Dept Maco

Saturday, May 18, 2019

ජන මාධ්‍ය ප‍්‍රතිපත්ති ගොඩනැංවීමට මුල් වූ අණපනත් හා ඒවායේ අන්තර්ගත විය යුතු කරුණු වල වැදගත්කම

ජන මාධ්‍ය ප‍්‍රතිපත්ති ගොඩනැංවීමට මුල් වූ අණපනත් හා ඒවායේ අන්තර්ගත විය යුතු කරුණු  වල වැදගත්කම       
  
ප‍්‍රතිපත්ති යනු ලිඛිත ව්‍යස්ථාපිත ලේඛනයකි . ඒ අනුව මාධ්‍ය ප‍්‍රතිපත්ති යනු වඩාත් යහපත් සදාචාරවත් නිවැරදි මාධ්‍ය භාවිතයක් ගොඩනැගීම සදහා හදුන්වා දෙන ලද නිශ්චිත ව්‍යස්ථාපිත ලේඛනයකි . ජන මාධ්‍යන්හි සන්නිවේදන හා ප‍්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වඩාත් සාධනීය ප‍්‍රතිඵල අත්පත් කර ගැනීම සදහා තීන්දු තීරණ ගැනීමට අවශ්‍ය මාර්ගෝපදේශ සංග‍්‍රහයක් ලෙස ලිඛිතව සකස් කර තිබෙන කි‍්‍රයා පටිපාටියක් හෝ මූල්‍ය ලේඛනයක් ලෙස නිර්වචනය කළ හැකි ය .
රටක මහජනතාවගේ මූලික ආචාර විද්‍යත්මක , සදාචාරාත්මක , සංස්කෘතික , දේශපාලන සීමාවන්ට පටහැනි නොවන ආකාරයට මාධ්‍ය නියාමනය කිරීම සදහා හදුන්වා දී ඇති නිර්නායක මාධ්‍ය ප‍්‍රතිපත්ති බව හදුනාගත හැකි ය .
මාධ්‍ය කි‍්‍රයාකාරීත්වය ප‍්‍රතිපත්තිවලට අනුව මාධ්‍යයේ පාර්ශවකරුවන් සැමටම සාධාරණය වන පරිදි ප‍්‍රශස්ත අන්දමින් පවත්වාගෙන යන කි‍්‍රයාවලියකි . මාධ්‍ය ප‍්‍රතිපත්ති ආචාර ධර්ම මාලාවක් වශයෙන් ද හදුනාගත හැකි ය .
ආචාර ධර්ම පිළිබදව විද්වතුන් විවිධ අදහස් දක්වා තිබෙන අතර එවැනි කරුණු කිහිපයක් මෙලෙස හදුනාගත හැකි ය .
මිනිසුන් ජීවත්වන කුඩා වූත් විශාල වූත් සමාජයන්ගේ හැසීරීම් පද්ධතියේ නිගමනය කරන විද්‍යව ආචාර ධර්ම වේ . එමගින් හොද හෝ නරක නිරවද්‍යතාවය හෝ සාවධ්‍යතාවය යන මූලික සාධකවලට විනිශ්චයක් ලබා දේ .
                                                   ( විලියම් ලයිලි *


නිවැරදි හා කළ යුතු දේ කුමක් ද යනුවෙන් දක්වන විද්‍යාව හෝ අධ්‍යනය
                                                    (හෙන්රි ස්මිත් *


මේ අනුව පැහැදිලි වන්නේ නිරවද්‍යතාවය , සත්‍යතාවය වගකීම පවත්වාගෙන යාම සදහා ගෙඩනැගෙන දේ ආචාර ධර්ම බවයි . එය එක්තරා ආකාරයක මාධ්‍ය ප‍්‍රතිපැඅත්ති වේ .
මේ අනුව ජන මාධ්‍ය යහ පැවැත්ම මෙන්ම මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය විවිධ සමාජ සංස්ථාවන් හා ආයතන කෙරෙහි නිශේධනීය තත්ත්වයක් බලනොපාන ලෙස පවත්වා ගැනීමට මෙය හේතුවක් වේ .
 ඕනෑම රටක මාධ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය වනනේ එම රටෙහි පවතින ආර්ථික , දේශපාලන , සංස්කෘතික , සමාජ සාමාජිකයින්ට අනුරූපව ය . එසේ ම පුවත්පත් ජන මාධ්‍ය ප‍්‍රතිපත්ති හා නියාමනය මූලික වශයෙන් අංශ ගණනාවක් ඔස්සේ ගොඩනැගී කි‍්‍රයාත්මක  වේ.

