Dept Maco

Thursday, July 4, 2019

යථාර්ථය

යථාර්ථය


මාලිග යාන වාහන සුර සැප                               සොයනා
කන්ට සුපිරි හෝටල් වෙත                               පියමනිනා
ඉන්ට සුව පහසු ආසනයන්                               ගෙනෙනා
ජීවිත කිමද මෙලොවට නීරස                                 මවනා

එකත් පසෙක දුප්පත්කම                                    ලූහුබදිනා
කන්ට කෑමවත් දවසට නොම                               ලැබෙනා
ලෙඩ දුක් මන්ද පෝෂණ ප‍්‍රබලව                            තිබෙනා
අර්ථය කිමද මේ සසරේ සැරි                                    සරනා

සියල් මිනිස් ජීවිත එක සේ                                       වටිනා
කිමද එහෙව් රට තුළ ගුණමකු                                  මිනිසා
තම ජීවිතය පමණකි ලෙස                                  සිහි කරනා
කුමට උපන්ද මිනිසුන් මේ                                      ලෙසිනා

දුප්පත් පොහොසත් භේද රට තුළ                       ඔද වැඩෙනා
මෙය අරුමයක් නොව රට පහතට                           වැටෙනා
දුර්ජන මිනිස් රට විපතට ඇද                                       දමනා
මෙයයි අරුත දෙව් ලොව නිරයක්                              කරනා

ඉන්නට සුපිරි මාලිග   නොම                                     සෙව්වා
කන්නට සුපිරි හෝටල්  නොම                                  සෙව්වා
ජීවත් වෙන්න අහරක් දිනකට                                    සෙව්වා
නොලැබුණ කමට මෙය නොලැබුම බව                      සිතුවා


සෙව්වන්දි රශ්මිලා අධිකාරි

2 comments: