Sunday, July 28, 2019
නව මාධ්‍ය සංකල්පය
සම්ප‍්‍රධායික මාධ්‍යන් අතික‍්‍රමණය කරමින් නව ක‍්‍රමවේදයන් ද භාවිත කරමින් ගොඩනැගෙන්නා වූ සංකල්පයක් ලෙසින් නව මාධ්‍ය යන්න හදුනාගත හැකි ය . සම්ප‍්‍රධායික මාධ්‍ය අතික‍්‍රමණය යනුවෙන් අදහස් වන්නේ පැරණි ක‍්‍රමවේදයන් සම්පූර්ණයෙන් ඉවත දමා අලූත් මාධ්‍ය ක‍්‍රමයක් වෙත පිවිසීම නොවේ . පැරණි තාක්ෂණික ක‍්‍රමවේදයන් ද උපයෝගී කර ගනිමින් නව තාක්ෂණික ක‍්‍රමවේදයන් ද භාවිත කරමින් ගොඩනැගෙන්නා වූ මාධ්‍ය ආකාරයයි . වර්තමානය වන විට නව මාධ්‍යන්ට පෙළඹවීමේ නැඹුරුවක් ද දැක ගත හැකි ය . නව මාධ්‍ය විශාල පරාසයක් තුළ විහිදී යන්නක් වශයෙන් හදුනාගත හැකි ය . ගෝලීයකරණය යන සංකල්පයන් සමග නව මාධ්‍ය යන්න ප‍්‍රබලව ව්‍යාප්ත වී පවතී . එසේම අන්තර්ජාලයත් සමග බද්ධ වී නව මාධය සංකල්පය ව්‍යාප්ත වේ.
මාධ්‍යයක් අලූත් වන්නේ භැඅ ඵැාස් කෙසේ ද යන්න පිළිබදව මාෂල් මැක්ලූහන් ඹබාැරිඒබාසබට ඵැාස් යන කෘතිය තුළ කරුණු දක්වා ඇත . සංවර්ධනය වෙමින් පවතින්නා වූ ශි‍්‍ර ලංකාවේ නව මාධ්‍ය භාවිත වුව ද සංවර්ධනය වූ රටවල නව මාධ්‍ය ප‍්‍රබල ලෙස භාවිත කරයි . බොහෝ කාර්යන් නව මාධ්‍ය භාවිත කරමින් සිදු කරයි .
්බ්කදට තාක්ෂණය ෘසටසඒක වීමත් සමග නව මාධ්‍ය සංකල්පය ප‍්‍රබල විය . දුර ජය ගැනීම නව මාධ්‍ය භාවිතයේ වූ සුවිශාල ජයග‍්‍රහණයකි . නව මාධ්‍ය සතුව ක්ෂණික බව , සන්නිවේදනය කිරීමේ පහසුව , කාලය පිරිමැසුම , අඩු කාලයකින් වැඩි ප‍්‍රමාණයක් ආමන්ත‍්‍රණය කිරීමට හැකි වීම , තරගකාරී වූ සමාජයේ සන්නිවේදන අවශ්‍යතාවය පහසු කරන්නේ නව මාධය මගින් ය .
20 වන සියවසේ දී පමණ වූ තාක්ෂණික විප්ලවයත් සමගින් නව මාධ්‍යන් පිවිසීම සිදුවිය . මිනිසාගේ සන්නිවේදන අවශ්‍යතා හා තොරතුරු දැන ගැනීමේ අවශ්‍යතාවය ප‍්‍රබල වීමත් සමගම නව මාධ්‍ය ප‍්‍රබල වන්නට විය . නව මාධ්‍ය පැමිණීමත් සමග ග‍්‍රාහග ෂන්නිවේදන වෙනස්කම් සදහා සෘජු බලපෑම් එල්ල විය . නව මාධ්‍ය පැමිණීමත් සමගම ග‍්‍රාහක සන්නිවේදන වෙනස්කම් සදහා සෘජු බලපෑම් එල්ල විය . භූගෝලීය සීමාවන් බිදදමමින් කාලය හා අවකාශය අතර දුර සංකෝචනය වෙමින් නව මාධ්‍ය පිවිසීමත් සිදු විය .
අතිශය සංකීර්ණ වූ ගමන් මගක් ඔස්සේ තෙවන පරම්පරාව වන ඩිජිටල් ක‍්‍රමවේදයන් ද අතික‍්‍රමණය කරමින් වර්තමානය සමාජය ගමන් ගනී ඒ අනුව වර්තමානයේ භාවිත වන නව මාධ්‍යන් කිහිපයක් ලෙස පහත ඒවා හදුනාගත හැකි ය .
v Twitter
v YouTube
v LinkedIn
v Google Plus
v Web site
v Instragram
පැරණි ක‍්‍රමයන්ට වඩා ඉතා වේගවත් ලෙස තොරතුරු අවශ්‍යතාවය ඉටු කර ගැනීමට නව මාධ්‍ය මගින් හැකියාව ලැබී තිබේ . මාර්ෂල් මැක්ලූහන් විසින් ලොවට ඉදිරිපත් කළ විශ්ව ගම්මාන සංකල්පය වැනි ගෝලීය තත්ත්වයන් කරා සන්නිවේදනය මෙහෙය වීමට නව මාධ්‍ය සමත්ව ඇත .