x    සමාජ ආචාර ධර්ම වටිනාකම් හා ධර්මතා
x    දේශපාලන හා සමාජ කි‍්‍රයාවලිය
x    ජාත්‍යන්තර නෛතික හා මානව අයිතිවාසිකම්
x    එක් එක්් ජනමාධ්‍ය ගොඩනැගෙන තිබෙන මාධ්‍ය අචාර ධර්ම හා නෛතික සීමා
ඒ අනුව පොදුවේ මාධ්‍ය ප‍්‍රතිපත්තිවල අන්තර්ගතය ප‍්‍රධාන පත‍්‍ර දෙකකින් සකස් වී තිබේ .
    ආචාර ධර්ම
    ව්‍යවස්ථාමය නෛතික ප‍්‍රතිපාදන
මේ අනුව ව්‍යවස්ථාමය නෛතික ප‍්‍රතිපාදන අණපනත් මාධ්‍ය ප‍්‍රතිපත්ති ගොඩනැංවීම සදහා බලපා ඇති ආකාරය මෙරට නීති මූලාශ ඇසුරින් පැහැදිලි කළ හැකි ය . නිදසුනක් ලෙස මෙරට ප‍්‍රතිපත්ති වලින් ආරක්ෂා කරන එක් අරමුණක් වන්නේ රටක ප‍්‍රකාශන නිදහස තහවුරු කිරීමයි . 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ජේදයේ 14 වගන්තියේ 1  අ කොටස යටතේ පුරවැසියන්ට තාක්ෂණයට , ලේඛනයට පොදුවේ ප‍්‍රකාශන නිදහසට ඇති අයිතිය තහවුරු කර තිබේ .
මාධ්‍ය ප‍්‍රතිපත්තිවල තවත් අරමුණක් වන්නේ ප‍්‍රකාශන නිදහස සීමාව ඉක්මවා භාවිත කිරීමෙන් වලක්වා ගැනීමයි . 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන පරිච්ජේදයේ 14 වගන්තියේ 1  අ යටතේ පෙන්වා දි ඇති ප‍්‍රකාශන නිදහස එම ව්‍යවස්ථාවේ 15 වේ 2කේ හා 15 වේ 7  යන වගන්ති මගින් නැවතත් සීමා කර ඇත .
මෙයට අමතරව ජන මාධ්‍ය සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වන නීතිමය අණපනත් 33 න් පමණ මෙරට දැකගත හැකි ය .
    1833 අංක ප5 දරන ප‍්‍රවෘත්ති පත‍්‍ර ආඥා පණත
    1885 අංක 1 දරන මුද්‍රණකරුවන් හා ප‍්‍රකාශනයන් සම්බන්ධ ආඥාපනත
    1921 අංක 4 දරන  අසත්‍ය ප‍්‍රකාශන පනත
    1951 අංක 23 දරන ප‍්‍රසිද්ධ රැුගුම්පාලක මණ්ඩල පනත
    1953 අංක 21 දරන පාර්ලිමේන්තු බලතල හා වරප‍්‍රසාද පනත
    1955 අංක 32 දරන නිළ රහස් ආඥා පනත
    1958 අංක 41 දරන දේව අපහාස අඥා පනත
    1966 අංක 37 දරන ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්තා පනත
    1971 අංක 41 දරන ජාතික චිත‍්‍රපට සංස්ථා පනත
    1973 අංක 5 දරන ශී‍්‍ර ලංකා පුවත්පත් මණ්ඩල පනත
    1980 අංක 30 දරන බුද්ධිමය දේපල පනත
    1982 අංක 6 දරන ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථා පනත

පෙර සදහන් කළ ප‍්‍රවෘත්ති පත‍්‍ර අඥා පනතේ හා මුද්‍රණකරුවන් හා ප‍්‍රකාශකයන් සම්බන්ධ ආඥා පනත මගින් අපේක්ෂා කරන්නේ මුද්‍රිත ප‍්‍රකාශනවල අන්තර්ගත විය යුතු කරුණු විධිමත් කිරීම හා  නීති විරෝධී මුද්‍රණ කටයුතු වැලැක්වීමට අදාල නෛතික ප‍්‍රතිපාදන හදුන්වා දීමයි .

ප‍්‍රසිද්ධ රැුගුම්පාලක මණ්ඩල පනත මගින් අපේක්ෂා කරන්නේ සමාජයට සදාචාරයට අහිතකර අසභ්‍ය ප‍්‍රකාශන සමාජගත කිරීම වැලැක්වීමට අවශ්‍ය නීතිමය ප‍්‍රතිපාදන සැලැස්වීමකි .
අසත්‍ය ප‍්‍රකාශන පනත මගින් සමාජයට අහිතකර අසත්‍ය ප‍්‍රකාශන සමාජගත කිරීම වැලැක්වීමට අවශ්‍ය නීතිය දක්වා ඇත .
පුවත්පත් මණ්ඩල පනත තුලින් පුවත්පත් යහපත් මට්ටමින් පවත්වාගෙන යාම පුවත්පත් වැරදි වැලැක්වීම පුවත්පත් ආචාර ධර්ම පවත්වාගෙන යාම සදහා ප‍්‍රමිති ඇති කර ගැනිම
බුද්ධිමය දේපල පනත මගින් සිදුකොට ඇත්තේ නිර්මාණකරුවන්ගේ නිර්මාණාත්මක බුද්ධිය දේපලක් ලෙස ආරක්ෂා කර දීමයි .
මෙයට අමතරව නිති මූලාශ‍්‍ර ද මාධ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයේ දි ප‍්‍රයෝජනයට ගනි .

