්කෘතිය ඉදි වෙයි . වෙහෙර විහාර දාගැබ් කලා නිකේතන ආදී මේ සියල්ල ගොඩ නැගෙන්නේ සාමාන්‍ය ජනයාගේ දහඩිය කදුළු වගුරවා ඔවුන්ගේ දෑතින් ය . සිද්ධාර්ථ හිමි ආගමික පිළිවෙත් නිරූපණය කිරීමට මෙහිදී ප‍්‍රමුඛ වී තිබේ . ආගම හා සමාජය අතර සාමාන්‍ය ජනතාව තුළ පවතින්නා වූ සම්බන්ධය පෙන්වාදෙනු ලැබේ . වෙහෙස මහන්සි වී රට ගොඩ නගන්නට දෑත දෙපය වෙහෙසන එම මිනිසුන්ගේ දරුවන්ට ද රජ මැදුරු තුළ ධනපති නිවෙස්වල දොරටු විවෘත නොවේ .
අධ්‍යාපනයක් නිසි අයුරින් නොලැබීම නිසා ඔවුන් ගොවිතැන් කරමින් සිටිනු ඇත . නමුත් ඔවුන්ගේ දරුවන් ඉගෙන ගත්ත ද එම දරුවන්ට ද තැනක් නොලැබීම මින් අදහස් කළ හැකි ය . දේශපාලන බල අධිකාරිය නිසාවෙන් වර්තමාන සමාජය තුළ ද සුදුස්සාට සුදුසු තැනක් නොලැබීමේ තත්ත්වය ඇතිව තිබේ . වර්තමානය මෙන්ම අනාගත තත්ත්වය ද එසේ විය හැකි ය . රජවරුන්ට පමණක් නොව රජ දරුවරුන්ට ද රජ සැප විදින්නට මං විවර කරනු ලබන්නේ ද සමාජයේ සාමාන්‍ය ජනතාවය . අතීතයේ සිටි රජවරුන් මෙන්ම වර්තමානයේ සිටින ධනපතියන් ද කරනු ලබන්නේ ධනය බලය ගොඩගසා ගැනීමකි . ඔවුනට ජීවත් වීමට සියලු සැප සම්පත් හිමිය තිබේ . නමුත් සාමාන්‍ය ජනයාට එදා වේල සරිකර ගැනීමට ද නිතිපතා වෙහෙසීමට සිදුව තිබේ .
”රජ සැප විදිනට රජ දරුවන්                 හට
නුඹලා දෑතිනි මන්දිර                   තැනුනේ
ඒ නුඹලාගේ දුක දැක                    ගන්නට
මොන රජ දරුවද පැලකට               වැඩියේ ”


ධනවතුන්ගේ  ඕනෑ එපාකම් සියල්ල ඉටු කල ද එම සාමාන්‍ය ජනතාවට දුකක් කරදරයක් ඇති වූ විට කිසිදු ධනවතෙකු තමන් බැලීමට පැමිනෙන්නේ නැත .

මෙ අයුරින් සමාජය ඉදිරියේ තැබුවා වූ කැඩපතක් මෙන් සමාජය මැනවින් නිරූපණය වී ඇති බව ඉහත ගීතය මගින් හදුනාගත හදුනාගත හැකි ය .
                                                                     
   

                                                                     සෙව්වන්දි රශ්මිලා අධිකාරි