නව මාධ්‍ය සතුව සුවිශේෂී ලක්ෂණ කිහිපයක් හදුනාගත හැකි ය .
අධිවේගීත්වය
අන්තර්කි‍්‍රයාකාරීත්වය
අභිසාරිතාවය
ආංකිතකරණය
තාත්විකභාවය
නව මාධ්‍ය පැරණි සම්ප‍්‍රධායික මාධ්‍ය ක‍්‍රමවේදවයන් ඉක්මවමින් ඉතා වේගවත් බවකින් යුක්තව සන්නිවේදන කටයුතු කරනු ලබයි . නව මාධ්‍ය සතුව පවතින සුවිශේෂී ලක්ෂණයක් ලෙසින් මෙම අධිවේගී බව හදුනාගත හැකි ය .
අන්තර්කි‍්‍රයාකාරීත්වය යන්න නව මාධ්‍ය සතුව පවතින දෙවන ලක්ෂණයයි . එනම් අනෙකුත් සන්නිවේදන මාධ්‍යන් ද උපයෝගී කර ගනිමින් කි‍්‍රයා කරනු ලබන සන්නිවේදන මාධ්‍යන් වශයෙන් නව මාධ්‍ය හදුනාගත හැකි ය .
අභිසාරීත්වය යන්න මෙහි ඇති අනෙක් ලක්ෂණයයි මේ පිළිබදව 1970 දශකයේ දී අභිසාරීත්වය පිළිබදව කරුණු ඉදිරිපත් වන අතර එහි දී සන්නිවේදන තාක්ෂණය මගින් එකිනෙකට වෙන්ව පවතින කර්මාන්ත තුනක් අභිජ්ජේදනය වී මාධ්‍ය අභිසාරීත්වය සැකසෙන් අයුරු පෙන්වා දෙයි . එනම් විද්‍යුත් ප‍්‍රචාරණ කර්මාන්තය , පරිගණක , පුවත්පත් යන කර්මාන්ත ති‍්‍රත්වයයි . ඒ අනුව නව මාධ්‍ය කුළ පවතින අභිසාරීත්වය යනු එකිවෙනට වෙන්ව පවතින මාධ්‍යන් කිහිපයක් එක් වී සැකසෙනු ලබන කි‍්‍රයාවලියයි .
සන්නිවේදනය හා තොරතුරු තාක්ෂණික පද්ධතිය ඒකරාශී වීම අභිසාරීත්වය ලෙස ටියුඩර් වීරසිංහ මහතා ප‍්‍රකාශ කරයි .
ආංකිතකරණය මෙන්ම තාත්විකභාවය ද නව මාධ්‍ය ඔස්සේ හදුනාගත හැකි ලක්ෂණ ද්විත්වයකි . පැරණි මාධ්‍ය හා නව මාධ්‍ය අතර වෙනස්කම් පවතී . පැරණි මාධ්‍යට වඩා නව මාධ්‍ය නම්‍යශීලී ස්වභාවයකින් යුක්ත වේ .
නොදියුණු ප‍්‍රාථමික යුගයේ මානව අවශ්‍යතා අතිශය සීමා සහිත තත්ත්වයක් පැවතිය ද නමුත් ක‍්‍රමයෙන් එම අවශ්‍යතා සංකීර්ණ තත්ත්වයක පත්විය. එම සංකීර්ණ අවශ්‍යතා ඉටුකර ගැනීම සදහා මෙම නව මාධ්‍යන්ට පෙළඹවීම ක‍්‍රමයෙන් සිදු විය . අතීතයේ පැවති සීමිත පිරිසකට ආමන්ත‍්‍රණය කිරීමට ලැබීම සුවිශේෂී ජයග‍්‍රහනයක් වේ .