    මානව හිමිකම් පිලිබද ප‍්‍රඥප්ති
    යුනෙස්කෝ මාධ්‍ය ප‍්‍රතිපත්ති
    මැක්බ‍්‍රයිට් වාර්තාව
    ජාත්‍යන්තර විදුලි සංදේශ ප‍්‍රතිපත්ති
    යුරොපා සන්නිවේදන ප‍්‍රතිපත්ති
    ෆෙඩරල් සන්නිවේදන ප‍්‍රතිපත්ති
මේ අනුව පැහැදිලි වන්නේ රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඇතුළු මෙම අණපනත් පවතින නෛතික ප‍්‍රතිපාදනයන්හි අවසාන ඉලක්කය වී ඇත්තේ ජන මාධ්‍යයේ මූල ධර්ම සංස්කෘතික හා සාරධර්ම අගයකින් වටිනාකම් වගකිම් යුතුකම් හා ගෞරවයන් ඇතුළු ජන මාධ්‍ය ආචාර ධර්ම සුරක්ෂිත කිරීම බවයි .
මාධ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීමේ දී අවධානය යොමු කළ යුතු හා අන්තර්ගත කරුණු ගණනාවක් පවතින බව
    මාධ්‍ය පාලනය
    මාධ්‍ය ප‍්‍රමිතීන්
    පුද්ගලිකත්වය
    මාධ්‍ය නිදහස
    බුද්ධිමය දේපල හිමිකම
    සාපරාධි අපරාධ
    තොරතුරු දැන ගැනිමේ අයිතිය
    මාධ්‍ය කර්මාන්ත හා මාධ්‍ය ආර්ථිකය
    මාධ්‍ය කොමිසම් හා සිමා
    දුරස්ථ සන්නිවේදන ප‍්‍රතිපත්තීන්
    මාධ්‍යයේ සමාජ බලපෑම්

මෙම ප‍්‍රතිපත්ති අන්තර්ගත විය යුත්තේ මොනවාදැයි විවිධ මාධ්‍ය ප‍්‍රතිපත්ති මාලාවන් මගින් පෙන්වා දිය හැකි ය .
යුනෙස්කෝව මැදිහත් වීමෙන් 1983 දී පැරිස් නුවරට රැුස් වූ මාධ්‍ය ආදි සංවිධාන පහත සදහන් ප‍්‍රතිපත්ති කෙරෙහි ද අවධානය යොමු කර තිබේ .

x    ජනතාවගේ ෂත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතිය
x    විෂය මූලික යථාරූපී වාර්තාකරණය
x    ජනමාධ්‍යවේදියාගේ වෘත්තිය
x    මහජන කැමැත්තට ගරු කිරිම
x    විශ්වීය වැදගත්කම් හා සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම

මෑත කාලිනව ලංකාවේ ජනමාධය හා තොරතුරු අමාත්‍යංශය විසින් හදුන්වා දුන් ජාතික මාධ්‍ය ප‍්‍රතිපත්ති කලාව තූළ අවදානය යොමු කළ කරුණු ගණනාවක් පවති .
    මාධ්‍ය නිදහස හා තොරතුරු වලට ප‍්‍රවේශවීමේ අයිතිය
    ජාතික හා සමාජ වගකීම්
    මාධ්‍ය සංවර්ධනය
    පුද්ගලභාවය ආරක්ෂා කිරිම
    පිළිතුරු දීමේ අයිතිය ආරක්ෂා කිරිම
    කර්තෘ මණ්ඩල ස්වාධීනත්වය
    මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම්
    අපරාධ හිංසනය පිටු දැකීම
මෙහි දි රාජ්‍ය මධ්‍ය ප‍්‍රතිපත්තිවල ඇති වැදගත්කම පිලිබදව අවධානම යොමු කළ යුතු ය . මාද්‍ය ප‍්‍රතිපත්ති අත්‍යවහ්‍ය වන්නේ යහපත් ජන මාධ්‍යවේදයක් හෙවත් සදාචරවත් මාධ්‍ය භාවිතයක් පවත්වාගෙන යාම සදහා ය .
යහපත් ජනමාද්‍යවේදය තුළ පිලිගැනෙන සාරධර්ම ගණනාවකි .
    නිරවද්‍යතාවය
    මධ්‍යස්ථ බව
    සංවර බව
    ස්වාධීන බව
    සත්‍ය ප‍්‍රකාශනය
    වැරදි නිවැරදි කිරීම්
    සත් භාවයෙන් කටයුතු කිරිම
    සමාජ ප‍්‍රශ්නවලට විසදුම් සෙවීම
    ත්‍යාග ශා අල්ලස් නොපිළිගැනීම
පෙර සදහන් කළ සාරධර්ම සුැක්ෂිත කර ගැනීමට නම් රටකට මාධ්‍ය ප‍්‍රතිපත්ති මාලාවක් අත්‍යවශ්‍ය වේ .

නමුත් නූතනයේ ජන මාධය තුල අහිතකර ප‍්‍රවනතා රැුසක් දැකගත හැකි ය .

    ලිංගිකත්වය , කාමුකත්වය , ප‍්‍රචණ්ඩත්වය හුවා දැක්වීම
    වෙළද අරමුණු වෙනුවෙන් පෙනී සිටීම
    පක්ෂපාතී ජන මත නිර්මානය කිරීම
    අයහපත් සමාජානුයෝජනය
    රසවින්දනයකින් තොර වැඩසටහන් බහුල වීම
මෙවැනි අහිතකර ප‍්‍රවනතාවලට විසදුම් සෙවිය හැකි වන්නේ මාධ්‍ය ප‍්‍රතිපත්ති තුළිනි .

එසේම තව දුරටත් මාධ්‍ය ප‍්‍රතිපත්ති
x    රටක සංවර්ධනය අරමුණු සාක්ෂාත් කිරීම සදහා
x    යහපත් මාධ්‍ය සංස්කෘතියක් ගොඩනැංවීම සදහා
x    රටක අධ්‍යාපනය හා සාක්ෂරතාවය වර්ධනය කර ගැනිම සදහා
x    මාධ්‍ය නිදහස,  තොරතුරු දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කර ගැනීම සදහා
x    සංස්කෘතික අනන්‍යතාවය සුරක්ෂිත කිරීම සදහා
x    වෘත්තිය අචාර ධර්ම අනුව කටයුතු කිරීම සදහා
x    මාධ්‍යවේදියාගේ සමාජ වගිකීම් ආරක්ෂා කිරිම සදහා අවශ්‍ය මගපෙන්වීම් සිදු කරයි
මේ අනුව බලන කල ජන මාධ්‍ය ප‍්‍රතිපත්ති ගොඩනැංවීමට මුල් වූ අණපනත් හා එමගින් ඉටුවන්නා වූ කාර්භාරය හා වැදගත්කම මෙලෙසින් හදුනාගත හැකි ය .