සෙව්වන්දි රශ්මිලා අධිකාරී
Thursday, July 4, 2019
යථාර්ථය
යථාර්ථය |
මාලිග යාන වාහන සුර සැප සොයනා
කන්ට සුපිරි හෝටල් වෙත පියමනිනා
ඉන්ට සුව පහසු ආසනයන් ගෙනෙනා
ජීවිත කිමද මෙලොවට නීරස මවනා
එකත් පසෙක දුප්පත්කම ලූහුබදිනා
කන්ට කෑමවත් දවසට නොම ලැබෙනා
ලෙඩ දුක් මන්ද පෝෂණ ප‍්‍රබලව තිබෙනා
අර්ථය කිමද මේ සසරේ සැරි සරනා
සියල් මිනිස් ජීවිත එක සේ වටිනා
කිමද එහෙව් රට තුළ ගුණමකු මිනිසා
තම ජීවිතය පමණකි ලෙස සිහි කරනා
කුමට උපන්ද මිනිසුන් මේ ලෙසිනා
දුප්පත් පොහොසත් භේද රට තුළ ඔද වැඩෙනා
මෙය අරුමයක් නොව රට පහතට වැටෙනා
දුර්ජන මිනිස් රට විපතට ඇද දමනා
මෙයයි අරුත දෙව් ලොව නිරයක් කරනා
ඉන්නට සුපිරි මාලිග නොම සෙව්වා
කන්නට සුපිරි හෝටල් නොම සෙව්වා
ජීවත් වෙන්න අහරක් දිනකට සෙව්වා
නොලැබුණ කමට මෙය නොලැබුම බව සිතුවා
සෙව්වන්දි රශ්මිලා අධිකාරි
Wednesday, July 3, 2019
සන්නිවේදනයේ අරමුණු
සන්නිවේදන කි‍්‍රයාවලිය වර්තමානය වන විට පුළුල් මට්ටමක මෙන්ම නවීන ක‍්‍රමවේදයන් ඔස්සේ ව්‍යාප්ත වෙයි . සත්ත්වයින් ඇතුළු සියලූම මනුෂ්‍යයින් සන්නිවේදන කටයුතු කරන අතර මිනිසුන් එයින් ප‍්‍රමුඛ වෙයි . මනසින් උසස් තත්ත්වයක් ඇති මිනිසා එම සන්නිවේදන කටයුතු සිදු කිරීමේ දී විවිධ නව තාක්ෂණික ක‍්‍රම විධි උපයෝගී කර ගනු ලැබේ . වර්තමානය වන විට මුළු ලොකයම එකම ගම්මානයක් යන සංනල්පය බිහි වී තිබේ . මුළු ලොකයේම සිටින පුද්ගලයින් යම් යම් තොරතුරු ආදිය හුවමාරු කර ගනිමින් සන්නිවේදන කටයුතු කරගනු ලබයි . මෙලෙසින් පවතින සන්නිවේදන කාර්යෙහි අරමුණු පවතී . එම අරමුණු මොනවාද යන්න පිළිබදව යම් අවබෝධයක් පැවතීම වැදගත් වේ . ඒ අනුව සන්නිවේදන අරමුණු පහත පරිදි හදුනාගත හැකි ය .
තොරතුරු සම්පාදනය
අධ්‍යාපන කාර්ය
පෙළඹවීම
විනෝදාස්වාද සම්පාදනය
සංවාද හා සාකච්ජා කාර්ය
සමාජානුයෝජන කාර්ය
සමාජ ඒකාබද්ධතා කාර්ය
සංස්කෘතික ප‍්‍රගමනය
තොරතුරු සම්පාදනය
වර්තමාන සමාජය වන විට නැතුවම බැරි මූලික අවශ්‍යතාවයක් ලෙස තොරතුරු අවශ්‍යතාවය හදුනාගත හැකි ය . මිනිසාට ජීවත් වීමට ආහාර අවශ්‍ය වනා මෙන්ම මිනිසාට විවිධ කරුණු පිළිබදව දැන ගැනීමට අවබෝධ කර ගැනීමට තොරතුරු අවශ්‍ය වේ . සමාජයේ පැවැත්මට තොරතුරු අත්‍යවශ්‍ය සාධකයක් ලෙස හදුනාගත හැකි ය .
2019 මැයි 21 දින සිදු වූ සිසි ප‍්‍රහාර නිසා සමාජ ජාලා වාරණය කළ නමුත් බොහෝ පුද්ගලයින් පිරිසක් විකල්ප ක‍්‍රම ඔස්සේ (ඪඡුභ* සමාජජාල ආදිය වෙත පිවිසි තොරතුරු දැන ගැනීමට කටයුතු කර ගැනීම මෑත කාලීනව දිය හැකි හොදම නිදර්ශනය ලෙස හදුනාගත හැකි ය .
මෙම තොරතුරු සම්පාදන කාර්ය ප‍්‍රධන ක‍්‍රම දෙකක් ඔස්සේ ව්‍යාප්ත වේ . එනම්
විධිමත් තොරතුරු සම්පාදනය
අවිධිමත් තොරතුරු සම්පාදනය ලෙසින් ය .
විධිමත් තොරතුරු ලෙසින් හදුනාගත හැකි වන්නේ නිළ මාධ්‍යන් නිළ වෙබ් අඩවි ආදිය මගින් ග‍්‍රාහක ගත කරනු ලබන තොරතුරු වේ . අවිධිමත් තොරතුරු වන්නේ ඕප¥ප කෙටි කතා වැනි ක‍්‍රම ඔස්සේ ව්‍යාප්ත වන්නා වු තොරතුරු හුවමාරු ක‍්‍රමවේදයන් ය .
අවිධිමත් තොරතුරු මගින් ඇතැම් අවස්ථාවක සමාජය ව්‍යාකූල වීමේ තත්ත්වයන් ද ඇති වේ . විවිධ භේදයන් ඇති වේ . නිල මාධයන් ඔස්සේ ලබා දෙන තොරතුරු මගින් සමාජ පැවැත්ම බිද නොවැටේ .