සෙව්වන්දි රශ්මිලා අධිකාරි










Tuesday, May 7, 2019

කෙදිනකයත් මව්පියො තනි නොකරන්න


තෙරුවන් බලෙන් ලොව හැම සුවපත් වේවා!






පියෙකුගේ කදුලක්


පියෙකුගේ කදුලක්








ලොකු මිනිසෙකු කලේ අප හැම දුක්        විදලා
ගුණ දම් අමා මෙන් ඔබ හට                      දීලා
එපමන කලත් අප මේ ලෙස වෙන්         කරලා
කොහොමද පුතුනි අප ඉන්නේ ඔබ     නොබලා

ඉන්නා තැනක සතුටින් ඔබ                ඉන්නවද
ඔබට අපව දැන් අමතක වී                        ඇද්ද
ත්‍නාහැකිය අදහ ගන්නට මේ දෙය          නිබද
ධමා යන්ට වූයේ මා පුත කිම                          ද

අප සිටි නිවසෙ දේපල ගැන                  විමසූවා
මට දැන්  ඕන යැයි ඒවා                        පැවසූවා
සියලූ දෙයම ඔහු හට මා                      පැවරූවා
මහමග දමා යන්නට හිත රළු                     වූවා

ආදර මගෙ පුතුනි මේ දෙය                 අහගන්න
කෙදිනකයත් මව්පියො තනි          නොකරන්න  උතුම් මිනිස් ගුණ දම් ඔබ                   සුරකින්න ආදර කරුණාදි ගුණ අප යට                   දෙන්න







Monday, May 6, 2019

මහජන සම්බන්ධතාව හා වර්තමානයේ එහි උපයෝගීතාවය

   මහජන සම්බන්ධතාව හා වර්තමානයේ එහි උපයෝගීතාවය


          වර්තමාන සමාජ ක‍්‍රමයට අත්‍යවශ්‍ය අංශයක් ලෙස මහජන සම්බන්ධතාව යන්න හදුනාගත හැකි ය . මහජන සම්බන්ධතා යන්නෙහි වචනාර්ථය වන්නේ ජනතාව සමග සම්බන්ධතා පැවැත්වීමයි . මිනිසා හුදෙකලාව වාසය නොකරයි . නොයෙකුත් පුද්ගලයින් සමග සම්බන්ධතා පවත්වයි . වර්තමානය වන විට මහජන සම්බන්ධතාව යන්න විද්‍යාත්මක ලෙසත් විෂයක් ලෙස වර්ධනය වීම දැකගත හැකි ය . මහජන සම්බන්ධතාව පිලිබදව විද්වත් පිරිස් බොහෝ නිර්වචන ඉදිරිපත් කර තිබේ . එවැනි නිර්වචන කිහිපයක් ලෙස පහත ඒවා හදුනාගත හැකි ය .
   
”    අන්‍යෙන්‍ය වශයෙන් සතුටුදායක වන ද්වි පාර්ශ්වික සන්නිවේදනය පදනම් කරගෙන හොද චරිතයක් හා වගකීම් සහගත කාර්ය සාධනයෙන් ජනමතය කෙරෙහි බලපෑමට යොදා ගන්නා සැලසුම් සහගත ප‍්‍රයත්නය මහජන සම්බන්ධතාව යනුවෙන් හැදින්විය හැකි ය . ”

—      Public relations is the planned effort to influence public opinion through good character and responsible performance ˜




      ^Scott M . Cutlip  and Allen Center " Effective Public Relations " 6 th Ed ' &



”මහජන සම්බන්ධතාවය යනු ඒකකයක , ජන කොට්ඨාශයක හෝ විශාල ජන සමූහයක සබදතා පිළිබදව කි‍්‍රයාත්මක වන වෘත්තියයි . මෙම වෘත්තියේ පැවැත්ම රැුදී ඇත්තේ ජනතාවගේ හෝ ජන සමූහයන්ගේ හොද හිත මත අවධාරනය කර ඇත . ”



—      Public Relations is a profession that deals with the relation of a unit and public or publics on which its viability depends ' ˜

                                                             ^ Edwad l ' Bernays &



මහජන සම්බන්ධතාව යන්න ඓතිහාසිකව ප‍්‍රබවය වූවකි . මෙය මානව ශිෂ්ඨාචාරයේ ආරම්භය දක්වාම ඈත ඉතිහාසයක් පවතී . මිනිසා අතීතයේ දී දඩයම් කළ යුගයේ දී තරුණ පිරිස් දඩයමේ යාමට පෙර වැඩිහිටි පිරිස් වෙත පැමිණ ආශිර්වාදය ලබා ගනී . එලෙසින් වැඩිහිටි පිරිස අතර හා තරුණ පිරිස අතර සම්බන්ධතාව පවත්වාගෙන ගොස් ඇත.