නමුත් වර්තමානය වන විට ජනමාධ්‍ය මගින් නිවැරදි තොරතුරු ජනතාවට ලබා දෙන්නේ ද යන්න පිළිබදව ගැටලූ මතු වී තිබේ . විවිධ ව්‍යාපාරික හා දේශපාලනික ආදී වූ පිරිස් අරමුණු ඉටු කරන බවක් වර්තමාන ජන මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කරනු ලබන ඇතැම් තොරතුරු මගින් හදුනාගත හැකි ය . ඒ අනුව මිනිසාට අවශ්‍ය අධ්‍යාපනික තොරතුරු , වෛද්‍ය තොරතුරු , කි‍්‍රඩා තොරතුරු ආදී වූ විවිධ තොරතුරු ජන මාධ්‍ය ඔස්සේ විකාශනය වන විවිධ වැඩසටහන් මගින් දැක ගත හැකි ය .
අධ්‍යාපන කාර්ය
සන්නිවේදන අරමුණුවල අනෙක් වැදගත් අරමුණ ලෙසින් අධ්‍යාපනය ලබා දීම හදුනාගත හැකි ය . ඒ අනුව සමාජය තුළ ජීවත් වන ලොකු කුඩා ආදී සියලූ දෙනාටම අවශ්‍ය අධ්‍යාපනය ආදිය ලබා දීම සිදු කරයි . ජනමාධ්‍ය ඔස්සේ ද මෙම කි‍්‍රයාදාමය සිදු කරනු ලබයි . ප‍්‍රධාන වශයෙන් අධ්‍යාපනයද ක‍්‍රම දෙකක් ඔස්සේ සිදු කරයි . එනම්
x විධිමත් අධ්‍යපනය
x අවිධිමත් අධ්‍යාපනය
ඒ අනුව රූපවාහිනි මාධ්‍ය මගින්
සිරස ලක්ෂපති
දැනුමයි වාසනාවයි
ණැන සර
පුංචි පහේ මං ආදී වූ වැඩසටහන් සිදු කරනු ලබයි . ඊට අමතරව මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ද අධ්‍යාපන කාර්ය සිදු කරනු ලබයි .
පෙළඹවීම
පෙළඹවීමේ කාර්ය මගින් යම් අවස්ථාවක යම් අවස්ථාවක යහපතක් ද ඇතැම් අවස්ථාවක අයහපතක් ද ඇති වේ . ජන මාධ්‍ය හා නව මාධ්‍ය ආදිය ඔස්සේ ජනතාව විවිධ දේ සදහා පොළඹවනු ලබයි . විවිධ වෙළද භාණ්ඩ අලෙවිකර ගැනීමට පෙළඹවීමේ කාර්ය ආදිය ප‍්‍රබල වී පවතී . මේ සදහා නව සංකල්පයන් භාවිත කරමින් දැන්වීම් නිර්මාණය කරමින් ජනතාව එම අලෙවි භාණ්ඩ සදහා පොළඹවා ගැනීමට කටයුතු කරනු ලබයි . මේ සදහා විවිධ නළු නිළියන් කි‍්‍රඩකයින් යොදා ගනිමින් පෙළඹවීමේ කාර්ය කරනු ලබයි .
ජදජ් ජදක් කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන
ඩසඩ් කුමාර සංගක්කාර
ඵසකද ඇන්ජලෝ මැතිවුස්
විනෝදාස්වාද සම්පාදනය
වර්තමාන සමාජය තුළ ජීවත් වන මිනිසා ඉතා කාර්යබහුල ස්වභාවයක් පවතී . විවිධ රැුකියා වල අධ්‍යපන කටයුතු වල නිරතව සිටින්නන් ඇතුළු පීඩාකාරී බවෙන් සිටින සියලූම දෙනාට අවශ්‍ය වන්නක් වශයෙන් මෙය හදුනාගත හැකි ය . එනිසා එම පීඩාකාරී තත්ත්වයන්ගෙන් යම් තරමකට හෝ මිදෙන්නට විනෝදාස්වාද කාර්ය වැදගත් වේ . ඒ අනුව වර්තමාන මාදයන් මගින් පප‍්‍රබල සේවාවක් ඉටු කරනු ලබයි .
අරා පැස්බරා
සිනහ සාගරය
මෙඩිසිනා
ශැි ඉදිි
සංවාද හා සාකච්ජා
මෙය ඉතා සුවිශේෂී කාර්යක් වේ . යම් කිසි ගැටලූවක් උද්ගත වූ විට එයට තනිවම විසදුම් සෙවීමට වඩා සාමූහිකව සාකච්ජා සංවාද මගින් ලබා ගන්නා ලද තීරණ ප‍්‍රශස්ථ වේ . ඒ අනුව ජන මාධ්‍ය මගින් ද මෙය සිදු කරනු ලබයි .