පැරණි සමාජයේ එහි ප‍්‍රධානියාගේ අදහස් හා යෝජනා ආදිය මහජනයා වෙත යැවීම සදහාත් ජ නතාවගේ අදහස් ප‍්‍රධානියා වෙත යැවීම සදහාත් පිරිසක් පත් කර සිටි බව මේ පිළිබදන අධ්‍යනය කිරීමේ දී සනාථ වේ . ඒ අනුව එම පිරිස ඒකනසබට ජයසැෙ හෙවත් තෝල්ක යන නමින් හදුන්වයි . මානව ශිෂ්ඨාචාරය ක‍්‍රමයෙන් දියුණුවෙත්ම මෙම තෝල්ක පිරිසෙන් වන කාර්යන් ප‍්‍රමාණය අවම විය එනිසාවෙන් තෝල්ක පිරිසට වඩා දැනුමක් ඇති පුද්ගලයින් අවශ්‍ය විය . ඉන් පසුව සරීබ් නමින් ( ිමරසඉ * මිසර පිරිසක් එම කාර්ය සදහා පත් විය . ඔවුන් ද රාජ්‍ය අණපනත් දැනුම් දෙමින් ඒවා පිටපත් කරමින් නියෝග දීම වැනි කාර්යන් සිදුකරන්නට විය .
මොවුන්ගෙන් පසුව තවත් පිරිසක් මහජන සම්බන්ධතා කාර්ය සදහා පැමිණ ඇත . ඔවුන් ප්‍රොපට්ස් නමින් හදුන්වයි . මොවුන්ගෙන් පසුව සිටි පිරිස සිමොනිඩිස් නමින් හදුන්වයි . පසුව 18 වන සියවස වන කාලයේ දී ඡුමඉකසජසිඑ නමින් පිරිසක් පත් කරයි . මේ අයුරින් අතීතයේ සිටම මෙම මහජන සම්බන්ධතාවය සම්බන්ධයෙන් ඒ පිළිබදව දැනුමක් ඇති පිරිස පත් කර ඇත .
මෙලෙසින් ආරම්භ වී විකාශනය වු මහජන සම්බන්ධතා කාර්ය වර්තමානය තුළ බොහෝ ක්ෂේ‍්‍රත‍්‍රයන්ගේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත් වී තිබේ . ඒ අනුව වර්තමානයේ දී
    අලෙවිකරණය
    දැන්වීම්කරණය
    දේශපාලන
    මාධ්‍ය ක්ෂේ‍්‍රත‍්‍රය
ආදී වූ බොහෝ ක්ෂේ‍්‍රත‍්‍ර ගණනාවක මහජන සම්බන්ධතාව ප‍්‍රායෝගීකව භාවිත කරයි . ඒ ක්ෂේ‍්‍රත‍්‍ර සදහා සුදුසු පුද්ගලයින් තෝරා ගනු ලබයි .

අලෙවිකරණය තුළ දී මෙම මහජන සම්බන්ධතාවය පුළුල් ලෙස භාවිතයට  ගනී . යම් භාණ්ඩයක් නිෂ්පාදනය කර එය පාරිභෝගිකයාට අලෙවි කර ගැනීම මගින් එම ව්‍යාපාරය දියුණු කර ගත හැකි වේ . ව්‍යාපාරය හිමිකරුගේ හා අනෙකුත් කොටස්කරුවන්ගේ අරමුණ වන්නේ තම ආයතනය දියුණු කර යෙදවුමට වඩා වැඩි ලාභයක් අත්පත් කර ගැනීමට ය . මෙම ලාභය අත්පත් කර ගැනීමට අදාල නිෂ්පාදනය වෙත පාරිභෝගිකයාව ගෙන්වා ගැනීමට මෙම මහජන සම්බන්ධතාවය උපයෝගී කර ගනු ලැබේ . පාරිභෝගිකයාට නව අවශ්‍යතා ඇති කරමින් ඒවා මහජන සම්බන්ධතාවය උපයෝගී කර ගනිමින් අලෙවි කර ගනු ලබයි .                                                                                                    

එසේම දැන්වීම්කරණයේ දී නිෂ්පාදනයන් පිළිබදව පුළුල් ලෙස දැනුවත් කිරිම් සිදු කරයි . දැන්වීමක් ඉතා ආකර්ෂණීය බවකින් යුක්ත වේ . එසේ ම ඒ සදහා ද මහජන සම්බන්ධතාවය උපයෝගී කරගනු ලැබේ .  එමගින් මහජනයා එම නිෂ්පාදනය ගැනීම සදහා පෙළබවීමක් ඇති කරනු ලැබේ .