රතු ඉර
දොරමඩලාව
තුලාව
සළකුණ
සමාජානුයෝජන කාර්ය
මෙම කාර්ය ප‍්‍රධාන ක‍්‍රම 3ක් ඔස්සේ විග‍්‍රහ කළ හැකි ය . එනම්
අනුකරණය
තදාත්මීකරණය
භූමිකා නිරුපණය
සමාජානුයෝජන කාර්ය ප‍්‍රබල ලෙස ඉටුකරනු ලබන්නේ ජන මාධ්‍ය මගින් ය .එහෙත් මෙය යහපත් මෙන්ම අයහපත් විය හැකි ය .
සමාජ ඒකාබද්ධතා කාර්ය
සමාජය තුළ වෙසෙන පුද්ගලයින් තුල ගැටුම් ඇති වේ. මෙලෙස ගැටුම් ඇති නොවන ලෙස සමාජය තුළ අවහ්‍ය සංවර්ධන ආදී කටයුතු කිරීමත් ඒවාට උපකාර කිරීමත් කළ යුතු ය . ජන මාධ්‍යයෙහි මූලික අරමුණක් වශයෙන් මෙය ද හදුනාගත හැකි ය .
සංස්කෘතික ප‍්‍රගමන කාර්ය
සංස්කෘතික වශයෙන් කළ යුතු කාර්යන් මෙහි දි සදහන් කල හැකි ය . ශී‍්‍ර ලංකාව ගත් කල්හි බහුවිධ සංස්කෘතියක් පවතින රටකි . එම විවිධ සංස්කෘතීන්හි පවතින අනන්‍යතා සුරකිමින් ඒ පිළිබදව විශේෂ වූ වැඩසටහන් ජන මාධ්‍ය තුළින් ඉදිරිපත් කරනු ලබයි .
x අවුරුදු උත්සව
x වෙසක් උත්සව
x දීපවාලි
විවිධ උත්සව ප‍්‍රචාරය කිරීම මාධ්‍ය මගින් සිදු කරනු ලබයි . එම කාර්ය සුවිශේෂී ලෙසින් මාධ්‍ය මගින් සිදු වේ .
මේ අනුව සන්නිවේදන අරමුණු වශයෙන් ඉහත කරුණු පිළිබදව අවධානය යොමු කළ හැකි ය .
සෙව්වන්දි රශ්මිලා අධිකාරි
Wednesday, May 29, 2019
නිහඩ නිර්ව්‍යාජ මිනිසෙකු වූ මහගම සේකර මහතා
මහගම සේකර මහතා |
මහගම සේකරයන්ගේ පියාගේ හැකියාවන් පිළිබදව ද මොහු විසින් රචිත ප‍්‍රබුද්ධ නම් සටහන් කර ඇත්තේ මෙලෙසින් ය .
විසල් සුදු ඩිමයි කඩදාසි මත
තබා මහ කවකටු දිග රූල
ඇද නෙක මෝස්තර මල් හා කොළ
කපා කැටයම් ඉදු බොකටු නියනින්
විශ්වයෙහි කලාවම රටාවට නගන හැටි
කුඩා කල සිටම මට කියා දුන් තාත්තා
මූලික අධ්‍යාපනය රජයේ පිරිමි විදුහලෙන් ලබා ගන්නා අතර පසුව කනිෂ්ඨ පාඨශාලා විභාගයෙන් සමත් වන ඔහු කිරිදිවැල සිංහල පිරිමි විද්‍යාලයට ඇතුලත්ව ඉදිරි අධ්‍යපනය ලබන්නට විය . පසුව 1949 වර්ෂයේ දී කොළඹ ටෙක්නිකල් විදුහලේ චිත‍්‍ර කර්ම ශිල්පය හදාරන අතර 1950 වර්ෂයේ දී නිට්ටඹුව ගුරු විද්‍යාලයට ඇතුලත්ව වැඩි දුර අධ්‍යාපනය හදාරන්නට විය . ගුරු විද්‍යාලයෙන් ඉවත් වෟ පසුව රාජගිරිය හේවාවිතාරණ බෞද්ධ මිශ‍්‍ර පාසලක ගුරුවරයෙකු වශයෙන් සේවය කරන අතර රජයේ තරග විභාගයකින් සමත් ව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුචේ භාෂා පරිවර්තකයෙකු වශයෙන් කටයුතු කර ඇත . 1960 දී පමණ එම ආයතනයෙන් ඉවත්ව ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් සම්පාදකයෙකු වශයෙන් ද කටයුතු කර ඇත .
1963 වර්ෂයේ දී කුසුම්ලතා සුරවීර නම් උපාධිධාරී ගුරුවරිය සමග විවහපත් වී යුගදිවි ගත කරන අතර ගුවන්විදුලි සංස්ථාවෙන් ඉවත්ව මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් කටයුතු කර ඇත . 1969 වර්ෂයේ දී විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ සිංහල උපාධිය ලබා ගන්නා අතර පසුව ලලිත කලා ආයතනයෙන් විදුහල්පති වශයෙන් පත් විය . 1974 වර්ෂයේ දී විද්‍යෝදය මණ්ඩපයේ පී . එච් . ඩි උපාධියද ගන්නා ලදී .
මෙලෙසින් බලන කල මහගම සේකර මහතා ක්ෂේ‍්‍රත‍්‍ර කිහිපයකම රැුකියවන්හි නිරතව ඇති අතර බොහෝ කරුණු පිළිබදව පුළුල් දැනුමක් ඇත්තෙකු වශයෙන් හදුනාගත හැකි ය .
මහගමසේකර මහතා ගීත රචකයෙකු , නව කතා කරුවෙකු , කෙටි කතා කරුවෙකු , නාට්‍ය පිටපත් රචකයෙකු , චිත‍්‍රපට අධ්‍යාක්ෂවරයෙකු භාෂා පරිවර්තකයෙකු වශයෙන් සාහිත්‍යට නොමද දායකත්වයක් ලබා දී ඇත .
සිංහල සාහිත්‍යට විශිෂ්ට සේවාවක් සැපයී්මට මහගමසේකර මහතාට හැකි වීම සතුටුදායක කරුණකි . ජීවත් වූ කාලය ඉතා කෙටි වුව ද එම කෙටි කාලය තුළ මෙවැනි පුළුල් සේ්වාවක් කරන්නට හැකි වීම අගය කළ යුතු කරුණකි . සිංහල නිසදැස් පද්‍ය කලාවේ ඔහු ප‍්‍රබලයෙකු වශයෙන් සදහන් කළ හැකි ය . මහගම සේකර මහතා කළ සාහිත්‍ය අතරින් ජනපි‍්‍රයත්වයට පත් වූ ඒවා හැටියට පහත සදහන් කෘති ආදිය හදුනාගත හැකි ය .
කාව්‍යයන්
x ව්‍යාංගයx සක්වා ලිහිණි
x හෙට ඉරක් පායයි
x මක්නිසාද යත්
x රාජතිලක ලයනල් සහ පි‍්‍රයන්තච
x බෝඩිම
x නොමියෙමි
x ප‍්‍රබුද්ධ
නවකතා
x තුංමං හන්දිය
x ඹනොමන්දිර
ළමා සාහිත්‍ය
x පුංචි අයට කයි කතන්දර
x සරු පොළවක් අපට ඇතේ
x කොටිවලිගය
චිත‍්‍ර
x පෝෂ්ටර් නිර්මාණ
x ප‍්‍රදර්ශනය සදහා චිත‍්‍ර
x පුවත්පත් කාටූන්
මේ අයුරින් විවිධ සාහිත්‍ය නිර්මාණයන් මෙතුමා කර තිබේ . මේ අයුරින් රට සාහිත්‍යයෙන් හා සාරධර්ම ආදී ගුණයන්ගෙන් පෝෂණය කිරිමට දායක වූ මොහු 1976 වර්ෂයේ ජනවාරි 14 වන සන හදිසියේම හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මෙලොවින් සමුගත්තේය . වර්තමානය දක්වා ද මොහුගේ සාහිත්‍ය නිර්මාණයන් මෙන්ම මොහුගේ නාමය ද සදා අමරණීය වේ .
සෙව්වන්දි රශ්මිලා අධිකාරි
බර්ලෝ ආකෘතියේ ඇති සංකීර්ණතාව
ආකෘතියක් යනු සමාජ ශ‍්‍රාස්ත‍්‍රයෙහි දැක්වෙන කරුණු විවරත්මකව පැහැදිලි කර ගැනීමට යොදා ගනු ලබන ක‍්‍රමවේදයකි . ඒ අනුව සන්නිවේදන විෂය ක්ෂේ‍්‍රත‍්‍රය තුළ ද මෙම ආකෘතිය දැකගත හැකි ය . එනම් එම විෂය විද්‍යාත්මකව හැදෑරීමට විෂය ක්ෂේ‍්‍රත‍්‍රයක සංවිධානාත්මක බව පැවතීමට එසේම එම සන්නිවේදන ක‍්‍රමිකව වර්ධනය හා නවීකරණය වීමට ද සන්නිවේසන ආකෘතිය වැදගත් වේ . එසේම යම් උපන්‍යාසයක් ඉදිරිපත් කර ගැනීමට ද මෙම ආකෘතිය උපකාරී වන බව හදුනාගත හැකි ය .
සන්නිවේදනය යන විෂය ක්ෂේ‍්‍රත‍්‍රය සම්බන්ධ විවිධ පර්යේෂකයින් මේ සදහා නිර්වචන හා ආකෘති ඉදිරිපත් කර ඇත . ඒ අතරින් සංකීර්ණ ආකෘතියක් ඉදිරිපත් කළ පුද්ගලයෙකු ලෙස ඬේවිඞ් කේ බර්ලෝ හදුනාගත හැකි ය . නමුත් සන්නිවේදන ක්ෂේ‍්‍රත‍්‍රය බතා හොදින් අධ්‍යනය කරමින් ගැඹුරු ආකෘති ඉදිරිපත් කර තිබේ .