එසේ් ම දේශපාලනික ක්ෂේ‍්‍රත‍්‍රයේ දී ද මහජන සම්බන්ධතාව උපයෝගී කර ගනු ලැබේ . මුළු ලෝකයේම දේශපාලනික වහයෙන් මෙය උපයෝගී කර ගනු ලැබේ . මහජනතාවගේ කැමැත්ත දේශපාලනික පිරිසට අත්‍යවශ්‍ය වේ . මහජනතාව හා සම්බන්ධවීමට හා එම මහජන සම්බන්ධතාව බිද නොවැටී පවත්වාගෙන යාමට දේශපාලකයින් හා දේශපාලන උපදේශක පිරිස කටයුතු කරනු ලබයි .
වර්තමානය වන විට ඔබාමා වැනි දේශපාලකයින්  ජායා රූප මගින් මහජන සම්බන්ධතාව පනවත්වාගෙන යන බව දැකගත හැකිය . ඔහු මහජනතාව සමග, දරුවන් සමග ,  සතුටින් සිටින ජායා රුප සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍ය්ප්ත වීම මගින් හදුනාගත හැකි ය .
එසේ ම වර්තමානයේ මෙරටේ ද ජනපති ඇතුළු අනෙකුත් දේශපාලනික පිරිස් ද මහජන සම්බන්ධතාවය පවත්වාගෙන යාම සදහා විවිධ උපක‍්‍රම භාවිත කරනු ලබයි . සාම්ප‍්‍රධායික බව , සරල බව පෙන්වීම , කුඩා දරුවන්ට ආදරය දක්වන බව පෙන්වීම රටට ආදරය ඇති අයෙකු බව පෙන්වීම වැනි ඒ හා සම්බන්ධ ජාරූප මගින් මහජන සම්බන්ධතාව පවත්වාගෙන යාමට කටයුතු කරනු ලබයි . 
වර්තමානයේ මාධ්‍ය ආයතනයන් දෙස අවධානය යොමු කර බැලූව ද පෙනී යන්නේ එම මාධ්‍ය ආයතනයන් ඉතා තරගකාරී අයුරින් පේ‍්‍රක්ෂකයන් තම නාලිකාවන් නැරඹීමට යොමු කරවා ගන්නා තත්ත්වයකි . ඒ නාලිකා තුළ ජනප‍්‍රිය වැඩසටහන් බොහෝ ඉදිරිපත් කරනු ලබයි .  ලෝකයේ ප‍්‍රචාරනය කරනු ලබන විවිධ ආකෘති උපයෝගී කරගනිමින් ජනතා ආකර්ෂණය දිනා ගැනීමට එම ආකෘති ලංකාවේ නාලිකාවල භාවිත කරන අයුරු දැකගත හැකි ය . එසේ ම සංගීතමය වැඩසටහන් විවිධ පලාත්වල සංවිධනය කරමින් ඒවා මගින් ද මහජන සම්බන්ධතාවය ගොඩනංවන බව හදුනාගත හැකි ය .

එසේ ම විවිධ ආපදා අවස්ථාවන්හි දී ද එම නාලිකා ආපදා වූ ස්ථානයට ගොස් අසරණ මිනිසුන්ට උපකාර කරමින් සුහදශීලි බව පෙන්වමින් මාධ්‍ය නාලිකා මගින් ඒ සම්බන්ධව ප‍්‍රචාරය කරමින් ග‍්‍රාහක ආකර්ෂණය ලබා ගැනීමට කටයුතු කරනු ලබයි . එසේ ම විවිධ සංදර්ශන , කි‍්‍රඩා ආදිය සංවිධනය කරමින් එම වැඩසටහන් ඔස්සේ මහජන සම්බන්ධතාවය පවත්වාගෙන යනු ලැබේ . මෙලෙසින් නොයෙකුත් කටයුතු කරමින් ජනතාව තම නාලිකාව වෙත පොළඹවා ගැනීමට කටයුතු කරන බව මැනවින් හදුනාගත හැකි ය . ඒ සදහා ඔවුන් සැලසුම් සහගතව ඉහත දැක් වූ සැලසුම් කි‍්‍රයාත්මක කරනු ලබයි .
එසේ ම ලංකාවේ රක්ෂණ සමාගම් හා බැංකු ආදිය මගින් ද මහජන සම්බන්ධතාවය පවත්වා ගැනීමට කටයුතු කරනු ලබයි . ඔවුන්ගේ ආයතනවල තේමා පාඨයන් මානූෂීය බවකින් යුක්තව දක්වා ඇත . එනම්
    සුහද හදක් ඇති දේශීය බැංකුව
    ජාතියේ මහා පහන් ටැඹ
    ජනහද හදුනන මහජන බැංකුව    එන්න අපේ පියාපත් සෙවනට

මෙවැනි වූ සුහදත්වයක් ගොඩනංවන්නට සමත් වචන උපයෝගී කරගනු ලැබේ . ටමවැනි ආයතනයන් ද කුඩා ළමුන් ආදි ය සම්බන්ධ කර ගනිමින් උත්සව සංවිධනය කරනු ලබයි . එසේ ම දිළදු ජනතාවට උපකාර කරනු ලබයි . පාසල් උපකරණ ආදිය බෙදා දීම් සිදුකරනු ලබයි .
වර්තමානය වන විට බොහෝ මහජන සම්බන්ධතා විධික‍්‍රම භාවිත කරනු ලබයි . ඒ අනුව පහත විධික‍්‍රම හදුනාගත හැකි ය .

    ප‍්‍රදර්ශන
    අනුග‍්‍රාහකත්ව
    දායකත්වය
    සම්මන්ත‍්‍රන
    චිත‍්‍ර ප‍්‍රදර්ශන
    නිවේදන
    ශ‍්‍රමදාන
    වෙළද කුටි
    වාර්ෂික චාරිකා
    ලාජංන
    වෙළද ලකුණ
    උත්සව සංවිධනය කිරීම
මේ අනුව මුළු ලෝකය පුරාම ඒ ඒ විවිධ ක්ෂේත‍්‍රවල පැවැත්ම සදහා මෙවැනි වූ මහජන සම්බන්ධතා කි‍්‍රයාත්මක වන බව හදුනාගත හැකි ය . වර්තමානයේ දී මහජන සම්බන්ධතා කි‍්‍රයාවලිය සමග පුළුල් සම්බන්ධතාවක් ඇති බව හදුනාගත හැකි ය .