බර්ලෝ විසින් 1960 වර්ෂයේ දී
The process of communication an introduction theory and practical නැමැති ග‍්‍රන්ථයේ දක්වා තිබේ. ඔහු ඉදිරිපත් කරන ආකාරයට සන්නිවේදනය යනු කි‍්‍රයාවලියක් බවත් එම කි‍්‍රයාවලිය එක් තැනක රැුදී පවතින්නක් නොවන බවත් එය ඒ මේ අත ගමන් කරන බවත් එක් පුද්ගකයෙකුට එකම ස්වරූපයෙන් එකම ස්වරූපයකින් මෙම කි‍්‍රයාවලියට සම්බන්ධ විය නොහැකි බවත් පෙන්වා දෙයි . එසේම මොහුගේ ආකෘතිය නාමික වශයෙන් SMCR හදුන්වනු ලැබේ.
S- Source මූලාශ‍්‍රය
M - Message පණිවිඩය
C - Chanel නාලිය
R
Receiver ග‍්‍රාහකය
සන්නිවේදන හැකිය
Communication Skills
Attitudes ආකල්
Knowledgeදැනුම
Social system සමාජ පද්ධති
Culture සංස්කෘතිය
සන්නිවේදන කි‍්‍රයාවලියක් සදහා සන්නිවේදන හැකියාව බලපාන බව පෙන්වා දෙමින් ඒ අනුව ලිවීමේ , කතා කිරීමේ , කියවීමේ , සවන්දීමේ , සිතීමේ ආදී හැකියාවන් ප‍්‍රගුණ කර ගැනීමෙන් සන්නිවේදන ශක්තිය ද ප‍්‍රගුණ කළ හැකි බව පෙන්වා දෙයි . මේ අනුව ඔහු අවධානය යොමු කරනු ලබන අනෙක් සාධකය වනනේ ආකල්ප යන්න ප‍්‍රධාන කොටස් 3ක් ලෙස හදුන්වා දී තිබේ . එනම්
x තමා විසින් තමා කෙරෙහි දක්වනු ලබන ආකල්පය
x වස්තු විෂය කෙරෙහි දක්වන ආකල්පය
x සන්නිවේදකයා ග‍්‍රාහකයා කෙරෙහි දක්වන ආකල්පය
යම් කරුණක් අනෙක් පුද්ගලයාට ඉදිරිපත් කිරීමේ දි එය ඉදිරිපත් කිරිම සුදුසු හෝ නුසුදුසු ද යන බව සිතා ඉදිරිපත් කිරීම මෙහි පළමු කරුණ මගින් දක්වා ඇත . දෙවැන්න මගින් පෙන්වා දෙනු ලබන්නේ යම් කරුණක් හෝ වස්තුවිෂයක් කෙරෙහි දක්වනු ලබන ආකල්පය කුමක් ද යන වග පිළිබදවයි . මොහු ආකල්ප පිළිබදව දක්වන තෙවන කරුණ වන්නේ ග‍්‍රාහක කණ්ඩායම පිළිබදව විශ්ලේෂණය කරමින් කරුණු ඉදිරිපත් කිරීමට සුදුසු කණ්ඩායමක් පවතී ද වශයෙන් තමා තුළ ඇති ආකල්පයයි . මූලාශය සදහා මෙම ආකල්පයන්ගේ ඇති වැදගත්කම ඉතා ගැඹුරින් බර්ලෝ ආකෘතිය මගින් පෙන්වා දෙනු ලැබේ .
මූලාශ‍්‍රයන් සමග බලපානු ලබන තෙවන කරුණ ලෙස සලකනු ලබන්නේ දැනුම යන්නයි. සන්නිවේදන කාර්යේ දී සන්නිවේදකයෙකු විසින් සිදුකරනු ලබන්නේ ග‍්‍රාහකයා අරමුණු කර ගනිමින් යම් දැනුමක් ලබා දීමයි . තමා ප‍්‍රස්තුත කරගනු ලබන කරුණු පිළිබදව නිසි දැනුමක් පැවතීම ඉතා වැදගත් කරුණකි . මෙහි දී සන්නිවේදකයාගේ මෙන්ම ග‍්‍රාහකයා සතුව ද සමාන දැනුම් මට්ටමක් පැවතිය යුතු බව මෙම ආකෘතිය මගින් පෙන්වා දී තිබේ. මොහු දක්වන පරිදි මූලාශ‍්‍රය සදහා වැදගත් වන්නා වූ සිව්වන කරුණ ලෙස දක්වනු ලබන්නේ සමාජ පද්ධති යන්නයි . එනම් සමාජගතව සිටින්නා වූ පුද්ගලයා එම සමාජය පිළිබදව යම් අවබෝධයක් පැවතීම ඉතා වැදගත් කරුණක් ලෙස මෙහි දී පෙන්වා දෙනු ලැබේ . අර්ථයන් වටහා ගැනීම සදහා ද සමාජය පිළිබද යම් දැනුමක් පැවතීම අත්‍යවශ්‍ය බව මෙහි දී පෙන්වා සෙනු ලැබේ .
පස්වන ලක්ෂණය වන්නේ සංස්කෘතියයි . සෑම පුද්ගලයෙකුටම සංස්කෘතික අනන්‍යතාවයක් පවතී . ග්‍රෝති‍්‍රක , ග‍්‍රාමීය නාගරික යන ඕනෑම සමාජ පසුබිමක මේවා ඒ ඒ සංස්කෘතීන් කෙරෙහි යම් අවබෝධයක් පැවතීම අවශ්‍ය වේ . මූලාශ‍්‍රය සම්බන්ධයෙන් ද මොහු වඩා වැදගත් කරුණු 5ක් ඉදිිරිපත් කරන අතර ඔහු විසින් ඉදිරිපත් කරනු ලබන එම ලක්ෂණයන් සන්නිවේදකයාට මෙන්ම ගා‍්‍රහකයාට ද සමානව අවශ්‍ය වන බව ඔහු මෙම ආකෘතිය මගින් පෙන්වා දෙනු ලැබේ. එම කි‍්‍රයාවලිය ඉතා සංකීර්ණ බවකින් යුතු බවත් එය අධ්‍යනය කිරීම මගින් හදුනාගත හැකි ය .
මෙම ආකෘතිය අනුව
M අක්ෂරය මගින් දක්වනු ලබන්නේ පණිවිඩය යන්නයි . සන්නිවේදකයා හා ග‍්‍රාහකයා අතර යම් බැදීමක් ඇති වනු ලබන්නේ මෙම පණිවිඩය මගින් ය . පණිවිඩය ගැන අවධානය යොමු කිරීමේ දි එහිදී ද කරුණු කිහිපයක් වෙන වෙනම ඔහු මෙම ආකෘතිය තුළ විග‍්‍රහ කර දක්වා තිබේ. එනම්
මූලිකාංගය
අන්තර්ගතය
කේතය
ඉදිරිපත් කිරීම යනුවෙනි .
යම් සිද්ධියක් අනුසාරයෙන් පණිවිඩය ගොඩනැගෙන බවත් පණිවිඩයක් සැකසීමේ දී ව්‍යුහය වැදගත් සාධකයක් වන බවත් හදුන්වා දෙයි . එම ව්‍යුහය අනුව පණිවිඩය සකස් කිරීම , සංවිධානය කිරීම , ගොඩනැගීම යන්න වයහය මගින් අවධාරනය කරනු ලැබේ. දෙවැනි කරුණ වන්නේ අන්තර්ගතයයි . එනම් යම් පණිවිඩයක් සැකසිමේ දී ඒ තුළ අර්ථවත් බව පැවතිම වැදගත් සාධකයක් ලෙස බර්ලෝ ආකෘතිය මගින් පෙන්වා දෙයි . යම් පණිවිඩයක් ඉදිරිපත් කිරීමේ දි සංකේත භාවිත කරනු ලැබේ. පහත සදහන් කරුණු 4 උපයෝගී කර ගනිමින් ඉදිරිපත් කිරීම සිදු කරනු ලබයි . මෙමගින් පණිවිඩය හා ඒ හා සම්බන්ධ කරුණු පිළිබදව බර්ලෝ අවධානය යොමු කර ඇති අයුරු සංකීර්ණ බව වටහා ගත හැකි ය .
බර්ලො තුන්වන මූලිකාංගය ලෙස ගෙන ඇත්තේ නාලිය යන්නයි . මෙහි දී ඔහු පෙන්වා දෙන්නේ සන්නිවේදන කටයුත්තක් සිදු කිරීමේ දී නාලිය වශයෙන් පංචේන්ද්‍රිය උපයෝගී වන බවත් එය සන්නිවේදකයාට මෙන්ම ග‍්‍රාහකයාට ද සමානව පැවතීම ඉතා වැදගත් බවත් පෙන්වා දී තිබේ .
හතරවන මූලිකාංගය ලෙස පෙන්වා දෙනු ලබන්නේ ග‍්‍රාහකයා යන්නයි . මෙහි දී ද සන්නිවේදකයා සදහා බලපානු ලබන මූලික සාධක 5 ග‍්‍රාහකයා කෙරෙහි ද බලපානු ලබන බව පෙන්වා දී තිබේ . මේ අනුව පෙනී යන්නේ සන්නිවේදකයා හා ග‍්‍රාහකයා අතර වෙනසක් නොපවතින බවකි .
මෙම ආකෘතිය තුළ ප‍්‍රතිපෝෂණ කි‍්‍රයාවලිය පිළිබදවද සදහන් නොවුනද ඉතා සංකීර්ණ අයුරින් මෙම සන්නිවේදන ආකෘතිය ඉදිරිපත් කර තිබේ . ඒ අනුව සමාජ විද්‍යාත්මකව මනෝ විද්‍යාත්මකව ජිව විද්‍යාත්මක ආදී දෘෂ්ටිකෝණ මගින් මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇති බව හදුනාගත හැකි ය .
Subscribe to:
Posts (Atom)