ආශි‍්‍රත ග‍්‍රන්ථ
කෘති – කරුණානායක නන්දන , මහජන සම්බන්ධතා , මාධ්‍ය ප‍්‍රකාශකයෝ 
තැ . පෙ 98 නුගේගොඩ


සෙව්වන්දි රශ්මිලා අධිකාරි









Thursday, May 2, 2019

සමාජයේ පැවැත්මට සන්නිවේදනයේ අවශ්‍යතාව


           සමාජයේ පැවැත්මට සන්නිවේදනයේ අවශ්‍යතාව

         සමාජයක් ලෙසින් හැදින්විය හැක්කේ මිනිසා ඇතුලූ සියලූ සතුන්  අන්තර් කි‍්‍රයාකාරිත්වයන් හා අනෝන්‍ය වශයෙන් සම්බන්ධතා පවත්වමින් ගොඩනැගෙන්නා වූ පද්ධතියයි .
සමාජයේ පැවැත්මට සන්නිවේදනය අත්‍යවශ්‍ය වන්නේ ද ? මේ  පිළිබදව තොරතුරු මෙහි දී සොයා බලමු  . සමාජයක් යනු පුද්ගලයින් විශාල ප‍්‍රමාණයක එකතුවකි . මේ සියලූ දෙනා හෝ කිහිපදෙනෙකු අතර හෝ තොරතුරු හෝ අදහස් හුවමාරු කර ගැනීමෙන් තොරව සමාජයක් පවත්වාගෙන යාමට හැකි නොවේ.
සමාජයක් බිහිවීම හා විකාශය ක‍්‍රමික හා අක‍්‍රමික ලෙසින් ද සිදු වේ . 



    ප‍්‍රාථමික සමාජය
    වහල් සමාජය
    වැඩවසම් සමාජය
    සමාජවාදී සමාජය

ආදී වශයෙන් මෙම සමාජ ක‍්‍රමය වෙනස් වෙමින් විකාශනය වීම සිදු වී තිබේ . ඉහත සදහන් කළ සමාජ යුගයන්ට මෙන්ම වර්තමානයේ පවතින සමාජ ක‍්‍රමයට ද අත්‍යවශ්‍ය සාධකයක් ලෙස සන්නිවේදන අවශ්‍යතාව හදුනාගත හැකි ය .
සන්නිවේදනය හා සමාජය අතර පවතින්නේ අවියෝජනීය වූ සම්බන්ධතාවයකි . එනම් එම සම්බන්ධතාව වෙන් කළ නොහැකි ය . එසේ ම මෙම සම්බන්ධතාවය ප‍්‍රබල වේ . සමාජයේ පැවැත්මට මෙන්ම බිද වැටීමට ද මෙය හේතු වේ . 

පුද්ගලයින් අතර පවතින සම්බන්ධතාව වර්ධනය වීමට හොද සන්නිවේදනයක් අවශ්‍ය වේ . එසේ ම එහි දී අනෙක් පුද්ගලයාට පි‍්‍රයතාවයක් ඇති වන ලෙස සන්නිවේදන කටයුතු සිදු කිරිමේ දී එම සම්බන්ධතාවය ශක්තිමත් වේ . නමුත් පුද්ගලයින් සමග සන්නිවේදනයේ යෙදීමේ දී අප‍්‍රිය වචන මගින් සන්නිවේදනය සිදු කරයි නම් එම සම්බන්ධතා බිද වැටේ . එබැවින් සම්බන්ධතා පැවැත්මට මෙන් ම බිද වැටීමට ද සන්නිවේදනය හේතු වන බව අවබෝධ කර ගත හැකි ය .සමාජයක් පැවැත්මට මෙන්ම එහි කි‍්‍රයාකාරිත්වයට සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ . 

මිනිසාට ඇති ප‍්‍රධාන අවශ්‍යතාවයන් ලෙුස ආහාර පාන , සනීපාරක්ෂණය , වාසස්ථාන ආදියට අමතරව අනෙකුත් සියලූ කටයුතු කර ගැනීම සදහා සන්නිවේදනය අවශ්‍ය වේ. වෙළදපොලට ගොස් භාණ්ඩ මිලදී ගැනීමට මුදල් පමණක් තිබීම ප‍්‍රමාණවත් නොවේ . නියමිතව සන්නිවේදන ක‍්‍රමවේදයන් ද පැවතීම අත්‍යවශ්‍ය වේ . එම භාණ්ඩයේ මිල , ගුණාත්මක බව , අවශ්‍යතාවය , ප‍්‍රමාණය ආදී සියලූ දේ දැන ගැනිමට හැකි වන්නේ සන්නිවේදන කි‍්‍රයාවලිය මගින් ය .




රෝගියෙකුට ප‍්‍රතිකාර කිරීම සදහා ද එම රෝගියාට පවතින අපහසුතා දැනගැනීමට මෙන්ම රෝගීයාට නිසි ප‍්‍රතිකර ලබා දීමට ද සන්නිවේදනය අවශ්‍ය වේ . මෙවැනි අවස්ථාවක රෝගීයා අධ්‍යනය කිරීමට පහසුවක් ලෙසින් හා එම රෝගයන් පිළිබදව සියලූ දේ දැන ගැනීමටත් නිසි ප‍්‍රතිකාර කිරීමටත් වෛද්‍යවරයාට හැකි වේ .

රැුකියා අවස්ථාවක දී පවා ගොලූවන් මෙන් එම රැුකියා ස්ථානයේ සිටිය නොහැකි ය . එම රැුකියා කරගෙන යාමට සියලූ දෙනා සමග සමග සම්බන්ධතා පවත්වමින් අදාල සන්නිවේදනයන් කිරගැනීමෙන් කටයුතු කිරීම අවශ්‍ය වේ .
එසේම අධ්‍යාපනය ලැබීමේ දී ද සන්නිවේදන අවශ්‍ය වේ . අවශ්‍ය කරුණු දැන ගැනීමට ද මෙය උපකාරි වේ . 
පුද්ගලයා හා සමාජය සමග ගණුදෙනු කිරීමේ දී ඒ හා සම්බන්ධ වීමට සන්නිවේදන ක‍්‍රමවේදයන් කිහිපයක් පවතී .
කෙසේ නමුත් සන්නිවේදන කටයුතු කිරීමේ දී එයට යෝග්‍ය සන්නිවේදන ක‍්‍රමය භාවිත කිරීම ඉතා යෝග්‍ය වේ .
අතීතයේ දී භාවිත කළ සන්නිවේදන ක‍්‍රමවේදයන් අභිබවා වර්තමානය වන විට පුළුල් මට්ටමකින් එම සන්නිවේදන කටයුතු සිදුවන බව හදුනාගත හැකි ය . අතීතයේ තිබූ සීමිත සන්නිවේදන ක‍්‍රමයන්ට වඩා වර්තමානයේ විශ්ව ගම්මාන සංකල්පය නැතහොත් ගෝලීයකරණ සංකල්පය තෙක් මෙම සන්නිවේදන රටා දියුණු වී පවතී .
මුල් යුගයේ තිබූ දුරකථන සන්නිවේදන ක‍්‍රමයන් ද නවීන ලෙසින් සැකසී ක‍්‍රමවත් අයුරින් මුළු ලෝකය හා සමග ගණු දෙනු කිරීමට සම්බන්ධතා පැවැත්වීමට මග විවර වී අරුති බව හදුනාගත හැකි ය .
සමාජයක් පැවතීමට තොරතුරු අවශ්‍ය වේ . තොරතුරු දැනගැනීමට ද සන්නිවේදනය අවශ්‍ය වේ . වර්තමානය වන විට සමාජය තුළ මෙම තොරතුරු සම්පාදනය බොහෝ සන්නිවේදන මාධ්‍යයන් මගින් සිදුකරනු ලබයි . ඒ අනුව
x    පුවත්පත
x    ගුවන් විදුලිය
x    රූපවාහිනිය
x    සිනමාව
x    සමාජ මාධ්‍ය
ආදී වූ ක‍්‍රමයන් තාක්ෂණික අතින් දියුණු වෙමින් පවතින්නක් වශයෙන් හදුනාගත හැකි ය . මෙමගින් ලැබෙන ඇතැම් තොරතුරු සාවද්‍ය බවකින් ද යුතු වේ. එනිසා මෙවැනි දේ පරිශීලනය කිරීමේදී කල්පනාකාරී වීම ඉතා වැදගත් වේ .
වෙළද ව්‍යාපාරයන් ගත් ද ඔවුන්ගේ නිෂ්පාදනයන් වෙළදපොල වෙත ගෙන එ්මෙන් පසුව ඒ පිළිබදව පාරිභෝගිකයන් දැනුවත් කිරීම විවිධ වූ සන්නිවේදන ක‍්‍රමයන් උපයෝගී කර ගනී . ඔවුන්ගේ පැවැත්ම තහවුරු වන්නේ නිවැරදි සන්නිවේදන ක‍්‍රමයන් මගින් පාරිභෝගිකයන් දැනුවත් වීම මගින් ය . එසේම පාරිභෝගික අවශ්‍යතාවයන් මොනවා ද ආදි දේ දැන ගැනීමටද සන්නිවේදනය උපකාරී වන බව හදුනාගත හැකි ය .
සමාජයක් සංවර්ධනය කර ගැනීමට ද සන්නිවේදනය අත්‍යවශ්‍ය වේ . ජනතාවගේ සිට පාලකයන් දක්වා තොරතුරු හුවමාරු කර ගැනීම මෙහි දී කළ යුතු ය . අදාල ස්ථාන පිලිසකර කර ගැනීම ආදියේ දී පවා නිසි බලධාරීන් දැනුවත් කිරීමට ද සන්නිවේදනය අවශ්‍ය වේ .
සංවර්ධන කි‍්‍රයාවලිය හා සන්නිවේදනය පිළිබදව කතා කිරීමේ දී චීනය තුළ සංවර්ධනය පිළිබදව ප‍්‍රබල ආකෘතියක් ගෙඩනැගී පවතී . 


x    රජය
x    විවිධ සේවා ශ්‍රේණි නිළධාරින්
x    ජනතාව

ආදී පිරිස් අතර ප‍්‍රබල සන්නිවේදන කි‍්‍රයාවලියක් ඇති වේ .
මේ අනුව බලන කල චීනය තුළ ප‍්‍රජාව හා රජය අතර ප‍්‍රබල ගණුදෙනුවක් , සන්නිවේදන කි‍්‍රයාවලියක් පැවති බව අවබෝධ කර ගත හැකි ය .

මේ අනුව බලන කල සමාජයේ පැවැත්මට සන්නිවේදනය පැවතීම නැතිවම බැරි අංගයක් ලෙස හදුනාගත හැකි ය .
සන්නිවේදනය නොමැතිව සාජයේ පැවැත්ම තහවුරු කර ගත නොහැකි මෙන්ම සන්නිවේදනයේ පැවැත්මට ද සමාජයක් අවශ්‍ය වේ . අවශ්‍යතාව අනුව යෝග්‍යම සන්නිවේදන ක‍්‍රමය උපයෝගී කර ගැනීම මගින් නිවැරදි ප‍්‍රතිඵල ලගා කර ගත හැකි බව ද හදුනාගත හැකි ය .


සෙව්වන්දි රශ්මිලා අධිකාරි